Herath Quantity Surveyor & Associates

Herath Quantity Surveyor & Associates Experienced & Registered Quantity Surveyors to manage the Costs on Construction project within Budget

11/06/2023

පොඩි ආරංචියක් ආවා. ජුනි මාසේ හෝ ජූලි මුල ඉහල දැමූ ණය පොලී වාරික වල වෙනසක් වෙන්න යනවලු. එහෙම උනොත් ආරම්භ කරන්න බැරිව හෝ නිම කරගන්න බැරිව අතරමග නවත්තලා තියන ඉදිකිරීම් යලි ආරම්භ කරන්න පුළුවන් වේවී.

ඒ කොහොම උනත්, යලි ආරම්භ කරන්න, වැඩ නිමකරන්න සූදානම් ඔබේ නිවහන ව්‍යාපෘතියට මං පොඩි උපදෙස් ටිකක් දෙන්නම්.

1. ගේ හදන එක, අමුද්‍රව්‍ය සැපයීම එක්කම කරන කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න එපා.
මිළ ගනන් වල නිතර වෙන වෙනස්කම් එක්ක, ඒකත් අල්ලලා සෑහෙන buffer එකක් තියලා තියනවා අලුතින් හදන rate වල. අපි ඒකට කියන්නේ price fluctuation එකක් එකතු කරලා කියලයි. ඒකෙදි, ඔබට වැඩේට යන ගානට වඩා වැඩි මිලක් ගෙවන්න වෙනවා අපරාදෙ. අමුද්‍රව්‍ය ඔයා සපයලා, හොද බාසුන්නැහෙලා ටිකකට වැඩේ භාරදෙන්න. බාසුන්නැහෙලට ගෙවන්න වෙන්න ඇත්තට වෙච්ච වියදමක් විතරයි.

2. අමුද්‍රව්‍ය සැපයීම එක්කම එන කොන්ත්‍රාත්කරුවෙක් හැර විකල්පයක් නැති තැන් වල.
ඔව්, හරි කල්පනාවෙන්. දැනටත් දෙපාර්ශවය අතර ගිවිසුමක් තියන අවස්ථාවක විශේෂයෙන් පරිස්සම් වෙන්න වෙනවා. පාඩුව අල්ලන්න, ප්‍රමිතිය අඩුකරන්න කොන්ත්‍රාත්කරුවන් උත්සාහ කරනවා. අලුතින්ම " __ඉදිකිරීම අමුද්‍රව්‍ය එක්ක කරන කොන්ත්‍රාත්කරුවෙක්ට'_ දෙන්න වෙනවනම්, හරි ගිවිසුමක්, BOQ එකක් සහිතව මිසක් අත්සන් කරන්න එපා. පළපුරුදු QS කෙනෙක් ලවා ඔබේ සියලුම ගිවිසුම්ගත කරුණු හැකිතාක් පරීක්ෂා කරගන්න.

3. ඉදිකිරීම/වැඩබිම නිතර පරීක්ෂා කරන්න
ප්‍රමිතිය හා භාවිතාව ගැන ඉතා සුපරික්ෂාවෙන් ඉන්න. ඔබට පුද්ගලිකව ඒ සදහා යෙදෙන්න විදියක් නැත්තම් පළපුරුදු කෙනෙක් part time හරි යොදවන්න. ගෙයක් හදන්නේ අවුරුදු ගාණක් ඉන්නනේ. ප්‍රමිතිය, නිමාව ගැන වැඩි අවධානයක් දෙන්න.

*4. සැලැසුමක් සෑමවිටම පාවිච්චියට ගන්න*
ඕනෙම ඉදිකිරීමක්, දවසක් හරි ප්‍රමාද වෙනවා කියන්නේ, ඒ දවසට යම් මුදලක් ඔබේ සාක්කුවෙන් වියදම් වෙනවා කියන එකයි. ඒක හොදින් ඔලුවට අරන් ඔබේ ඉදිකිරීම හරියට සැලසුම් කරගන්න.

අපහැදිලි තැනක් තිබ්බොත් හරි වැඩිදුරටත් විස්තරයක් උවමනා උනොත් හරි මට කතාකරන්න.

මම, සුපුන් හේරත්
රජයේ ලියාපදිංචි ප්‍රමාණ සමීක්ෂක
+94 77 836 2337

19/03/2023

විදෙස්ගත ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,
ශ්‍රී ලංකාවේ ඔබගේ ඉදිකිරීම් වල ප්‍රමිතිය, පිරිවැය හා නිමාව පරීක්ෂා කර ඔබෙගේ මුදල් නාස්තියෙන් හා වංචාවෙන් ආරක්ෂා කරගන්න.
අදම අප අමතන්න +94 77 8362337

(අපි දැනටත් ඊශ්‍රායල් හා කුවේට් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට ව්‍යාපෘති සදහා සේවය සලසමින් සිටිමු)

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න - 03අද මං ඔයාලව දැනුවත් කරන්න යන්නේ ගෙවල් හදද්දී මතුවෙන, ඒත් ගොඩ දෙනෙකුට හරි අවබෝධයක් න...
17/03/2023

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න - 03

අද මං ඔයාලව දැනුවත් කරන්න යන්නේ ගෙවල් හදද්දී මතුවෙන, ඒත් ගොඩ දෙනෙකුට හරි අවබෝධයක් නැති ඉතාම වැදගත් සාධකයක් ගැන. ඒ තමයි යොදාගන්න අමුද්‍රව්‍ය වල හා භාවිතාවේ ප්‍රමිතිය.

උදාහරණයක් විදියට, දැකලා තියනවද කොන්ත්‍රාත්කරුවන් හදපු ගමේ කොන්ක්‍රීට් පාරවල්. බාහිරින් බැලුවම එකම පාට, එකම පෙනුම තියන පාරවල් දෙකක ප්‍රමිතිය දෙවිදියක් වෙනවා. සමහර කොන්ක්‍රීට් පාරවල් කැඩිලා ගිහින්. සමහරක් ඉරි තලලා, අතරකට එකක් හොද තත්වයෙ ඇති. කොහොමද එහෙම වෙන්නේ. ඒකට බලපාන්නේ ප්‍රමිතිය.

ඔයා කඩෙන් බිස්කට් එකක් ගත්තත් ඒකේ ප්‍රමිතිය පරීක්ෂා කරලා දුන්න SLS හරි ISO ප්‍රමිති සහතිකයක් තියනවා. ඒත් ඔයා අවුරුදු ගානකට පවතින්න බලාගෙන, කොන්ත්‍රාත් සමාගමක් ලවා හදවන ඔබේ නිවසට ප්‍රමිති සහතිකයක් තියනවද? අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය කොහොමද?

අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි ඒ අමුද්‍රව්‍ය යොදාගන්න භාවිතාව අනුවත් ප්‍රමිතිය වෙනස් වෙනවා. අපේ කාන්තා පාර්ශ්වය දන්නවා, හරි පදමට පිටි, සීනි ආදී අනික් කලමනා වැටුනෙ නැත්තම් හදාගන්න කේක් එකත් කන්න බැරි වෙන හැටි. ප්‍රමිතියක් තියනවා කපරාරුවකට සිමෙන්ති වැලි 1:6 පදමට මිශ්‍ර කරන්න. ඒත් කොන්ත්‍රාත්කරුවන් වගේම බාසුන්නැහෙලත් ඔය ප්‍රමිතිය අනුගමනය කරන්නෙ නෑ. සල්ලි යටකරලා හදපු ගෙදර බිත්ති පුපුරනකම් ඔයාටත් හිතාගන්න බැරි වෙනවා. ඒ එක උදාහරණයක් විතරයි. මගේ අත්දැකීමක් තමයි කොච්චර විශ්වාසවන්ත බාසුන්නැහෙලා උනත්, ප්‍රමිතියකට වැඩක් කරනවා හරි අඩුයි, අපිම පරීක්ෂා නොකෙරුවොත්. අවසානයේ අපිටම පාඩුවක් වෙන නිසා පස්සෙන් ඉන්න වෙනවා.

එහෙනම් මොකක්ද මේකට විසදුම.

මගේ පලවෙනි යෝජනාව කොන්ත්‍රාත් සමාගම්, බාසුන්නැහෙලට වගකීම නොදී පුද්ගලිකව ඔයාම හරි ඔයාගේ විශ්වාසවන්තම කෙනෙක් හරි ඉදිකිරීම් පරීක්ෂා කිරීම.
එහෙම කෙනෙක්, විදියක් නැත්තම්? දැනුම් තේරුම් තියන, පළපුරුදු ඉංජිනේරුවෙක්, TO කෙනෙක් නැත්තම් ප්‍රමාණ සමීක්ෂකයෙක්ට ඔබේ ඉදිකිරීම අධීක්ෂණය (supervise) කරන්න භාර දෙන එක.

අවුරුදු ගානකට පවතින්න හදන ගෙදර ඉදිකිරීම් පරීක්ෂා කරන්න වගකීමක් ඇති කෙනෙක් යොදවන මුදල ඔයාට ලාභයි,
ප්‍රමිතිය බාල වෙලා කඩන්න වෙනවට වඩා.

වැඩිදුරටත් විස්තරයක් උවමනා උනොත් මට කතාකරන්න.

මම, සුපුන් හේරත්
රජයේ ලියාපදිංචි ප්‍රමාණ සමීක්ෂක
+94 77 836 2337

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න 2නිවාස ඉදිකිරීමේ ප්‍රමාදයන්අමාරුවෙන් ණය වෙලා ගෙදර හදාගන්න පටන්ගත්තා කියන්නේ කොටි වලිගය ...
16/03/2023

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න 2

නිවාස ඉදිකිරීමේ ප්‍රමාදයන්

අමාරුවෙන් ණය වෙලා ගෙදර හදාගන්න පටන්ගත්තා කියන්නේ කොටි වලිගය අල්ලගත්තා වගේ වැඩක්නේ. සල්ලි තිබිලත්,
බාසුන්නැහෙලා නැතිකම,
ගේ හදන්න ඕන බඩු හිගකම,
කාලගුණ වෙනස්කම්,
වගේම වෙනත් බාහිරින් බලපාන හේතු නිසා ගේ වැඩ පරක්කු වෙන්න පුළුවන්.

කොහොමහරි අවසානයේ ඔයාට ඉදිකිරීමේ වැඩ ඉවර කරගන්න පරක්කු වෙනවා වගේම,
දවස්, සති සමහරවිට මාස ගනනක ප්‍රමාදය නිසා ක ගේ හදන්න සැලසුම් කරද්දී තිබුනට වඩා බඩුම්ල ඉහල යෑමත්,
ඒ නිසා දරන්න වෙන අමතර වියදමකුත් ඔයාට දරාගන්න වෙනවා. ඇයි ඔයා හදන්නේ කඩකාමර, කුලී ගෙවල් වගේ ආදායම් උපදවන තැනක් නම්, ඒවගේ ගන්න තිබ්බ ආදායමකුත් ඉදිකිරීම ප්‍රමාද වෙච්ච කාලෙට නැති වෙනවා.

පළපුරුදු ප්‍රමාණ සමීක්ෂකයෙක් ඔයා ගේ හදද්දී උදව්වට ගත්තොත්,
එයා ලව්වා ගේ හදන්න ඕන program එකක් හදාගන්නත් පුළුවන්.
ඒ වගේම එකවිට පටන්ගන්න පුළුවන් වැඩ මොනවද,
බඩු ඕඩර් කරන්න ඕන කාලය ඒවා වැඩබිමට ලැබෙන්න යන කාල සීමාව,
ඒ අතරතුර මොකක්ද කරන්න පුළුවන්,
වැඩක් ප්‍රමාද වෙද්දී ඒක ඉක්මන් කරගන්න විදිය
වගේ ඔයා නොදන්න tricks මේ පළපුරුදු ප්‍රමාණ සමීක්ෂකයෙක් අනිවාර්යයෙන් දන්නවා. ඒ දැනුමත් ඔයාගේ වැඩේට එකතු කරගත්තොත්, අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වගෙන, ඒ ප්‍රමාදය නිසා නාස්තිවෙන්න පුළුවන් කාලයයි, මුදලයි දෙකම ඉතිරි කරගන්න පුළුවන්.
(බාසුන්නැහෙලා නැත්තම්, හොද කට්ටියක් හොයාගන්න ඕනෙනම්,
ඔයාගේ පළපුරුදු ප්‍රමාණ සමීක්ෂකවරයා දන්න කෙනෙක් හිටියොත්, ඒකත් ඔයාට උදව්වක් කරගන්න පුළුවන්)

මේ ලිපිය ගැන වැඩිදුරටත් විස්තරයක් උවමනා උනොත් මට කතාකරන්න.

මම, සුපුන් හේරත්
රජයේ ලියාපදිංචි ප්‍රමාණ සමීක්ෂක
+94 77 836 2337

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න 01අද මං ඔයාලව දැනුවත් කරන්න යන්නේ ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න ගැන. අපි කිසිම කෙනෙක...
16/03/2023

ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න 01

අද මං ඔයාලව දැනුවත් කරන්න යන්නේ ගෙවල් හදාගන්න ගිහින් වෙන ප්‍රශ්න ගැන. අපි කිසිම කෙනෙක් සල්ලි තියනවට ගෙවල් හදන්නෙ නෑනේ. සමහර සහෝදර සහෝදරියෝ අපා දුක් විදගෙන රට රස්සාවකට යන්නේ, තමන්ගේම කියලා ගෙයක් හදාගන්නත් එක්කනේ.

කොහොමහරි මේ දුක් විදලා හම්බකරන සල්ලි එක එක කොන්ත්‍රාත්කාරයන්ට දීලා ගෙවල් හදාගන්න ගිහින් අමාරුවෙ වැටිච්ච සිද්ධි දැන් දැන් වාර්තා වෙනවා වැඩියි. වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකයෙක් විදියට, මගේ ලගට අරන් ගැටළු අතර
කොන්ත්‍රාත් අරන් ගෙදර වැඩ අතරමග අ‍තහැර ගිය සිදුවීම්,
හදන ගෙදර ප්‍රමිතිය පිලිබද ප්‍රශ්න,
නිම කල වටිනාකමට වඩා වැඩියෙන් කොන්ත්‍රාත්කරුවන් සල්ලි ගත්ත ප්‍රශ්න,
ගෙවීම් පිලිබද ප්‍රශ්න ආදියේ වැඩිවීමක් තියනවා. අන්තිමේ ගෙවපු සල්ලිත් නෑ, කාලයත් අපරාදේ, පොලීසි උසාවි ගානේ රස්තියාදුව ඉවරයක් නෑ.

මට දෙන්න තියන උපදේශය මෙන්න මේකයි.
පළපුරුදු, වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකවරයෙක් කියන්නේ එක්තරා විදියට නීතිඥයෙක්/උපදේශකයෙක්/ගණකාධිකාරිවරයෙක්/ඉංජිනේරුවෙක් කොටින්ම ඔයාට මිත්‍රයෙක් වගේ උපදෙස් දෙන්න, මගපෙන්වන්න ඉන්න කෙනෙක්.
ඔයාට නොතේරෙන,
කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීම, කොන්ත්‍රාත් ගිවිසුම, ඒවායේ මිල ගණන්, නිවැරැදි ගෙවීම්, ඇස්තමේන්තු (BOQ), ඉදිකිරීම් ප්‍රමිතිය/ තාක්ෂණය ආදී සියලුම දේ ඔයා වෙනුවෙන්, ඔයාගේ නියෝජිතයා විදියට සකස්කිරීම, පරීක්ෂාකිරීම්, වැරැද්දක් තියන තැන් වල දී ඒවා නිවැරැදි කරවන්න ඔයා වෙනුවෙන් බැදිලා ඉන්න කෙනෙක්. අවසානයේ ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ නිවහන හදද්දී බැංකුවට දෙන BOQ එකේ ඉදන්ම ඔයාගේ ලගින් ඉන්න ඕන කෙනෙක්.
කොයි කොන්ත්‍රාත්කාරයට/ ඉදිකිරීම් සමාගමට ඔයාගේ ගෙදර හදන ව්‍යාපෘතිය භාර දුන්නත්,
හැකි සෑම අවස්ථාවකම පළපුරුදු, වෘත්තීය හා ලියාපදිංචි ප්‍රමාණ සමීක්ෂකයෙකුගේ සේවය අරගන්න. මොකද වැරදි කෙනෙක්ට රැවටුනොත් ඒකෙන් ඔයාට වෙන්න පුළුවන් අලාභය,
වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකයෙක්ට ගෙවන්න වෙන වෘත්තීය ගාස්තුවට වගේ සෑහෙන ප්‍රමාණයකින් වැඩියි.
වැඩිදුරටත් විස්තරයක් උවමනා උනොත් මට කතාකරන්න.

මම, සුපුන් හේරත්
රජයේ ලියාපදිංචි ප්‍රමාණ සමීක්ෂක
+94 77 836 2337

Address

312/36, Montana Residencies, Kossinna, Imbulgoda
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Herath Quantity Surveyor & Associates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share