News- 24

News- 24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News- 24, Colombo.

ලොකු තාත්තගේ ජීවිතේ ෆුල් ස්ට්‍රගල් එකක්. දැක්කා දා ඉඳන් දරුවෝ දෙන්නෙක් මත හැදුණු තාත්තා කෙනෙක්. ජීවත් වෙන්න ලොකු තාත්තට ...
11/09/2026

ලොකු තාත්තගේ ජීවිතේ ෆුල් ස්ට්‍රගල් එකක්. දැක්කා දා ඉඳන් දරුවෝ දෙන්නෙක් මත හැදුණු තාත්තා කෙනෙක්. ජීවත් වෙන්න ලොකු තාත්තට තිබ්බ ලොකුම බලාපොරොත්තුවත් මල්ලිලා දෙන්නම තමා.

චූටි මල්ලි ඉපදිලා කිරි බොන කාලෙදිමයි එයාලගේ අම්මා එයාලව දාලා ගියේ. එදා ඉඳන් මල්ලිලා දෙන්නව බලාගන්න ලොකු තාත්තා නොකරපු දෙයක් නෑ.

මල්ලිලා දෙන්නට ටොපියක්වත් කාගෙන්වත් ගන්න ලොකු තාත්තා උගන්වලා නෑ. උන් දෙන්නා හෙන අහිංසක දරුවෝ දෙන්නෙක්. තාත්තා ගත්ත මහන්සියට ඇත්තටම දෙයක් කරපු පැටව් දෙන්නෙක්.

මම දන්නෑ මොන පවක්ද ඒ පඩිසන් දුන්නේ කියලා. හැබැයි මේක ඇත්තටම මහපොළොව නුහුලන අපරාදයක් කියලා විතරමයි මම දන්නේ. මේ වෙද්දි ලොකු තාත්තාගේ කකුල් දෙකම අයින් කරන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.

ආයේ මේ වගේ අහිංසක මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි මානුෂීයව ගනුදෙනු කරන්න. රණ්ඩුවක් දැක්කම හැරිලා යන කාටවත් සැරට සද්දයක්වත් දාන්නේ නැති මිනිස්සුන්ට ජීවිතේ කවදාහරිම දවසක සැපක් විඳලා මැරෙන්න දෙන්න.

මේ ළමයි වචනයේ පරිසමාප්තියෙන්ම අහිංසකම ළමයි. ලොකු තාත්තත් එසේමයි!

මල්ලි නිවන් සුව ❤‍🩹

දෙහිවල සිද්ධියේ දරුවන් දෙදෙනාගේ සහෝදරියක් තැබූ සංවේදි සටහනක්....

ඉහත සටහනට පාදක වූ සිද්ධිය 👇

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අළුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා තුවාල ලැබීය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 55 හැවිරිදි ඔවුන්ගේ පියා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහුට එරෙහිව කිසිදු අපරාධ ඉතිහාසයක් හෝ චෝදනාවක් නොමැති බව පොලිසිය පැවසීය.

අත්වැරදීමකින් අදාළ නිවසට නාඳුනන පුද්ගලයෙකු විසින් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

2026/09/10

10/09/2026

රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී..

රොකට් ප්‍රහාර සහ ගොඩබිම් සන්නද්ධ භටයන් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් පසුව, දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් සුකාර් දූපතේ (Zuqar Island) පාලනය ද හූති කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා..

මෙම අල්ලා ගැනීමත් සමඟ රතු මුහුදු නාවික කලාපය තුළ සිය හමුදාමය සහ උපායමාර්ගික බලය තවදුරටත් තහවුරු කර ගැනීමට හූති කැරළිකරුවන් සමත්ව තිබෙනවා.

👇👇👇👇👇

09/09/2026
🤍🪷 ❤ඔබේ චේතනාවට අනුව ඔබට අවශ්‍ය දෙය ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ලැබේවා❤ 🪷🤍   👇👇👇
04/09/2026

🤍🪷 ❤ඔබේ චේතනාවට අනුව ඔබට අවශ්‍ය දෙය ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ලැබේවා❤ 🪷🤍
👇👇👇

04/09/2026

ඔයාගේ හිත සතුටින් පුරවන්න පුළුවන් ආරංචියක් අද අහන්න ලැබේවි.
විශ්ව මාතාව කෙරෙහි විශ්වාසය තබන්න.
"888"
🌸💌🥰💌🌸

දෙවි පිහිටයි..
04/09/2026

දෙවි පිහිටයි..

03/09/2026

මේ ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙච්ච පුංචි වැඩ්ඩා. කොල්ලාගේ ඉස්කෝලේ ඇහැටුවැව ප්‍රාථමික පාසල..

ඇහැටුවැව කියන දුෂ්කර ගම්මානය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පුතාගේ තාත්තා කියන කතාව ඇහුවාම ඇත්තටම පුදුම හිතුනා.

මේ පාසලේ ළමයින්ට තියෙන ලොකුම අභියෝගය අලින්ගෙන් බේරිලා පාසලට යන එකලු. ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ කොල්ලා අද ලංකාවේ පළවෙනියා වෙලා.

ඇත්තටම ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මේ වගේ පොඩි උන්ට අත්තටු. අදට හෙටම කොල්ලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යයි.

තාත්තතේ..ඔයාලා දිනලා ඉවරයි. ඔයාලගේ පුතා ඔයාලව දිනෙව්වා ❤️

පහල විඩියෝ අද පාසලට පැමිණිවිට විදුහල්පති පිලිගැනීම...👇👇👇👇

02/09/2026

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව www(dot)doenets(dot)lk සහ www(dot)results(dot)exams(dot)gov(dot)lk යන සබැඳියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.

පසුගිය අගෝස්තු (09) වැනිදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 73,723ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 294,089ක් විභාගයට පෙනී සිටියා.

02/09/2026

මාතර ප්‍රදේශය් පිහිටි ( විශේෂයෙන් කාර් සහ වෑන්) සේවා සහ නඩත්තු කටයුතු සිදු කරන ආයතනය සදහා
1. වාහන රෙපයාර් කරුවන්
2. වාහන සෝදන්නන්
3. වාහන බොඩි සෝදන්නන්
4. වාහන ඇතුලත පිරිසිදු කරන්නන් අවශ්‍යව ඇත.

▪️වැටුප රු90,000/=
▪️සදුදා සහ පෝය දින නිවාඩු
▪️නවාතැන් පහසුකම්
▪️ETF , EPF හිමිකම්
▪️නිල ඇදුම්

AUTOWAY service center
070 5628422
0724605400

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when News- 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share