04/01/2024
🔴 E9PAY තොරතුරු කවුළුව - 32 වන ලිපිය (නැවත පළකිරීම)🔴
කොරියාවේදී ගොඩක් වෙබ්සයිට් වලට ලොග් වෙනකොට මේ තියන icon ටික දැකලා ඇති. මේ තියෙන්නේ දකුණු කොරියාවේ භාවිතා වන එක්තරා ආකාරයක KYC (Know Your Customer) සඳහා භාවිතා වන Non-Face-to-Face Person Verification මහුණට මුන නොගැසී පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක්.
බැංකු වල හෝ රාජ්‍ය ආයතන වල වෙබ්සයිට් වලට ලොග්ඉන් වීමේදී හෝ ගිණුම් විවෘත කරගැනීමේදී මේ ක්‍රමය භාවිතා වෙනවා. අද පැහැදිළි කරලා දෙන්න යන්නෙ මේ අතරින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් එකක් වන 통신패스 PASS කියන ක්‍රමයට ලියාපදිංචි වෙන්නෙ කොහොමද කියන එක සහ PASS ඇප් එක භාවිතා කරලා ලොග් වෙන්නෙ කොහොමද කියන ඒක.
මුලින්ම ඔබ AppStore හෝ PlayStore වෙත පිවිස PASS යනුවෙන් Search කරන්න් iPhone සඳහා ඔබගේ දුරකථන ජාලය SKT,KT,LG අනුව ඇප් 3ක් පෙන්වනු ඇත. අදාල ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සඳහා ඔබගේ දුරකථන ජාලයට අදාල ඇප් එක පෙන්වනු ඇත. මුලින්ම පෙන්වන ඇප් ඇක ඩවුන්ලෝඩ් කරගන්න.
🔰ලියාපදිංචි වන ආකාරය දැනගැනීම සඳහා ලිපිය වැඩිදුර කියවීමට▶️ https://blog.naver.com/e9paysl/222836457319
ොරතුරුකවුළුව