27/07/2023
අවුරා ලංකා පවත්වාගෙන යන සංගීත ප්‍රසංග මාලාවේ රාජාංගනය ප්‍රදේශයේ සංගීත ප්‍රසංග අත්හිටවීම පිළිබඳ එයට සම්බන්ධ වී සිටින කලාකරුවන් විසින් මාධ්‍ය හමුවක් පැවැත්තුවා..
මෙම අවස්ථාවට ප්‍රවීණ සහ නවක කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වී සිටියා..
ගායික ගායිකාවන්,සංගීත කණ්ඩායම් නායකයින්, පිරිසක් එම අවස්ථාවට එක්වුණා..
ටී එම් ජයරත්න ෂර්ලි වෛජයන්ත, මහේන්ද්‍ර පෙරේරා ,දයාන් විතාරණ, සුප්‍රියා අබේසේකර, මෙන්ම,ප්‍රවීණ සංගීත ශිල්පීන්,නර්තන ශිල්පීන් ද මෙහිදී අදහස් දැක්වූවා..
මාධ්‍ය හමුවේ ඔවුන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ප්‍රසංගය දිගටම පවත්වාගෙන යාම සඳහා කිසිම බාධාවක් නොකරන ලෙසටත්..
මේ වන විට අවුරා ලංකා විසින් කලාකරුවන් හට මාසික දීමනාවක් වශයෙන් රුපියල් 50,000 මුදලක් පරිත්‍යාග කරන අතර බොහොමයක් කලාකරුවන් පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතයේ හේතුවෙන් කිසිම පිළිසරණක් නොමැතිව සිටින මොහොතක සංගීත ප්‍රසංග සහ කලාවේ දියුණුව වෙනුවෙන් අවුරා ලංකා සංගීත ප්‍රසංග මාලාව ගෙනයන මේ වැඩසටහන හරහා සෘජුව හා වක්‍රව බොහෝ පිරිසක් යැපෙන බවත් අවුරා ලංකා විසින් සංගීත ප්‍රසංග පැවැත්වෙන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට බොහෝසෙයින් දායක වන බැවින් ඒ වගේම රටට විදේශ විනිමය ගෙන ඒමට මෙම ප්‍රසංග මාලාව මහත් පිටුවහලක් වන බවත් ය..
පරිසර සංවිධාන සහ විවිධ පිරිස් මෙම කර්තව්‍යයේ පිළිබඳ චෝදනා නගමින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා ..පරිසරය පිළිබඳ මීට වඩා සංවේදී දේවල් සිදුවන මොහොතක කලාකරුවන්ගේ සංගීත ප්‍රසංගයක් ගැන කතා කිරීම පිළිබඳ අපිට පුදුම සහගතයි..
ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විට මෙම සංගීත ප්‍රසංග මාලාව තාවකාලිකව නවතා තිබෙනවා අපි ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා මැදිහත් වී සාධාරණය ඉෂ්ට කරන ලෙස
කලාකරුවන් යනු හිඟන්නන් ලෙස සලකනු ලබන අතර තවමත් එවැනි පිරිස් අප අතර සිටින බවත් අවුරා ලංකා සමාගම ඔවුන්ට ජීවන තත්ත්වය සාර්ථක කර ගැනීමට පිටුවහලක් වන මේ මොහොතේ අපට මේ ප්‍රසංග මාලාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා
මෙම අවස්ථාව සඳහා ගායන ශිල්පීන් රංගන ශිල්පීන් නර්තන ශිල්පීන් සංගීත කණ්ඩායම්වල ශිල්පීන් සහභාගි වුණා..