Raviyaaa Gaming

Raviyaaa Gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Raviyaaa Gaming, Kandy.

21/02/2025

😩🎧

19/02/2025

🥺🥀

🥺❤️✨
06/01/2025

🥺❤️✨

10/06/2024

මරඟන
_____________

" මධූ හෙට පාන්දර වෙයි මං ගෙදර එනකොට.පියත්ගෙ අම්මලගෙ මළ ගෙදරත් ගිහින්ම එන්නං.දුවව බලාගෙන පරිස්සමින් ඉන්න."

මධූ රසට ඔතල දෙන බත් එකත් ඔෆිස් බෑග් එකට දාගෙන පුරුදු විදියට මධූගෙ නළල ඉඹලා අශෝක පාරට බැස්සා.එකසිය අනූවක නැඟල බොරැල්ලෙන් බැහැලා ඔෆිස් එකට යන අතරමඟ තියෙන සාප්පුවක පුංචි ඩමියකට එල්ලල තිබුණු රෝසපාට චූටි ගවුම්කොටේ දැකලා අශෝකට දූව මතක් උනා.

" කෙල්ලගෙ බර්ත්ඩේ එකත් ළඟ එන එකේ අද යන ගමන් මේක අරන් යනවා.හැඩට ඉඳී."

දූ ගැන හිත හිත ආව අශෝකගෙ සිතිවිලි බිඳෙන්න ගියේ තත්පරයයි.කොහෙදෝ ඉඳන් ආව සේනක අශෝකගෙ කරට අතක් දැම්මා.

" ගුඩ් මෝනිම් අශෝ.මොකද මේ කොල්ලා ගෑණු ඩමි දිහා බලන් කරන්නේ.ගෙදර ඉන්න පණ තියෙන එක මදිද.? "

තොලත් හපන් සේනක අහපු ප්‍රශ්නෙට උත්තර නොදුන් අශෝක,

" සේනෙ අද මළගෙදර යනවද ? "

" ඔව් ඔව් යන්නැතුව කොහොමද .මම ගෙදර ගෑණිටත් බොරුවක් කිව්වා මැරිල ඉන්නෙ ඔෆිස් එකේ ලොක්කගෙ අම්මා කියල .නැත්නම් ඔය ගෑණි මට එන්න දෙන්නෑ.අනික පියතගෙ ගෙවල් දොරවල් එහෙම බලාගෙන එන්න ඕන.ඕකා මේකෙ රඟනවා වැඩියි ප්‍රොමෝෂන් එකෙන් පස්සේ."

" අඹේපුස්සෙ කිව්ව නේද මළගෙදර තියෙන්නෙ ? "

" අඹේපුස්සෙ කිව්වට ඕකා ඉන්නේ හද්ද වන්නියක."

පියත්ගෙ වචන හරඹය නොරිස්සුව අශෝක ඊට වැඩි යමක් නාහ ඉක්මන් ගමනින් ඔෆිස් එකට ඇවිත් පොතත් අත්සන් කරලා වැඩපටන් ගත්තා.

" අනේ සේනේ මෙහෙ එන්නකෝ..පොඩ්ඩක් මේක බලන්නකෝ..."

අශෝකගෙ එහා මේසේ හිටපු නර්මදා හයියෙන් කෑගහන්න පටන් ගත්තම සේනේ ඔෆිස් රූම් එකේ එහා කෙලවරේ ඉඳන් මෙහා කෙළවරටම දුවගෙන වගෙ ආවා.නර්මදා කියන්නෙ ඔෆිස් එකට අලුතින් ආවා සෙක්‍රටි.

" ඇයි කෙල්ලේ."
සාරියක් ඇඳන් උන්නු නර්මදාගේ ඉනත් කොනිත්තල සේනක ඒක අහපු පැද්දිලෙ තේරුම අශෝකට නෙවෙයි තේක දෙන්න ආව ප්‍රේමටත් තේරුනා.

" මේ ෆයිල්ස් ටික ඕපන් වෙන්නෑ අනේ බලන්නකෝ.මට අද මේක කරගන්න බැරි උනොත් මළගෙදර යන්න වෙන්නෙත් නෑ.ශිහ්.!"

" ඉන්න මම බලන්න.මම මේක ඉක්මනින් හදල දෙන්නං.ඊටපස්සෙ අපිට යන්න පුළුවන් මළගෙදර."

" මුන් දෙන්න මේ යන විදියට මළගෙදරම යයි " හිතින් විතරක් හිතපු අශෝක ආයෙත් ෆයිල් වලට මූණ ඔබාගත්තා.හවස හතර වගේ වෙනකොට ඔෆිස් එකෙන් භාගෙට භාගයක්ම මළගෙදර යන්න ලෑස්ති වෙනවා.

" මේ..මේ ඔක්කොටම යන්න විතරයි හයර් කරන්නෙ වෑන් එක.එනකොට මොකක් හරි බලමු.අඹේපුස්සෙ කියන්නෙ ළගක නෙවෙයිනෙ."

ඔෆිස් එකේ මැනේජර් ඔක්කොටම දැනුම් දුන්නා.හවස හය හයහමාර වෙනකොට මළගෙදරට එන්න කට්ටියට පුළුවන් උනා.අශෝක ගිහින් පියත් එක්ක කතාකරලා පියත්ගෙ අම්මටත් ගෞරව කරලා ශර්ට් එකේ බොත්තම් දෙකක් පන්නගෙන මළගෙදර වැඩ වලට උදව් දෙන්න පටන් ගත්තා.පියත්ගෙ නැතිවෙච්ච අම්මා අශෝකට හරි ආදරෙයි.අශෝකත් එහෙමයි.ඔෆිස් එකට පියත්ට කතාකරන්න ගන්න කෝල් ආන්ස්වර් කරන්නෙ අශෝක.පියත්ගෙ අම්මා පියත්ගෙ විස්තර අහන්නෙත් අශෝකගෙන්.

සේනක නර්මදා එක්ක කුස්සිය පැත්තට වෙලා බීම හදනවා.බීමම හදනවා ඇති." මට මොකටද ඕවා " සිහින් හිනාවක් නගාගත්තු සේනක බරටම වැඩ.පියත්ගෙ නෝනාගෙ ඉල්ලීම හින්ද රෑටත් කාලයි අශෝක එළියට බැස්සේ.
ඔෆිස් එක නියෝජනය කරන් ආව ගෑණු උදවිය ඔක්කොම හත වෙද්දි මළගෙදරින් ගිහින්.

" මේ අශෝක පොඩ්ඩක් එනවකො.චුට්ටක් මේකෙන් දාගෙන යමං.මහන්සියටත් එක්ක."

සේනක බලෙන්ම වගේ අශෝකගෙ අතේ වීදුරුවක් තිබ්බ.මහන්සිය හින්දයි පියත්ගෙ පවුලෙ තව පිරිමි ටිකක් හිටපු හින්ද කයියක් ගගහා අශෝක වීදුරුවෙන් භාගයක්ම තොලගෑවා.බයිට් එකට තිබ්බ ඌරුමස් බැදුම අශෝක අතතියන්නත් කලිම්ම සේනක ඉවර කරා.

" සේනේ මම යනවා.දැන් නවයහමාරටත් කිට්ටුයි.අන්තිම ට්‍රේන් එක අල්ලගෙන ඕන."

" හිටපං මාත් එනවා.වෙරි මරගාතේ සේනක අශෝකගෙ ඇඟේ එල්ලුනා."
අශෝකයි සේනකයි මළගෙදරින් එළියට බැහැල පාර දිගේ කියව කියව එනවා.

" පියත්ගෙ මඟුල්ගෙදරත් මං ආවනෙ.මම ආවෙ ට්‍රේන් එකේ.ඒ හින්ද මට පාර මතකයි.මොකෝ බං සේනේ මේ උඹේ බර. උඹට වැඩී නම් මළගෙදර නැවතියං "

" පිස්සුද බං අශෝකයො.මට ඔය ගුබ්බෑයෙ ඉන්න පුළුවන් ද ? නිර්මලත් ගියා."

මළගෙදරින් එළියට බැහැල ආවත් මොකද අන්තිමට එලිය දීපු කහ බල්බ් එක ගාව එල්ලල තිබ්බේ ගොක්කොල අත්ත.එතනින් එහා අමු කරුවල.එකපැත්තක වෙල අනිත් පැත්තෙ මහ කැලේ.ගෙයක් දෙකක් පහු උනත් කිසි එලියක් නෑ මළගෙදරට යන වාහනයක එළියක් ඇරෙන්න.වෙලෙන් එන හුළඟ එහෙම්පිට්න්ම මහකැලේට ඇදෙනකොට හෝ සද්දේ හූ වෙනවා.
හොඳවෙලාවට බීලා උනත් සේනෙ ආවේ. එකපාරට වෙලේ ඈත කෙලවරකින් ආවා උල ලේනෙක්ගෙ කෑගැහිල්ලක් හින්ද අශෝකගෙ හිතටත් කවදාවත් නැති තිගැස්මක් ආවා.

" යමං සේනේ ඉක්මනට."
අශෝක සේනකව ඇදගෙන ඉක්මන් ගමනට ආවා.ළඟටම එනකන් නොදැක්ක සුදුපාට ඇඳගත්‍ත වයසක ගෑණු කෙනෙක් අශෝකල යන මඟ හරස් උනා.

" පුතේ පියත්ගෙ ගෙදරට යන්නෙ කොහොමද ? "
ඔලුවත් බිමට නමාගෙන උගුරෙන් වගේ ඒ වයසක අම්මා අශෝකගෙන් පාර ඇහුව.සීතලට වෙන්නැති.අශෝකට එහෙම හිතුනා.

" අහ්.! අම්මා ඔහොම දිගටම යන්න .ඊටපස්සෙ වමට..සුදු කොඩි දිගටම දාල තියෙන්නෙ.පරිස්සමින් අම්මා.තනියෙන් මොකද ..ආයෙත් ගිහින් උදේම එන්න.රෑ එන්න එපා මේ පාරේ."

මේ වයසක ගැහැණු කෙනා ගැන දුක හිතුන අශෝක එහෙම කියලා යන්න සේනකව අල්ලගත්තා.

" දැං ඉතිං තනිගමන තමයි මට .ඔය මෙහෙන් අරන් යන තුන්වෙනියා ඔය නිදාගෙන යන එකා එක්ක දාලා යනවානං හොඳයි.නැත්තං ඔහෙත් ඉවරයි.මඟින් ගමන වෙන්වෙනඑක ඇඟට හොඳා.!

අන්තිමට ඒ වයසක උන්දෑ කීව එක අශෝකට ඇහුනෙ බාගෙට හුලං සද්ද වැඩි නිසා.
සේනක නිදාගෙන අශෝකගෙ කරේම ආවත් අශෝකට තනියක් දැනුනෙ නෑ පාරේ.බල්ලෙක්ගෙ දම්වැලක් හෙලවෙනවා වගේ සද්දයක් සැරින් සැරේ ඇහෙනවා."පව් මේ කැලේ උගෙ දම්වැල පැටලෙයිද දන්නෑ." අශෝක එහෙමත් හිතුවා.

කහපාට බල්බ් දෙකක් දෙපැත්තෙ පැද්දෙන අඹේපුස්සෙ ස්ටේෂන් එකට ආවට පස්සේ සේනකව බංකුවකින් වාඩි කරවලා ටිකට් ගන්න අශෝක එහාපැත්තට මාරු උනා.බල්ලෙක්වත් පේන්න නැති ස්ටේසමේ ටිකට් දෙන කෙනත් කන්න ගිහිං.විනාඩි දහයකට විතර පස්සෙ ටිකට් අරන් අශෝක සේනකව හොයාගෙන බංකුවට ආවා.

" ඕයි කව්ද බං අර කෙල්ල.මරු කඳ මචං.ළඟටම ඇවිත් බෙල්ල අතගාලා ගියා."

සේනක වෙරිමතින් කියෝනවා.

" උඹට පිස්සු සේනේ.මෙන්න මෙහෙ වරෙන් අන්න ට්‍රේන් එක එනවා."

" බෑ මචං.මම ඉන්නවා.උඹත් හිටපං.පොඩි සෙල්ලමක් දාමු ඒකිව කැමති කරන්."

සේනක කියවනකොට අශෝක සේනකව ඇදල නැගිට්ටවගෙන යන්න හදනකොට සේනක අශෝකව තල්ලු කරනවා.වෙරිමත හින්ද සේනක තල්ලු කෙරුවට වඩා දුරක් අශෝක විසිවෙනවා.අශෝක නවත්තන්න ආව දුම්රියෙ නොවැදී බේරුනේ අනූනවයෙන්.

" එයාට ඔහොම ඉන්න දීලා ඔයා යන්න.කැමති නං ඔයත් නිදාගන්න.හිමීට යන්න බැරියැ.ඔතන නිදාගෙන ඉඳලා හුගක් අය යනවා."

බෑග් එක ගන්න නැවනෙකොට පිටිපස්සෙන් ආව ගෑණුකටහඬට අශෝක නැවිලම කකුල් දෙක මැද්දෙන් පිටිපස්ස බලනවා.ඊටපස්සෙ නැගිටිනවා.

" නෑ නෑ මම යන්න ඕන.මම යනවා.සේනෙ මම යනව.උඹ ඉඳල වරෙං එහෙනං"

" පලයං ඉතිං උඹ යමන් මට ඉන්න දීලා.ගෑණිට බය එකා."

සේනක දිහා ආයෙත් බලපු අශෝක දුම්රියට ගොඩවෙනවා.තව කතා කරල හිත් නරක් කරගන්න ඕන්නෑ.අවසන් දුම්රිය නිසා දුම්රිය වේගෙන් ඉදිරියට ඇඳෙනවා.සෙනඟ අඩු පෙට්ටියක නිදහසේ වාඩි වෙලා දූට ගත්තු රෝසපාට ඇඳුමේ හැඩ බල බල " මධූ බලාගෙන ඇති " කියල හිතුවා.

___________________________

සඳුදා උදේ අශෝක ඔෆිස් එකට එනකොට නර්මදා අඬනවා.තේ හදන ප්‍රේම මට ලං වෙලා,
" අශෝක මහත්තයො අන්න සේනක මහත්තය ගෑණියෙක්ට බයවෙලාය කියල ඉස්පිරිතාලෙ නවත්තලා.කකුල් දෙක මැද්දෙ තියෙන අහවල් එක ඒ ගෑනි හූරලා කන්න හදලා.පිටටත් දම්පාට වෙන්න ගහලා.අනේ මන්ද මහත්තයො ගෑනියෙක්‍ටද බය උනේ මහසෝනටද බය උනේ කියල මටනං සැකයි.! තොයිලයක්ම නටන්ට වෙයි මයෙ හිතේ.! "

" දෙයියනේ.! " අශෝකට කියවෙනවා.

අනුත්තරා_

රීච් එක බැහැල යාලුවේ ෆලො කරල සෙයාර්කරල ලයික් කරන්න යාලුවේ🥺❤️🙏
04/06/2024

රීච් එක බැහැල යාලුවේ ෆලො කරල සෙයාර්කරල ලයික් කරන්න යාලුවේ🥺❤️🙏

03/06/2024

කොහොමද අද දවස යාලුවේ😌

Brother ❤️
30/05/2024

Brother ❤️

17/05/2024

🥺❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Raviyaaa Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share