Hambantota District Chamber of Commerce - HDCC

Hambantota District Chamber of Commerce - HDCC This page will give all updates about the HDCC as well as any events or promotions in the region. For more information please call, email or fax us.

For 23 years, the Hambantota District Chamber of Commerce (HDCC) has led rural Sri Lanka as the region’s prime destination for local businesses. With over 300 members, the HDCC hosts a versatile and talented group of entrepreneurs. By supporting these businesses, the HDCC economically empowers the Hambantota District. With a diverse group from fish farmers to bakers, the HDCC works with skilled entrepreneurs in the country’s leading sectors. In particular, the HDCC alongside its members are putting Hambantota on the map as must-see tourist destination. To highlight these sites, HDCC operates and owns Deep South Tourism, a campaign and website, showcasing the rich travel opportunities in the Southern Province. As the HDCC continues to expand and support the community, it has developed strategic partnerships with organizations like The Royal Norwegian Embassy and Manchester Solutions. The Chamber continues to pursue and strengthen these national and international ties. In addition to its acclaim as a leading Chamber, the HDCC holds trade shows and exhibitions to expand upon the economic growth and opportunities within the community. Other key services include IT support, the Career Services Centre, and the Hambantota Youth Business Programme.

ආසියානු පදනමේ පූර්ණ අනුග්‍රහය සහිතව සහ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කය ප...
14/08/2026

ආසියානු පදනමේ පූර්ණ අනුග්‍රහය සහිතව සහ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සඳහා පැවැත්වෙන සයිබර් ආරක්ෂණ පුහුණු වැඩ සටහනේ තවත් පියවරක් වලස්මුල්ල හා අම්බලන්තොට යන ප්‍රදේශ වලදී සාර්ථකව නිමා විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රාවණාගාරයේ පැවතී මේ වැඩසටහන සඳහා දෙසීයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර වැඩසටහන අවසානයේ සියලු දෙනා හට වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලදී.

මේ සඳහා උපකාර ලබා දුන් වලස්මුල්ල හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාරයාල වල සියළුම නිලධාරී මහත්ම මහත්මීන් හට හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලයේ ස්තුතිය මෙලෙස පල කර සිටිමු....

Media unit - HDCC

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායක සංසදය එක්ව සංවිධානය කරන ලද ඉවුම් - පිහුම් ප...
11/08/2026

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායක සංසදය එක්ව සංවිධානය කරන ලද ඉවුම් - පිහුම් පුහුණු වැඩසටහනක්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්, 2026-08-11 දින හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ප්‍රවීන සූපවේදීනී/ඉවුම් පිහුම් උපදේශිකා එම්. ජී‍. මහේෂා මිහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දුන් අතර ප්‍රදේශයේ කාන්තාවන් බොහෝ දෙනෙක් මෙම වැඩ සටහනට සහභාගී විය.
මෙම වැඩසටහන තුලින් බේකරි නිෂ්පාදනයන් ක්‍රමවත්ව හා රසවත්ව නිෂ්පාදනය කරනා ආකාරය පැහැදිල කර දෙන ලදී. Singer Sri Lanka

ඔබේ ව්‍යාපාරය, බැංකු ගිණුම් හා සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සුරක්ෂිත ද? එසේත් නැත්නම් එවැනි අනතර්ජාල තර්ජන වලින් ගැලවී සිටීමට...
10/08/2026

ඔබේ ව්‍යාපාරය, බැංකු ගිණුම් හා සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සුරක්ෂිත ද? එසේත් නැත්නම් එවැනි අනතර්ජාල තර්ජන වලින් ගැලවී සිටීමට ඊම දන්නවාද?
ආසියානු පදනම හා හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය එක්ව මෙහෙයවනු ලබන
සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන
කාලය පැය 02
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී
සීමිත පිරිසක් බඳවාගන්නා බැවින්, ඔබත් දැන්මම ඔබගේ අසුන වෙන් කරවා ගන්න.
අමතන්න - 077 30 55 457 බණ්ඩාර

💥 වාණිජ මණ්ඩල සාමාජික හම්බන්තොට නිව් ඩිලානි කළු දොදොල් සමුහ ව්‍යාපාරයේ සේවක මඩුල්ල වෙනුවෙන් "ගුණාත්මක පාරිභෝගික සේවයක් ස...
10/08/2026

💥 වාණිජ මණ්ඩල සාමාජික හම්බන්තොට නිව් ඩිලානි කළු දොදොල් සමුහ ව්‍යාපාරයේ සේවක මඩුල්ල වෙනුවෙන් "ගුණාත්මක පාරිභෝගික සේවයක් සපයන්නේ කෙසේද? " යන මැයෙන් යුත් ප්‍රයෝගික පුහුණු වැඩසටහන 2026 ජූලි මස හත් වනදා හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ පුර්ණ සංවිධානයෙන් පවත්වන ලදී.

💥 ඔබටත් ඔබ ආයතනයේ සේවක මණ්ඩලයට පුහුණුවක් ලබා දී, ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරලීම උදෙසා ප්‍රයෝගික පුහුණු වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.

✅ සම්බන්ධීකරණය සඳහා අමතන්න - 047 4 933 933 ( ඩිලාන් )
✅ සාමාජික අංශය - 047 4 933 932 (සුසන්ති)
✅ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය
✅ අංක 25/1
✅ තංගල්ල පාර
✅ හම්බන්තොට

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රථම වාණිජ මණ්ඩලය වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය ආරම්භ කර වසර 33ක් සපිරීම න...
10/08/2026

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රථම වාණිජ මණ්ඩලය වශයෙන්
හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය ආරම්භ කර වසර 33ක් සපිරීම නිමිත්තෙන්
2026 අගෝස්තු 09 වන ඉරිදා දින දානමය පුණ්‍යකර්මයක් පවත්වන ලදී.

සභාපතිතුමාගේ සහ අධ්‍යක්ෂක ජනරාල්ගේ මග පෙන්වීම මත කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද මෙම පුණ්‍ය කර්මය සඳහා
සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්,
ආරම්භක සභාපති අස්මිතාසිම් මැතිතුමා, පෙර සභාපති සංසදයේ සභාපතිතුමා ඇතුළු පෙර සභාපතිවරු හා කාර්ය මණ්ඩලය සහභාගි විය.

✅ නව නිෂ්පාදන දැනුම සමගින් ආහාර නිෂ්පාදන කේෂත්‍රයේ නව මංපෙත් සොයායමු...🥮PRO FOOD PRO PACK 2026✅ දෙස් විදෙස් සුපතළ මෙතෙක්...
07/08/2026

✅ නව නිෂ්පාදන දැනුම සමගින් ආහාර නිෂ්පාදන කේෂත්‍රයේ නව මංපෙත් සොයායමු...
🥮PRO FOOD PRO PACK 2026
✅ දෙස් විදෙස් සුපතළ මෙතෙක් පැවති ශ්‍රි ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් ප්‍රදර්ශනය

🔏🔏 21, 22, 23 අගෝස්තු 2026
💐💐 BMICH, කොළඹ
💐💐 පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා

🎟📳 මෙම අවස්ථාවට ඔබත් සහභාගීවීමට කැමැතිද? එසේනම් 2026 අගෝ.18 දිනට පෙර 047-4933937 ඔස්සේ කල්පනීට දැනුම්දෙන්න.

✅🔏 රු.3500/= (ප්‍රවාහන ගාස්තු පමණි, ආහාර හා අනෙකුත් වියදම් ඔබ විසින් දැරියයුතුය)
✅🔏 ඇතුලත්වීමේ ගාස්තු අයනොකරයි.

🐦‍🔥🐦‍🔥 සීමිත පිරිසකට විතරක් අවස්ථාව ඇත.

👉👉 ඔබත් වෘත්තීමය වශයෙන් බේකරි, රස කැවිලි කර් මාන්තයේ නියැලී ආදායම් උපයන්නට කැමති කෙනෙක් ද?🐦‍🔥🐦‍🔥 එසේ නම් මේ අවස්ථාව ඔබටය...
07/08/2026

👉👉 ඔබත් වෘත්තීමය වශයෙන් බේකරි, රස කැවිලි කර් මාන්තයේ නියැලී ආදායම් උපයන්නට කැමති කෙනෙක් ද?
🐦‍🔥🐦‍🔥 එසේ නම් මේ අවස්ථාව ඔබටයි.....
✅ මාතෘකාව - ඉවුම් පිහුම් පුහුණු වැඩසටහන 🍿🍩🍪🍮🥮
✅ දිනය - 2026 අගෝස්තු 11අඟහරුවාදා
✅ වේලාව - පෙ. ව. 09.30 සිට පස්වරු 01.30 දක්වා
✅ ස්ථානය - හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩල ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී
✅ ඉදිරිපත් කිරීම - ප්‍රවීන සූපවේදිනී එම්. ජී. අයේෂා, ඉවුම් පිහුම් උපදේශිකා,
සිංගර් ශ්‍රී ලංකා ආයතනය.

🎟🎟 ඉඩකඩ සීමිත බැවින් දැන්ම ඔබගේ අසුන වෙන් කරවා ගන්න.

📳📳📶 අමතන්න - 047 4 933 937 (කල්පනී)

ස්තුතියි......!!
29/07/2026

ස්තුතියි......!!

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, 12 වැනි වතාවටත් "අන්තර් වෙළඳ සංගම් ක්‍රිකට් තරගාවලිය - 2026" , ජූලි මස 26 වන ඉරිදා ද...
29/07/2026

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, 12 වැනි වතාවටත් "අන්තර් වෙළඳ සංගම් ක්‍රිකට් තරගාවලිය - 2026" , ජූලි මස 26 වන ඉරිදා දින දවස පුරා අඟුණුකොළපෑලැස්ස මහජන ක්‍රීඩාංගනයේදී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 නියෝජනය කරමින් මෙවර වෙළඳ සංගම් 12ක් සහභාගි වූ අතර සත්කාරක වෙළඳ සංගමය වූයේ අඟුණකොළපෑලැස්ස එක්සත් වෙළඳ සංගමයයි.

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති, අසේල මනිමේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, දර්ශන දේශප්‍රිය, හා උප සභාපති මෙන්ම අඟුණුකොළපෑලැස්ස එක්සත් වෙළඳ සංගමයේ සභාපති, මංජුල නිශාන්ත යන මහත්වරු දිනය පුරාවටම මෙම අවස්ථාවට සහභාගී වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ පෙර සභාපති වරුන් වූ ආරම්භක පෙර සභාපති අස්මි තාසිම්, කීර්ති මුණසිංහ, හේමන්ත පද්මලාල්, සුදන්ත අක්මීමන යන මහත්වරුන්ද, පෙර සභාපතිවරුන්ගේ සංසදයේ සභාපති ලියනආරච්චි මහතාද, වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක වරුන් හා සාමාජිකයින් හා ව්‍යාපාරිකයින් රාශියක් මෙම අවස්ථාවට සහභාගි වෙමින් සහයෝගය ලබා දෙන ලදී.

මෙහිදී ශූරතාවය තිස්සමහාරාම වෙළඳ සංගමය විසින් ලබා ගන්නා ලද අතර අනු ශූරතාවය සූරියවැව එක්සත් වෙළඳ සංගමය විසින් ලබා ගන්නා ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා, අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ද සහභාගි වූ අතර අනුග්‍රාහක භවතුන් ලෙස Mobile හා Lockheed, Golden Harvest, Shell Corporation, Abans, Singer හා මහජන බැංකුව දායක වූ අතර, ත්‍යාග සඳහා අනුග්‍රහය මිද්දෙණිය රුහුණු මොබයිල්, මිද්දෙණිය පතිරණ වයින් ස්ටෝර්ස, වලස්මුල්ල සමරසිංහ වයින් ස්ටෝර්ස්, අඟුණුකොළපෑලැස්ස සෝමසිරි ස්ටෝර්ස්, අඟණකොළපෑලැස්ස මලිඳු ඩේරිස් පුද් සමාගම, විසින් ලබා දෙන ලදී...
මෙම තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා උපකාර කළ සියළුම දෙනා හට මෙන්ම අඟුණුකොළපෑලැස්ස වෙළඳ සංගමයේ සභාපති මංජුල නිශාන්ත මහතා. ලෙකම් අසංක මහතා ඇතුලු සියලුම සාමාජිකයන් හට ද, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලය හා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු කාර්ය මණ්ඩලය සිය හෘදයාංගම ස්තුතිය මෙසේ පළ කර සිටී.......

Address

Hambantota

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94 47 2220940

Alerts

Be the first to know and let us send you an email when Hambantota District Chamber of Commerce - HDCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hambantota District Chamber of Commerce - HDCC:

Shortcuts

Share