වසුන්දරා-Wasundara

වසුන්දරා-Wasundara Archaeology said details

04/01/2026
මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කුරු ජනයා   =====®=================මුක්‌කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ ද?...
04/01/2026

මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කුරු ජනයා =====®=================

මුක්‌කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ ද? ඔවුන් කුමන ප්‍රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී.
මුක්‌කුරු යනුවෙන් දැනට හඳුනා ගෙන ඇති පරිදි රත්නපුර ප්‍රදේශයට මැණික්‌ ගැරීම සඳහා පැමිණ ඇති පිරිසක්‌ බව පැහැදිලි වේ. එහෙත් මේ පිළිබඳ ඓතිහාසික කරුණු ලැබෙනුයේ ඉතා අල්පව ය.

මුක්‌කුරුන් පිළිබඳ කරුණු දක්‌නට ලැබෙන එකම ලිඛිත සාක්‍ෂිය වන්නේ “මුක්‌කුරු හටන” නම් පුස්‌කොළ පොත ය. මෙය සිංහල භාෂාවෙන් ලියා ඇති අතර දැනට බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ ඇති හියුනෙවිල් එකතුවට අයත් ව ඇත.



මෙම මුක්‌කුරු හටන නම් පුස්‌කොළ පොතට අනුව මුක්‌කුරුන් පැමිණ ඇත්තේ පුන්නල නම් වූ දේශයේ සිට ය.

“කෝට්‌ටේ නුවර වැඩ සිටි ශ්‍රි පරක්‍රමබාහුදේව
ස්‌වාමිදුරුවානන්වහන්සේ සිංහාසන මස්‌තකය වැඩ වදාරමින් කේසර සිංහර විලසින් යෙහින් රාජජ
ශ්‍රි සම්පත් විඳ වදාරමින් වැඩසිටින ප්‍රස්‌තාවට ත්‍රී සිංහලද්විපය අලල මැයි සිතා…. සිතමින් පුත්තලමට, නාගපට්‌ටලමට පුනනල දේශයේ සිට……
ත්‍රී සිංහලාධිපති වූ අපගේ දේවස්‌වාමිදුරුවානන් වහන්සේට මුක්‌කුරුන් සේවා කමටසැදි…….”

ලංකාවට ගොඩබට මුක්‌කුරුන් පලවාහැරීම දේශීය හමුදාවන්ට තනි ව කළ නොහැකිවූ නිසා 6 වන පරක්‍රමබාහු රජු කාංචිපුර, කාවේරි පට්‌ටන, මහා කිලෙක්‌කරේ යන ප්‍රදේශවලින් හමුදාවක්‌ ගෙන්වා ගෙන මුක්‌කුරුන් පරාජය කළ බව මුක්‌කර හටනේ සඳහන් වේ.

මෙහිදී මෙම මුක්‌කුරුන් පලවාහැරීම සඳහා මෙරටට පැමිණි සේනාපතිවරුන් කිහිපදෙනකු පිළිබඳ ව ද කරුණු සඳහන් වේ. මොවුන් අතර,

* මැණික්‌කා තලවන්
* වම්මුනාට්‌ටු දේවර්
* කුරකුලනාට්‌ටු දේවර්
* අදිරාස අඩප්පන්
* වර්ණසූරිය තෝමරාන්නාතන් අඩප්පන්
* කුරුකුලසූරිය මුදියන්සේ.
* පරදාකුල සූරියමුදියන්සේ
* අර්සකුල සූරියමුදියන්සේ

මෙම සේනාපතිවරුන් සමඟ තවත් 1,500 ක සෙබළ පිරිසක්‌ මුක්‌කරුන් පලවා හැරීම සඳහා පැමිණ ඇති බව සදහන් වේ.

මුක්කුරු ගැන විවිද කතා පතල් කර්මාන්‍තයෙදි අහන්න පුලුවන් .
ඒත් මුක්කුරු ජීවත් උන හරි වකවානුවක් කවුරුත් දන්නෙ නෑ.සමහරු කියන්නෙ බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩි සමයේ මුක්කරු මෙරට සිට ඇති බවයි, තවත් සමහරුන්ගේ අදහස නම් සිංහලයේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ සිටි බවයි එහෙත් හරියටම සිටි වකවානුවක් කිව නොහැක

දැනටත් මුක්කුරු ගරපු තැන්වල උංගෙ කලෙ විසික්කරපු හොටු ගල් හම්බවෙනව වැඩියෙම්ම තියෙන්නෙත් ඒව හැබැයි ඉල්ලම් වල තියෙන මැනික් වලට වඩා වෙනසක් දකින්න පුලුවන් උං හාරපු දෝනා බැහැපු වලවල් එහෙම දැක්කොත් දකින කෙනාට හිතාගන්න පුලුවන් තාක්ශනේ ගැන.

️මුක්කුරු වැඩියෙන් මැනික් ගරල තියෙන්නෙ පරන ගග පාරවල් වෙන පැති වලිං හරෝල පරන වතුර පාරවල් තිබුන තැන් වගේම පහත් බිම් වල වලවල් වලට ඒත් තාම හිතාගන්න අමාරු දේ තමයි උං ඉල්ලම් හෙව්ව විදිහ හොදටම මැනික් තියෙන ඉල්ලම් ඒ කාලෙ ස්කෑනර් තිබ්බෙ නෑනෙ ඒත් ඒව හොයාගෙන තියෙන විදිහනම් හරි පුදුම සහගතයි.

මුක්කුරු වැටි හම්බවෙනව පතල් කර්මාන්තයේ මුක්කුරු වැලි කඩද්දි ඒ කියන්නෙ මුක්කරු ඒ කාලේ ගරපු වැලි. උං ගරනකොට වතුර රඳා හිටින්න ගහපු වැටි ආයුද වල මුවහත බලද්දි ඒ ලී එක පිහිපාරින් එක.පෙත්තට ගහල තියෙන්නෙ ඒ ලී වලට රිල්ල කියල අතු වර්ගෙ දාල තමයි වතුර රඳා පවතින විදිහට වැටි ගහල තියෙන්නෙ.

ඒ කාලෙ ගරල තියෙන්නෙ මැටි භාජන වලින් කිව්වොත් හරි. සාමාන්‍යෙන් වලදක් පොලවෙ පුංචි පුංචි කෑලිවලට බිඳෙන්නෙ අන්න ඒ වගේ වලං කටු කෑලි හම්බවෙනව මුක්කරු වැලි වල. ඉතිං ඔහොම මැනික් එක්කහු කරපු මුක්කරුන් මැරුනාම ඌ හම්බකරගත්ත මැනික් තොගය ඒ සොහොනටම දාල තමයි මුක්කරු භූමිදාන කරන්නෙ . සමහර මිනිස්සුන්ගෙ කතාවක් තියෙනව මුක්කරු ලංකාවට එද්දි සමන් දෙවියන්ට භාරයක් උනාලු උං හම්බකරන කොටසෙන් කොටසක් දීල තමයි ආපහු යන්නෙ කියල කොහොමහරි ඔහොම උං දෙනවයි කියන කොටස ආපහු නොදීම යද්දි මැනික් නැව් හතම මහ මුහුද මැද මුහුදුබත් කලා කියල කතාවක් තියෙනව .

️මුක්කුරු තාක්ශනය ගැන හොදටම දකින්න පුලුවන් දෙයක් තමයි මුක්කුරු මාල ඇට . ඒවත් හම්බවෙන්නෙ මුක්කරු ඉල්ලම් වල තමයි . බලන්න.පහලින් දාල තියෙන්නෙ මුක්කුරු ගරපු වලං වලයි මුක්කරු මාල ඇට වලයි පින්තූර . මුක්කරු සොහොන් වල පින්තූර දාන්නෙ නෑ ඒකට හේතුවක් තියෙන නිසා

මුක්කුරු නෑඹිලියේ වරුණ....


මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කුරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප‍්‍රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති. ඔවුන් රත්නපුරය පමණක් නොව, ලංකාවේ මැණික් ලැබෙන සෑම ප‍්‍රදේශයකම පැතිර මැණික් ගරා ඇත.


‘මුක්කුවාර්’ නමින් හඳුන්වන විදේශීය ජන වර්ගයකින් පැවත එන පිරිසක්, අදත් පුත්තලම දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ පෙදෙස්වල අදත් ජීවත්වෙති. ඒ සම්බන්ධ තොරතුරු රැසක්, මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා 2007 වසරේ ලියා පළ කළ ‘අප නොදන්න ලාංකිකයෝ’නම් මාහැඟි ග‍්‍රන්ථයේ එයි. ඇතැම් තැනක, ඔවුන් ද ‘මුක්කුරු’ යනුවෙන් හඳුන්වති. එහෙත් මැණික් කර්මාන්තය සමග කියැවෙන ‘මුක්කුරු ජනයාත්’, පුත්තලම දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ පෙදෙස්වල ‘මුක්කුවාර්’ ජනයාත්, එකම පිරිසක් ද?, නැද්ද? යන්න, ශාස්ත‍්‍රීයව පැහැදිලි කෙරී නැත. නුවන් ගන්කන්ද මහතා සිය කෘතියෙන් කියන්නේ, පුත්තලමේ ‘මුක්කුවාර්වරු’ ඉන්දියාවෙන් පැමිණි පිරිසක් බවයි. මැණික් කර්මාන්තයට සම්බන්ධ ‘මුක්කුරු’ ජනයා ද ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් බව සමහරුන්ගේ මතයයි.


‘මුක්කුරු’ ගැන කියැවෙන එකම ඓතිහාසික සාක්ෂිය, ‘මුක්කරු හටන’ නම් පුස්කොල කවි පොත යි. එය දැනට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇතැයි සඳහන් වේ. ඔවුන් ‘පුණ්ණල දේශයෙන්’ පැමිණි බව එහි සඳහන් වන බව කියන හිටපු පුරාවිද්‍යා නිලධාරී, ප‍්‍රවීණ ලේඛක ජයන්ත විජේරත්න හේරත් මහතා, එය දකුණු ඉන්දියාවේ යම් ප‍්‍රදේශයක් විය හැකි යයි අනුමාන කරයි.
කෙසේ වෙතත්, මැණික් ගරන්නට පැමිණි මුක්කුරු ජනයාගේ කියුම්-කෙරුම් ගැන කතාන්දර රාශියක්, රත්නපුරය ඇතුළු මැණික් මතුවන අඩවියේ දී අසන්නට පුළුවන. එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප‍්‍රදේශවලින් හමු වීම සුලභ කාරණයකි.

එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කුරු ගොඩැලි’ යනුවෙන් ප‍්‍රසිද්ධ ය. ‘මුක්කුරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කුරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!

මුක්කුරුන් මැණික් ගැරූ ‘නෑඹිලිවල’ කොටස් හමු වීම සුලභ වුව ද, එවැන්නක් සමුපූර්ණයෙන්ම හමු වීම දුර්ලභ සිද්ධියකි. ඔබ මේ සමග දකින්නේ, ‘මුක්කරු නෑඹිලි’ දෙකකි. ඒවා හමුවී තිබුණේ රත්නපුර, හංගමු ගඟේ ඇදුම් පතලකිනි

කිරිඇල්ලේ ඥානවිමල හිමියන් රචිත “සපරගමුවේ පැරණි ලියවිලි” නම් ග්‍රන්ථයේ රත්නපුර මහසමන් දේවාලය පිළිබඳ විස්‌තරයෙහි 6 වන පරාක්‍රමබාහු රජු කල ආර්ය කාමදේව නම් ඇමැතිවරයා සපරගමුවේ මැණික්‌ ගැරීම ආරම්භ කළ බව සඳහන් වේ. මෙම ආර්ය කාමදේව මුක්‌කුරු පෙළපතේ අයකු විය හැකි ය.

“ලංකාවේ ඉතා උසස්‌ දේවාලය අතුරෙන් දෙවිනුවර දේවාලයට පමණක්‌ දෙවෙනිවූ මේ පැරණි දේවාලය ජම්බුද්‍රෝණිපුර වරාදීශ්වර කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ ආර්ය කාමදේව නම් ඇමැතියා විසින් රජතුමා වෙනුවෙන් වූ බාරයක්‌ ඉටුකිරීම පිනිස කරවන ලද්දකි. සපරගමුවේ මැණික්‌ හෑරීම ආරම්භ කොට ඉන් සැලකිය යුතු ධනයක්‌ ලැබුනොත්…………”

එසේම මේ කාලවකවානුව තුළ ලංකාවේ මැණික්‌ ගැරීම සඳහා අරාබිවරුන් පැමිණ ඇති බව “ක්‍රිස්තු වර්ෂ 900 – ක්‍රිස්තු වර්ෂ 1500 කාල පරිච්ඡේදය තුළ සෙරන්ඩිබ් දිවයිනට ආ ගිය මුස්‌ලිම් වෙළෙන්දන් හා වන්දනාකරුවන්” යන මැයෙන් ලිපියක්‌ රචනා කරන ආචාර්ය ලෝනා දේවරාජ පවසයි. එම ලිපියෙහි අල්ඉද්‍රිසි (1155) නම් ලේඛකයා සඳහන් කර ඇති පාඨයක මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී පාද කන්ද අවට පිහිටි කඳු වැටිවලින් ඔවුන් සෑම වර්ගයකට ම අයත් මැණික්‌ ගල් එක්‌ රැස්‌ කරගන්නා අතර මුදුවලට මැණික්‌ ගල් ඇල්ලීම සඳහා අවශ්‍යය කැටයම් කැපීමට උපයෝගී කර ගන්නා දියමන්ති ඔව්හු අවට ගංගා නිම්නවලින් සොයා ගනිති.”

ශ්‍රී පාදය පිහිටා ඇති කඳු පන්තිය ද සබරගමු පළාතට අයත්වීම නිසා රත්නපුර මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌කරු ජනයා හා යම් සබඳතාවක්‌ මෙම කරුණ සමඟ තිබිය හැකි ය.

ආචාර්ය දේවරාජා තව දුරටත් සඳහන් කරන පරිදි ශ්‍රී පාදය ආදම්ගේ පාදය පිහිටි කන්ද ලෙස මුස්‌ලිම්වරුන් සැලකූ බැවින් එය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් මෙන් මැණික්‌ සොයා ආ මුස්‌ලිම්වරුන් පෙනී සිට ඇත.

මුස්‌ලිම්වරුන් මේ ප්‍රදේශයට පැමිණ ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මගින් ද ඔප්පුවන අතර ඊට කදි ම සාධකයක්‌ වන්නේ ශ්‍රී පාදස්‌ථානයට අඩි 100 ක්‌ පමණ පහළින් පිහිටි ගල් ලෙනක්‌ වන භගවා ලෙනෙහි තිබී සොයා ගත් 13 වැනි සියවසට අයත් යයි සැලකෙන අරාබි ශිලා ලිපිය යි.

සමන් දෙවිඳුන් මුළා කළ මුක්කරුවෝ.....

රත්නපුරය පුරාණයේ සිටම මැණික් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. එම ජනප්‍රවාද අනුව සමන් දෙවියන්ට පවා කපටිකම් කළ මැණික් කතාවක් පවතී. රසවත් වූ එම කතාව මෙසේ ය.

පුරාණයේ මුක්කුරු යැයි හඳුන්වන ජන වර්ගයා විදේශයක සිට මැණික් සෙවීමට සබරගමුවට පැමිණ තිබේ. ඔවුන් මැණික් ගැරීමට පෙර සබරගමුවේ අධිපතිව පාලනය කළ සමන් දෙවියන්ට බාරයක් වී ඇත. මැණික් ගරා අවසානයේ මැණික් නැවක් සමන් දෙවියන්ට පූජා කිරීම එම බාරය විය. මෙසේ බාර වූ මුක්කුරු සබරගමුවේ සැම ප්‍රදේශයකම පාහේ මැණික් ගරා තිබේ.

ඔවුන් අද මෙන් වට්ටි හෝ කූඩා භාවිත කර නැත. අපේ කාන්තාවෝ හාල් ගරන්නා සේ කොරහ සහ නෑඹිළිය උපයෝගී කර ඉල්ලම් සෝදා මැණික් ගරා තිබේ. ඒ බව මුක්කරු සිටියායැයි කියන ප්‍රදේශවල තිබී හමුවන පුරාණ මැටි භාජන කැබලි සාක්ෂි දරන්නේය.

ඔවුන් වෛරෝඩි, ආර්නූල් වැනි ගල් පණුවන් ගැසූ මැණික් යැයි හඳුන්වා ඉවත දැමු බව කියවේ. මෙසේ මැණික් හැරු මුක්කුරු නමැති ජනයා දිගු කාලයක් මේ ප්‍රදේශයේ මැණික් ගරා නැව් හතක් පිරෙන සේ මැණික් එකතු කරගෙන තිබේ.

ඒ එක්කම මැණික් සමඟ තිබෙන කට්ට නමැති නොවටිනා ගල් වර්ගය ද නැවකට පුරවා එකතු කරගෙන ඇත.

ඔවුනට ඇති තරම් මැණික් ගරා නැව් හතක පුරවා තැබුවේය. මේ සමඟම කට්ට නැව ද පුරවා තැබුවේ කපටිකමක් කිරීමට අදහස් කරගෙනය. මුක්කුරුන් මෙරටින් පිටවී ඔවුන්ගේ රටට යෑමට සූදානම්ව මැණික් නැව් හත දියත් කරනවාත් සමඟම සමන් දෙවියන්ට කට්ට නැව පූජා කළේ බාරය ඔප්පු කිරීමටය.

මෙසේ කට්ට නැව දෙවියන්ට පූජා කළ මුක්කුරු පිරිස මැණික් නැව් හතට නැගී ඔවුන්ගේ රට බලා යාත්‍රා කර ඇත.

මෙසේ යාත්‍රා කරන අතරේ ඔවුන්ගේ කපටිකම ගැන කෝප වූ සමන් දෙවියෝ එම නැව් හත මුහුදුබත් කිරිමට සැලැස්වූහ.

නැව් තුළට මුහුදු ජලය කාන්දු වනවාත් සමඟම මුක්කුරුන්ට සිහි වූයේ සමන් දෙවියන් ය.

දෙවියන් මුළා කළ නිසා මෙසේ නැව් හත මුහුදුබත් වන බව ඔවුන්ට තේරුම් ගියේය. දැන් ප්‍රමාද වැඩිය. කරන්නට කිසිම දෙයක් නැති තැන සමන් දෙවියන් විහිළු දන්නේ නැති බව මුක්කුරු කියන ලද්දක් යැයි ජනප්‍රවාදයේ පවතී.

එසේ කියන ලද්දේ කට්ට නැව පූජා කරන ලද්දේ විහිළුවට බව හඟවමිනි. ඒ වගේම මුක්කුරුන් සමඟම මැණික් නැව් හත මුහුදුබත් වූ බව ද ජනප්‍රවාදයේ එයි

මෙම මුක්‌කුරු ජනයාගෙන් ම පැවත එන තවත් ජන කොටසක්‌ ලෙස “මුක්‌කුවාර්වරුන්” හැඳින්වේ. මෙම මුක්‌කුවාර්වරුන් ශ්‍රීලංකාවේ වෙරළ බඩ ප්‍රදේශවල පදිංචිව සිට ඇති අතර වර්තමානය දක්‌වා ම මොවුන් මෙම ප්‍රදේශවල වාසය කරයි. මෙම ජනයා මුතු කිමිදීම හා ධීවර කටයුතුවල නිරතවූ පිරිසකි. ඓතිහාසිකව බලන විට මොවුන් තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට කේරළයට, ශ්‍රී ලංකාවට හා ලක්‍ෂද්වීපයට පැමිණ ඇත.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ හමුදාමය ආක්‍රමණිකයන් ලෙස ය. නැගෙනහිර ප්‍රදේශයේ සිට මුක්‌කුවාර්වරුන් පදිංචි කරවන ලද්දේ දෙමළ රජකු වූ පන්ඩියා විසින් බව මෙම ජනයා විශ්වාස කරයි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් විශාල ප්‍රජාවක්‌ නියෝජනය කරන්නේ ද මෙම ජනයා බව විශ්වාස කෙරේ. මොවුන් මුක්‌කුවාර් නීති අනුගමනය කරන බවත් මෙම නීති දපන්ඩියා රජු නිකුත් කර ඇති බව ද සඳහන් වේ.

එසේම වන්නි උපත නම් ග්‍රන්ථයෙහි භාතිය නම් රජු කල කාකමුක්‌කරා නම් දෙමළ පුද්ගලයකු ගොඩබැස ඇති බව සදහන් වේ.

“…….තවද භාතිය නම් සිංහල මහරජහු කාලයෙහි මේ ශ්‍රී ලංකා ද්වීපය කාකමුක්‌කර නම් දෙමළෙක්‌ මේ ලංකාවට ගොඩබැස ඔවුන්ගෙන් නල මුදලියා කියන රජා ගල්ගමුවට පැමිණ…….”

මේ ආකාරයෙන් මෙම ජන කොටස පිළිබද විවිධ මතිමතාන්තර පැවතිය ද ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් හෙළිදරව් වී නොමැත

31/12/2025
19/06/2024

📷🇧🇪 click
Random encounters in life are the best friends.

She said YES!!!!!!😱😊💍𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐑𝐨𝐜𝐤 🇱🇰 🌎 💚👣🍃Sigiriya is one of the most valuable historical monuments of Sri Lanka. Refer...
07/06/2024

She said YES!!!!!!😱😊💍

𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐑𝐨𝐜𝐤 🇱🇰 🌎 💚👣🍃

Sigiriya is one of the most valuable historical monuments of Sri Lanka. Referred by locals as the Eighth Wonder of the World this ancient palace and fortress complex has significant archaeological importance and attracts thousands of tourists every year. It is probably the most visited tourist destination of Sri Lanka.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ prabath

❤️කොළඹ ,කතරගම ප්‍රධාන පාරේ රත්ගම 📌                          ❤️️පහු කරන් 1km ගාල්ල පැත්තට එනකොට  ❤️"ඕවකන්ද හන්දියේ"මුහුදට...
30/01/2024

❤️කොළඹ ,කතරගම ප්‍රධාන පාරේ රත්ගම 📌 ❤️️පහු කරන් 1km ගාල්ල පැත්තට එනකොට
❤️"ඕවකන්ද හන්දියේ"මුහුදට
❤️මුහුණලා තියෙන නිස්කලංක මනරම් පරිසරය...
❤️මේක එන්නම ඕන නවතින්න හිතෙන තැනක්... ❤️ 🇨🇵 🇱🇰 🇱🇰

1817 වසරේ බොම්බායේදී ඉදිකරන ලද, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේ යාත්‍රා කරනු ලැබූ, වර්තමානයේදී Hartlepool රාජකීය නා...
07/01/2024

1817 වසරේ බොම්බායේදී ඉදිකරන ලද, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේ යාත්‍රා කරනු ලැබූ, වර්තමානයේදී Hartlepool රාජකීය නාවික හමුදා කෞතුකාගාරයේ නවත්වා ඇති, HMS Trincomalee (Leda Class Frigate) නෞකාව. මෙය යුරෝපයේ ඇති යාත්‍රා කල හැකි පැරණිතම නෞකාවයි.

copied

අවුකන පිළිමය පිළිබඳ නූතන යුගයේ අනාවරණධනේෂ් විසුම්පෙරුම(අවසන් යාවත්කාලීන කිරීම: 2023-11-29)මිනින්දෝරුවෙකු, පර්යේෂකයෙකු හා...
29/11/2023

අවුකන පිළිමය පිළිබඳ නූතන යුගයේ අනාවරණ

ධනේෂ් විසුම්පෙරුම
(අවසන් යාවත්කාලීන කිරීම: 2023-11-29)

මිනින්දෝරුවෙකු, පර්යේෂකයෙකු හා ලේඛකයෙකු වූ ආර්. එල්. බ්‍රෝහියර් අවුකන ප්‍රතිමාව පිළිබඳව ලියූ සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. ඒ ඔහු විසින් ලියූ, 1965 වර්ෂයේ දී මුලින්ම පළ වූ, Seeing Ceylon නම් කෘතියේ දැක්වෙන සටහනකි. එය ඔහු මුලින්ම අවුකන ප්‍රතිමාව දුටු අවස්ථාවේ දී ඇති වූ හැඟීම් දක්වන අපුරු සටහනකි.

කෙසේ වෙතත්, ඒ සටහනේ පරිවර්තනය ඇතැම් අය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා දක්වා ඇත්තේ අවුකන "සොයාගත්" හා "මෑත කාලයේ හෙළිදරව් කළ" තැනැත්තා ලෙසය. එවැන්නක් බ්‍රෝහියර් විසින් සඳහන් කර නොමැති අතර සත්‍යය ද එය නොවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ එමර්සන් ටෙනන්ට්, එස්. එම්. බරෝස් හා එච්. සී. පී. බෙල් මේ පිළිමය පිළිබඳව සඳහන් කර තිබේ. ඒ පිළිවෙලින් 1859, 1894 ප්‍රකාශිත කෘති දෙකක හා 1895 වර්ෂයට අදාළ පුරාවිද්‍යා පාලන වාර්තාවකය. මේ පිළිබඳව සවිස්තර සටහනක් මතු දැක්වේ.

එමර්සන් ටෙනන්ට් දුටු අවුකන පිළිමය

අවුකන ප්‍රතිමාව පිළිබඳව ඇති දැනට අප දන්නා පැරණිම සඳහන එමර්සන් ටෙනන්ට්ගේය. ඒ මුලින්ම 1859 වර්ෂයේ දි පළ වූ Ceylon an account of the Island නම් කෘතියේය. එහෙත් ටෙනන්ට්ගේ විස්තරය අනුව මේ පිළිමය දුටු පළමු යුරෝපීය ජාතිකයා ඔහු නොවේ. ඔහු මේ ප්‍රතිමාව දුටු චාරිකාවේ දී ඔහු හා ගමන් කළ ‌වෙනත් පුද්ගලයෙකු ඊට වසර කීපයකට පෙර මේ ප්‍රතිමාව දැක තිබු බවත්, මේ ස්ථානයට ටෙනන්ට් හා පිරිස රැගෙන ගියේ ඒ තැනැත්තා බවත් ටෙනන්ට් පැහැදිලිව සඳහන් කර ඇත. ටෙනන්ට් මේ චාරිකාව ආරම්භ කරන්නේ 1848 වර්ෂයේ දී ජුලි මාසයේ දීය. ඒ මහනුවර සිට මාතලේ, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, හබරණ, කලාවැව හරහා අනුරාධපුර දිශාවට යන දීර්ඝ චාරිකාවකි. ඒ අනුව පෙර සඳහන් අනෙක් විදේශිකයා අවුකන පිළිමය දැක ඇත්තේ 1848ට වර්ෂ කීපයකට පෙර විය යුතුය. අවාසනාවකට මෙන් ඒ පුද්ගලයා කවුරුන්ද යන්න හෝ ඒ තැනැත්තා වෙනත් තැනක ඒ පිළිබඳව වාර්තා කර තිබේද යන්න දැනගැනීමට නැත.

ටෙනන්ට්ගේ Ceylon කෘතියේ දෙවන වෙළුමේ දැක්වෙන විස්තරය මෙසේය.

"A few years prior to my tour through this part of Ceylon, a gentleman who accompanied me on the present journey chanced to follow the track of a herd of wild elephants near the tank of Kalaweva, when he suddenly found himself in front of a gigantic statue in the forest, whose existence had been previously unknown to Europeans. He led us to the spot, and our surprise was extreme on beholding a figure of Buddha, nearly fifty feet in height, carved from the face of a granite cliff, and so detached that only two slender ties had been left unhewn at the back to support the colossus by maintaining its attachment with living stone.

The scene was most remarkable. As usual, advantage had been taken of a group of enormous rocks, to form temples and panselas in the fissures between, and prodigious labour had been expended in hewing steps, hollowing niches, and excavating baths. There had formerly been a pandal to shelter the statue and holes still remain in the rock which had served for the insertion of the columns that supported it. The place was deserted and silent. Close by dwelt one solitary priest, with no attendant save a neophyte, his pupil; he told us that the statue had been made by order of Prakrama Bahu, and that the temple in its prosperity was called Nagampaha Estane, but since it fell into ruins, it has been known as the Aukana Wihara." (උපුටාගැනීම - Ceylon an account of the Island, 2වන සංස්කරණය, 1859, 604-5 පිටු)

රූපය 1 - ටෙනන්ට්ගේ කෘතියේ සඳහන් වන චිත්‍රය (පිටුව 604)

බරෝස් දුටු අවුකන (1894ට පෙර)

ඉන් අනතුරුව තවත් ලේඛකයන් මේ පිළිබඳව සඳහන් කර ඇති අතර ඒ අතරින් සිවිල් නිලධාරියෙකු වූ එස්. එම්. බරෝස් 1894 වර්ෂයේ දී මුලින්ම ප්‍රකාශයට පත් ඔහුගේ Buried Cities of Ceylon කෘතියේ සඳහන් කර තිබේ. කලාවැව අසල ඇති වැදගත් ස්ථාන ගැන සඳහන් කරමින් ඔහු අවුකන පිළිමය හා ඒ ආසන්නයේ ඇති අනෙකුත් නෂ්ටාවශේෂ පිළිබඳව මෙසේ පවසයි:

"The second place of interest is the Aukana Vihare. This is situated 2 1/2 miles to the N.-W. of the spill-wall. The path leads through thick jungle, and across the bed of the Kala Oya - the stream which carried off the water from the breach in the bund of Kalavewa - to a collection of square abrupt rocks which stand out boldly on the top of a low hill. From one of these rocks an enormous upright figure of Buddha has been carved. It measures 33 ft. 3 in. from its pedestal, and is beautifully executed and preserved. Every detail of the robe and limbs is fresh and accurate, and the expression of the face and pose of the figure combine an idea of majesty and repose. The statue is slightly joined to the rock behind it by a narrow strip at the back. It faces due east, and when the intervening jungle was padi-land irrigated from Kala vewa, it must have been plainly visible from the bund, at which it gazes. Near the right foot (which is 6 feet long) lies a square slab with a cobra carved on it in high relief. There are several small dagobas and enclosures facing the statue." (උපුටාගැනීම - The Buried Cities of Ceylon, 4වන සංස්කරණය, 1905, 97 පිටුව)

බෙල් දුටු අවුකන පිළිමය (1895)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස් වරයා වු එච්. සී. පී. බෙල් මේ ස්ථානයට ගොස් ඒ පිළිබඳව ඔහු ලියූ සටහන සමඟ පිළිමයේ ඡායාරූපයක් හා චිත්‍ර හා සැලසුම් 1895 වර්ෂයේ ඔහුගේ පාලන වාර්තාවේ සඳහන් වේ (මේ වාර්තාවලට අදාළ ඡායාරූප ඵලක හා සැලසුම් වෙනම මුද්‍රණය කර තිබේ).

බෙල්, අවුකන ප්‍රතිමාව පිළිබඳව සඳහන් කරද්දී සැස්සේරුව හා සංසන්දනය කරමින් අවුකන ප්‍රතිමාවේ ඇති විශිෂ්ටත්වය හා තත්ත්වය පෙන්වා දෙයි. එසේම ඒහි ප්‍රමාණය පිළිබඳව ද විස්තර කරයි. එසේම ප්‍රතිමාඝරයේ ඉතිරිව ඇති කොටස් පිළිබඳව ද සඳහන් කරයි. පහත දැක්වෙන්නේ පිළිමය හා විහාරය පිළිබඳ ඔහුගේ උදෘතයයි (මෙම කොටස තුළ බෙල් උපුටා දක්වා ඇති බරෝස්ගේ කෘතියේ එන ඉහත සඳහන් සටහන මෙහි දක්වා නැත).

"Colossal Buddha

This image is of much the same height as its mighty fellow at Seseruwa, but in every respect has the advantage, and impresses the gazer far more strongly. The Seseruwa Buddha is necessarily dwarfed by the cliff towering above, and being carved in semi-sunk relief is less striking from a distance; further it has weathered badly in places, and unconsciously wears a distrait look. In contrast the Awkana statue, cut in almost full round form a boulder of about the same height, stands badly forward, huge, assertive, awe-inspiring. The features, members and robe are better chiselled [sic], and the expression is not wanting in placid dignity. Exclusive of the nimbus (sirespota, 3 ft. 8 in) and pedestal (3 ft. 10 in. in height and 15 ft. 2 in. in diameter) the figure rises 38 ft. 10 in. The Buddha stands in the attitude of blessing (asiva mudra).

Only the lower part of the building in which the figure was once enshrined remains. This shows a moulded basement with panelling and a plain panelled wall above, all in stone." (උපුටාගැනීම - Annual report of the Archaeological Commissioner 1895, 1904 සැසි වාර්තාවකි, 6-7 පිටු)

මේ හැර මේ ස්ථානයෙන් හමුවන නාග හිස් ඇති ගලක් හා සිරිපතුල් සටහන සහිත වෘත්තාකාර ගල් පුවරුවක් ගැන බෙල් සඳහන් කර ඇත. එසේම සෙල්ලිපි සහිත ලෙන් හා ගිරි ලිපියක් සම්බන්ධව ද ඔහු සඳහන් කරයි.

රූපය 2 - අවුකන පිළිමයේ ඡායාරූපය (Annual Report of the Archaeological Commissioner 1895) - මෙය මෙම පිළිමයේ පළමු ඡායාරූපය විය හැකිය.

රූපය 3- අවුකන පිළිමය ඉදිරියෙන්, පැත්තෙන් හා උඩින් පෙනෙන ආකාරය දැක්වෙන සැලසුමක් (Annual Report of the Archaeological Commissioner 1895)

රූපය 4 - අවුකන පිළිමය සහ පිළිමගේ ඉතිරිව ඇති කොටස් දැක්වෙන සැලසුම (Annual Report of the Archaeological Commissioner 1895)

අවුකන විහාරය හා ජනාවාස

අතීතයේ ජනාවාසව පැවති අවුකන විහාරය අවට ප්‍රදේශය යළිත් ජනාවාස වූ ආකාරය පිළිබඳව කිසියම් අදහසක් ගැනීමට ඉහත ලේඛන හා වෙනත් මූලාශ්‍රවලින් හැකිය.

ඉහත සඳහන් කළ ටෙනන්ට්ගේ විස්තරයේ දැක්වෙන පරිදි ඒ වන විට අවුකන විහාරයේ විසූ භික්ෂුවක් හා සාමනේර නමක් ගැන සඳහන් කරයි. ඒ අනුව අවුකන විහාරය 1840 දශකය වන විට ද භික්ෂුන් වාසය කළ විහාරස්ථානයක් තිබූ බව ඒ අනුව පැහැදිලිය.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනගහනය පිළිබඳ ප්‍රමාණික ලේඛනයක් වන්නේ සංගණන වාර්තාය. 1891 ජන සංගණන වාර්තාවේ නෑගම්පහ කෝරලේ, ගලේගොඩ හා කඳු තුලාන යටතේ අවුකන නමින් වෙනම ගමක් ගැන සඳහන් නොවේ (73 පිටුව). එය වෙනම ගමක් තුළට ඇතුළත් වුවා විය හැකිය. එහෙත් "අවුකන විහාරේ" නමින් වූ ගම පිළිබඳව 1911 හා 1921 සංගණන විස්තර ඇතුළත් 1921 වර්ෂයේ සංගණන වාර්තාවේ (430-431 පිටු) සඳහන් වේ (පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වර්ෂවල සංගණන වාර්තා වඩාත් සවිස්තර ඒවාය).

මේ සංගණන දත්ත අනුව, 1911 දී එක් ගොඩනැගිල්ලක් පමණක් තිබූ අවුකන විහාරේ නමින් හඳුන්වන ලද ගමේ 1921 වර්ෂය වන විට ගොඩනැගිලි තුනක් තිබී ඇත. කෙසේ වෙතත් මේ වර්ෂ දෙකේ දීම ඒ ගමේ ජනගහනය ලෙස සඳහන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණකි. ඒ පිරිමි අයෙකි. උඩරට සිංහලයෙකි. එසේම 1921 වර්ෂයේ දී ඔහු ස්වභාෂා සාක්ෂරතාව තිබූ අයෙකි. (අනෙක් ගම්වල පැවති ජනගහනය හා ස්වභාෂා සාක්ෂරතාව ඇති පිරිස්වල ප්‍රතිශතය කෙතරම් ද යන්න පහත උපුටාදක්වා ඇති වගුවලින් දැකගත හැකිය) ඒ කරුණු පිළිබඳව සලකා බැලීමේ දී සිතිය හැක්කේ ඒ විහාරයේ ස්ථිරව වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නම විය හැකි බවයි. මේ අනුව ගම කිසියම් කලක අත්හැර දැමුව ද, විහාරය අත් නොහැර පැවති එකක් බව සිතීමට අවස්ථාව තිබේ. මෙය සංඝයා වහන්සේලා උන්වහන්සේලාගේ ඓතිහාසික කාර්යය අඛණ්ඩව ඉටු කළ තවත් අවස්ථාවකි. (මේ පිළිබඳ තවත් සාධකයක් ලෙස අප හිතවත් හසිත චාමිකර ගුණසිංහගේ ෆේස්බුක් සටහනක දැක්වේ. ඒ අනුව, විහාරය සතු ලේඛනයක වර්ෂ 1757දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුමැතියෙන් විහාරාධිවාසී කුඹුක්වැවේ අනෝමදස්සි හිමියන් ඇතුළු විහාරවාසී භික්ෂූන්ට පොහොය සීමාවක් කරවීම සඳහා ගම්බිම් ප්‍රදානයක් පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. (ඒ සටහන සඳහා දෙවන කමෙන්ටුවෙන් පිවිසෙන්න)).

රූපය 5 - 1891 සංගණන වාර්තාවේ දැක්වෙන ජනගහන දත්ත (Census of Ceylon 1891, වෙළුම III, පි. 73)

රූපය 6 - 1921 සංගණන වාර්තාවේ දත්ත (ගොඩනැගිලි, පුද්ගල ස්ත්‍රී පුරුෂ භාවය, සාක්ෂරතාව) (Census of Ceylon 1921, වෙළුම II, පි. 431)

රූපය 7 - 1921 සංගණන වාර්තාවේ දත්ත (ඉංග්‍රීසි සාක්ෂරතාව, ආගම හා ජනවර්ගය අනුව) (Census of Ceylon 1921, වෙළුම II, පි. 431)

ඒ ප්‍රදේශයේ ගමේ නාමය, විහාරයේ නමින් "අවුකන විහාරේ" නමින් සඳහන් වීම ද වැදගත්ය. ‌ඒ විහාරය පැවති බවට සාධකයක් ද වේ. මෙහි ඇති අපූරු කරුණ වන්නේ නෑගම්පහ කෝරලය තුළ 1921 දී එවැනි විහාරේ නමින් හඳුන්වන ලද තවත් ගම් දෙකක්ම තිබීමයි. අද ඒ ගම් කෙසේ හඳුන්වන්නේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

- සිංහගිරි විහාරේ (ගලේගොඩ කඳු තුලානට අයත්) - 1921 දී ජනගහනය 5 (පිරිමි පමණි),
- ගල්ලෙන විහාරේ (කලාගම් තුලාන) - 1921 දී ජනගහනය 2කි (පිරිමි පමණි)

මේ අනුව මේවා ද සංගනන වාර්තාවේ දී ගම් ලෙස හඳුන්වනු ලැබූව ද, ඒ වන විට විහාරය පමණක් ජනාවාසව තිබූ ගමක් හෝ ගංගොඩක් විය හැකි බව පෙනේ. ජනගහනය මේ තරම් අඩු වීීම හා පිරිමින් පමණක් වීම ඊට සාධකයකි (අඩු ජනගහනයක් හා පිරිමි පමණක් හෝ වැඩි වශයෙන් වාසය කළ වෙනත් ගම්මාන තිබුනේ නම් ඒවා බොහෝ විට අත්හැර දැමූ ගම්මාන හෝ ඇතැම් විට අලුත් ගම්මාන වූ බව සංගණන වාර්තා අනුව පෙනේ.)

බ්ලොග් අඩවියෙන් කියැවීමට - https://dhaneshw.blogspot.com/2023/11/recent-records-of-avukana-statue-.html

17 වන සියවසේ මැද භාගයේ සිට 18 වන සියවසේ අග භාගය තෙක් වූ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ (VOC) වෙළඳ නෞකාවන්හි පරිණාමය පෙන්ව...
26/11/2023

17 වන සියවසේ මැද භාගයේ සිට 18 වන සියවසේ අග භාගය තෙක් වූ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ (VOC) වෙළඳ නෞකාවන්හි පරිණාමය පෙන්වන නිදර්ශනයක්. පැරණිතම අනුරූ පහල තීරයෙන් දැක්වේ. හුදෙක් අධ්‍යයනය වෙනුවෙන් බඳ කොටස් පමණක් නිර්මාණය කර ඇති අතර දැඩි ආයාසයක් දරා තොරතුරු සපයාගෙන ඇතැයි සදහන්ය. ඇතැම් ඒවා නිපදවා ඇත්තේ හුදු චිත්‍ර අනුසාරයෙනි. Mr. Jhon McCarthy එහි නිශ්පාදකයාය.

These date from the mid-17th century to the end of the 18th century. In this illustration, all rigging and masts have been removed and models have been scaled to the same size to allow for visual comparison. Models are arranged in rough chronological order, with the oldest at the bottom.

®️Sailing ships and pirates

Address

Homagama
Homagama
10680

Telephone

+94711038409

Website

Alerts

Be the first to know and let us send you an email when වසුන්දරා-Wasundara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වසුන්දරා-Wasundara:

Share