SD Mobile Corner

24/08/2025
24/08/2025
NYSC Colombo District OfficeEranga Gunasekara
24/08/2025

NYSC Colombo District Office
Eranga Gunasekara

සිහියෙන් අවබෝධ කරගමු.....මේක ලොකු කතාවක්....

01/08/2025
01/08/2025
NYSC Colombo District Office Eranga Gunasekara දේශපාලනීකරණය කරනවාය.....කියමින් අද  පාරට බැස්ස ගොයියො එදා දේශපාලන අමු අමු...
27/07/2025

NYSC Colombo District Office Eranga Gunasekara දේශපාලනීකරණය කරනවාය.....කියමින් අද පාරට බැස්ස ගොයියො එදා දේශපාලන අමු අමුවෙන් කළා....අද කිඹුල් කඳුළු හෙලන්නේ උන්ගේ බල පොරය ගමේ සාමාන්‍ය ජනතාව අතට පත් වීමේ අවුලෙනි

25/04/2025

කඳුකර ජනතාවට නව ජීවිතයක්........

25/04/2025

ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට අද (25) පස්වරුවේ එක්වෙමිනි.

රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කර ප්‍රථම මල් පූජාව සිදු කළේය.

අනතුරුව බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව, උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බවයි. එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින්ට ප්‍රමුඛ වගකීමක් පැවරී තිබෙන බවද සඳහන් කළේය.

රටට අවශ්‍ය ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තයේදී නැණගුණයෙන් මෙන්ම යහගුණයෙන් පෝෂිත අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම, අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහා සංරඝරත්නයද, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමිපාණන් වහන්සේ සහ රංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැදිරුප්පේ මහින්ද හිමිපාණන් ප්‍රධාන මහා සංඝ රත්නයද, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාද ගිහි පැවිදි විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නොමිලේ 𝐍𝐞𝐰𝐬 𝐀𝐥𝐞𝐫𝐭𝐬 ලබාගන්න අපගේ වට්ස් ඇප් චැනල් එක දැන්ම 𝐟𝐨𝐥𝐥𝐨𝐰 කරන්න
https://bit.ly/4gvU4dL

Address

Colombo
Colombo

Telephone

+94775164447

Website

Alerts

Be the first to know and let us send you an email when SD Mobile Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SD Mobile Corner:

Share