DNS Consultancy

DNS Consultancy We dedicated to assist businesses in achieving their full potential in efficient manner

🛑ඔබත් හෝටල් ක්ෂේත්‍රයේ Villa, Bungalow, Home stay හිමිකරුවෙක්ද?වර්තමානය වන විට බොහෝ ව්‍යාපාර මුහුණදෙන ගැටළුවක් වන්නේ හිම...
31/05/2023

🛑ඔබත් හෝටල් ක්ෂේත්‍රයේ Villa, Bungalow, Home stay හිමිකරුවෙක්ද?

වර්තමානය වන විට බොහෝ ව්‍යාපාර මුහුණදෙන ගැටළුවක් වන්නේ හිමිකරුවන්ගේ දැඩි කාර්‍යබහුලත්වය සමඟ සුපරීක්ශණ කටයුතු මඟහැරීම හරහා ඔවුන්ගේ හෝටල් තුළ රාජකාරි නිසි ලෙස සිදු නොවීමයි. ඔබත් එවැනි ගැටළුවක් සහිත අයෙක් නම් ඔබ වෙනුවෙන් එහි කටයුතු සොයා බලා එම කටයුතු වැඩි දියුණු කිරීමට අප සූදානම්. Hotel Operations Consultancy සිදු කිරීම හරහා හෝටල් ක්ෂේත්‍රයේ ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අප සහය වන්නෙමු. මෙය, අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් බලපොරොත්තු වන හෝටල් හිමිකරුවන්ට ඉතා වැදගත් අවස්ථාවකි.

අපගේ සේවාවන් අතර ගිණුම් කටයුතු පරීක්ෂා කිරීම, ව්‍යාපාර පරිශ්‍රයේ පිරිසිදු බව හා අදාළ පාර්ශව තම කටයුතු නිසි පරිදි සිදු කරනනේද යන්න පරීක්ෂා කිරීම, අදායම් වැඩි කරගැනීම සඳහා සැළසුම් යෝජනා ඉදිරිපත් කිරීම, සමාජ මාධ්‍යය කටයුතු පරීක්ශා කර එය ආදායම් ඉහළ යාම සඳහා භාවිතා කිරීම ප්‍රදාන වේ.

අපගේ ව්‍යාපාර කටයුතු දැනට මහනුවර ප්‍රදේශයේ පමනක් සිදුවන බැවින් මහනුවර නගරය, අනිවත්ත සහ දිගන අවට හෝටල් සඳහා පමනක් සේවා සැපයීමට හැකියාව ඇත (අදාළ ව්‍යාපාර පරිශ්‍රයටම පැමිණ සේවාව සපයන බැවින්).

අපගේ සේවාවන් ලබා ගැනීමට ඔබටත් අවශ්‍ය නම් 075 2024429 අංකයට Watsapp පණිවිඩයක් යොමු කරන්න. අප හැකි ඉක්මනින් ඔබව සම්බන්ද කර ගනිමු.

Business Process Outsourcing (BPO) යනුවෙන් අදහස් කරන්නේ, ඔබගේ ව්‍යාපාරයේ විශේෂිත/ සුළු ව්‍යාපාර ක්‍රියාවලි හෝ කාර්යයන් බ...
28/05/2023

Business Process Outsourcing (BPO) යනුවෙන් අදහස් කරන්නේ, ඔබගේ ව්‍යාපාරයේ විශේෂිත/ සුළු ව්‍යාපාර ක්‍රියාවලි හෝ කාර්යයන් බාහිර සේවා සපයන්නන් වෙත පැවරීමයි. සංවර්ධනය වූ රටවල මෙය ඉතා ප්‍රචලිත වූවත් ලංකාවේ මෙම සංකල්පය යම්තාක් දුරට අඩුවෙන් භාවිතා වේ. නමුත් ව්‍යාපාරයේ පැතිකඩින් මෙය ඉතා වාසිදායක ලෙස ව්‍යාපාරයේ දියුණුව සඳහා භාවිතා කළ හැකි ක්‍රමයකි. විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාර වල ගිණුම්කරන, මානව සම්පත් වැනි කටයුතු කිරීමට සේවකයන් බඳවා ගැනීම අවාසිදායක බැවින් ඔබට එවැනි සුළු කාර්‍යන් පිටතට පැවරීම මඟින් සාර්ථක හා කාර්‍යක්ෂම ලෙස සිදු කර ගත හැක. එමෙන්ම ඔබට යම් යම් කාර්‍ය්යන් පිළිබඳව අඩු අවබෝදයක් ඇත්නම් එවැනි කාර්‍ය්යන්ද පිටතට පැවරීම මඟින් සාර්ථකව සිදු කරගත හැක.

BPO මඟින් ඔබට අත් කරගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහතින් දක්වා ඇත.

01. පිරිවැය ඉතිරිකිරීම්
BPO හි ප්‍රදානතම වාසියක් වන්නේ එමඟින් සැළකිය යුතු පිරිවැයක් ඉතිරි කරන අතරම ඔබට ගුණාත්මක සේවාවක් ලබා ගතහැකි වීමයි. උදාහරණයක් ලෙස, විශේෂයෙන්ම සුළු හා මධ්‍ පරිමාණ ව්‍යාපාර වල මානව සම්පත් යනු එදිනෙදා කාර්‍ය්යන් සාපේක්ෂව අඩු රැකියාවකි. වර්තමානයේ දී අවම රු. 35,000 ක ගෙවීමක් කරමින් සේවකයෙකු තබා ගැනීමට වඩා එම කාර්‍ය්යන් outsource කිරීම මඟින් පිරිවැය අවම කර ගැනීමටත් එම පිරිවැය ව්‍යාපාරයේ දියුණුව සඳහා යෙදවීමටත් ඔබට හැකියාව ලැබේ.

02. වත්කම් නිසි පරිදි භාවිතා වන බවත්, සේවකයන් නිසි පරිදි කටයුතු කරන බව තහවුරු කර ගැනීමට හැකි වීම
ව්‍යාපාරයක අයිතිකරුවන් යනු ඉතා කාර්‍යබහුල පිරිසක් වන අතර ඔවුන්ට ඇතැම්විට ව්‍යාපාර කිහිපයක් පිළිබඳ ඔහුගේ අවදානය යොමු කිරීමටද සිදු විය හැක. එවැනි මද සුපරීක්ශණ තත්වයන්හිදී සේවකයන් විසින් ව්‍යාපාරික වත්කම් අවභාවිත කිරීම, තම කාර්‍ය්යන් නිසි ලෙස ඉටු නොකිරීම වැනි ගැටළු ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී. ඔබත් එවැනි කාර්‍යබහුල පුද්ගලයෙක් නම්, ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් කටයුතු සොයා බැලීමේ කාර්‍ය්ය පිටතට පැවරීම මඟින් ඔබට අදාළ ගැටලු සාර්ථක ලෙස විසඳා ගත හැක.

03. විශේෂිත කුසලතා සහ ප්‍රවීණත්වය තුළින් ප්‍රයොජන ගැනීමට හැකි වීම
BPO සපයන්නන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වේ. ඇතැම් කාර්යයන් බාහිරින් ලබා ගැනීමෙන්, ව්‍යාපාර විසින් ව්‍යාපාරය තුළින් ලබා ගත නොහැකි විශේෂිත කුසලතා සහ කර්මාන්ත දැනුම සඳහා ප්‍රවේශය ලබා ගනී. මෙමගින් සේවා ලබාගන්නන්ට අදාළ සේවාවේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මක භාවය වැඩිදියුණු කරගැනීමට හැකියාව ලැබේ.

04. ව්‍යාපාරයේ මූලික කාර්‍ය්යන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකියාව ලැබීම
තම ව්‍යාපාරයේ මූලික නොවන ක්‍රියාකාරකම් බාහිරින් ලබා ගැනීම මඟින් එහි විශේෂ අවදනයක් යොමු විය යුතු පැතිකඩ සඳහා අවදානය ලබා දීමට වැඩි කාලයක් ලැබේ. සාමාන්‍ය හෝ කාලය ගතවන කාර්යයන් බාහිරට පැවරීමෙන්, සේවා ලබා ගන්නන්ට ඔවුන්ගේ තරඟකාරී වාසියට සෘජුවම දායක වන මූලික ව්‍යාපාරික කාර්යයන්, නවෝත්පාදන සහ අගය එකතු කළ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කළ හැකිය.

05. අවදානම් අවම කිරීම
ඇතැම් කාර්යයන් බාහිරින් ලබා ගැනීම එම ක්‍රියාකාරකම් හා සම්බන්ධ අවදානම් අවම කිරීමට උපකාරී වේ. BPO සපයන්නන් බොහෝ විට හොඳින් ස්ථාපිත ක්‍රියාවලීන්, ශක්තිමත් ආරක්ෂක පියවරයන් සහ අවදානම් මඟහැරීමේ ක්‍රම පිළිබඳ අවබෝදයක් ඇති අයවේ. එමනිසා ඔවුන්ගේ සේවාව ලබා ගැනීම හරහා ඔබගේ ව්‍යාපරික අවදානම් අවම කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගත හැක.

ඉහත දක්වා ඇති පරිදි ඔබගේ ව්‍යාපාර කටයුතු පිටතට පැවරීම මඟින් ඔබගේ ව්‍යාපාරය කෙරෙහි විශාල ධනාත්මක බලපෑමක් ඇති කළ හැක.

DNS Consultancy හරහා ඔබට අවශ්‍ය සේවාවන් සාධාරණ මිලකට ලබා ගැනීමට අවශ්‍ය නම් අපට Watsapp පණිවිඩයක් යොමු කරන්න.

What is DNS Consultancy?DNS Consultancy යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්  සාර්ථක ලෙස කළමනාකරණ උපාධිය හදාරන ලද සහ ක...
23/05/2023

What is DNS Consultancy?

DNS Consultancy යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාර්ථක ලෙස කළමනාකරණ උපාධිය හදාරන ලද සහ කළමනාකරණ ක්ෂේත්‍රය තුළ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයකුගේ මග පෙන්වීම යටතේ පවත්වාගෙන යන ව්‍යාපාරයකි. අපගේ මූලික ව්‍යාපාර කටයුත්ත වන්නේ අප සතු කළමනාකරණ දැනුම තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වීමයි. අපගේ සේවාවන් අතර ගිණුම්කරන පොත් තැබීම, ගිණුම්කරන පරීක්ෂාව, ව්‍යාපාර ක්‍රියාවලි සැකසීම, අභ්‍යන්තර පාලන ක්‍රම සැකසීම, මෙහෙයුම් උපායමාර්ග සැකසීම, රජයේ ලියාපදිංචි කටයුතු සිදු කිරීම, අලෙවිකරණ කටයුතු, සමාජ මාධ්‍ය කළමනාකරණය ප්‍රධාන වේ. අපගේ සේවාවන්හි විශේෂත්වය වන්නේ ඔබගේ ව්‍යාපාර පරිශ්‍රයටම පැමිණ අවශ්‍ය කටයුතු සිදු කිරීමට ඇති හැකියාවයි (මහනුවර අවට ව්‍යාපාරික ස්ථාන). ඒ අනුව ඔබට අවශ්‍ය නම් අප ඔබගේ ව්‍යාපාර පරිශ්‍රයටම පැමිණ අදාළ කටයුතු පරීක්ශා කිරීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය සේවා සැපයීමට බැඳී සිටිමු.

ඔබට අපගේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් වැඩි විස්තර සඳහා 075 2024429 ට Watsapp පණිවිඩයක් යොමු කරන්න.

Address

Digana
Kandy
20180

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:00

Telephone

+94752024429

Website

Alerts

Be the first to know and let us send you an email when DNS Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DNS Consultancy:

Share