16/09/2026
ගොඩක් Developers ලා සහ Founders ලා කරන ලොකුම වැරැද්ද තමයි මාස 6ක් තිස්සේ Code කරලා, SaaS Product එකක් හදලා, ඊට පස්සේ ඒකට Traffic ගන්නේ කොහොමද කියලා SEO කරන්න පටන් ගන්න එක.
අන්තිමට බලද්දී ඒ Product එකට Search Demand එකක් නෑ, නැත්නම් ඉන්න Competitors ලා එක්ක SEO වලින් හැප්පෙන්න බෑ.
Reverse SEO Engineering කියන්නේ Product එක Code කරන්න සත පහක්වත් වියදම් කරන්න කලින්, Organic Search Demand එක, Commercial Intent එක සහ SERP එකේ තියෙන Vulnerabilities (හිඩැස්) පදනම් කරගෙන SaaS Idea එකක් Validate කරගන්න එක.
එතකොට දැන් බලමු SaaS Product එකකට Zero ඉඳලා Scale-up වෙනකන් Keyword Research, Intent Analysis සහ Technical Validation එක කරගෙන කවදහරි රෑන්ක් කරගන්න පුලුවන් මට්ටමට ගන්නෙ කොහොමද කියලා.
📌 1. SaaS SEO : MRR vs Search Volume Paradox
Traditional Blogging හෝ Affiliate SEO වලදී අපි බලන්නේ ලොකු Search Volume (e.g., 50K/mo) තියෙන Keywords.
හැබැයි SaaS SEO වලදී Search Volume එක 30-50 වුණත්, ඒකෙන් මාසෙට $1,000+ MRR (Monthly Recurring Revenue) එකක් ගේන්න පුළුවන්.
මෙතනදි වැදගත් දෙයක් තියෙනවා "SaaS Viability Formula" කියලා. මේකෙන් අපිට Keyword එකක ඇත්තම Value එක මනින්න මේ Formula එක පාවිච්චි කරන්න පුලුවන්...
👉 Organic Revenue Potential = (Monthly Search Volume × CTR) × Conversion Rate × LTV
• CTR (Click-Through Rate): Position 1 සඳහා සාමාන්‍යයෙන් 25% - 30%.
• Conversion Rate (Visitor to Paid Lead): High Intent BOFU Keywords සඳහා 3% - 8%.
• LTV (Lifetime Value): ඔයාගේ SaaS එකේ Average Subscription Price එක × Retention Months.
💡 උදාහරණයක්:
• Keyword: construction project audit software
• Volume: මාසෙට 100 යි.
• CPC: $25.00 (High Commercial Value Indicator)
• Position 1 Traffic: 30 Visits/month
• Conversion Rate: 5% (30 න් 1.5 දෙනෙක් Paid වෙනවා)
• SaaS Price: $100/month (LTV = $1,200)
• Monthly Value: මාසෙට අලුතෙන් $1,800 ක Recurring Revenue එකක්!
Volume එක 100ක් වුණත් ඒක ඇතුළේ High Intent තියෙන නිසා ඒ Keyword එක වටා SaaS එකක් ගොඩනැගීම 100%ක් ප්රොෆිටබල් වෙනවා.
📌 2. Automated Review Mining & Sentiment Scraping
මුලින්ම Ahrefs/Semrush වලට යන්න කලින්, Market එකේ දැනට තියෙන SaaS වල තියෙන අඩුපඩු ටික මොකක් හරි ක්රමේකින් අල්ලගන්න ඕන...
⚙️ Competitor Reviews Scraping ➔ NLP Sentiment Analysis ➔ Pain Point Extraction ➔ Feature-to-Keyword Mapping
Step 01: Scraping Negative Reviews
G2, Capterra, Trustpilot, සහ SoftwareAdvice වල තියෙන ඔයාගේ Target Industry එකේ ලොකු Software වල 1-Star, 2-Star සහ 3-Star Reviews Scrape කරන්න.
Reviews ඇතුළේ බලන්න ඕන Target Modifiers:
• "I wish it had..."
• "Too expensive for small teams..."
• "Lack of integration with..."
• "Clunky UI when doing [Task]..."
Step 02: Reddit & Forum Search Operators
Reddit එකේ මිනිස්සු අසරණ වෙලා අහන ප්‍රශ්න ඇතුළේ Organic Keyword Goldmines තියෙනවා. Google එකේ මේ Search Operators පාවිච්චි කරන්න:
• site:reddit.com/r/SaaS "is there an app" OR "how do you guys manage"
• site:reddit.com "tired of" + "software" OR "tool"
• site:reddit.com/r/smallbusiness "any alternative to" -top
මේ විදියට අල්ලගන්න ප්‍රශ්නයක් අනාගතයේදී "[Solution] Tool for [Niche]" කියන Primary Keyword එක බවට පත් කරන්න පුලුවන්.
📌 3. SaaS Keyword Taxonomy & Funnel Architecture
SaaS එකකට Keywords වර්ගීකරණය කරන්නේ Customer Journey එකට ගැලපෙන්න...
🔹 Tier 1: BOFU (Commercial / High Intent)
• Search Intent: Ready to Buy / Switching
• Modifiers: [Competitor] alternative, [Category] software for [Niche]
• Target Conversion Rate: 5% - 15%
• Best Page Structure: High-Converting Product Landing Page / Comparison Matrix
🔹 Tier 2: MOFU (Consideration)
• Search Intent: Evaluating Solutions
• Modifiers: How to automate [Task], [Process] workflow tool
• Target Conversion Rate: 1.5% - 4%
• Best Page Structure: Interactive Tool / Product-Led Technical Guide
🔹 Tier 3: pSEO (Utility)
• Search Intent: Scalable Task Solving
• Modifiers: [App A] to [App B] integration, [Task] template
• Target Conversion Rate: 2% - 6%
• Best Page Structure: Programmatically Generated Dynamic Pages
🔹 Tier 4: TOFU (Educational)
• Search Intent: General Awareness
• Modifiers: What is [Concept], [Industry] best practices
• Target Conversion Rate: < 0.5%
• Best Page Structure: Comprehensive Pillar Article / Industry Report
📌 4. SERP Topology & Competitive Vulnerability Assessment (CVA)
Keyword එකක් හම්බවුණු ගමන් ඒකේ Search Volume එක විතරක් බලලා වැඩක් නෑ. Google SERP එකේ ඉන්න Competitors ලාගේ සැබෑ True Strength එක අනිවා බලන්න ඕනේ.
මේකෙත් හොඳ පොයින්ට්ස් ටිකක් තියෙනවා අල්ලගන්න...
The "Paper Tiger" Detector
සමහර වෙලාවට SERP එකේ උඩින්ම ඉන්නේ DR 80+ තියෙන Forbes, Capterra, හෝ Hubspot වෙන්න පුළුවන්. හැබැයි උන් "Paper Tigers" ලාද කියලා බලන්න මේ කරුණු 3 Check කරන්න:
Search Intent Mismatch: Search කරන කෙනා හොයන්නේ කෙලින්ම සේවාව ගන්න Tool/Software එකක් (e.g., PDF invoice splitter). හැබැයි SERP එකේ Top 3 වල තියෙන්නේ "Top 10 PDF Tools" කියන Listicles නම්, එතන ලොකු Intent Gap එකක් තියෙනවා. ඔයා කෙලින්ම Working Tool Landing Page එකක් හැදුවොත් Google එක ඒකට Priority දෙනවා.
Outdated Content: Top 5 Ranking Pages වල Update වුණු කාලය අවුරුදු 2කට වඩා පැරණි නම්.
Low Page Authority (UR): Domain Rating (DR) එක 80 වුණාට, අදාළ URL එකේ Page Rating (UR) එක 10ට අඩු නම් සහ ඒ URL එකට වෙනම Targeted Backlinks නැත්නම්, ඒක ලේසියෙන්ම Beat කරන්න පුළුවන්.
Competitive Resistance Score (CRS):
Keyword එකක අමාරුකම මනින්න මේ ක්‍රමය පාවිච්චි කරන්න:
👉 CRS = (Top 5 Sites වල Average DR) / (Top 5 තියෙන Dedicated SaaS Landing Pages ගණන)
• CRS > 40: High Resistance (Slow SEO Results)
• CRS < 15: Green Light (Ideal for Micro-SaaS Validation)
📌 5. Scalability Engine: Programmatic SEO (pSEO) Feasibility
SaaS එකේ Growth එක 10X කරන්න නම්, Keyword එක Programmatic SEO වලට Scale කරන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න ඕනේ.
pSEO Architecture Patterns for SaaS:
• Integration Database Pattern:
Structural Pattern: /integrations/[Software-A]-with-[Software-B]
Example: Zapier, Make.com.
• Use-Case / Industry Pattern:
Structural Pattern: /[Category]-software-for-[Industry]
Example: "CRM for Real Estate", "CRM for Dentists", "CRM for Lawyers".
• Free Tool / Calculator Pattern:
Structural Pattern: /tools/[Niche]-[Calculator/Generator]
Example: "SaaS Churn Rate Calculator", "Invoice Generator for Freelancers".
SaaS Idea එක තෝරාගනිද්දී, මේ වගේ Structured Dataset එකකින් Dynamic Pages 500+ හදන්න පුළුවන් Niche එකක් නම්, SEO Traffic Scalability එක 300% කින් වැඩි වෙනවා.
📌 6. Pre-Launch Minimum Viable SEO Engine (MVSE) Setup
Product එක කෝඩ් කරන්න කලින්, ඔයා තෝරගත්තු Primary BOFU Keywords Target කරලා MVP Landing Page එකක් සතියෙන් Live කරන්න.
The Validation Funnel Architecture:
📍 [Landing Page with BOFU Keyword Optimization]
├──> [Interactive Lead Magnet / Free Micro-Tool]
└──> [Waitlist / Early Access Form with Intent Questions]
Early Validation Signals (First 30-45 Days):
• Google Search Console (GSC) Impression Growth: Ads දුවන්නේ නැතුව, වෙනම Backlinks හදන්නේ නැතුව GSC එකේ Impressions Curve එක උඩට යනවා නම්, ඒ Keyword Cluster එකේ Organic Demand එක ගැන ශුවර් කරන්න පුලුවන්.
• Organic Waitlist Conversion Rate: Organic Traffic එකෙන් එන Visitors ලාගෙන් 10%+ ප්‍රමාණයක් Email එක දීලා Waitlist එකට Sign-up වෙනවා නම්, Product එක Build කිරීම පටන්ගන්න Green Light එකක් එනවා.
අන්න ඊට පස්සෙ ඔයාට පුලුවන් ඒක හදන්න පටන්ගන්න. හැබැයි මෙහෙමයි, ඔය ටෙස්ටින්ග් මුකුත් නොකර උනත් මිනිස්සුන්ට පාවිච්චි කරන්න හිතෙන සුපිරි ටූල් එකක් හදලා හොඳ මාකටින් පාරක් දැම්මනන් කාලයක් යද්දි කොහොමත් රෑන්ක් කරගන්න පුලුවන්...
හැබැයි වැඩේ තියෙන්නේ competition එක අඩු තැනක් ටාගට් කරන එක. එහෙම නැත්තන් ඕක රෑන්ක් වෙන්න ඕනවට වඩා කාලෙ යද්දී ඔයාට වැඩේ එපාවෙනවා...