17/12/2021
Quarantine නැත්තං නිරෝධායන කියන්නේ මේ දවස් වල වැඩියෙන් කතා කරන මාතෘකාවක්. Discus නිරෝධායනය කියන්නෙත් මොකක්ද?
අලුතින් මත්සයෙක් අපගෙ ඉන්න මසුන් එක්ක එක් කිරිමට කලින් දින කිපයක් වෙන් කරතබා රෝග තියනවද කියලා නිරික්ශනය කිරිම. රෝග ඇත්නම් එය හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුකිරීම, නිරොධායනය කාලය අවසන් වුන පසු අපෙ ඉන්න මසුන් එක්ක එක්කිරිම.
අපේ ටැංකි වල අපේ මාලුන්ට හානියක් වෙන්නේ නැති බැක්ටීරියා,වෛරස් වර්ග අපෙ ටැන්කි වල තියෙන්න පුළුවන්. ඒත් ගෙන මාලුන්ට ඒ ලෙඩ වලට ප්‍රතිශක්තිකරණ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගෙන මාලුන්ට නොපෙන ලෙඩ තියෙන්න පුළුවන්. ඒ ලෙඩ වලට ප්‍රතිශක්තිකරණ අපේ මාලුන්ට නොතියෙන්න පුළුවන්. එයි නිසා කෝකටත් හොඳයි නිරෝධායන කරන එක. නිරොධායනය නොකර දාන මාලුන්ගෙන් එන්න පුලුවන් ප්‍රාදාන ලෙඩෙ තමා discus plague එක. ඊට අමතරව finrot,whitepoop,ich වගෙ එවත් එන්න පුලුවන්. මේ ලෙඩෙ එක්කඔට්ටු වුන අය දන්නවා මොනතරම් ගොඩ දාන්න අමාරු ලෙඩක්ද කියාලා.ඒ risk එක ගන්න එපා.
අලුතින් මාළු ගන්න කලින් tank එකක් ලෑස්ති කරගන්න. එයි tank එකටත් මාළු ගෙන්න දවස් 2කටකලින් වත් වතුර දාලා oxygen line එකක් දෙන්න air stone එකක් දාලා ලුණු ටිකක් දාලා තියන්න. මගේ කොයි වෙලාවෙත් එහෙම tank එකක් තියනවා.ඒ tank එක මගේ discus ටැංකි තියන කාමරේ නෙමේ. ඒක තියෙනනේ ගේ පිටිපස්සේ ගබඩා කාමරේ. පූසෝ වගේ සත්තුන්ගෙන් හානි නොවෙන්න දැලක් දාලා තියෙන්නේ.මේ tank එකට use කරන fish nets, oxy බට air stone මොකුත් මම මගේ discus ලා ඉන්න කාමරෙටවත් ගෙනියන්නේ නෑ. ඒක වතුර බින්දුවකුත් ඇති ලොකු විනාශයක් කරන්න.
Quarantine කරන්න පියවර
1.කලින් ලිපියෙ කතා කලා වගෙ හොඳ නිරෝගී මාලූ තෝරා ගන්න.
2. ගෙදර ගෙනවම එක පාරම නිරෝධායන ටැංකිය අත අරින්න එපා. පැය බාගයක් විතර බෑග් ඒක වතුරට බස්සලා තියන්න. එතකොට බෑග් එකේ වතුර tank එකේ වතුර උෂ්ණත්වය සම වෙනවා. සීතල දවසක් වගේනම් heater එකක් තියෙනවනම් දවසක් විතර දාලා තියනවා. දිගටමනම් මම දන්නේ නෑ.
3. හිමීට රබර් පටි ගලවලා මාලුන්ට tank ඒකට යන්න අරින්න.
4. Stress එක අඩු වෙන්න පුළුවන් නම් අදුරු තැනක් නම් හොඳයි. වැඩියම බලන්නේ නැතුව ඉන්න දවසක් වගේ යානකන්. Methalyne blue ටිකක් දාන්න.
5. දවසක් විතර ගිහින් මාළු එළියට එනවන් කන්න ටිකක් දාන්න. 20% වගේ වතුර මාරු කරන්න. දිනපතා වතුර 20% විතර මාමනම් මාරු කරනවා.
6. මාළුන්ගේ ඇගේ fungus,fin rot එහෙම තියෙනවද බලන්න.තියනවා නම් එයට සුදුසු ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරන්න.
7. ලෙඩ තිබ්බ නැතා මම අලුත් මලුන්ව deworm කරනවා එකෙන් ඇතුලත් පරපෝෂිතයන් අයින් වෙනවා. ඒ වගේම පිටස්තර දිලීර, flukes වගේ දේවල් නැති වෙන්න KMnO 4 condis treatment එක කරනවා.
මේ විදියට සති 2ක් 3ක් ලෙඩ නැත්තං බලලා තමයි මම අලුත් අයව මගේ මාළුත් එක්ක එකතු කරන්නේ.
නැති ලෙඩ දාගන්නේ නැතුව ඉන්න පුළුවන් මේ විදියට. සමහර අය quarantine කරන්නේ නෑ ඒත් ලෙඩ එන්නෙත් නෑ. මේ මගේ ක්‍රමය. අඩුපාඩු තියෙනවා නම් comment කරන්න
ඔයාලගේ අදහස් මොනාද? Comment කරන්න. මම මේ article එක වගේ තව ඒව ඉස්සරහට දානවා. මේ page එකෙත් ලින්ක් එකේ තියන page එකෙත් දානවා. කැමති නම් join වෙන්න. කියෙව්වාට ස්තුති.
ශනිල් පෙරේරා