Mind Map Management

Mind Map Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Map Management, Management Service, Colombo.

Communication or Translation ඔබගේ විවාහය බිඳවැටෙන්නේ ආදරය නොමැති නිසාම නොවේ.සමහරවිට, ඔබ දෙදෙනාට එකිනෙකාගේ වේදනාව නිවැරදි...
30/08/2026

Communication or Translation

ඔබගේ විවාහය
බිඳවැටෙන්නේ ආදරය නොමැති නිසාම නොවේ.
සමහරවිට, ඔබ දෙදෙනාට එකිනෙකාගේ වේදනාව නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ අවබෝධ කර ගැනීමට අවශ්‍ය භාෂාව නොමැති නිසා විය හැකිය.

අපි බොහෝවිට සිතන්නේ, අපට දැනෙන දේ අප භාවිත කරන වචන මඟින් සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වන බවයි.
නමුත් සැබෑව එසේද?
ඇය සැබවින්ම ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ,
"මට ඔබව අහිමි වේ යැයි බියයි..."
නමුත් ඇය පවසන්නේ,
"ඔබට මාව කිසිසේත් වැදගත් නැහැ!"
ඔහු සැබවින්ම ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ,
"මම අසාර්ථක පුද්ගලයෙකු බවට පත්වේදැයි මට බියයි..."
නමුත් ඔහු පවසන්නේ,
"මට ටික වේලාවක් නිදහසේ සිටීමට ඉඩ දෙනවාද?"
අභ්‍යන්තරයේ පවතින්නේ බියයි.
බාහිරව ප්‍රකාශ වන්නේ කෝපයයි.
අභ්‍යන්තරයේ පවතින්නේ ආදරය සහ පිළිගැනීම සඳහා ඇති අවශ්‍යතාවයි.
බාහිරව ප්‍රකාශ වන්නේ චෝදනාවයි.
අභ්‍යන්තරයේ පවතින්නේ,
"මාව අතහැර යන්න එපා..."
බාහිරව ප්‍රකාශ වන්නේ,
"ඔබට කැමති දෙයක් කරගන්න!"
සම්බන්ධතාවයක ඇති විශාලතම ඛේදවාචකයක් වන්නේ එයයි.
අපි අපගේ සහකරු හෝ සහකාරිය සමඟ ගැටෙන්නේ ඔහු හෝ ඇය සැබවින්ම කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් පමණක් නොවේ.
අපි ගැටෙන්නේ අපගේ වේදනාව වැරදි භාෂාවකින් ප්‍රකාශ වන නිසාය.
පශ්චාත්-නූතනමනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලූ විට,යම් පුද්ගලයෙකු පවසන වචන අපට ඇසුණු විට, ඔහුගේ හෝ ඇයගේ සැබෑ අත්දැකීම අපට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැත.අපට ලැබෙන්නේ එම අත්දැකීම භාෂාවට පරිවර්තනය වීමේදී අර්ධ වශයෙන් විකෘති වූ අනුවාදයක් පමණි.ඒ නිසා...
ඇය පවසන්නේ:
"ඔබ මට ගෞරව කරන්නේ නැහැ."
නමුත් ඇයගේ සැබෑ ගැටලුව විය හැක්කේ:
"ඔබ සමඟ සිටින විට මට මම වැදගත් පුද්ගලයෙකු ලෙස දැනෙන්නේ නැහැ..."
ඔහු පවසන්නේ:
"ඔබ මාව පාලනය කරනවා."
නමුත් ඔහුගේ සැබෑ හැඟීම විය හැක්කේ:
"ඔබ සමඟ සිටින විට මට කිසිවක් හරියට කරගත නොහැකි පුද්ගලයෙකු ලෙස දැනෙනවා..."
ඒ නිසා, සමහර විවාහවල ගැටලුව සන්නිවේදන ගැටලුවක් පමණක් නොවේ.
එය අර්ථ පරිවර්තනයේ ගැටලුවක්ද වේ.
දෙදෙනාම තම හදවතේ භාෂාවෙන් කතා කරති.
නමුත් අනෙක් පුද්ගලයා එය අසන්නේ තමන්ගේ තුවාලවල භාෂාවෙනි.ඒ නිසා...ඇයගේ බිය ඔහුට චෝදනාවක් ලෙස ඇසෙයි.ඔහුගේ නිහඬතාව ඇයට ප්‍රතික්ෂේප කිරීමක් ලෙස දැනෙයි.දෙදෙනාම ආදරය ඉල්ලා සිටිති.නමුත් දෙදෙනාම එය ප්‍රකාශ කරන්නේ ගැටුමේ භාෂාවෙනි.
සමහරවිට, සම්බන්ධතාවයක් සුරැකෙන්නේ "මම නිවැරදිද? ඔබ නිවැරදිද?" යන්න තීරණය කිරීමෙන් නොවේ.
එය වෙනස් වීමට පටන් ගන්නේ, එකිනෙකාගෙන් මෙසේ විමසීමට පටන් ගත් දින සිටය:
"ඔබ මෙම වචන මඟින් සැබවින්ම ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?"
මන්ද...
කෝපය යටතේ සමහරවිට බිය පවතී.
චෝදනාව යටතේ ආදරය පවතී.
නිහඬතාව යටතේ වේදනාව පවතී.
ඒවා අවබෝධ කර ගැනීමට පටන් ගත් දින සිට, සමහරවිට...
ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ භාෂාව වෙනස් වීමට පටන් ගනු ඇත.
(චන්දන ඒකනායක )






25/08/2026
04/08/2026

Mind Map Management තවත් වැඩක්.

Management Service

ඩෙංගු......................................ඩෙංගු යනු මදුරුවාගේ ප්‍රශ්නයක් නොවේ. එය අපගේ මනස, සංස්කෘතිය සහ බල සම්බන්ධතා න...
12/07/2026

ඩෙංගු......................................

ඩෙංගු යනු මදුරුවාගේ ප්‍රශ්නයක් නොවේ. එය අපගේ මනස, සංස්කෘතිය සහ බල සම්බන්ධතා නිර්මාණය කළ රෝගයකි.
ඩෙංගු වසංගතය නැවත හිස ඔසවයි. සෑම වසරකම අපි මදුරුවන්ට යුද්ධ ප්‍රකාශ කරමු. ධූමකරණය කරමු. දඩ ගසමු. දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමු. එහෙත් ප්‍රශ්නය නැවත පැමිණෙයි.
පශ්චාත්-නූතන මනෝවිද්‍යාව අපෙන් අසන ප්‍රශ්නය වෙනස්ය.
"ඇත්තටම අපි සටන් කරන්නේ මදුරුවා සමඟද, නැත්නම් අප විසින්ම නිර්මාණය කළ ජීවන රටාව සමඟද?"
අප සවිඥානිකව (Consciously) පවසන්නේ, "ඩෙංගු වළක්වමු. පරිසරය පිරිසිදු කරමු."
නමුත් අපගේ අවිඥානික (Unconscious) සමාජ හැසිරීම් පවසන්නේ, "මෙය මගේ වගකීමක් නොවේ." "කවුරු හරි එයි, පිරිසිදු කරයි." "අද නොකළත් කමක් නැහැ."
මෙය පුද්ගලයාගේ පමණක් අසාර්ථකත්වයක් නොවේ. මෙය සංස්කෘතිය, දේශපාලනය, නාගරීකරණය, පරිභෝජනවාදය සහ වගකීම් බෙදාහැරීමේ ආකාරය විසින් නිර්මාණය කරන ලද මනෝවිද්‍යාත්මක ව්‍යුහයකි.
පශ්චාත්-නූතන චින්තනය පෙන්වා දෙන්නේ "වගකීම" පවා ස්ථාවර සත්‍යයක් නොව, සමාජය විසින් නිර්මාණය කරන කථාවක් (Narrative) බවයි. එබැවින් "ඩෙංගු මර්දනය" යනු වෛද්‍ය ක්‍රියාවලියක් පමණක් නොව, සමාජය තමන් ගැන ලියන කතාව නැවත ලිවීමකි.
අද මිනිසා ස්වභාවධර්මය පාලනය කළ හැකි බව විශ්වාස කරයි. නමුත් ස්වභාවධර්මය නැවත නැවතත් අපට මතක් කර දෙන්නේ, අප එහි හිමිකරුවන් නොව, එහි කොටසක් බවයි.
ඩෙංගු මදුරුවා බෝ වන්නේ කුණු ගොඩවල පමණක් නොවේ. එය බෝ වන්නේ අපගේ උදාසීනත්වයේ, අනෙකාට වගකීම පවරන සංස්කෘතියේ, පාරිසරික විරසකත්වයේ සහ "මම නොව අප" යන සමාජ සම්බන්ධතාව බිඳ වැටීමේ හිඩැස් තුළය.
ඩෙංගු නතර කිරීමට පෙර අප නැවැත්විය යුත්තේ මදුරුවා නොව, පරිසරයෙන් වෙන් වූ මිනිසා නිර්මාණය කරන එම මානසිකත්වයයි.
පශ්චාත්-නූතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ රෝගය සොයන්නට පෙර, රෝගය නිර්මාණය කරන කතාව සොයන්න කියාය.
=චන්දන ඒකනායක=
Psychology | Postmodern Psychology | Social Analysis

ගංජා,කුඩු,ගුළි සහ අරක්කු......................"සිහිය" යනු ඇත්තක්ද? නැත්නම් සමාජය විසින් ගොඩනැගූ තවත් කතාවක්ද?ලංකාවේ පමණක...
10/07/2026

ගංජා,කුඩු,ගුළි සහ අරක්කු......................

"සිහිය" යනු ඇත්තක්ද? නැත්නම් සමාජය විසින් ගොඩනැගූ තවත් කතාවක්ද?
ලංකාවේ පමණක් නොව, ලෝකයේම මිලියන ගණනක් මිනිසුන් මේ මොහොතේ මත්පැන්, ගංජා, අයිස්, හෙරොයින්, පෙති, මදන මෝදක හෝ වෙනත් මත්කාරක ද්‍රව්‍යවල බලපෑමෙන් මත්වී සිටිති. ප්‍රශ්නය වන්නේ ඔවුන් "නරක" මිනිසුන් වීම නොවේ. ඇත්ත ප්‍රශ්නය වන්නේ ඇයි මිනිසාට සිහියෙන් සිටීම ප්‍රමාණවත් නොවන්නේ? කියන එකයි.
පරිණාමීය මනෝවිද්‍යාව පවසන්නේ මිනිස් මොළය නිර්මාණය වී ඇත්තේ අද පවතින ලෝකය සඳහා නොව, දස දහස් ගණනක් වසර පැරණි පරිසරයක ජීවත් වීමට බවයි. එකී මොළය නවකත්වය,ත්‍යාගය, උද්දීපනය සහ වේදනාවෙන් ගැලවීම සොයයි. මත්ද්‍රව්‍ය එම පරිණාමීය පද්ධති කෙටි මාර්ගයකින් අල්ලා ගනී. එය ස්වභාවික ත්‍යාග පද්ධතිය හොරකම් කරන ක්‍රමයකි.
නමුත් පශ්චාත්-නූතන මනෝවිද්‍යාව තවත් ගැඹුරු ප්‍රශ්නයක් අසයි.
"මත් වීම" පමණක් රෝගයක් නම්, බලය, මුදල්, ජාතිවාදය, ආගම, ජාතිකත්වය, සමාජ මාධ්‍ය, පරිභෝජනය සහ ප්‍රසිද්ධියට ඇබ්බැහි වීම "සිහිය" ලෙස හඳුන්වන්නේ ඇයි?
Michel Foucault පෙන්වා දුන්නේ "සාමාන්‍ය" සහ "අසාමාන්‍ය" යන සීමා ස්වභාවධර්මය විසින් නොව, බලය දරන ආයතන විසින් නිර්මාණය කරන බවයි. එවිට "සිහිය" යනු ද ජීව විද්‍යාත්මක සත්‍යයක් පමණක් නොව, සමාජයක් විසින් පිළිගත් විනයක නාමය විය හැකිය.
Jacques Derrida අනුව, "සිහිය/මත් වීම" යන ද්වන්දවය පවා ස්ථාවර නොවේ. එක් සංස්කෘතියක සාමාන්‍ය දෙය තවත් සංස්කෘතියක අසාමාන්‍ය විය හැකිය. එබැවින් "සිහිය" යන්නට එක් සදාකාලික අර්ථයක් නොමැත.
Jean Baudrillard පවසන පරිදි, නූතන මිනිසා මත් වී සිටින්නේ රසායනික ද්‍රව්‍යවලින් පමණක් නොවේ. ඔහු රූපවලින්, වෙළඳ දැන්වීම්වලින්, සමාජ මාධ්‍යවලින්, වෙළඳ නාමවලින් සහ අතථ්‍ය ජීවිතවලින් ද මත් වී සිටියි. එවිට මත්ද්‍රව්‍ය යනු ඇබ්බැහියේ එකම ස්වරූපය නොව, එහි එක් ප්‍රකාශනයක් පමණි.
අද අප "සිහිය" ලෙස හඳුන්වන්නේ කුමක්ද? උදේ සිට රාත්‍රිය දක්වා වැඩ කිරීම? ණය ගෙවීමට ජීවත් වීම? අන් අයගේ අනුමැතිය වෙනුවෙන් සමාජ මාධ්‍යවල ජීවිතය රඟ දැක්වීම? එසේ නම්, අපි සැබවින්ම සිහියෙන්ද? නැත්නම් සමාජය විසින් පිළිගත් තවත් මත්වීමකද?
එබැවින් පශ්චාත්-නූතන විග්‍රහය මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීකරණය නොකරයි. ඒ වෙනුවට එය අපෙන් අසන්නේ තවත් අපහසු ප්‍රශ්නයකි.
"මිනිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේද, නැත්නම් මුළු සංස්කෘතියම විවිධ ආකාරයේ ඇබ්බැහිවීම් මත ගොඩනැගී තිබේද?"
සමහර විට ප්‍රශ්නය "මිනිසා ඇයි මත් වන්නේ?" යන්න නොව, "අද ලෝකයේ සිහියෙන් සිටීම ඇත්තෙන්ම පහසුද?" යන්න විය හැකිය.
=චන්දන ඒකනායක =

ලාංකික වමේ අනන්‍ය වීම සහ ධනවාදයේ සංකේතීය ජයග්‍රහණය ධනවාදයේ අවසාන ජයග්‍රහණය වන්නේ වාමාංශිකයා පරාජය කිරීම නොවේ. වාමාංශිකයා...
05/07/2026

ලාංකික වමේ අනන්‍ය වීම සහ ධනවාදයේ සංකේතීය ජයග්‍රහණය
ධනවාදයේ අවසාන ජයග්‍රහණය වන්නේ වාමාංශිකයා පරාජය කිරීම නොවේ. වාමාංශිකයාගේ මනෝභාවය ධනවාදී උපකරණ මගින් ප්‍රතිනිර්මාණය කිරීමයි.
ධනවාදය ඔබව ඝාතනය කරන්නේ නැත. එය විසින්
ඔබව සිරගත කරන්නේත් නැත.
ඔබට වධ දෙන්නේත් නැත.
එය ඊට වඩා ආක්‍රමණශීලීය,සූක්ශම ලෙස බුද්ධ්මත්ය.
එය ඔබේ ආශාව නැවත ලියයි.
ඔබේ සිහිනය නැවත නිර්මාණය කරයි.
ඔබේ විප්ලවය පවා තම භාෂාවෙන් නැවත පරිවර්තනය කරයි.
ශ්‍රී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ධනවාදයට එරෙහි අඛණ්ඩ සටනක නිරත වන බව පෙනේ.
නමුත් ඔවුන්ගේ මනස තුළ සාර්ථකත්වයේ නිර්වචනය ලියන්නේ කවුද?
සුඛෝපභෝගී ජීවිතයක්.
ජාත්‍යන්තර සංචාර.
Social Media Visibility.
Luxury Coffee Culture.
Personal Brand.
Influencer Status.
මේ සියල්ලම නිර්මාණය කළේ කවුද?
ධනවාදයේ ආක්‍යානයන්‍යය.
සටන් පාඨය පමණක් රතු වූ පමණින් මනෝභාවයන් අනුකූල හැඩය නිර්මාණය කරන්නේ නැත.
අද බොහෝ දෙනෙක් ධනවාදය විවේචනය කරන්නේත් ධනවාදය විසින් ප්‍රතිශ්ථාපිත භාෂාවෙන්මය.
ඔවුන් පද්ධතියට එරෙහිව කෑගසන්නේ ඔවුන්ද
පද්ධතිය විසින් නිර්මාණය කළ සාර්ථකත්වයම හඹා යන බව නොදැනය.
ඔවුන් පරිභෝජනය විවේචනය කරයි.
නමුත් ඔවුන් තම අනන්‍යතාව ගොඩනඟන්නේ පරිභෝජනයෙන්ම බව නිදනී.
ඔවුන් නිදහස ගැන කතා කරයි.
නමුත් තම වටිනාකම මනින්නේ Likes, Shares සහ Followers ගණනින් බව නොදනී.
මෙය පාවාදීමක් නොවේ.
මෙය බලයේ නව ස්වරූපයයි.
පැරණි අධිපතීත්වය ඔබේ ශරීරය පාලනය කළේය.
නූතන අධිපතීත්වය ඔබේ මනස(Subconscious) නිෂ්පාදනය කරයි.
ඔබ හිතන්නේ ඔබ තෝරාගත් ජීවිතයක් , ඔබ විසින් සැලසුම් කරන ලද ජීවිතයක් ගත කරනවා කියලා.
ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ වෙළඳපොළ ඔබ වෙනුවෙන් තෝරා දුන් සිහිනයක.
ඔබ හිතන්නේ ඔබ විප්ලවවාදියෙක් කියලා.
සමහරවිට ඔබ වෙළඳපොළේ තවත් Brand එකක් පමණි.
ධනවාදය භාණ්ඩ විකුණන යුගය අවසන් වී බොහෝ කල්ය.
අද එය විකුණන්නේ අනන්‍යතා.
එය විකුණන්නේ විරෝධය.
එය විකුණන්නේ කැරැල්ල.
අවසානයේ එය විකුණන්නේ විප්ලවය.
ඒ නිසා ප්‍රශ්නය වාමාංශිකයා ගැන නොවේ.
ප්‍රශ්නය අප සැම ගැනයි.
අපගේ සිහිනය අපේමද?
නැත්නම් එය වෙළඳපොළ අප තුළ රෝපණය කළ ආශාවක්ද?
මෙම ප්‍රශ්නය අසන තැන සිටම සැබෑ විප්ලවය ආරම්භ වේ.
මන්ද පද්ධතිය පෙරළීමට පෙර,පද්ධතිය ඔබේ මනස තුළ ගොඩනඟා ඇති අධිරාජ්‍යය පෙරළිය යුතුය.
=චන්දන ඒකනායක =

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Map Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share