Niro Product

Niro Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niro Product, Business Center, 89/B, Ehala Madithiyawala, Banduragoda.

10/01/2025

ගාල්ල ඉමදූව කෝදාගොඩ
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්‍යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්‍යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.
වර්තමානයේ එහි කළමනාකරණ අධ්‍යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්‍යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.
ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.
උපුටා ගැනීමක්
මුල් හිමිකරු ට ස්තූතියි ❤

13/11/2024

ජනප්‍රිය ගායක Dinesh Tharanga ලබාදුන් අපේ Niro Product 😍😎

ජර්මනියට ගිය නිරෝ නිෂ්පාදන 🌏
31/10/2024

ජර්මනියට ගිය නිරෝ නිෂ්පාදන 🌏

05/10/2024

මෙන්න අලුත් නිව්ස් එකක් ....
මේ අයිටම් තුනට මේ වගේ ගානක් 😯😯😯

කරදරකාරි සතුන් (මදුරුවන්,මැස්සන්,කුඹියන්)නොමරා පලවා හැරිම සදහා හොද දේ,,Niro Products විසින් හදුන්වා දෙන ,🔖පැගිරි විකර්ශක...
02/10/2024

කරදරකාරි සතුන් (මදුරුවන්,මැස්සන්,කුඹියන්)නොමරා පලවා හැරිම සදහා හොද දේ,,

Niro Products විසින් හදුන්වා දෙන ,
🔖පැගිරි විකර්ශක ස්ප්‍රේ (100ml)
🔖ස්වාභාවික මදුරු විකර්ශක ආලේපය
🔖ස්වාභාවික මදුරු විකර්ශක පැගිරි කූරු

💪100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන.
ඔබේ ආදරනීයන් ආරක්ෂා කරගැනීම සදහා නිවසේ සිටිය යුතු නීරෝ නිෂ්පාදන..

ඇනවුම් කිරීම සදහා පහත දුරකථන අංකයට,whatsapp msg දාන්න...

☎ 076 0600248

02/10/2024

සඳගිරි සෑ වැඩසටහනේ නව නිපැයුම් හඳුන්වාදීම.
නීරෝ production

Address

89/B, Ehala Madithiyawala
Banduragoda
11244

Website

Alerts

Be the first to know and let us send you an email when Niro Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share