Seedevi Creations

Call Contact the business

Seedevi Creations කාටූන් බෑග්
ලන්ච් බෑග්
පර්ස්
බේබි බෑග්
හොඳම ප්‍රමිතියට අපෙන්😍😍
(2)

13/10/2026

Cudu mahattya😒😁

12/10/2026

මාව අසරණ කරන්න ටිකක් අමාරුයි මිත්‍රයා.. මගේ මහත්තයයි, මගේ පවුලේ අයයි මට කවදාවත් අසරණ වෙන්න දෙන්නේ නැහැ. 💪♥️

" එයාලට කරදර කරන්න බැරිකමට ගෙදර නොගිහින් හිටියහම, චුට්ටක් හරි කාවි කියලා හිතෙන දේවල් ගෙදරටම එවල 🥺🫂❤️ " #ආදරෙයිඅම්මේ
12/10/2026

" එයාලට කරදර කරන්න බැරිකමට ගෙදර නොගිහින් හිටියහම, චුට්ටක් හරි කාවි කියලා හිතෙන දේවල් ගෙදරටම එවල 🥺🫂❤️ "

#ආදරෙයිඅම්මේ

මේකේ. රතු, සුදු, දුඹුරු මැටීරියල් ආවා ළමයි...❤️ඒ උනාට මහන්න විදිහක් නෑ.. පහුගිය ටිකේ මාස්ක් එකක් දාන්නෙ නැතුව එක දිගට දි...
11/10/2026

මේකේ.

රතු, සුදු, දුඹුරු මැටීරියල් ආවා ළමයි...❤️

ඒ උනාට මහන්න විදිහක් නෑ.. පහුගිය ටිකේ මාස්ක් එකක් දාන්නෙ නැතුව එක දිගට දිවා රෑ නොබලා වැඩ කරලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට... මට සනීප නෑ(හතිය) හොඳටම 🥺

"ඔයා කවද මහලා දුන්නත් අපි ගන්නවා"

මෙන්න මේ වචනේ විතරයි මගේ සිතට සැනසීමක් සතුටක් ගේන්නේ.. මේ තරම් බෑග්ගන්න තැන් තියෙද්දි මට එහෙම කියනවට ඔයාලට ගොඩක් ස්තූතියි...

චූටි දවසක් දෙන්න ඉක්මනට සනීප වෙලා එන්නම්🙏❤️😘

゚viralシfypシ゚

10/10/2026

❤️

09/10/2026

සතුටුයි🥺❤️

゚viralシfypシ゚

ඕනෙම ක්ෂේත්‍රයක පලපුරුද්ද වැඩිවෙන තරමට කොලිටි එක , වගේම ඔයා ඒකට හොඳම සුදුස්සෙක් වෙනවා..ඉතිං මේවා දකිනකොට මට මාව මේකට හොඳ...
09/10/2026

ඕනෙම ක්ෂේත්‍රයක පලපුරුද්ද වැඩිවෙන තරමට කොලිටි එක , වගේම ඔයා ඒකට හොඳම සුදුස්සෙක් වෙනවා..

ඉතිං මේවා දකිනකොට මට මාව මේකට හොඳටම සුදුසුයි කියලා දැනෙද්දි හිතට පොඩි ආඩම්බරයකුත් දැනෙනවා..

කාටුන් බෑග් කියන්නේ මොකක්ද කියලවත් මිනිස්සු දන්නේ නැති කාලෙක තමයි අපි මේක ඉගෙන ගත්තේ. ඒකට ශෂිකලා රූපසිංහ අපේ මිස්❤️ ක්‍රෙඩිට් එක යන්න ඕන එකම කෙනා එයා..🙏❤️

මට මතකයි .. මම මහපු බෑග් ටික සති දෙකක් විතර ඔහේ ගෙදර තිබුන. එතකොට මම හරියටම මේක කරන්නේ කොහොමද කියලා එච්චර දැනගෙන හිටියේ නෑ. හැබැයි ඊට පස්සේ දැන් තියෙනවට වඩා සෑහෙන්න ඕඩර්ස් මට ආවා..☺️

හුඟක් වෙලාවට අදටත් මගෙන් බෑග් ගන්නේ අවුරුදු තුන හතරකට කලින් මගෙන් බෑග්ගත්තු අය. අලුතෙන් එන අයත් කවදාවත් එක පාරක් බෑග් එකක් ගත්තොත් දෙවැනි වතාවෙන් නොගෙන ඉන්නෙ නැහැ.

මම මගේ වැඩේ හරියටම කළා. ඔව් මම මාවම වර්ණනා කරගන්නව.. එහෙම නැත්නම් මේ ගමන මට මේ තරම් දුරක් එන්න බැහැ...

ඉතින් මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු හතරත් ඉක්මවලා ඉන්නේ.. මොනතරම් අසනීප අමාරුකම් තිබුණත් අත් හරින්න හිතෙන්නෙ නැත්තේ ඒක නිසා වෙන්න ඇති..

අමාරුවෙන් හරි මේ ගමන යනවා. ඒක ස්ථිරයි ❤️

විශ්ව තැපැල් දිනය 2026" කැපවීමෙන් පිරුණු සේවයට උපහාරයක්"බරවකුඹුක තැපැල් කාර්යාලයේ ආදරණීය කාර්ය මණ්ඩලය වෙත, සෑම කෙනෙකුටම ...
09/10/2026

විශ්ව තැපැල් දිනය 2026

" කැපවීමෙන් පිරුණු සේවයට උපහාරයක්"

බරවකුඹුක තැපැල් කාර්යාලයේ ආදරණීය කාර්ය මණ්ඩලය වෙත,

සෑම කෙනෙකුටම උණුසුම් සිනහවකින්, ඉවසීමකින් සහ අවංක සැලකිල්ලකින්, සේවය කරන ඔබ සැමට හදවතින්ම ස්තුතියි.!

ඔබගේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ සුහදශීලී සේවය නිසා, එහි පැමිණෙන සෑම අවස්ථාවක්ම සුන්දර අත්දැකීමක් බවට පත්වේ.

ශ්‍රී ලංකාව පුරා ඇති තැපැල් කාර්යාල දහස් ගණනක් අතරින් " බරවකුඹුක තැපැල් කාර්යාලය"
සුන්දර ස්ථානයක් බවට පත් කළ ඔබ සැමට,🙏

" හදවතින්ම ස්තුතියි.!"❤️🙏

සුභ විශ්ව තැපැල් දිනයක් වේවා!


සීදේවි ක්‍රියේෂන්,
මුරවැසිහේන.

Address

Embilipitiya

Telephone

+94740749058

Website

Alerts

Be the first to know and let us send you an email when Seedevi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seedevi Creations:

Shortcuts

Share