25/09/2026
"අපේ අවුරුදු දෙකක සුන්දර ගමන"
මගේ ජීවිතයේ හයියක් වුණු ඇයත් එක්ක
ජීවිතේ එකට යන්න පටන් අරගෙන අදට හරියටම අවුරුදු දෙකක්. ❤️
මේ අවුරුදු දෙක දිහා ආපහු හැරිලා බලද්දී,
සතුටු වෙච්ච දවස් වගේම, අමාරු දවස් ගොඩක් තිබුණා.
විශේෂයෙන්ම මගේ මේ ව්යාපාර ගමන...
කුඩු කාගෙන, පොල් කටුත් එක්ක ඔට්ටු වෙමින්
නිර්මාණයක් කරන්න මහන්සි වෙන්නේ මම වුණාට...
ඒ නිර්මාණය ලස්සනට ලෝකෙට අරගෙන යන්න,
එකින් එක වැඩ පිළිවෙළකට කරගෙන යන්න,
මට නොපෙනෙන තැන ඉඳගෙන මාව ශක්තිමත් කරන්නේ ඇය.
ඇත්තටම කියනවා නම්...
මගේ මේ ගමනේ ඇය
මගේ බිරිඳ විතරක් නෙවෙයි.
මගේ හයිය.
මගේ සහකාරිය.
මගේ ලොකුම ආශිර්වාදයක්. ❤️
ඉතිං...
අද අපේ ජීවිතේ තවත් ලස්සන මතකයක් එකතු වෙන දවසක්.
අපි මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුළේ
තවත් ලස්සන මතක ගොඩක් එකතු කරගෙන,
හිනාවෙමින්, වැටෙමින්, නැගිටිමින්...
අපේම විදිහට
ලස්සන සුන්දර ගමනක් යන්න
ඇය තව තවත් මට ශක්තියක් වේවි කියලා
මම හදවතින්ම විශ්වාස කරනවා.
ඉතිං අද...
ව්යාපාරය ගැන, නිර්මාණ ගැන කතා නොකර,
අපේ ජීවිතේ පුංචිම පුංචි සුන්දර මතකයක්
ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එක.
හැබැයි...
මේක අපේ ගමන නවත්වන දවසක් නෙවෙයි. ❤️
හෙට ඉඳන් ආයෙත්
පොල් කටුත් එක්ක ඔට්ටු වෙලා,
අලුත් නිර්මාණ හදලා,
අපේ ව්යාපාරයේ ලස්සන කතා
ඔයාලා එක්ක බෙදාගන්න අපි එනවා.
අපිත් එක්ක මේ ගමන පුරාවටම රැඳිලා ඉන්න
ඔයාලා හැමෝටම...
බොහොම ස්තුතියි. ❤️
ඇත්තටම...
බොහොම ආදරෙයි.
එහෙනම් හැමෝම පරිස්සමින්, සතුටින් ඉන්න.
අපි නැවතත් හෙට දවසේදී
අලුත් නිර්මාණයක් එක්ක හමුවෙමු. 🌿❤️