08/03/2026
**කිරි ටොෆි
මිල්ක් මේඩ් (390g ) - ටින් 01
සීනි - 200 g
බටර් - මේස හැදි 01
වැනිලා එසන්ස් - තේ හැඳි 1/2
කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
කජු/ රටකජු (බැදගත්) - 50g
වතුර කෝප්ප 1/2
සාදා ගන්නා ආකාරය
• කිරි ටොෆි මිශ්‍රණය දා ගැනීමට තැටියේ බටර් හෝ තෙල් ගාගන්න.
• තුනී කිරීමට අවශ්‍ය වන හැන්ද හා ස්පැචුල එකේත් බටර් හෝ තෙල් ගා ගන්න.
• කිරි ටොෆි සෑදීමට ගන්නා භාජනය අඩිය ඝනකම භාජනයක් විය යුතුය.
• භාජනයට ටින්කිරි එක දා ගන්න එයට සීනි, වතුර කොප්ප 1/2 දමා හොඳින් කලවම් කරන්න.
• සිනී හොඳින් දිය වු පසු ලිපේ තියන්න.
• විනාඩි 05 පමණ මධ්‍යම ගින්දරේ තබා ගෙන නොනවත්වා හැදි ගාන්න.
• විනාඩි 05 න් පසු ගින්දර අඩු කරන්න. ඉන්පසු බටර් දා ගන්න.
• අඩු ගින්දරේ නොනවත්වා හැඳි ගාන්න.
• මිශ්‍රණය උකු වේගන එන කොට වැනිලා, කරදමුංගු බැදගත් රටකජු දමා කලවම් කරන්න.
• විනාඩි 20 කට පසුව සුවඳ එනවා පාට ටිකක් තද වෙනවා.
• විනාඩි 25 – 28 කට පසුව බටර් ගා ගත් තැටියට දාගන්න.
• ඉක්මනින් තුනි කර ගන්න.
• තුනි කර විනාඩි 10 කින් පසු කෑලි වල ඉරි ඇදගන්න.
• හොඳට ඝන වු පසු (විනාඩි 15 ට පසු) කෑලි කපා වෙන් කර ගන්න.