30/03/2026
🍃පසු අස්වනු තාක්ෂණය කියලා කියන්නෙ කෘෂිකාර්මික බෝග අස්වනු නෙලීමෙන් පසු 🍃
පරිබෝජනය දක්වා සිදුකරන ක්‍රියාකාරකම් කියලා සරලව කියන්න පුළුවන්...
🔹සැකසීම
🔹සංරක්ශනය
🔹ඇසුරුම්කරණය
🔹බෙදා හැරීම
🔹අලෙවිකරණය
මෙම ක්‍රියාකාරකම් වලට උදාහරණ
මෙහි ප්‍රධාන අරමුණු කීපයක් තියෙනව...
1. නිෂ්පාදනයේ
🔹පෙනුම
🔹වයනය
🔹රසය
🔹පෝෂණ අගයන් වල ගුණාත්මය පවත්වාගැනීම
2. දේශීය හා විදේශිය ප්‍රමිතින්ට අනුව ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම
3. කෘෂි නිෂ්පාදන වලට අගය එක්කිරීම
4. නව වෙලද පොල අවස්තා ඇතිකිරීම
5. නව රැකියා උත්පාදනය
6. අස්වැන්න සහ පරිභෝජන අතර සිදුවන හානි අවම කිරීම
🗣️ අද අපි කතා කරන්නෙ,
⭐️ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන පසු අස්වනු තාක්ෂණික වැඩසටහන් ගැන.
මුලින්ම අපනයන කෘෂිබෝග හදුනා ගනිමු.
🌱🌱ගම්මිරිස්, කෝපි, කරාඹු, කොකෝවා, සාදික්කා ගොරකා, වැනිලා, කහ, ඉගුරු, පුවක්, බුලත්, කරදමුංගු, සේර, සහ පැගිරි 🌱🌱
මේ බෝග 14 තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට අයත් බෝග වෙන්නෙ..
එම බෝග වල පසු අස්වනු ක්‍රියාකාරකම් සදහා, රාජ්‍ය මැදිහත්වීම විධිමත් ලෙස උචිත තාක්ෂණය භාවිතයෙන් අස්වනු වල ගුණාත්මය ඉහළ නැන්වීමේ වැඩසටහන මගින් සිදු වෙනවා..
මෙම වැඩසටහන ආකාර 5 කින් ක්‍රියාත්මකයි.
1. අස්වනු සැකසීමේ උපකරණ / යන්ත්‍රසූත්‍ර සැපයිම
2. කුඩා, මධ්‍ය, පරිමාණ හා කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම හා අළුත්වැඩියාව
3. වාෂ්පශීලී තෙල් නිස්සාරණ එකක ඉදිකිරීම හා අවුත් වැඩියාව
4. ගබඩා පහසුකම් ඇති කිරීම
5. අගය එක්කල නිෂ්පාදන කර්මාන්ත පහසුකම් ඇතිකිරීම
🍂 කොහොමද මෙම වැඩසටහනට එක්වන්නේ?🍂
☘️ ඉල්ලුම්පත සම්පූර්ණ කර ඔබ ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි වෙත යොමු කිරීම මගින් හෝ
☘️ තමන්ගෙ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙත ට යොමු කිරීම මගින්
🍂මෙම ඉල්ලුම්පත් ලබා ගත හැකි වන්නේ,🍂
☘️ ඔබ ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි කාර්යාලයෙන්
☘️ ඔබ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් වගේම,
☘️අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවට ගොස් එම ඉල්ලුම්පත්‍රය බාගත කිරීම මගින්.
📌 මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වීමේදී ප්‍රතිලාභීන් විසින් සැපිරිය යුතු කාරණා, පිරිවිතර තියෙනවා..
ඒ වගෙම සීමාවන් තියෙනවා..
මෙම ආධාර මුදල් නැවත අය කිරීමක් සිදුවන්නේ නැහැ.
🔴 උපකරණ මිලදී ගැනීම හෝ ගොඩනැගිල්ල ඉදිකිරීම තාක්ෂණික උපදෙස් පරිදි සිදුකර අවසන් කර තිබිය යුතුයි.
🔴 පරීක්ෂා වාර කීපයකට යටත්ව තමයි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ..
🔴 මූලික පරීක්ෂණයෙදී මූලික උපදෙස් ලබාදීම කරනවා..
🔴 අතරමැදි පරීක්ෂණ එකක් හෝ කීපයක් මගින් උපදෙස් ලබාදීම ත් සිදුකරනවා..
අවසානයේ, ගෙවීම් පරික්ෂණ අවස්ථාවේ දී
🍂 උපකරණය නියමිත පරිදි ක්‍රියාකාරී තත්වයේ තිබිය යුතු වෙනවා.🍂
🔹උපකරණයේ වටිනාකමින් 50% හෝ හෝ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උචිත තාක්ෂණය බාවිතා කර ගුණාත්මක බව වැඩි කිරිමේ චක්‍රලේඛයේ සදහන් මුදලින් යන දෙකින් අවම මුදල් නැවත ලබා නොගන්නා ආයෝජන අධාර මුදලක් ලෙස ප්‍රතිලාභීන් ට ලබාදීම කරන්න පුළුවන්....
🔹එක්වර උපකරණ වර්ග කීපයක් ලබාගත හැකි උවත් එකම වර්ගයේ උපකරණයක් සදහා දෙවන වර ආධාරය, ආයෝජන ආධාර මුදලින් 50% ක්....
🔹සැකසුම් මධ්‍යස්තාන ඉදිකිරීම සහ වියලන සදහා අධාර ලබාදීමේදී ඉඩමේ අයිතිය ඉල්ලුම් කරු විසින් සනාත කලයුතු වෙනවා.
🔹එම සැකසුම් මධ්‍යස්තාන ඉදිකිරීම් අවසන්වු පසු සැකසීමේ ක්‍රියාවලිය සදහා භාවිතා කරන බවට සෑහීමකට පත්විය යුතුයි.
මෙම මධ්‍යස්ථාන සදහා
GMP
HACCP
ISO 22000
BRCGS වැනි සහතික සදහා ඉල්ලුම් කල හැකියි.
ඒ සදහා වෙනම ඉල්ලුම්පතක් ලබාදිය යුතුවන අතර
ලබාගන්නා GMP සහතිකයට රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක උපරීමයකට යටත්ව සහ අනෙකුත් සහතික සදහා එක් සහතිකයට රුපියල්දෙලක්ෂ පනස් දහසක් සහ සහතික දෙකකට ලක්ෂ තුනක් වන ලෙස ආධාර මුදල් ලබාදිය හැකියාව තියෙනවා.
🔺🔺 නැවත මතක් කරනවා, සම්පූර්ණ පසු අස්වනු තාක්ෂණික වැඩසටහන වෙනුවෙන් එක් ප්‍රතිලාබියෙකුට රු ලක්ෂ 23 ක උපරිමයකට යටත්ව ආධාර මුදල් ගෙවිය හැකියි.🔺🔺