22/07/2025
🧠 පෞද්ගලික ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් නිවැරදිව හා ගැටලු වලින් තොරව භාවිතා කරන කරන ආකාරය..
අද ලෝකයේ, පෞද්ගලික ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් බොහෝ දෙනාට ජීවිතය පහසු කරවන මූල්‍ය මෙවලම් ලෙස පවතී. එය හදිසි අවශ්‍යතා සඳහා හෝ විව්ධ අරමුනු සපුරාලීම සඳහා උපකාරී වුවද, අනිසි ලෙස භාවිතා කළහොත්, එය ණය උගුලක්, මානසික ආතතියක් සහ නරක ක්‍රෙඩිට් ශ්‍රේනිගත කිරීමකට ලක්වීමට වලට හේතු විය හැකිය.
මේවා නිවැරදිව, බුද්ධියෙන් භාවිතා කරමින් මූල්‍ය ගැටලු වලින් තොරව ජීවිතය ගත කළ හැකි ආකාරය පිලිබද යම් මගපෙන්වීමක් කිරීමට අද මම බලාපොරොත්තු වෙනවා.
🔑 1. මුලින්ම ණය ගැනීමට පෙර ඒ අවශ්‍යතාවය සරලව තේරුම් ගන්න
පෞද්ගලික ණය:
අත්‍යවශ්‍ය අරමුණු සඳහා පමණක් භාවිතා කරන්න:
*දැනට වැඩි පොලියක් ගෙවමින් සිටින නය ගෙවා දැමීමට.
*උසස් අධ්‍යාපනය
*හදිසි ව්‍යෛද්‍ය අවස්ථා
*වෙනත් විශේෂ අත්‍යාවශ්‍ය අවශ්‍යතා
සුඛෝපභෝගී දේවල් මිලට ගැනීමට, අවධානම වැඩි ආයෝජන (High Risk investment)වැනි දේවල් සඳහා ණය ගැනීම වළක්වන්න.
ක්‍රෙඩිට් කාඩ්පත්:
*එදිනෙදා සහ මාසික අත්‍යාවශ්‍ය දෛනික වැය සඳහා (ග්‍රෝසරි, ඉන්ධන, බිල්පත්)
*හදිසි අවස්ථාවන් කලමනාකරනය කරගැනීමට
*ක්‍රෙඩිට් හිස්ට්‍රි එකක් ගොඩනගා ගැනීම සඳහා
ඉතා විශාල වියදම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමේදී මුදල් ආපසු ගෙවීමේ සැලැස්මක් තිබිය යුතුය.
📊 2. මුදල් වියදම් කිරීමට පෙර ආපසු ගෙවීමේ සැලැස්මක් තීරණය කරන්න
බොහෝ දෙනා සැලසුමක් නොමැතිව වියදම් කිරීම නිසා ගැටලු වලට මුහුණ දේ.
ආපසු ගෙවිය නොහැකිනම්, ණය නොගැනීමට වගබලා ගන්න.
පෞද්ගලික ණයක් සඳහා, ඔබේ මාසික ආදායමේ 30-40% ක ප්‍රමානයක් පමනක් EMI (මාසික වාරිකය) ලෙස පවත්වා ගැනීමට උත්සාහ ගන්න.
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා, සම්පූර්ණ මුදලම නියමිත දිනයට පෙර ගෙවන්න. අවම මුදල පමනක් ගෙවීම ප්‍රමානවත් හෝ සුදුසු නොවේ.
📈 3. ඔබේ වියදම් ලේඛනයක් තබාගන්න
අපට මතකය මත පමනක් විශ්වාසය තැබිය නොහැක. ඔබ වියදම් කරන්නේ කවදාද, කොහෙටද කුමකටද කියා හැම විටම සටහන් කර තබාගන්න උත්සාහ කරන්න.
කාඩ්පත් වියදම්
නියමිත ගෙවීම් දිනයන්
පොලී නොමැති කාල සීමා (credit periods)
හැකිනම් SMS / App notifications හරහා ගෙවීම් මතක්කිරීම් සකස් කරන්න. Reminders දාගන්න.
💳 4. නිවැරදි product එක තෝරගන්න.
ඒ කියන්නෙ තමන්ගෙ වියදම් රටාවට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ්පත සහ පහසු/අඩු පොලියක් සහිත පුද්ගලික නය.
සියලුම ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් එකම rates, benefits නොව එකිනෙකට වෙනස් වේ.
ක්‍රෙඩිට් කාඩ්පතක් තෝරන විට:
වාර්ෂික ගාස්තු (Annual fee) vs වාසි
පොලී අනුපාතය
Cashback/Points වැඩසටහන්
Other charges (over limit, delay payment etc)
පෞද්ගලික ණයක් සඳහා:
පොලී අනුපාතය (flat/ reducing)
සැකසුම් ගාස්තු (Processing fee)
පෙර ගෙවීම් ගාස්තු
බැංකුවේ විශ්වාසනීයභාවය
🚨 5. මෙම වැරදි කරන්න එපා
එක් කාඩ්පතක් භාවිතයෙන් අනෙක් කාඩ් එක ගෙවීමෙන් වලකින්න– එමගින් ණය උගුලකට ලක්වේ.
අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් මිලදී ගැනීමෙන් වලකින්න.
ක්‍රෙඩිට් ස්කෝර් එක නොසලකා හරින්න එපා.
නියෝජිතයන්ගේ වචන පමණක් විශ්වාස කරල තීරන ගැනීමෙන් වලකින්න, ඔබේ අවශ්‍යතාවයන් ගැන ඔබම විමසා බලා ගැලපෙන ක්‍රෙඩිට් කාඩ් එක හෝ ලෝන් එක විශ්ලේෂණය කර තීරනය ගන්න.
🛡️ 6. ඔබේ ක්‍රෙඩිට් ලකුණු ආරක්ෂා කරගන්න
UAE හි ඔබේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඉතාමත් වැදගත්. චරිත සහතිකයක් වගේ තමයි.
නරක ක්‍රෙඩිට් ස්කෝර් එකක්,
අනාගත ණය / වාහන ණය / නිවාස ණය වලට බලපායි
තරඟකාරී රැකියාවකට බාධා විය හැක. (ඇතැම් රැකියා සදහා ක්‍රෙඩිට් ස්කෝර් එක පරීක්ශාවට ලක් කරයි)
සෑම විටම හොද යහපත් ස්කෝර් එකක් තබාගන්න කටයුතු කරන්න.
*සියළුම ගෙවීම් කාලයට පෙර කරන්න
*කාඩ්පත් වල උපරිම සීමාව 100% භාවිතා නොකරන්න (30-40% යටතේ තබන්න)
*නිතරම නව ණය අයදුම් නොකරන්න
(අවශ්‍යනම් මේ ගැන මම කලින් ලියන ලද සවිස්තරාත්මක post එක බලන්න)
💡 7. ක්‍රෙඩිට් කාඩ් පත් වල වාසි උපරිම භාවිතා කරන්න.
කාඩ්පත් වල points, cashback, discounts වගේ වාසි ඇත. නමුත් එය ලබාගැනීමට අමතරව වියදම් නොකරන්න. මාසික වියදම අඩු කරගත හැකි ආකාරයට භාවිතා කරන්න.
👥 8. අවශ්‍ය වුවහොත් සුදුසු පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් මූල්‍ය උපදේශනයක් ලබා ගන්න.
පෞද්ගලික ණය හෝ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයේ වැරැද්දක් හෝ ගැටලුවක් නැත. ගැටලුව වන්නේ ඒවා අවංකව, නිවැරදිව සහ බුද්ධියෙන් භාවිතා නොකිරීමය.
නිවැරදි සැලසුමක්, අවධානය සහ විනයක් සමඟ ඔබට මේවා ඔබගේ දියුනුව සහ සාර්ථකත්වය සදහා භාවිතා කළ හැකියි.
මතක තබාගන්න:
“මුදල් යනු මෙවලමකි. ඔබ එය නිවැරදිව භාවිතා කළොත් එය ඔබ වෙනුවෙන් වැඩ කරයි. අනිසි ලෙස භාවිතා කළොත් ඔබ එයට පාලනය වෙයි.”