පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මහජන බැංකුව අනුබද්ධ පාලිත සමාගමක් වන අතර කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප‍්‍රධාන ශ්‍රේණියේ ලැයිස්තුගත සමාගමක් ද වන්නේය. අපද පාලිත සමාගම් 5කින් යුත් සමූහ සමාගමකි. එම පාලිත සමාගම් මෙසේය:පීපල්ස් ලීසිං ෆිලීට් මැනේජ්මන්ට් ලිමිටඩ්,පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් ලිමිටඩ්,පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඩ්,පීපල්ස් මයික්‍රොෆයිනෑන්ස් ලිමිටඩ් සහ පීපල්ස් ඉන්ෂුවරන්ස්
පීඑල්සී. ආරම්භය ලබා සය වසරක් සපිරෙන්නටත් මත්තෙන් ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීමේ ගෞරවය හිමිකරගත්තා පමණක් නොව ඉන් අනතුරුව ගෙවුණු දශක කිහිපය පුරා එම කිරුළ හොබවන්නට ද අපට හැකියාව ලැබිණ. 2012 නොවැම්බරයේ දී, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත ප‍්‍රකාර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මූල්‍ය ගණුදෙනු කිරීමේ වරම අපහට ලබාදෙන ලදී. බැංකු නොවන මූල්‍ය සමාගම් අතර (වත්කම් පදනම්ව) වත්මනේ විශාලතම මූල්‍ය සමාගම වන්නේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ය.
ගෙවීගිය දශක කිහිපය පුරා අගය එක්කළ නව්‍ය මූල්‍ය සේවා අත්දැකීම් ශ‍්‍රී ලාංකිකයන් හට ලබාදීමේ පුරෝගාමියා ලෙස කටයුතු සලසන ආයතනයකි. පුද්ගල අවශ්‍යතා ඉලක්ක කොට සැදුම් ලත් එම පුළුල් පරාසයකින් යුත් මූල්‍ය විසඳුම් හා සේවාවන් ජනතාව වෙත ප‍්‍රදානය කළා
පමණක් නොව ශාඛා 100 ය ඉක්ම වූ දීප ව්‍යාප්ත ජාලය හරහා සිය කාර්යය මණ්ඩලයේ දක්ෂතාවය හා කැපවීම තුළින් ජනතා ආකර්ෂණය හා ප‍්‍රසාදය දිනාගැනීමටද හැකිවි තිබේ. අප ඉදිරිපත් කොට ඇති මූල්‍ය විසඳුම් ප‍්‍රධාන කොට මූල්‍ය ලීසිං, මූල්‍ය ණයවර, මූල්‍ය තැන්පතු (ස්ථාවර මෙන්ම ඉතුරුම්), ඉස්ලාමීය මූල්‍ය සේවා හා ෆැක්ටරින් ලෙස වේ. ඊට අමතරව මාර්ජින් ටේ‍්‍රඩිං පහසුකම්, සංචාරක චෙක්පත්, විදෙස් මුදල් නෝට්ටු හා කාසි මිලදී ගැනීම හා විකිණීමේ සේවාවද බලය පිට සිදුකරනු ලබන්නේය. මෙම සියළු විසඳුම් හා සේවාවන් අප ගෙනඑනු ලබන්නේ වෙනස්වන සුළු මූල්‍ය වපසරිය මනාසේ අවබෝධ කොට ශ‍්‍රී ලංකාවට ගැලපෙන පරිපූර්ණ වූ මූල්‍ය විසඳුම් නිර්මාණයකොට ඉදිරිපත්කිරීමෙනි.
මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයට අදාලව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හෙයින් අප සිදුකරන සෑම සියලූ ගණුදෙනුවක්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම් සහ විනිමය කොමිෂන් සභාව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් දැඩි පරීක්ෂාවට හා නියාමනයට ලක් වන්නක් වේ.