24/01/2026
මෛත්‍රි කිරීමෙන් රෝගීන්ට බොහෝ ප්‍රයෝජන ලැබිය හැක. එයට හේතුව, මෛත්‍රි භාවනාව නිසි ක්‍රමයට, පියවරෙන් පියවර කළ යුතු වීමයි. සරලව “මෙත් කරමි” කියා කීමෙන් පමණක් රෝග සුව නොවේ. රෝග සුව කිරීම සඳහා මෛත්‍රි කිරීම වෙනම ක්‍රමයකින් කළ යුතුය.
රෝගියකු ගැන “මොහුගේ රෝගය සුව වේවා, මොහු සුවපත් වේවා” කියා සාමාන්‍ය ලෙස මෛත්‍රි කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලැබීම අපහසුය. එයට වඩා, රෝගියාගේ ශරීරයට කුමන දේක් අවශ්‍යද යන්න තේරුම්ගෙන, ඒ අනුව මෛත්‍රි කළ යුතුය.
මෛත්‍රි කරන විට රෝගියා දෙසට මුහුණලා හිඳගෙන, තම සිත රෝගියාගේ ශරීරය තුළටත් පිටටත් පැතිරෙන ලෙස පිහිටුවාගත යුතුය.
රෝගය ශරීරය උණුසුම් කිරීමෙන් සුව විය හැකි නම්,
“මොහුගේ ශරීරය උණුසුම් වේවා, උණුසුම් වේවා” කියා මෛත්‍රි කළ යුතුය.
රෝගය සිසිල් කිරීමෙන් සුව විය හැකි නම්,
“සිසිල් වේවා, නිවේවා” කියා මෛත්‍රි කළ යුතුය.
ශරීරයේ ධාතු දුබල වී ඇත්නම්,
“මොහුගේ සිරුරේ සප්ත ධාතු ශක්තිමත් වේවා” කියා මෛත්‍රි කළ යුතුය.
ලේ වැනි එක් ධාතුවක් අඩු වී ඇත්නම්,
“මොහුගේ ශරීරයේ ලේ වැඩේවා” කියා මෛත්‍රි කළ යුතුය.
ලේ වේගයෙන් ගමන් කරන්නේ නම්,
“ලේ සන්සිඳේවා” කියා මෛත්‍රි කළ යුතුය.
ලේ කැටි ගැසී ඇත්නම්,
“ලේ දිය වේවා” කියා මෛත්‍රි කළ යුතුය.
නහර දුර්වල වී ඇත්නම්,
“නහර ප්‍රාණවත් වේවා” කියා මෛත්‍රි කළ යුතුය.
වාත, පිත්, කප වැනි දෝෂ වැඩි වී ඇත්නම්,
“එය සන්සිඳේවා” කියා මෛත්‍රි කළ යුතුය.
තුවාලයක් තිබේ නම්,
“එය වියළේවා” කියා මෛත්‍රි කළ යුතුය.
මෙහි සඳහන් නොකළ අනෙකුත් කරුණුත් නුවණින් සිතා, සුදුසු ලෙස මෛත්‍රි කළ යුතුය.
මෛත්‍රී කරන විට වචන නිතර නිතර වෙනස් නොකළ යුතුය. මෙත් කරන අතර වෙනත් දේවල් ගැන සිත නොයොමු කර, එක සිතක් ලෙස, අවධානයෙන් මෙත් කළ යුතුය. කෙටි වේලාවක් මෙත් කිරීමෙන් වැඩි ගුණ නොලැබේ. දිගු වේලාවක් මෙත් කළ යුතුය. එක් රෝගියකු සඳහා අවම වශයෙන් විනාඩි 15ක්වත් මෙත් කළ යුතුය.
මෙත් සිතේ බලයෙන් රෝග සුව කළ හැකි බවට විශ්වාසය තබාගෙන, සත්යවම රෝගියා සුව වේවා කියන කැමැත්තෙන් මෙත් කළ යුතුය. නිසි ලෙස මෙත් භාවනාව කරන අය ඒ ප්‍රතිඵල තමන්ටම අත්විඳිය හැක.
මෙත් භාවනාව නිසි ලෙස කරන විට, නපුරු සිත් ගුණ දුරු වී, අන් අයගේ සිත් ශාන්ත වේ. එවැනි පිරිසක් රටේ වැඩි වුවහොත්, අද මිනිසුන් අතර ඇති අසමගියත්, අපරාධත් බොහෝ දුරට අඩු වේ. උපුටා ගැනීමකි
fans Madhushani Gamage❤️