06/11/2024
1. අනුරාධ කුමරා ගම පමණක් නොව දකුණු දිග වැවද කරවා ඒ අසල රජ ගෙයක් තනා ගෙන එහි වාසය කළේ ය. (මහාවංසය)
පුරාණ අනුරාධපුරයේ ප්‍රථම වැව ඉදි කළේ භද්දකච්චානා බිසවගේ සහෝදර අනුරාධ කුමරා බවට මහාවංසය සහ අනෙක් වංසකථා වලින් හෙළි වේ.
මේ වැව පිහිටා ඇත්තේ අනුරාධපුරයේ කුමන ස්තානයේද?
2. මෙ සේ රාජ්‍ය ශ්‍රීයට පත් වූ පණ්ඩුකාභය රජතුමා ඒ සයංජාත විල කනවා විශාල කරවීය. ජය ලැබූ අවස්ථාවෙහි ජලස්නානය එහි සිදු වූ හෙයින් ඊට ජය වැව යන නම තබන ලදී. (මහාවංසය)
දෙවැනි වාරි කර්මාන්තය සේ සැලකෙන ජය වැව ඉදි කළේ පණ්ඩුකාභය රජතුමන් ය. මේ වැව අද වන විට හඳුනා ගෙන තිබෙන්නේ ද?
3. චිත්‍ර රාජ නම් යක්ෂයා හට අභය වැවේ යටි කොනේ වාසය සලසා දුන්නේය. (මහාවංසය)
පණ්ඩුකාභය රජතුමන් විසින් ඉදි කළ අනෙක් වැව නම් අභය වැවයි. මේ වැවේ නාමය විකෘති කොට දෙමළ බසින් බසවක්කුලම ලෙසට අද හැදින්වේ.
4. මෙයින් ද උතුරු දිග ගැමුණු වැව දක්වා නොයෙක් තවුසන් සඳහා ආශ්‍රම කරවන ලදී. (මහාවංසය)
ගැමුණු වැව, පෙරිමියන්කුලම වැව යනුවෙන් එහි මුල් නාමය විකෘති කොට දෙමළ බසින් හදුන්වයි.
අනුරාධපුරයේ ඇති අනෙක් පැරණිම වැවක් වන්නේ දේවානම්පියතිස්ස රජතුමන් විසින් ඉදි කරන ලද බවට සැලකෙන තිසා වැවයි.
අනුරාධපුරයේ ඇති තවත් ප්‍රධාන සහ පුරාණම වැව් දෙකක් වන්නේ නුවර වැව සහ බුලන්කුලම වැවයි.
අනුරාධපුරයේ අතීත වාපි ශිෂ්ටාචාරය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Ceylon Today ඉරිදා පුවත්පතේ විශේෂාංග ලිපි හා එක්වන්න.