11/06/2026
ශ්‍රී ලංකා ධරණී තලයම කාළගුණ විපත් ,
ස්වාභාවික ආපදාවන්ගෙන් සහ ලෝක යුධ තත්වයන් හමුවේ මතුවන විවිධ උපද්‍රව වලින් ආරක්ෂාවීමටත් ,
ලක්වාසී , ලෝකවාසී සියළු ජනතාවට සාමය , සතුට හා සෞභාග්‍ය ප්‍රාර්ථනය කිරීමටත් ,
පූජ්‍යපාද දඹගෝල්ලේ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාෂකත්වය සහ මෙහෙයවීම යටතේ ,
ආචාර්ය ජීවන්ත ප්‍රභාත් කුලසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ,
‘ සිවුදිග සිසාරා සෙත් පිරිත් ‘
සද් ධර්ම චාරිකාමය පින්කම
ජුනි 11 වන බ්‍රහස්පතින්දා
කතරගම කිරිවෙහෙර පුණ්‍ය භූමියෙන් ආරම්භව
දින 21ක් පුරා ,
ගරුතර මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන්,
අනුරාධපුරයේ අටමස්ථාන පුණ්‍ය භූමිය තෙක් ගමන් කරමින්,
අවසන ජූලි 2 වෙනිදා ,
අසදෘශ මහා ස්ථූපය වූ උතුම් රුවන් වැලි සෑරදුන් වහන්සේ අබියසදී සහ
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා පින්කම් මාලාවක් සිදු කරමින් සිවුදිග සිසාරා සෙත් පිරිත් උතුම් පින්කම නිමා කරන වගයි !
ජුනි 11 - කතරගම කිරි වෙහර පූජාභූමි පරිශ්‍රය තුළ ගිතෙල් පහන් පූජාව සහ විශේෂ ආශිර්වාද පූජාව
ජුනි 12 - කතරගම දේවාලයේ දේවාර්ශිර්වාදයෙන් පසු කතරගම සිට අම්බලන්තොට ශ්‍රී නීග්‍රෝධාරාම විහාරය දක්වා
ජුනි 13 - අම්බලන්තොට සිට තංගල්ල කුඩා විහාරය දක්වා
ජුනි 14 - තංගල්ල සිට මාතර හිත්තැටිය රජමහා විහාරය දක්වා
ජුනි 15 - මාතර සිට ගාල්ල කච්චිවත්ත විහාරය දක්වා
ජුනි 16 - ගාල්ල සිට අම්බලන්ගොඩ බලපිටිය සිරි විජයාරාමය දක්වා
ජුනි 17 - අම්බලන්ගොඩ සිට අලුත්ගම කන්දේ විහාරය දක්වා
ජුනි 18 - අලුත්ගම සිට පානදුර මහී ගර්ජනාරාම පුරාණ විහාරය දක්වා
ජුනි 19 - පානදුර සිට හොරණ පොකුණුවිට රජමහා විහාරය දක්වා
ජුනි 20 - හොරණ සිට රත්නපුර සුධර්මාශාලා විහාරය සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන දක්වා
ජුනි 21 - රත්නපුර සිට අවිස්සාවේල්ල මාණික්කවත්ත ශ්‍රී විජයාරාම විහාරය දක්වා
ජුනි 22 - අවිස්සාවේල්ල සිට කැළණිය රජමහා විහාරය දක්වා
ජුනි 23 - කැළණිය සිට අත්තනගල්ල රජමහා විහාරය දක්වා
ජුනි 24 - අත්තනගල්ල සිට කෑගල්ල වට්ටාරම රජමහා විහාරය දක්වා
ජුනි 25 - කෑගල්ල සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පුණ්‍ය භූමිය දක්වා
ජුනි 26 - මහනුවර මහනුවර ශ්‍රී දළදා මාලිගා පින් බිමේ සිට මාතලේ අළු විහාරය දක්වා
ජුනි 27 - මාතලේ අළු විහාරය සිට දඹුල්ල රජමහා විහාරය දක්වා
ජුනි 28 - දඹුල්ල රජමහා විහාරය සිට මැල්සිරිපුර නාමල් අංග විහාරය දක්වා
ජුනි 29 - මැල්සිරිපුර සිට මාස්පොත දක්වා
ජුනි 30 - මාස්පොත සිට ගල්ගමුව නිල්ගිරි ලෙන රජමහා විහාරය දක්වා
ජූලි 01 - ගල්ගමුව සිට තඹුත්තේගම ශ්‍රී ගංගාරාම බෞද්ධ විහාරය දක්වා
ජූලි 02 - තඹුත්තේගම සිට ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය දක්වා සද්ධර්ම යාත්‍රා කරමින් උතුම් රුවන්වැලි මහා සෑය අබියස සහ උතුම් විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදුකෙරෙන පින්කම් මාලාවෙන් සමාප්තිය සටහන් කෙරෙයි.
කතරගම සිට අනුරාධපුරය දක්වා සද් ධර්ම චාරිකාව අතරතුර එම ගමන් මගෙහි වන ප්‍රධාන විහාරස්ථනයන්හි උතුම් පින්කම් මාලා , විශේෂ පිණ්ඩපාත චාරිකා , ධර්ම දේශනා ඇතුළු සර්ව ආගමික ආශිර්වාද කටයුතු රැසක්ම සිදුකිරීමටත් නියමිත වෙයි.
පින් සිත් පෙරදැරිව සැදැහැති ඔබත් ,
සුභාෂිර්වාද රැගෙන
මේ උතුම් පින්කම සමග එක්වන්න !
#සියලුසත්වයෝසුවපත්වෙත් #සමයසතුටසෞභාග්‍යය