18/09/2022
මුරුංගා කොළ කැද...
ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන,
දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ.. 🌿🌿🌿
දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...
ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.
පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.
වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.
අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...
* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී
විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...
* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !
අදහන්නත් බැරි අපූරු කතා නේද ?
කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.
ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.
එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.
මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.
එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.
අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.
ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.
යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.
එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.
මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.
කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.
*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%
ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?
Moringa leaves nest...
It is said to be the best food in the world.
Longevity plant leaf - Morunga leaf.. 🌿🌿🌿
There is no one who does not know the taste properties of drumsticks, which are known as the longevity plant. But there are few people who know the amazing properties of Moringa leaves...
Most people don't think about anything beyond that, apart from putting a bowl of water on the prawns and crabs to remove their stings, and occasionally adding them to a stir-fry.
You will be surprised to hear what a group that did a research on Moringa leaves recently found.
Moringa has been used as food and medicine for 4000 years. Moringa leaves are rich in standard, potassium, carotene, vitamins and many other nutrients and antioxidants.
Would you believe what our other nutritious foods and moringa leaf comparisons reveal? Why...
* 9 times as useful as yogurt
* 10 times as many vitamins as carrots
* 15 times more potassium than bananas
* 17 times the tradition of milk
* 12 times more vitamin C than oranges
Are you sure? What this research team found...
* Seven times more iron than spinach!
* Four times more protein than eggs!
* Benefits of 80 cups of milk in a cup of moringa leaf juice!
Incredible stories, right?
Moringa leaves are a super versatile food with many medicinal benefits naturally without any chemicals.
It has anti-inflammatory properties and is immune boosting. Develops eyesight. Pregnant mothers and children are given necessary nutrition.
Moringa leaves also act as an anti-cancer agent. Cancers caused by stomach gastritis, cancer of the cells that produce melanin in the skin, as well as liver and lung cancer.
Also, it helps to control the sugar level in the body, heart disease cholesterol and blood pressure level.
Strengthens bones and teeth. It prevents diseases such as osteoporosis that may occur in old age.
It supports the proper functioning of the digestive system and controls body weight. It also supplements the nutritional deficiencies that vegetarians may have.
Moringa leaves, which make girls look good and grow hair, also heal the skin. It heals wounds, cysts and skin infections and erases facial wrinkles. It gives an aged look.
Moreover, Moringa leaves also promote mental health.
Moringa leaves can be eaten as a paste, curry, fried. You can also drink raw green juice. The leaves can be dried and powdered to make a tea.
The group says that when the leaf powder was applied daily for 90 days, amazing results were obtained.
They presented the results of the productivity as percentages.
*Vascular 55%
*Soul 65%
*Kidney 54%
*Brain 34%
So we should understand from this information that by eating more and more morunga leaves, we can protect our physical and mental well-being.