11/05/2025
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. ඒ නිමිති කොට පෙර අපර දෙ දිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සිඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.
Wishing you a blessed Vesak festival!
With the flowing stream of compassion, the lifeless and living beings of the great earth are calmed and soothed. Illuminated by the serene light of the Dhamma, which brightens the minds of all beings across the three worlds, the Sri Vaisakha Full Moon Poya Day is sanctified and revered due to the three sacred events of the Buddha’s life: the birth, enlightenment, and passing away of the Fully Enlightened Supreme Teacher, the Buddha, who was free from all attachments.
This day is the most revered religious occasion for Buddhists around the world and is celebrated with immense devotion. It is marked by offerings and observance by over 600 million Buddhists globally, including followers of both the Theravāda and Mahāyāna traditions, who express their gratitude and reverence to the Buddha by engaging in both material offerings and practices aligned with the Dhamma.
Vesak Poya, which awakens the whole world, is not only the supreme religious day for Buddhists worldwide but also the most prestigious national day for Sinhala Buddhists living in Sri Lanka.