06/02/2026
ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගත් plan එකක් අනුව ගොඩනැගිල්ල ඉදිකරන විට එය සම්පූර්ණයෙන්ම නීතිගත වේ. එමගින් අනාගතයේදී නීතිමය ගැටලු, නෝටිස් හෝ demolition වැනි අවදානම් නොපවතී. එසේම බැංකු housing loan, construction loan හෝ mortgage ලබාගැනීමට අනුමත plan එක අත්‍යවශ්‍ය වේ.
ගොඩනැගිල්ල ඉදිකිරීම අවසන් වූ පසු, ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන COC (Certificate of Conformity) එක ඉතා වැදගත් ලේඛනයක් වේ. මෙම COC Certificate එකෙන් අදහස් කරන්නේ, ගොඩනැගිල්ල අනුමත කරන ලද plan එකට සහ පවතින නීතිවලට අනුව නිසි ලෙස ඉදිකර ඇති බව නිල වශයෙන් තහවුරු කිරීමයි.
COC Certificate එක තිබීමෙන්,
• ගොඩනැගිල්ල නීතිමය ලෙස භාවිතා කිරීමට හැකි වේ
• විදුලි, ජල සහ අනෙකුත් සේවා සම්බන්ධතා සම්පූර්ණ ලෙස ලබාගැනීම පහසු වේ
• ගෙය විකිණීමේදී හෝ පවරාදීමේදී buyer කෙනෙකුට සහ බැංකුවකට නීතිමය විශ්වාසයක් ලැබේ
• අනාගතයේදී වෙනස්කම් හෝ extensions සඳහා approvals ලබාගැනීම පහසු වේ
Approval process එකේදී setback, road reservation, height limits වැනි කරුණු මුලින්ම clear වන නිසා, පස්සේ ලොකු වියදම් සහ නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදුවෙන්නේ නැහැ.
අවාසි ලෙස, approval සහ COC process සඳහා සති කිහිපයක් හෝ මාස 1–2ක් වැනි කාලයක් ගත විය හැකි අතර, plan drawing, approval fees සහ inspection fees වැනි අමතර වියදම් තිබිය හැක. නමුත් මේවා දිගු කාලීනව බලන විට ගොඩනැගිල්ලේ නීතිමය ආරක්ෂාව සහ වටිනාකම සඳහා ඉතා වැදගත් වේ.
ඒ නිසා ස්ථිර නිවසක් හෝ වටිනා ගොඩනැගිල්ලක් සඳහා, ප්‍රාදේශීය සභා අනුමැතිය සහ COC Certificate එක ලබාගැනීම වඩාත් සුදුසු සහ ආරක්ෂිත ක්‍රමය ලෙස නිර්දේශ කරමි.