30/04/2026
ශ්‍රී ලංකාව ඇතුලේ බිස්නස් එකක් කරන, ගෙදර ඉඳන් කේක් හදන, සැලූන් එකක් කරන, ෆෝන් කඩයක් තියෙන, ප්ලම්බින් වැඩ කරන, ටියුෂන් ක්ලාස් කරන ඕනෑම කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන, Google එකේ ඔයාගෙ බිස්නස් එක උඩින්ම පෙන්නන ක්‍රමය...
🎓 Lesson 08; SEM, and SEO කුප්පිය by TheRyter Post Series 🎓
අද මම අරගෙන ආවේ අපේ "SEO ඇත්ත කතාව" සීරීස් එකේ ගොඩක් අයට ප්‍රායෝගිකවම සල්ලි හොයන්න පුළුවන්, මාරම වටින පෝස්ට් එකක්. මේක බ්ලොග් කරන අයට විතරක් නෙමෙයි, ගෙදර ඉඳන් කේක් හදන, සැලූන් එකක් කරන, ෆෝන් කඩයක් තියෙන, ප්ලම්බින් වැඩ කරන, ටියුෂන් ක්ලාස් කරන ඕනෑම කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක්.
හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයා පන්නිපිටියේ අලුතෙන් සැලූන් එකක් දානවා. ලක්ෂ ගාණක් වියදම් කරලා ලස්සනට හැදුවට කවුරුත් එන්නේ නෑ. හැබැයි මනුස්සයෙක් ගෙදර ඉඳන් ෆෝන් එක අරන් ගූගල් එකේ සර්ච් කරනවා "best salon in Pannipitiya" හරි "salon near me" හරි කියලා. ඔයා දැකලා තියෙනවා නේද එහෙම සර්ච් කරාම ගූගල් එකේ උඩින්ම මැප් එකකුත් එක්ක කඩවල් තුනක් පෙන්නනවා? මේකට කියන්නේ Google Local Pack (නැත්නම් Map Pack) කියලා.
සර්ච් කරන මිනිස්සුන්ගෙන් 80%ක්ම කරන්නේ ඔය උඩින්ම තියෙන තුනෙන් එකකට කෝල් කරන එක හරි, ඒකට යන එක හරි. අන්න ඒ තුන ඇතුළට ඔයාගේ කඩේ ආවේ නැත්නම්, ඔයාට ලොකු බිස්නස් එකක් හැමදාම නැති වෙනවා.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔතනින් උඩට එන්න නම් ගූගල් එකට සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. ඔතනින් උඩට එන්න සත පහක්වත් ගෙවන්න ඕනේ නෑ. ඒකට අපි කරන්නේ Local SEO කියන ටෙක්නික් එක. අද මම කියන්නම් මේක හරියටම කරලා, අර මැප් රිසල්ට් තුන ඇතුළට ඔයාගේ බිස්නස් එක රිංගවගන්නේ කොහොමද කියලා.
Step 1: ගූගල් එකේ ඔයාගේ ඉඩම අල්ලගන්න (Google Business Profile)
මුලින්ම කරන්න ඕනේ දේ තමයි Google Business Profile (GBP) එකක් හදාගන්න එක. ඉස්සර මේකට කිව්වේ Google My Business කියලා. ඔයාගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි google.com/business එකට ගිහින් ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න. මේක 100%ක් නොමිලේ දෙන එකක්.
මෙතනදි ගොඩක් අය කරන ලොකුම මෝඩකම තමයි, නමයි ෆෝන් නම්බර් එකයි විතරක් දීලා නිකන් ඉන්න එක. එහෙම බෑ. ගූගල් එක අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න.
Business Category: මේක මාරම වැදගත්. ඔයා කරන්නේ සැලූන් එකක් නම්, primary category එකට හරියටම "Beauty Salon" හරි "Hair Salon" හරි තෝරන්න.
Open Hours: කඩේ ඇරලා තියෙන වෙලාවල් හරියටම දාන්න. නිවාඩු දවස් (පෝය දවස් වගේ) පැහැදිලිව අප්ඩේට් කරන්න. මනුස්සයෙක් මැප් එක බලන් කඩේට ඇවිත් කඩේ වහලා තිබ්බොත්, එයා ගූගල් එකට රිපෝට් කරනවා. එතකොට ඔයාගේ රෑන්ක් එක බහිනවා.
Description: අකුරු 750ක ලස්සන විස්තරයක් ලියන්න පුළුවන්. ඒකෙදි ඔයාගේ keywords පාවිච්චි කරන්න. උදාහරණයක්: "අපි පන්නිපිටියේ තියෙන හොඳම සැලූන් එකක්. Bridal dressing, haircuts, facials අපි කරනවා..." වගේ පැහැදිලිව ලියන්න.
Step 2: NAP Consistency (අකුරක්වත් වරද්දන්න එපා)
Local SEO වල රත්තරන් නීතියක් තමයි NAP කියන්නේ. ඒ කියන්නේ Name, Address, Phone number.
ඔයාගේ බිස්නස් එකේ නම ගූගල් එකේ දාලා තියෙන්නේ "Saman Salon - Pannipitiya" කියලා නම්, ඔයාගේ ෆේස්බුක් පේජ් එකේ තියෙන්න ඕනෙත් හරියටම ඒකමයි. TikTok එකේ තියෙන්න ඕනෙත් ඒකමයි. ලංකාවේ ඩිරෙක්ටරි සයිට්ස් (Rainbow pages, Ikman) වල තියෙන්න ඕනෙත් හරියටම ඒ නමමයි.
ඇඩ්‍රස් එකත් එහෙමයි. ගූගල් එකේ "No 15, High Level Road" කියලා දාලා, ෆේස්බුක් එකේ "15, හයිලෙවල් පාර" කියලා දාන්න එපා. අකුරෙන් අකුර එකම විදියට තියෙන්න ඕනේ. ෆෝන් නම්බර් එකත් එකම වෙන්න ඕනේ.
ඇයි මේ? ගූගල් එක අන්තර්ජාලය පුරාම හොයලා බලනවා ඔයාගේ බිස්නස් එක කොච්චර ප්‍රසිද්ධද කියලා. නම් දෙක තුනක් තිබ්බොත් ගූගල් එකට කන්ෆියුස් වෙනවා "මේක එකම කඩේද, වෙනස් කඩවල් දෙකක්ද" කියලා. එතකොට එයාලා ඔයාව උඩට ගේන්නේ නෑ.
Step 3: බොරු ෆොටෝස් දාන එක නවත්තන්න
ඔයාගේ ප්‍රොෆයිල් එක හැදුවට පස්සේ ඒකට ෆොටෝස් දාන්න ඕනේ. අපේ අය කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් (Stock images) සුද්දෝ ඉන්න ලස්සන ෆොටෝස් බාලා කඩේ ෆොටෝස් කියලා දානවා. ගූගල් AI එකට තත්පරෙන් අහු වෙනවා මේවා බොරු ෆොටෝස් කියලා. එතකොට ඔයාව පල්ලෙහාට දානවා.
ගූගල් එකට ඕනේ ඇත්ත දේවල් (Authenticity). ඔයාගේ ෆෝන් එකෙන් කඩේ ඉස්සරහා බෝඩ් එක පේන්න ෆොටෝ එකක් ගන්න. ඇතුළේ වැඩ කරන විදිය, බඩු තියෙන විදිය, කස්ටමර්ස්ලා ඉන්න විදිය ෆොටෝ අරන් දාන්න. හැම සතියෙම අලුත් ෆොටෝ දෙක තුනක් අප්ඩේට් කරන්න. එතකොට ගූගල් එක දන්නවා මේක ඇක්ටිව්, ඇත්තටම දුවන බිස්නස් එකක් කියලා.
Step 4: රිවීව්ස් (Reviews) තමයි Local SEO වල රජා
ඔක්කොම කරත් ඔයාට රිවීව්ස් නැත්නම්, ඔයාට උඩට එන්න හම්බෙන්නේ නෑ. කස්ටමර් කෙනෙක් ඇවිත් සර්විස් එකක් අරන් සතුටින් යද්දී, එයාට කියන්න "අපේ ගූගල් මැප් එකට පොඩි රිවීව් එකක් දාලා යන්න පුළුවන්ද" කියලා. ඕනේ නම් ඒකට QR කෝඩ් එකක් ප්‍රින්ට් කරලා කවුන්ටර් එකේ ගහලා තියන්න.
හැබැයි නිකන්ම තරු පහක් (5 stars) දුන්නට මදි. වචන වලින් ලියන රිවීව්ස් වලට තමයි ගූගල් එක ආස. විශේෂයෙන්ම ඒ රිවීව් එක ඇතුළේ Keywords තියෙනවා නම් ඒක මාරම වටිනවා. උදාහරණයක් විදියට කස්ටමර් කෙනෙක් "මම ඊයේ පන්නිපිටියේ මේ සැලූන් එකෙන් Haircut එකක් කරගත්තා, සර්විස් එක ගොඩක් හොඳයි" කියලා ලිව්වොත්, ඒක ගූගල් එකට ලොකු සිග්නල් එකක්.
අනිත් ලොකුම දේ: හැම රිවීව් එකකටම රිප්ලයි කරන්න. හොඳ රිවීව් එකක් දැම්මම "Thank you" කියලා නිකන් ඉන්න එපා. "Thank you for coming to get a haircut, hope to see you again" වගේ රිප්ලයි එකක් දෙන්න.
සමහරවිට තරහා ගියපු කෙනෙක් 1 star දීලා බැනලා රිවීව් එකක් දායි. ඒක ඩිලීට් කරන්න දඟලන්න එපා. ඒකට බොහොම ආචාරශීලීව "ඔබට වුණු අපහසුතාවයට කණගාටුයි, අපි මේක හදාගන්නම්" කියලා රිප්ලයි කරන්න. ගූගල් එක බලනවා ඔයා කස්ටමර්ස්ලා එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා.
Step 5: Local Citations (ඔයා ගැන වෙන තැන්වල කතා කරන එක)
ගූගල් එකට ඔයාව විශ්වාස වෙන්න නම්, ඔයාගේ බිස්නස් එක ගැන වෙන ප්‍රසිද්ධ වෙබ් සයිට් වලත් තියෙන්න ඕනේ. ලංකාවේ නම් Yellow pages, Rainbow pages, Ikman.lk, pages, Local directories වල ඔයාගේ බිස්නස් එක (අර කලින් කිව්ව NAP එකත් එක්කම) රෙජිස්ටර් කරලා තියන්න. මේවට තමයි Local Citations කියන්නේ. මේවා වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාගේ authority එක වැඩි වෙලා, මැප් එකේ උඩට එනවා.
Step 6: ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා නම් කරන්න ඕනේ දේවල්
ඔයාගේ බිස්නස් එකට පොඩි හරි වෙබ්සයිට් එකක් තියෙනවා නම්, ඒක Local SEO වලට ලොකු හයියක්.
සයිට් එකේ Contact page එකේ ඔයාගේ ගූගල් මැප් එක embed කරලා (ඔබලා) දාන්න.
සයිට් එකේ පහළම (Footer එකේ) ඔයාගේ කඩේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක පැහැදිලිව දාන්න.
සයිට් එකේ Title tags වලට ඔයාගේ නගරය එකතු කරන්න. (උදා: Best Bridal Dressing in Pannipitiya | Saman Salon).
ඔන්න ඕකයි Local SEO වල ඇත්තම කතාව. මේක අද කරලා හෙට උදේ රෑන්ක් වෙන මැජික් එකක් නෙමෙයි. මාසයක් දෙකක් යද්දී ටික ටික ඔයාගේ බිස්නස් එක මැප් පැක් එකේ උඩට එනවා ඔයාටම බලාගන්න පුළුවන්.
කඩේට බඩු ගේන්න, ඩෙකරේට් කරන්න ලක්ෂ ගාණක් වියදම් කරනවා වගේම, දවසට විනාඩි දහයක් මේ වෙනුවෙන් වෙන් කරන්න. කිසිම වියදමක් නැතුව ඔයාගේ කඩේට සෙනඟ එන විදිය ඔයාටම බලාගන්න පුළුවන් වෙයි.
මේ දේවල් ඔයාගේ බිස්නස් එකට කරලා තියෙනවද? නැත්නම් මැප් එකේ බිස්නස් එක පෙන්නන්නේ නැතුව ප්‍රශ්න තියෙනවද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.
https://seoinsrilanka.com/local-seo-basics-for-beginners-in-sri-lanka/
්තකතාව