22/12/2025
අසාධාරණයට එරෙහිව නැගී හිටපු සිරිමාවෝ සිසුවියගේ කතාව දැක්කම මට එක පාරට මතක් වුණේ අපිට සාමාන්‍ය පෙළ විශය නිර්දේශයට තිබුණ "අපටත් දවසක ඉර පායාදෝ" කියන කෙටි කතාව..
ඒ කෙටි කතාවේ හැටියට චිත්‍ර තරගයට යන්න සියලුම සුදුසුකම් සපුරලා තේරිලා හිටපු සිරියාවතීට අන්තිම මොහොතේ පාසලේ හයිකාර බලකාර වනසිංහ ටීචර්ගේ දුවට තැන දීලා අඬ අඬා "අපිටත් දවසක ඉර පායාවි" කියලා හිතලා හිත හදාගන්න සිද්ධ වුණා..
ඒ වගේ කතා වලින් අපිට පුරුදු කරලා තිබුණේ අසාධාරණයක් වුණාම ඉර පායන දවසක පායන්නේ නැතැයි කියලා කරබාගෙන ඉන්න..
ඒ වගේ කොඳු කඩාගත්ත පාඩම් ඉගෙන ගත්ත අපේ පරම්පරාවෙන් මේ සිරිමාවෝ දියණිය අහනවා කවදහරි දවසක ඉර පායනකම් අපි බලන් ඉන්න ඕනද කියලා..?
ඇත්තටම ඒක එහෙම ඕනද?
මම ඉගෙන ගත්ත පාසලෙත් මේ වගේ අසාධාරණකම් බොහෝ දරුවන්ට දවස ගාණේ සිද්ධ වුණා..
බොහෝ වෙලාවට පාසලේ දීප්තිමත් ශිෂ්‍යාව,ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණේ ප්‍රින්සිපල්ගේ දුව,
වෙනත් විශය ක්ශේත්‍ර වල සම්මාන වලට පවා නිර්දේශ වෙන්නේ ප්‍රින්සිපල්ට ගොට්ට අල්ලන දෙමාපියන්ගෙ,ගුරුවරුන්ගේ ළමයි..
ඒවට ඇත්තටම සුදුසුකම් තියන ළමයි නිර්දේශ කරන විශයභාර ගුරුවරුන්ට පවා පුදුම විදියේ තාඩන පීඩන එල්ල වුණා..
ඒත් අපිව පුරුදු කරලා තිබුණේ එකට එක නොකියා, කරබාගෙන,ප්‍රශ්න නොකර ඉන්න..
ඒකට දීලා තිබුණ කපටි කෛරාටික ලේබලය තමයි "විනයගරුක බව"..
ඒත් ඇත්තටම විනයගරුක බව කියන්නේ අත්තනෝමතික, අසාධාරණ තීන්දු තීරණ හමුවේ කොඳු කඬාගෙන කරබාගෙන ඉඳීම ද?
මම දැක්කා කෙනෙක් කියලා තියනවා මේ දැරිය කිසිම විනයක් නැතුව ඇවිත් පාසලත් අපහසුතාවට පත් කරා කියලා..
නමුත් ඒ කතාව මුල ඉඳන් අගට බැලුවනම් පෙනෙයි එතන විනයක් නැතුව හැසිරුණේ දැරිය ද, නැත්තම් අර සුදු සාරි මැතිණියද කියන එක..
කතාව පටන් ගත්ත තැනම ඇය තමන්ගේ පාසලට ස්තූති කරා..ඇයව මේ තරම් නිර්භීත දැරියක් බවට පත් කරාට...ඒ වගේම ඇය තමන්ට වුණ අසාධාරණය ගැන කතා කරේ කිසිම ආවේගයකින් නෙවෙයි..කුණුහර්ප කැත වචන කියමින් නෙවෙයි..ෆැක්ට්ස් එක්ක කතා කරලා,මයික් එක ඕෆ් කරාට පස්සේ චීෆ් ගෙස්ට් ත් ආචාර කරල තමයි ඇය වේදිකාවෙන් බැහැලා ගියේ...
ඒ තරම් විනයගරුකව හැසිරුණු දරුවෙක්ට ලැබිය යුතුව තිබුණු සම්මානයක් ඉස්කෝලේ තමන්ගේ බූදලේ කියලා හිතන් පුද්ගලික පළිගැනීමේ චේතනාවෙන් අහිමි කරපු පාලනාධිකාරියේ මිස දැරියගේ නම් කිසිම විනය විරෝධී බවක් මට පේන්නේ නෑ...
මම යෝජනා කරන්නේ කොඳු කඩාගත්ත, දවසක ඉර පායනකම් බලන් ඉන්න සිරියාවතීලාගේ කතා විෂය නිර්දේශ වලින් අයින් කරලා දාලා අපි ඒවට ඇතුළු කරන්න ඕන චනිත්මාලා වගේ කවුරුවත් ඉර පායනකම් අපි බලන් ඉන්න ඕන ඇයි කියලා ප්‍රශ්න කරන නිර්භීත දරුවන්ගේ කතා..
පාසල කියන්නේ දරුවන්ට තමන්ගේ අනාගතය හදාගන්න මූලික අඩිතාලම සපයන ප්ලැට්ෆෝම් එක මිසක, විදුහල්පතිගේ සහ හෙන්චයියන්ගේ බූදලයක් නෙවෙයි කියලා පෙන්නපු මේ නිර්භීත කෙල්ලට මම නම් ආදරෙයි..
ජය වේවා...නංගී❤️
-පමුදි අනුත්තරා වීරසූරිය-