Haldola Kanda Estate

Haldola Kanda Estate Experts in planting and processing of Sri Lankan
Cinnamon, Tea & Rubber

3 Bedroom Apartment for sale in Miriswatta for Rs. 26 million (Negotiable)
06/09/2025

3 Bedroom Apartment for sale in Miriswatta for Rs. 26 million (Negotiable)

🟥🟫🟥 ගැනුම් කරුවන් සිටීනම් විමසන්න.
09/07/2021

🟥🟫🟥 ගැනුම් කරුවන් සිටීනම් විමසන්න.

කුරුඳු පැළෑටිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලා දේශය සහ බුරුමය උරුමකම් කියයි. පසුගිය පන්සිය වසරකටත් අධික කාලයක සිට ශ්‍රී ලං...
01/03/2021

කුරුඳු පැළෑටිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලා දේශය සහ බුරුමය උරුමකම් කියයි. පසුගිය පන්සිය වසරකටත් අධික කාලයක සිට ශ්‍රී ලංකාව කුරුදු නිෂ්පාදනයට හා වෙළෙඳාමට සම්බන්ධය.
ඉතිහාසගත තොරතුරු අනුව 1505 දී පෘතුගීසීන් ලංකාවට එන විට ‍දේශිය හා විදේශිය මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව මෙරට කුරුදු වගාවට සම්බන්ධව සිටියහ. අනතුරුව පෘතුගිසි, ලන්දේසි සහ ඉංග්‍රිසි අධිරාජ්‍යයනට ශ්‍රී ලංකාව යටත්විජිතයක් විය. එම අධිරාජ්‍ය තුනම සිය ආර්ථිකය සවිමත් කර ගැනීමට කුරුඳු කර්මාන්තය උපයෝගී කර ගත්හ.
කෝට්ටේ රජතුමා සහ පෘතුගාලයේ රජතුමා අතර ඇති වූ ගිවිසුම්වලට කුරුඳු කර්මාන්තය පාදක විය. ලන්දේසිහු විධිමත් සැලැස්මක් යටතේ කුරුදු වගා කළහ. ඉංග්‍රීසිහු සිය පාලනයේ මුල් කාලයේදී කුරුදු වගාව රාජ්‍ය ඒකාධිකාරියට යටත් කොට එහි වාසි අත්කර ගත්හ.
මුහුදු බඩ හා තෙත් කලාපයේ කුරුඳු වගා කළ අතර උඩරට කැලෑවල කුරුදු සුලභවිය. උඩරට රාජ්‍යයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආණ්ඩුකාර විල්හෙල්ම් පැල්ක් අතර 1766 දී ඇති කරගත් ගිවිසුමට අනුව ලන්දේසිහු උඩරට රාජ්‍යයේ කැලෑවල වැවෙන කුරඳු මිලට ගැනීමට එකඟ වුහ.
වියළි කලාපය කුරුදු සඳහා යෝග්‍ය බව මෑතක් වනතුරු කිසිවකු දැන සිටියේ නැත.
වියළි කලාපයේ ද ඉතා සාර්ථකව කුරුදු වගාව කළ හැකි බව දඹුල්ල ආශ්‍රීතව කරන ලද ආදර්ශ වගාවකින් ඔප්පු විය. මේ වගාවේ අවශ්‍ය උපදෙස් සපයන ලද්දේ විශ්‍රාමලත් කෘෂිකර්ම උපදේශකයකු වූ නාඋල ඒ. එම්. සරත්චන්ද්‍ර බණ්ඩාර මහතාය.
දඹුල්ලේ ලොකු ලූනු වගාව ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූ සරත්චන්ද්‍ර මහතා දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය දඹුල්ල ගොවි ජනතාව වෙත ලබාදීමට ද ක්‍රියා කෙළේය. ලොකු ලූනු වගාව දියුණු කිරීම සඳහා කරන ලද සේවාවට ඔහු රජයෙන් ද සම්මාන ලැබුවේය. එසේම උඩරට එළවළු වර්ග වගා කිරීම සහ ලසෝදා නම් අර්තාපල් වගාව දඹුල්ල අනුරාධපුරය සහ පොළොන්නරුවට හඳුන්වා දීමට ක්‍රියා කෙළේය. ලසෝදා යනු යාපනය දිස්ත්‍රික්කයේ වගා කැරෙන අර්තාපල් විශේෂයකි. දඹුල්ලේ කරන ලද අර්තාපල් ආදර්ශ වගා මඟින් එකට දොළහක අස්වැන්නක් ලබා ගත් බව කියන ඒ මහතා දැන් පෞද්ගලික අංශයට සම්බන්ධව සිටී.
වියළි කලාපයේ ආදර්ශ කුරුදු වගාව සඳහා ඔහුට දායකත්වය සපයන ලද්දේ කොළඹ නාවල පදිංචි ඩී.එස්. කොළඹගේ මහත්මියයි. ඒ මහත්මියට අයත් පොහොරන්වැව ඉඩමක මෙයට වසර 4 කට පෙර ප්‍රථම ආදර්ශ වගාව ඇරැඹු අතර එමඟින් ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි විය.
ව්‍යාපාරික මට්ටමේ දෙවන වගාව මෙයට මාස දෙකකට පෙර පොහොරන්වැව ප්‍රදේශයේ දී අරඹන ලදුව දැනට පැළ දෙදාහක් සිටුවා ඇත. මේ සඳහා අවශ්‍ය පැළ ලබාගෙන ඇත්තේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළ තවානකිනි. පැළයක මිල රුපියල් 13 කි.
ශ්‍රී ලංකාවේ කුරුදු වර්ග රාශියක් ඇතැයි පවසන සරත්චන්ද්‍ර මහතා පැණි මිරිස්, පැණිරස, සෙවල කුරුදු, කහට කුරුඳු සහ තිත්ත කුරුදු වශයෙන් ඒවා වෙන්කර හඳුන්වයි.
එසේම නකල්ස්, හපුතලේ, බෙලිහුල්ඔය, කන්එළිය, සිංහරාජය සහ මධ්‍යම පළාතේ වනාන්තරවල විවිධ කුරුඳු වර්ග දක්නට ලැබෙන බවද, ඉතා උසස් මට්ටමේ වල් කුරුදු විශේෂයක් බෙලිහුල්ඔය ආශ්‍රිත වනාන්තරයන්හි දක්නට ලැබෙන බව ද කියයි. මීට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2009 වසරේ දී ශ්‍රී ගැමුණු, ශ්‍රී විජය නම් කුරුඳු වර්ග දෙකක් හඳුන්වා දී ඇතැයි ඔහු කියයි. මේ වර්ග දෙකම ඉතා ඉහළ අස්වනු වාර්තා කර තිබේ.
කුරුඳු වගාවට ද කෘමි උවදුරු සහ පනු උවදුරු වැළදේ එසේම දිලීර හානිද දක්නට ලැබේ.
මේ හැම උවදුරකටම බෙහෙත් හේත් ප්‍රතිකාර තිබෙන බව කියන සරත්චන්ද්‍ර මහතා කුරුදු තැළීමට අවශ්‍ය ශ්‍රමිකයන් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයකැයි කියයි.
කුරුඳු තැලුම් කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අරඹා ඇත. එසේම කුරුදු වගාකරුවන් සඳහා විවිධ සහනාධාර ද ක්‍රියාත්මක වේ.
වියළි කලාපයේ වසර 04 කට පෙර අත්හදා බැලූ ප්‍රථම ආදර්ශ වගාව පැළ 60 කි. එමගින් ලබාගත් අස්වැන්න කිලෝ 60 කි. අස්වැන්න ලබා ගැනිමට වසර 04 ක කාලයක් ගත වූ අතර අවශ්‍ය තැලුම් කරුවන් සොයාගන්නා ලද්දේ අකුරැස්ස ප්‍රදේශයෙන් යැයි ඒ මහතා කියයි.
සේවකයන් සොයා ගැනීම සඳහා කොළඹගේ මහත්මිය වෙහෙසක් ගත් බව ඔහු සිහිපත් කරයි.
මේ වනවිට කුරුඳු ‍කිලෝවක් සඳහා රුපියල් 1600 – 2500 ක අතර මිලක් ලැබෙන බවද කුරුදු කුරුට්ට‍ සහ කුරුදු කොළ සඳහා ද වෙළෙඳ පොළක් ඇති බව ඔහු කියයි. මේ නිසා කුරුඳු වගාවේ අනාගතය ඉතා පැහැදිලිවම ලාබදායක යැයි ඒ මහතා කියයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඇති සමාගම් පවා දැන් කුරුදු වගාවට යොමු වෙමින් සිටී. හපුගස්තැන්න වැවිලි සමාගමය කුරුදු , ගම්මිරිස් සහ කොකෝවා වගාවන් දෙස හැරීමට පටන්ගෙන තිබේ. සිය වගාවන් අතරට හෙක්ටයාර් 24 ක කරුදු වගාවක් මැතක දී එකතු කර ඇති බව එම සමාගමය පසුගිය වාර්තාවෙන් කියා සිටී.
අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගෙවතු වගා සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් කුරුදු, ගම්මිරිස් සහ පුවක් වගා ඇරැඹීමට කුළුබඩු නිෂ්පාදක සහ අලෙවි සංවිධානය ද (SAPTA) වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක කරයි.
තඹුත්තේගම සහ පදවිය මුලික කරගත් සෙසු ගම්මාන රැසක මේ වැඩපිළිවෙළට අයත්ය.
ධන සවිය ගෙවතු වගා වැඩ සටහන යටතේ 2017 වසරේ කුරුදු පැළ 95200 ක් නොමිලේ බෙදා දී තිබේ මීට අමතරව ගම්මිරිස් පැළ 20300 ක් ද, පුවක් පැළ 26800 ක්ද නොමිලේ බෙදා දී ඇත.
ගම් උදාව ගෙවතු වගා වැඩසටහන වෙනුවෙන් කුරුඳු පැළ 1000 ක්ද බෙදා දී ඇති අතර පොලොන්නරුව ධන සවිය ව්‍යාපෘතිය යටතේ කුරුදු පැළ 25,500 ක්ද ගම්මිරිස් පැළ 3200 ක්ද නොමිලේ බෙදා දී තිබේ. කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව ද මේ වැඩ සටහන් සඳහා සක්‍රිය දායකත්වය සපයයි.
ශ්‍රී ලංක‍ාවේ කුරුදු සඳහා ප්‍රධාන වෙළෙඳ පොළ මෙක්සිකෝවයි. මෙක්සිකෝව කුරුදු ප්‍රති අපනයන මඟින් ශ්‍රී ලංකා කුරුදු නිෂ්පාදන සෙසු රටවලට හඳුන්වාදෙමින් එම වෙළෙඳාමේ නිරත වෙයි. එහෙත් එක්සත් ජනපදය, පේරු, බොලිවියා, චිලි සහ ගෝතමාලාව යන රටවලට ද ශ්‍රී ලංක‍ාව කුරුදු අපනයනය කරයි.
කුරුඳු මඟින් ශ්‍රී ලංකාව උපදවා ගන්නා විදේශ ආදායම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. 2016 ශ්‍රී ලංකාව කුරුදු ටොන් 13000 ක් අපනයනය කිරීමෙන් ඇ.ඩොලර් දස ලක්ෂ 159.7 ක ආදායමක් ලබාගත්තාය. 2014 ශ්‍රී ලංකා‍ව උපයාගත්තේ ඩොලර් දස ලක්ෂ 132.28 කි.
එසේම නිෂ්පාදනය ද වැ‍ඩි වේ. 2011 කුරුදු නිෂ්පාදනය ටොන් 14244 ක් වුවත් 2015 එය ටොන් 19090 දක්වා ඉහළ ගියේය. සුනාමිය සහ නායයැම් නිසා මෑතක දී කුරුදු වගාවනට හානි සිදු වුවද වගා පුනරුත්ථාපනයට සහනාධාර සැපයේ.
කුරුඳු සඳහා කැසියා නම් අනුකරණයක් ඇතත් ශ්‍රී ලංකා කුරුඳු සඳහා වෙළෙඳ පොළෙන් හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ලොව ඇති ඉහළම කුරුඳු ශ්‍රී ලංකාවේ කුරුදු ලෙස සම්මානයට පාත්‍රව තිබේ.
ලෝක අවශ්‍යතාවෙන් සියයට 43 ක් ඉන්දුනීසියාව විසින් සපයන අතර චීනය ලෝක නිෂ්පාදනයෙන් සියය‍ට 15 ක් ද වියට්නාමය ද ඊට කිට්ටු ප්‍රමාණයක් ද සපයයි. බොහෝවිට එම රටවලින් ඉදිරිපත් කරන්නේ කැසියා නිෂ්පාදනය.
ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපො‍ළට මෙ. ටො. 15000 – 19000 අතර කුරුදු ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. හෙක්ටයාර් 33000 ක භූමි ප්‍රමාණයක් කුරුඳු වගාවට යටව ඇති අතර කුරුඳු වගාවෙන් සියයට 80ක්ම කුඩා ඉඩම් හිමියන් අත රැඳී තිබේ. කුරුදු තැළීම වෘත්තීය කරගත් පිරිස 35,000 කි. කර්මාන්තයේ දියුණුව සඳහා මේ පිරිස වැඩි කළ යුතුව තිබේ.

උපුටා ගැනීම- www.ransilu.lk

Address

Panagoda, Galpatha
Kaluthara

Website

Alerts

Be the first to know and let us send you an email when Haldola Kanda Estate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Haldola Kanda Estate:

Share