10/04/2022
✊✊✊✊
මුලින්ම පැය පැය කරන්ට් කපද්දි කියල හිතුනෙම නෑ. කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වෙළඳපලේ නැතිවෙද්දිවත් කියල වැඩිය හිතුණෙ නෑ. ඊළඟට තෙල් පෝලිම් වල හිටගෙන ඉද්දිවත් කියල හිතුණෙ නෑ. ගත්ත ගෑස් සිලින්ඩරය කුස්සිය ඇතුලෙ පුපුරද්දිවත් කියල ලොකුවට හිතුණෙ නෑ. කිරිපිටි පැකට් එක සිමෙන්ති කොට්ටය අභිබවා යද්දිත් කියල වැඩිය හිතුණෙ නෑ.
පැයෙන් පටන් ගත්ත කරන්ට් කැපිල්ල පැය දොළහ දහතුන වෙද්දි නම් ඔන්න ටිකක් කියල හිතෙන්න ගත්තා. වයසක අම්මල තාත්තල තෙල් පෝලිම් වල ඉඳල ඇද වැටෙද්දි කියල හොඳටම හිතෙන්න ගත්තා.
ඩොලර් එක රොකට් වේගෙන් උඩ යද්දි තවතව හිතෙන්න ගත්තා. ළමයින්ට විභාග තියන්න කඩදාසි නෑ කියද්දි නම් කියල හොඳටම හිතෙන්න ගත්තා. අම්මා තාත්තගෙ බේත් ටික ඉස්පිරිතාලෙවත් ෆාමසියෙවත් නෑ කියද්දි විතරක් නෙවෙයි
රාජපක්ස සනුහරේම කියල හිතෙන්න ගත්තා.
දැන් නම් මේක හොඳටම ඇති. ඒ නිසා
දැන් අපි හැමෝටම කියල හිතෙනව. ඒ නිසා අපි කියල ලියාගෙන පාරට බැහැල අරගල කරනව. කියල කෑගහල කියනව. ඒ හින්දා කරුණාකරල
- copied