Edirisinghe Gems

Edirisinghe Gems buying & selling gem

💎💎💎💎"මැණික් නැති පොළවක ගජරාමෙට යන බේරුවල පත්තෙකඩේ මැනික් පොල "💎💎💎💎💎💎බේරුවල  ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසේ පිහිටි වෙරළබඩ නග...
29/07/2023

💎💎💎💎"මැණික් නැති පොළවක ගජරාමෙට යන බේරුවල පත්තෙකඩේ මැනික් පොල "💎💎💎💎💎💎
බේරුවල ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසේ පිහිටි වෙරළබඩ නගරයක් වන අතර එය පාතේකඩේ පිහිටා ඇති මැණික් වෙළඳපල සඳහා ප්‍රසිද්ධය. බේරුවල මැණික් වෙළඳපොල එහි විචිත්‍රවත් වර්ණ සහ මැණික්, නිල් මැණික්, මරකත සහ තවත් බොහෝ වටිනා හා අර්ධ වටිනා මැණික් ගල් සඳහා ප්‍රසිද්ධය. විවිධ මැණික් වර්ග විකිණීමට විශේෂත්වයක් දක්වන වෙළඳසැල් ඔබට සොයා ගත හැකි අතර, මෙම වෙළඳසැල් බොහොමයක් පවත්වාගෙන යනු ලබන්නේ මැණික් වෙළඳාමේ වසර ගණනාවක අත්දැකීම් ඇති පළපුරුදු මැණික් ව්‍යාපාරිකයින් විසිනි.

බේරුවල මැණික් වෙළෙඳ පොළ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම වෙළෙඳ පොළක් ලෙස සැලකෙන අතර එය ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයන්ගේද ජනප්‍රිය ගමනාන්තයකි. වෙළඳපොළ වසර පුරා විවෘතව පවතින අතර සිකුරාදා හැර සතියේ ඕනෑම දිනක ඔබට එය නැරඹිය හැකිය. බේරුවල මැණික් වල මිල සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් තැන් වලට වඩා අඩුයි, කේවල් කරන්න දක්ෂ නම් හොඳ ඩීල් එකක් ගන්න පුළුවන්.

සමස්තයක් වශයෙන්, ඔබ ශ්‍රී ලංකාවේ මැණික් මිලදී ගැනීමට කැමති නම් ගවේෂණය කිරීමට පාතේකඩේ පිහිටි බේරුවල මැණික් වෙළඳපොළ කදිම ස්ථානයකි. එය විචිත්‍රවත් වර්ණ සහ මැණික් ගල්වලින් පිරුණු කාර්යබහුල වෙළඳපොළක් වන අතර එය අනිවාර්යයෙන්ම සංචාරය කිරීම වටී.

රත්නපුර පල්ලිය පාර1960 දශකයෙ අග භාගය ගැන ලියවුන ලිපියක්කඩවලින්, මැණික් කපා ඔපලන පැරණි හන පෝරුවල ඒකකාරී කංකරච්චල් හඬ ඇසේ....
25/06/2023

රත්නපුර පල්ලිය පාර
1960 දශකයෙ අග භාගය ගැන ලියවුන ලිපියක්

කඩවලින්, මැණික් කපා ඔපලන පැරණි හන පෝරුවල ඒකකාරී කංකරච්චල් හඬ ඇසේ. මේ මැණික්වලට පරසිදු රත්නපුර නගරයයි. මේ සටහන හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ මුල් භාගයෙන් යුතු රත්නපුරයට මැණික් වසන්තය විලිලමින් පැවති වකවානුව ගැනය.

අප එකල ඉගෙනුම ලැබුවේ රත්නපුර නගරයේ පිහිටි එකම මිෂනාරි පාසල වූ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේය. පාසල පිහිටි පල්ලිය පාර දෙපස මෙන්ම නගරයේ ප‍්‍රධාන වීදිය ද අතුරු මංමාවත්වල යන එන්නන්ට මග දෙපස පිහිටි යෝනක වෙළෙඳුන්ට අයත් මැණික් කඩවලින් නිකුත්වූ හනපෝරු හඬ අහඹු හෝ ආගන්තුක නොවිණි.

මේ කියන වකවානුවේ රත්නපුර නගරයේ පෙනුම බෙහෙවින් පැරණිය. එසේම නොම රමණීය ද විය.

කඩ සාප්පු බොහොමයක් පල දෙකේ වහල සහිත පැරණි පන්නයේ ගොඩනැගිලිය. ඉනුත් බොහොමයක පියස්ස වැසී තිබුණේ සිංහල උළු වලිනි. රත්නපුර මහ වීදිය, ෂාවියා මාවත, උසාවිය මාවත ඇතුළු ලොකු කුඩා මාවත් අතුරු මාවත් දෙපස වැඩි ගොඩනැගිලි සංඛ්‍යාවක් මැණික් මිලදී ගැනීමේ කඩ සාප්පු වලට වෙන්ව තිබිණි. එම කඩ සාප්පුවල මුහුණතම පිවිසුම් දොර විය. මනාකොට බිම ඔපලූ ඒවායේ ඉදිරි ආලින්දවල ගෘහ භාණ්ඩ ද ඉතා සීමිතය.

ඇඳි පුටුවක් දෙකක් තේක්ක දැවයෙන් කළ පැරණි පන්නයේ අල්මාරියත් එකී ගෘහ භාණ්ඩ ස්වල්පයට ඇතුලත්ය. විවෘත ආලින්දයට ඔබ්බෙන් ඇති කුටිවල කුමන ගුප්ත කරුණක් සිදුවේදැයි නිනව්වක් කුඩා අපට තබා එදා රත්නපුරයේ වැඩිහිටියන්ටවත් නොවිනි. ඉදිරි ආලින්දයේ තැබූ ඇඳි පුටුවල කල්පනා සහගත පෙනුම ඇති යෝනක මැණික් වෙළෙන්දකු දෙදෙනකු අසුන්ගෙන සිටී. ඔවුන්ගේ ඉතා පිරිසිදු දෙපා පුටු උඩම වකුටුකරගත් ගමන්ය. ඔවුන්ගේ තියුණු ඇස් ආලින්දයේ පසෙක ක‍්‍රියාත්මක වන හනපෝරු වල රැඳිලාය.

රත්නපුර අනාධිමත් කලක පටන් මැණික් නිසා ලෝකප‍්‍රකට විණැයි ඒ සන්ධියේ අපේ ගම ගැන පාසල් රචනාවකට මුල පුරමින් අප නොවැරදීම සඳහන් කළෙමු. ඒ එසේ වූවද හැත්තෑව දශකයේ ආරම්භ වන තෙක්ම මැණික් සම්පත්තියෙන් රත්නපුරයට හෝ රත්නපුර කේන්ද්‍ර කරගත් සබරගමුව වාසීන්ට අත් පත් වූ සමාජ ආර්ථික හෝ වෙනත් සුවිශේෂ ප‍්‍රතිලාභ නොවිණි.

නගරයේ පවත්වාගෙන ගිය මැණික් වෙළෙඳසැල් හිමියෝ මැණික් වෙළෙඳසැල් හිමි යෝනක බහුතරය පදිංචිව සිටියේද බේරුවල අලූත්ගම දර්ගා නගරය වැනි සබරගමුවෙන් දුර බැහැර ප‍්‍රදේශවලය. එබැවින් ඔවුන් රැස් කරන ධනය රත්නපුරයෙන් බැහැරට ගලා ගියා මිස සංකේතවත් ප‍්‍රතිලාභයක් හෝ රත්නපුරයේ නොරැඳිනි. එදා මැණික් වෙළෙඳාම සිදුවූයේ ද ගන අන්ධකාරයේ සිදුවූ ගනුදෙනුවක් සේය. ගෙඟ් මුහුදේ දැමුවා වැනි එම ගනුදෙනු ගැන වංහුං කටකතා පුරසාරම් පැතිර ගියා මිස ගෙන හැර පෑමට දත්තයක් සංඛ්‍යා ලේඛනයක් ඇසූ දුටුවකුවත් එකල නොවිණි.

වඩා වටිනා මැණිකක් ලැබුණු විට එය විකිණීමට බේරුවල බලා යාමේ පුරුද්දක් රත්නපුරයේ මැණික් පතල්කරුවන්ට තිබිණි. බේරුවල ගියෝ ආපසුවිත් කී කයිකතන්දර රත්නපුරයේ අපට අරාබි නිසොල්ලාසය සිහිපත් කළේය. විසල් මැදුරු සුවපහසු යාන වාහන ගැන පමණක් නොව රත්නපුරයේ මැණික් කඩවල තනිකඩයන්සේ විසූ යෝනක මැණික් වෙළෙන්දන්ගේ රහසිගත ඇවතුම් පැවතුම් පිළිබඳව ද එම කථා සමන්විත විය.

බේරුවල වෙසෙන ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ රූසොබා මැණික් වෙළෙඳාමට බේරුවල ගිය අපේ ඇත්තෝ ආපසු රත්නපුරයට ඇවිත් කීවේ රහ කර කර ය. ඒවා ඇසූ අපට හැඟුනේ බේරුවල යනු මහේශාක්‍ය ඉසුරුමතුන් ජීවත්වන තව්තිසාවම බවය. පල්ලිය පාරෙන් ආරම්භ වී අප පාසලේ මුව විට දක්වා දිවෙන දිගු පිය ගැට පෙළේ රැඳී සිටින අපට හැම උදෑසනම දකින්නට ලැබෙන්නේ දිය නෑමට ගිය හෝ දිය නා ආපසු එන යෝනක මැණික් වෙළෙඳුන්ය.

ඔවුන් පැමිණියේ තනි තනිව නොව රංචු පිටිනි. පොම්ප කැලේ ජලාශයෙන් උතුරා විත් දුම්රිය පොළ ආසන්නයේ පිලී කටකින් ඇද හැලෙන සීතල දියෙන් නා පිරිසිදු වීම මේ යෝනක වෙළෙඳුන්ගේ දෛනික කටයුතුවල මුල්ම කටයුත්තය. ඔවුන් ඇඳ සිටියේ කොටු අල්ලි සහිත පලේකාට් සරොම්ය. ඒවා ද සිංහල මිනිසුන්ට වඩා මඳක් කොටටය. උඩුකය අත්දිග මේස් බැනියමකින් වැසිලාය. පය ලෑවේ කට්ට කෑලි ලෙස හැඳින්වූ සැහැල්ලූ ලී අඩියකින් හා සරල හංකඩකින් යුත් මිරිවැඩි වෙසෙසකි.

ඒවා පැළඳ තාර ඇතිරූ පාර දිගේ ඔවුන් ඇවිද යන විට කුමක්දෝ මෝගල් වාදනයක සැඟවුණු හඬක් නිම්නාද වේ.

උන්හිටිවනම මේ සුපුරුදු ඒකාකාරී සියල්ල වෙනස්වන බවක් හැඟී ගියේය. එක්තරා ඉරිදා උදෑසනක රත්නපුර බණ්ඩාරනායක මාවතේ පුංචි ටවර් වීව් හෝටලය නමින් හැඳින්වූ තේ කඩ පොඩ්ඩ නව සළු පිළියෙන් සැරසී බලා හිඳී. රත්නපුර නගරයේ ටවර් වාසගමින් යුතු ආපන ශාලා දෙකක් විය.

පානදුරේ සුප‍්‍රකට සල්ගාදු බේකරි පවුලට හිමි ලොකු ටවර් එක නමින් හැඳින්වූ ආපන ශාලාව ලිපිකරුවන් ඇතුළු මධ්‍යම පන්තිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රියව තිබූ තිප්පොළකි.

ඒ හැරුණුවිට පුංචි ටවර් හෝටලය ලෙසින් හැඳින්වූ පල දෙකේ පියස්ස සහිත පැරණි පන්නයේ තේ කඩය පහළ මධ්‍යම පාන්තික මිනිසුන්ට ඇරුණකි. පුංචි ටවර් හෝටලය නව සළුපිළියෙන් සැරසී එකවර මල්වරවීමේ පිටුපස පැවතියේ මේ රටේ සමාජ ආර්ථික පෙරැළියක සමාරම්භක සටහන නොවේදැයි දැන් මට සිතේ.

ටවර් වීව් හෝටලය සහ බේකරිය යන දුඹුළු ගැසුනු නාම පුවරුව වෙනුවට රත්නාලෝක හෝටලය සහ බේකරිය යන විචිත‍්‍ර නාම පුවරුව, කඩියන්සේ ඔබ මොව දුවන සේවක මඩුල්ල රසවත් ආහාර පාන සාධාරණ මිල ගණන් පමණක් නොව වාසනාව උතුරන මුහුණක් සහිත පසුකාලීනව රත්නාලෝක මුදලාලි ලෙසින් ප‍්‍රකට වූ නව අර්ථපතියාගෙන්ද එම විසිතුරු කඩපොඩ්ඩ සමන්විතය.

ඒ සමගම මැණික් වෙළෙඳාම සමග බැඳුනු රත්නපුර පොළවේ උපන් නව මැණික් ව්‍යාපාරිකයන් පිරිසක් කරළියට පැමිණියේ පෙරහැරක් ගානටය.

එතෙක් අඳුරේ සිදුවූ මැණික් වෙළෙඳාම අලූත් සංස්කෘතියක් ලෙස මතුවූයේ එහි විවිධ හැඩතල රත්නපුරයේ මිනිසුන්ගේ පියවි ඇසට දැකගත හැකි අයුරිනි. රත්නපුර නගරයේ පැරණි වලව් සහ බංගලා කීපයක්ම තිබිණි. මේ කියන අලූත් මැණික් පරපුර ඒවායෙන් බොහෝමයක් මිලට ගත්තේ එකල සිතීමටවත් බැරි තරම් ඉහළ මිල ගණන්වලටය. කුරුප්පු දොස්තර මහතා සතු බණ්ඩාරනායක මාවතේ පිහිටි දැවැන්ත බංගලාවද ඉන් එකකි. ඔහුගේ තුරුණු දියණියන් තිදෙනාගේ ඇඟිලි තුඩුවලින් පෙරී ආ දුක්මුසු පියාණෝ හඬ ප‍්‍රතිකාර ගැනීමට කුරුප්පු මහතා වෙත එදා පැමිණි අප තුළ සංවේදී හැඟීම් ජනිත කළේය.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් රත්නපුරයෙන් බිහිවූ වියත් පඬිරුවනකි. උන්වහන්සේ අතින් ලියවුණු පොත් පත් රැසක්ම මුද්‍රණය වූයේ කුරුප්පු දොස්තර මහතාගේ බංගලාවට මඳක් දුරින් පිහිටි සුප‍්‍රකට ශාස්ත්‍රෝදය මුද්‍රණාලයේය.

එය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිල්ලේ සිට එදා හේලියන්ස් පාර ලෙස හැඳින්වූ අද ධර්මපාල මාවත බවට පත් පරාසය පුරා පැතිර ගිය බොහෝ පැරණි ගේ දොර දෝරේ ගැලූ මැණික් වස්සාන ගංවතුරට හසුවිය.

සිංහලයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද රුක්මණී දේවියගේ සමීපතම ඥාතිවරයකු විසූ පැරණි පන්නයේ බංගලාවක් රත්නපුර ලංකා බැංකු ශාඛාව ඉදිරිපිට පැවතිනි. දශක හතර පහකට පෙර යුරෝපයෙන් ආනයනය කළ පැරණි ටොෆි ටින්වල දක්නට ලැබූ පිටිසර බංගලාවක රූ සටහන් සිහිපත් කළ එනිවස මැණික් වසන්තය හමුවේ යළි පුනරුත්පත්තිය ලැබුවේ නිලානි සංචාරක හෝටලය ලෙසිනි.

රත්නපුරයේ මැණික් වසන්තය හා බැඳී පුරෝගාමී වෙළෙඳ සන්නම් නාමය වූයේ රත්නාලෝක යන්නය. ඊට සමකාලීන නිමල් පතිරණ මහතා නිලානි සංචාරක හෝටලයේ හිමිකරුවාය.

නිලානි එකෙන් කාලා එන ගමන් යනුවෙන් පැවසීම වසර තිහ හතළිහකට පෙර මැණික් සංස්කෘතියට අනන්‍ය වූ පුරාජේරුවකි.

සබරගමුවේ තරු ගණයට වැඩෙන ප‍්‍රථම සංචාරක හෝටලය ඇරඹෙන්නේද මේ කියන වකවානුවේදීය. එවක අප පදිංචිව සිටියේ පානදුර පාර අද්දර කුඩා කුලී නිවසකය.
පැයකට වරක් ප‍්‍රධාන පාරේ රත්නපුරයේ සිට කහංගම දක්වා නොවරදවාම උඩ පහළ ගිය 22 ශ්‍රී 3521 දොරටු දෙකේ ලේලන්ඩ් බස් රථයට ටවුන් සර්විස් එක නමින් ගම්වාසීන් අපර නමක් පට බැඳ තිබිණි.

එදාටත් වඩා නාගරීකරණය වූ මෙකල ටවුන් සර්විස් යන අන්වර්ථ නාමය අප වෙතින් ගිලිහී ගොසිනි. ඒ මන්ද යන්න මට මහත් කුහුලකි. ටවුන් සර්විස් එකට අමතරව පානදුර රත්නපුර අතර බස් රථ රැසක් ධාවනය විය. ඉන් එකක් හැඳින්වූයේ පරගල පාන් බාගය ලෙසින්ය. කිරිඇල්ල හැරනියාවකදි කළු ගඟ හරහා පාලම් පාරුවකින් එගොඩ කෙරෙන පාන් බාගය කුකුළු කෝරලයට අයත් පරගල දක්වා ධාවනය විය.

මෙම රථ වාහනවලට අමතරව එදා ළමා වියේ සිටි අපේ නෙත් සිත් ඇදගත් තවත් අපූරු රථයක්ද විය. ඒ සැප පහසු බෙන්ස් රථයකි. කොකෝ ජයතිලක නමින් ප‍්‍රසිද්ධව සිටි වතු හිමි ප‍්‍රභූවරයකු එම කාල වර්ණ බෙන්ස් රථයේ හිමිකරුවාය.

රථය පදවන ඔහුගේ ප‍්‍රතාපවත් බව දෙගුණ තෙගුණ කරමින් නිතර මුවග රැඳි දුම් පයිප්පයකි. පනස් විය ඉක්මවූ බර්ගර් ජාතික ජයතිලක මහත්මිය රථයේ ඉදිරි අසුනේ නොමැති අවස්ථාවක් නොතිබුණු තරම්ය. එහි පිටුපස අසුන ප‍්‍රභූ බලූ පවුලකට අයත් සුනඛ පතිපතිනියන් දෙදෙනෙකුට වෙන්විය.

ඩඩ්ලි සේනානායක අගමැතිවරයා සමග ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අකුරු කළ කොකෝ ජයතිලක මහතාගේ මනරම් බංගලාව පිහිටියේ කහංගමට නොදුරු කොස්ගල වතුයාය මැද පිහිටි මනරම් බිම් කඩකය. හුදෙකලාව පිහිටි එම මන්දිරය දුටුවෝ විරල වූව ද නොදුටු හොල්මන් ගැන කයිවාරු සහ මුසාබස් දොඩන අයුරින් ඒ මන්දිරය බොහෝ කරුණු ගොතා කියන්නන්ට නිමිත්තක්ම විය. ඩඩ්ලි සේනානායක මහතා රත්නපුරයට පැමිණ රැයක් ගත කළේ නම් ඒ සඳහා තෝරාගත්තේද කොකෝ ජයතිලක මහතාගේ කොස්ගල හුදෙකලා බංගලාවය.

කොකෝ ජයතිලක මහතාට අයත් කොස්ගල බංගලාව හා වතු යායම රත්නාලෝක මුදලාලි මිලට ගෙන ඇති බව එක්තරා දිනයක මුළු රත්නපුරයම සිසාරා පැතිර ගිය ආරංචියකි. එපුවත රත්නපුරයේ ඇතැම් සමාජ ආර්ථික පන්තිවල උදවියට ලොමු දැහැ ගන්වන පුවතක් විය.

අදීන සාමාන්‍ය මිනිසුන් අතරින් මතු වූ රත්නාලෝක මුදලාලි වැනි පුද්ගලයකු එය මිලට ගැනීම සමාජ කම්පනයකට වඩා මෙරට සමාජ ආර්ථික වෙනසක සමාරම්භයකි. එහෙත් එකල අපි එම සංසිද්ධිය විග‍්‍රහ කිරීමට තබා සිතා බැලීමට තරම්වත් මෝරා නොසිටියෙමු.

කඩතුරාවකින් වැසී පැවතී මැණික් වෙළෙඳාමේ අනුහස් සහ එහි ප‍්‍රතිලාභ මෙසේ රත්නපුරයේ සිංහල මැණික් වෙළෙඳ පරපුරක් විසින් දැන හෝ නොදැන සමාජයට නිරාවරණය කරන ලද්දේ තවත් විශාල පිරිසකට ද එමග පැමිණෙන්නැයි විවෘත ආරාධනයක්ද සමගිනි.

මේ කියන වකවානුවේ පෞද්ගලික බස් රථ සේවා ආරම්භව නොතිබිණි. රත්නපුර ලංගම බස් නැවතුම්පොල වත්මන් කාර්ගීල්ස් සුපිරි වෙළෙඳසල් භූමියේ පවත්වාගෙන ගියේය. පුංචි කෝච්චියද මේ කියන දවස්වල ඕපනායක ගියේ රත්නපුර හරහාය. එදා රත්නපුර දුම්රියපොල අද රත්නපුර මධ්‍යම බස් නැවතුම්පළ ලෙසින් මුළුමනින්ම උඩු යටිකුරු වෙලාය.

යුරෝපයේ හුදෙකලා ගම්මානයක මැද පිහිටි පැරණි දුම්රිය නැවතුම්පොළක් සිහි ගන්වන රත්නපුර දුම්රිය නැවතුම්පොළ පිහිටියේ අප පාසල ඇසෙන පෙනෙන මානයේය. ඇලෝසියස් පිරිමි විදුහලේ දරුවන් වූ අපට එකල දිවා කල හුරුපුරුදු නාද මාලා කිහිපයක්ම තිබිණි. මේ සටහන මුලදී සඳහන් කළ රෝහිත මිරිස් මෝලේ ඇඹරුම් හඬ පළමුවැන්නය. එම හඬට සිඟිති මිරිස් කුඩු සුවඳකුත් මුහුවෙලාය. මිරිස් කුඩු සහ ලූණු කුඩු ඇබිත්තක් සමග පාසලේ පිය ගැට පෙළ පාමුලේ මහලූ අත්තම්මකු පොතු රැහැ විකුණන ඇඹරැල්ලා ගෙඩියක රසය ද සිහිපත් වේ. එම අග‍්‍ර භෝජනයේ මතකය දශක හතරකට පසුව ද අද දවසේ අපේ කටට කෙල උනවයි.

දෙවැනි හඬ පිල්ලිය පාර දෙපස මැණික් කඩපිල්වල හනපුවරුවලින් නික්මෙන මැණික් ගලගානා හඬය. අනෙක නොවරදාවම දහවල් 12ට පාසල යාබද ඇසෙන දෙව් මැදුරේ යෝධ සීනුවලින් නිකුත්වන හඬය. පාසල් රජයට පවරාගන තිබුණ ද මිෂනාරීවරු ලෙස පැමිණි ඉතාලි පූජකවරු තවමත් පාසල් වැටෙන් එහා ශාන්ත පාවුලූ සහ පෝල් දෙවස්ථානයේ පුළුල් ගෙමිදුලේ සක්මන් කරනු අපට පෙනේ. ඔවුනගේ මුහුණු ගුප්තය. එහෙත් සිනාසෙන විට කරුණාව පෙරේ.

ඊටත් අමතරව ඒ දිනවල අප විදුහලේ අකුරු කරමින් සිටි ඇනස්ලි මාලේවන, සුනිල් මාලේවන සහ පිටතින් පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු ඇතුළු පිරිස පාසල අහල පහළ කොතැනක හෝ සිට ගිටාරයක තත් පිරිමදින හඬය. පසුකාලීනව මුන්ස්ටොන් සංගීත කණ්ඩායම ලෙස ප‍්‍රකට වූ ඔවුන් සිය මූලික පුහුණුවීම් කළේ එසේය. රත්නපුරයේ පසුකරමින් ගිය අඟුරු කෝච්චියක හඬ ද එදා අපේ ජීවිතයේ කොටසකි. ජෝර්ජ් ස්ටීවන්සන් යුගය සිහිපත් කරමින් පැමිණි දුම්රිය එන්ජිමක් දුම්රිය ගැල් එකිනෙක මූට්ටු කරමින් හැම උදේකම කරන හරඹය හැඳින්වූයේ ෂන්ටින් කරනවා ලෙසින්ය.

ස්ටේෂන් මාස්ටර්ගේ පුත‍්‍රයා වීස් බෝලයක් බඳු කීත් වැන්ඩර්වත් අකුරු කළේ අපේ පන්තියේය. ඔහුට අමතරව ඇන්ටන් නාසරත්, රොබින් කීගල් වැනි අපේ දිවට නුහුරු නම් සහිත අපට වඩා හුරු බුහුටි කොලූ කුරුට්ටෝද එදවස අප පන්ති සගයන් අතර වූහ.

අපේ පාසලේ සීනුව නාද කළේ සෙබස්තියන් සොන් හැඳින්වූ මහළු දමිළ කිතුණුවෙකි. එහෙත් පාසලේ බහුතරයට ඔහු සෙබ්බාය. රාජමනී සර් අපේ ගණිත ගුරුවරයාය. සෙබ්බා නැති කළ සීනුවේ කාර්ය පැවරුණේ අන්තෝනිටය. විදුහල්පති නිවසේ රැුඳී සිටි අන්තෝනි අප විද්‍යාලයේ දමිළ අංශයේ ඉගෙනුම ලැබීය. මිෂනාරි හැඩරුව ගුණ මුළුමනින් මැකී නොගිය හැටේ දශකයේ අග භාගයේ අප විදුහල්පතිවරයා ද ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයෙන් පැමිණියෙකි.

එතුමන්ගේ බිරිය බර්ගර් ජාතික කාන්තාවකි. මේ ආත්මයේ පමණක් නොව මතු ආත්මවල පවා අපට ඉංග‍්‍රීසි වහකදුරු කීරීමට එතුමියගේ සැර පරුෂ ඇවතුම් පැවතුම් කරුණු කාරනා විණැයි මට සිතේ.

මේ කියන වකවානුවේ වන්දනා හා අධ්‍යාපන ගමන් සඳහා රත්නපුර නගරයටම තිබුණේ පෞද්ගලික බසර් රථ දෙකකි. එම බස් රථවල බඳෙහි බුලත්සිංහල සංචාරකයෝ යැයි පොල් ගෙඩි අකුරින් සටහන් කරලාය.

බුලත්සිංහල සංචාරකයෝ සංචාරය කරන අවස්ථාවලට වඩා ගරාජවල කොට උඩට වී ගිමන් නිවන අවස්ථා සුලභය. මොරගහයට පියදාස ගරාජය, පුළුඟුපිටියේ පියසේන ගරාජය එසේ ඔවුන් සති ගණන් කොට උඩ ගිමන් නිවූ ස්ථානයන්ය.

අද ඒ එක තැනකවත් බෙහෙතකට ගන්නවත් ගරාජයක් තබා අඩු තරමින් ග‍්‍රීස් ඇබිත්තක්වත් සොයා ගන්නට බැරි තරම්ය.

හිටුවනම ඇස් කඩා හැළෙන තරම් වෛවාරන්න අලූත්ම අලූත් බස් රථ දෙකක් නමෝ විත්තියෙන් රත්නපුරයට ගෙනාවේද රත්නාලෝක මුදලාලි මහත්මාය. 1969 කොළඹ පැවති වෛද්‍ය විද්‍යාල සියවස් සැමරුම ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් වශයෙන් අප කොළඹ ගියේද කිරි ටොයියන් වන් එම බස්රථ වලය. මේ කියන වකවානුවේම අප පාසලේ ආදි සිසුවෙකු වූ නිමල් පතිරණ මහතා මැණික් වෙළෙඳපොළ ප‍්‍රකට චරිතයක් බවට පත් වූයේ හද්‍ර යෞවන වියේදීමය.

අංක 752 එසේත් නැත්නම් 7777 යන සුපතල අංක තහඩුවලින් යුතු අති නවීන මෝටර් රථ පදවමින් නිමල් පතිරණ දොඩම්පේ සිට රත්නපුර නගරයට පැමිණියේ සංගීත රිද්මයට වැයෙන රථ නලාව නිම්නාද කරමිනි. මග දෙපස විසුවන්ට එම නාදය මග අද්දරට පැමිණෙන්නැයි පණිවිඩයක්ද විය. රථය ඇස නොගැටුන ද ඒ හඬ නිසා මග දෙපස පදිංචිකරුවෝ මේ තරුණ ව්‍යාපාරිකයාගේ සම්ප‍්‍රාප්තිය දුරතියාම හඳුනා ගනිති.

නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා පැමිණි රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රයෝජනයට මෙරටට ගෙනවිත් තිබූ හෝල්ඩන් කින්ස්ඩුඞ් නැමති අධි සුඛෝපභෝගී රථ පෙළින් කීපයක්ම පැවති වෙන්දේසියකින් පසු රත්නාලෝක මුදලාලි මිලට ගත් ආරංචිය ද තවත් තිගැස්සුණු ආරංචියක් විය.

විවිධ සම්පත් යාන වාහන මිලට ගත්සේම මෙම නව මැණික් පරපුර සමාජ සත්කාර සේවා රැසක් හඳුන්වාදීමට පුරෝගාමී විය. මැණිකෙන් උපන් හැම සතේම බේරුවල බොක්කේ සැඟව ගිය යුගය වෙනුවට අලූත් මැණික් වෙළෙඳාමේ අනුහස් නෙක වෙසින් රත්නපුර මහ පොළවෙන් මතු විය.

රත්නපුර මහ රෝහලේ ඉදිවුනු රත්නාලෝක සහ විජයනායක වාට්ටු සංකීර්ණ දෙක කජුගස්වත්ත කඳු මුදුනේ අව්කන බුදු අනුරුව එසේ මැණික් වසන්තය හරහා මතුවූ භෞතික නිර්මිතයෝය. පන්සල් පාසල පාලම් ආදිය පමණක් නොව මේ නව මැණික් වෙළඳ පරපුර සිය නමින් වෙසක් පොසොන් තොරණ දන්සැල් ආරම්භ කළහ.
දුගී මගී යාචකයන් සඳහා නොව අවශේෂ මිනිසුන් සඳහා ලංකා ඉතිහාසයේ පළමු වතාවට මුදලින් රුපියල් කෝටි ගණනක් බෙදා දෙන දාන පාරමිතාව ඇරඹියේ ද කහවත්තේ ගුරුගේ මහතා ඇතුළු රත්නපුරයේ සහ තදාසන්නයේ පදිංචි මැණික් ව්‍යාපාරික මහතුන්ය. සිංහල අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් මුදල් බෙදාදෙන පෝලිමට රැකී රක්‍ෂා කරන උදවිය පවා එදා එක්වූහ.

පවුල්පිටින් පැය ගණන් පෝලිමේ රැුඳී සිටි ඇතැමුන් දෙවැනි තෙවැනි වතාවටත් පෝලිමට එක් වූයෙන් ඇඟිලිවල තීන්ත ආලේපකොට මෙම මුදල් දාන පාරමිතාව ප‍්‍රජාතාන්ත‍්‍රික හා පාරදෘශ්‍ය කිරීමට සමහර ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.

රත්නපුරයට එළඹි මේ මැණික් වසන්තයේ සමාජ ප‍්‍රකාශන භෞතික නිර්මිතයන්ට පමණක් සීමා නොවිණි. ඇතැම් ව්‍යාපාරිකයෝ චිත‍්‍රපට නිෂ්පාදනයට ද අත ගැසූහ. පුරෝගාමී මැණික් ව්‍යාපාරිකයන් චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ඉන් ලැබෙන ලාභයට වඩා කීර්තිය ප‍්‍රශංසාව මෙන්ම ඒ හරහා තරු සමග ගැවසීමේ ඉඩකඩ ද ලැබෙන නිසා යැයි සමහරු ඔච්චම් කළෝය.

ආශා, එයා දැන් ලොකු ළමයෙක් වැනි චිත‍්‍රපට නිෂ්පාදකයෝ රත්නපුර මැණිකෙන් බිහිවූවෝ වෙති. මෙයට හතලිස් වසරකට පෙර රත්නපුර පල්ලියේ පාරේ එකම එක මිෂනාරී පාසලේ අකුරු කළ අප දැන් ජීවිතයේ සැඳෑ වියට ළංවෙමින් සිටින්නෙමු. එදා පල්ලිය පාරේ යනෙන විට අප සවන් පෑරූ හන පෝරුවල හඬ දැන් නෑසේ. හන පෝරුවක හඬ තබා දැන් හනපෝරුවක් පල්ලිය පාරේ බෙහෙතකටවත් සොයා ගැනීමට නැති තරම්ය. එදා අප පාසල ඇරෙන විට පමණක් ජනාකීර්ණ වූ දවසේ ඉතිරි කල පාළුවට ගිය පල්ලිය පාර අද එකම හිස් ගොඩකි.

ඒ පාළු පල්ලිය පාර වෙනුවට අද එහි ඇත්තේ කොළඹ මල්වත්ත පාරට නොදෙවෙනි විසූක දස්සනයන්ගෙන් පිරි කලබල තරගකාරීත්වයකි. රත්නපුර මැණික් වසන්තය මූර්තිමත් කළ පුරෝගාමී වෙළෙඳුන් පිළිබඳව ද අද ඇසෙන්නේ ඉඳහිටය.

ඒ වෙනුවට ඔවුන් එළි පෙහෙළි කළ මාවතේ පෙරට ආ අලූත් පරපුරරේ වෙළෙඳුන්ගේ විවිධ කඩ සාප්පු රත්නපුර මහ වීදියේ සහ අතුරු වීදිවල කොතෙකුත් දක්නට ලැබේ. සියල්ල අනියත යැයි මෙම සටහන අවසක් කළ හැකිය. එහෙත් මේ අවසානය ද තවත් යුගයක ආරම්භයයි. එම අලූත් යුගය සටහන් කරන නන්නාඳුනන පුද්ගලයා ද මේ පල්ලියපාරේ පෙනී නොපෙනී යන අනන්ත අප‍්‍රමාණ ජන සමූහය අතරම ඇතැයි මට සිතේ.

සුනිල් ලීලානන්ද පෙරේරා
Photo courtesy goes to the original uploader

22/05/2023

Chrysoberyl 💎💍💎...3+ct

👉 මැනික් ගැරීම සඳහා බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද ?.....💎💎💎💎💎💎 අධිකාරිය විසින් නිකුත් කරන ලද අයදුම්      පත්‍රය නිසි ලෙස සම...
20/02/2023

👉 මැනික් ගැරීම සඳහා බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද ?.....💎💎💎💎💎

💎 අධිකාරිය විසින් නිකුත් කරන ලද අයදුම් පත්‍රය නිසි ලෙස සම්පුර්ණ කර, අදාළ ලේඛන සමඟ ඉදිරිපත් කල යුතුය. (අයිතියේ ස්වභාවය අනුව ඉඩමේ 2/3 ක අයිතිය සනාථ කිරීමට අවශ්‍ය ඔප්පු, නඩු තීන්දු, පෙළපත් සටහන්, වසර දහයක පත් ඉරු, ඉඩම සඳහා පිඹුරක් වේ නම් එම පිඹුරෙහි සහතික පිටපතක්, උප්පැන්න මරණ,විවාහ සහතික, හිමිකම් වාර්තා, හවුල්කරුවන්ගෙන් ලබා ගත් කුවිතාන්සි, දිවුරුම් ප්‍රකාශ සහ ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත ආදිය)

💎 ඉඩමේ ස්වභාවය කුඹුරු ඉඩමක් නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලබා ගත් නිර්දේශය, විහාර දේවාලගමකට අයත් ඉඩමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිර්දේශය, රජයේ ප්‍රදාන පත්‍රයක් මත හෝ ඉඩම් සංවර්ධන ආඥා පනත් යටතේ වු දීමනා පත්‍රයක් මත ලැබුණු ඉඩමක් නම් අදාල ප්‍රාදේශිය ලේකම්වරයාගේ ලබාගත් නිර්දේශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව සතුව ඛනිජ අයිතිය රඳවා ගත් ඉඩමක් නම් ඉඩම් ප්‍රත්සංස්කරණ කොම්ෂන් සභාවෙන් ලබාගත් නිර්දේශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ඉඩමක් නම් මහවැලි අධිකාරියෙන් ලබාගත් නිර්දේශය යන ආදි ආයතනවලින් ලබාගත් අනුමැතිය එකඟතාවය සහිත නිර්දේශයන් ද ඉදිරිපත් කල යුතුය

💎 අදාළ ලේඛණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව, බලපත්‍රයක් ලබාගැනිමට සඳහා අවම වශයෙන් තිබිය යුතු අයිතිවාසිකම් අයදුම්කරු විසින් සපුරා ඇති විට ප්‍රාදේශිය සංවර්ධන නිළධාරියෙකු (ක්‍රියාත්මක නිළධාරි) අයදුම්කරුට දැනුම් දෙන ලබන දිනයක දී බලපත්‍රය ඉල්ලා සිටින ඉඩම හෞතිකව පරීක්ෂා කරනු ලබයි

💎 එසේ ඉඩම පරීක්ෂා කර “මැණික් ගැරීමේ බලපත්‍රයක් අයදුම් කර ඇති බවට” ප්‍රසිද්ධ කරන දැන්වීමක් ඉඩමේ ප්‍රදර්ශනය කරනු ලබයි. එසේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ එම ඉඩම සඳහා මැණික් ගැරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වන අය සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වීමට ය. එසේ විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් විරෝධතා පරීක්ෂණ පවත්වනු ලබයි

💎 දැන්වීම් ප්‍රසිද්ධ කිරීමෙන් පසු නියමිත දින 14 ක තාලය ඇතුළත විරෝධතා ඉදිරිපත් වී නොමැත්තේ නම් සහ අයදුම්කරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇති නම් අයදුම්කරුගේ තොරතුරු සහ ඉඩමේ තොරතුරු පරිගණක ගත කිරීමෙන් සහ නිලධාරීන්ගේ නිර්දේශ ලැබු පසු අදාල ඇප මුදල් සහ බලපත්‍ර ගාස්තු අය කිරීමෙන් සහ සභාපති සහ ප්‍රධාන විධායකගේ අනුමැතියෙන් සහ අත්සනින් යුතුව වසරක කාලයක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි

💎 අයිතිවාසිකම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම

💎 ප්‍රාදේශීය සංවර්ධන සහකාර විසින් දැන්වීම් පළ කිරීමෙන් පසු, විරෝධතා ඉදිරිපත් වී ඇත්නම් එකී සියලු විරෝධතා සම්බන්ධයෙන් අදාල කලාපයේ ප්‍රාදේශිය සංවර්ධන සහකාර විසින් හෝ සභාපති වරයා විසින් බලය පවරනු ලබන අධිකාරියේ වෙනත් නිළධාරියකු විසින් මුලික විරෝධතා පරික්ෂණ පවත්වනු ලබයි

💎 මැණික් ගැරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අය වන ගාස්තු

💎 බලපත්‍ර අයදුම්පත් ගාස්තු – රු. 500. 00 + VAT

💎 මුලික ගාස්තු (අයිතියේ ස්වභාවය අනුව) 💎තනි අයිතිය – රු. 1000.00 + VAT

💎 හවුල් අයිතිය – රු 40000.00+ VAT

💎 බදු අයිතිය – රු 40000. 00+ VAT

💎 සාමාන්‍ය පතලක් සඳහා ගාස්තු – රු. 5500. 00+ VAT

💎 හදිසි අනතුරු දීමනා (එක් පතලක් සඳහා) – රු. 500.00

💎 ඇප තැන්පතු එක් පතලක් සඳහා (ආපසු ගෙවන) – රු. 4500.00

💎 රජ‍යෙ‍් ඉඩමක් සඳහා අක්කර 01සඳහා 💎ඛනිජ බදු – රු 3000.00

🙏........උපුටාගැනීම 💎NGJA💎

Yellow Sapphire ( පුෂ්පරාග )කහ නිල් මැණික් යනු කොරන්ඩම් පවුලට අයත් මැණිකක් වන අතර එය රූබි සහ නිල් නිල් මැණික් ද්විත්වයකි...
09/02/2023

Yellow Sapphire ( පුෂ්පරාග )

කහ නිල් මැණික් යනු කොරන්ඩම් පවුලට අයත් මැණිකක් වන අතර එය රූබි සහ නිල් නිල් මැණික් ද්විත්වයකි. එය කහ, රන්වන් සහ තැඹිලි වර්ණවලින් ලබාගත හැකිය. ඉහළම ගුණාත්මක භාවය ලෙමන්-කහ වර්ණ ලෙස හැඳින්වේ. කහ නිල් මැණික් වල වර්ණය යකඩ සහ ටයිටේනියම් වේ.Hardness 9 වේ.

කහ නිල් මැණික් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන දෙවන නිල් මැණික් වේ. රන් කහ එහි ඉහළම මිලක් ඉල්ලා සිටින වාරික වර්ණ වර්ගයකි. මෙය සුදුමැලි කහ, දීප්තිමත් ලෙමන් සිට රන්වන් කහ දක්වා විවිධ වර්ණවලින් යුක්ත වන බැවින් ස්වර්ණාභරණකරුවන් කහ නිල් මැණික්වලට වැඩි කැමැත්තක් දක්වයි. විනිවිදභාවය සහ වර්ණ සන්තෘප්තිය, බෙදා හැරීම සහ සංශුද්ධතාවය එකතු කරන්නන් සහ ස්වර්ණාභරණකරුවන් අතර කහ පැහැය ඇති කරන ප්‍රමුඛ ලක්ෂණ වේ.

කහ නිල් මැණික් සඳහා විශාලතම වෙළඳපොළ ඉන්දියාවයි. කහ නිල් මැණික්වල ආශ්චර්යමත් ගුණ ඇති බව හින්දු සංස්කෘතියේ ජ්යෝතිඃ ශාස්ත්රය විශ්වාස කරන්නන් දොඩමළු කරති.

බොහෝ විට කහ නිල් මැණික් වර්ණ සන්තෘප්තිය සහ පැහැදිලි බව වැඩි කිරීම සඳහා තාප පිරියම් කරනු ලැබේ. බොහෝ කහ නිල් මැණික් දීප්තිමත් කහ සහ තැඹිලි ලබා ගැනීම සඳහා බෙරිලියම් රත් කිරීමේ ක්‍රියාවලියකට භාජනය වේ. තාප පිරියම් කිරීම ආරම්භයේදීම ගලට ප්‍රතිකාර කළ හැකිද යන්න විනිශ්චය කිරීමට නිරවද්‍යතාවය සහ අත්දැකීම් අවශ්‍ය වේ. කුඩා වැරදි ගණනය කිරීමක් රන් කහ වෙනුවට තැඹිලි පාටට වටිනා ගල් බවට පත් විය හැක.

05/02/2023
01/02/2023
පද්මරාග මැණික් යනු කුමක්ද? Padparadscha sapphires යනු තැඹිලි සහ රෝස වර්ණවල විශේෂිත මිශ්‍රණයක් ඇති මැණික් වේ. Padparadsch...
16/01/2023

පද්මරාග මැණික් යනු කුමක්ද?

Padparadscha sapphires යනු තැඹිලි සහ රෝස වර්ණවල විශේෂිත මිශ්‍රණයක් ඇති මැණික් වේ.

Padparadscha මැණික් යනු මැණික් රසඥයින් විසින් අගය කරන දුර්ලභ මැණික් වර්ගයකි.

එය ශ්‍රී ලංකාවේ පද්මරාග ලෙස හැඳින්වුවද ලොව පුරා එය වඩාත් පොදුවේ Padparadscha මැණික් ලෙස හැඳින්වේ. පද්මරාග නම ව්‍යුත්පන්න වී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර, එනම් නෙළුම් (පද්ම) වර්ණය (රාගය) යන අර්ථය ඇති අතර, එය මැණික් ගලෙන් පිළිබිඹු වන තැඹිලි සහ රෝස නාදවල විචිත්‍රවත් මිශ්‍රණය සංකේතවත් කරයි.

පුෂ්පරාග මැණික් ලෙස හඳුන්වන තවත් මැණික් වර්ගයක් ශ්‍රී ලංකාවේ ඇත. පුෂ්පරාග මැණික් යනු කහ සහ රෝස නාදවල මිශ්‍රණයකි. ශ්‍රී ලංකාව තුළ ස්වභාවික පුෂ්පරාග මැණික් සඳහාද මිලක් ලැබෙනු ඇත, නමුත් ඒවා ලොව පුරා එතරම් ප්‍රචලිත නොවේ. Padparadscha මැණික් යන වචනය පද්මරාග සහ පුෂ්පරාග යන වචනවල එකතුවෙන් ව්‍යුත්පන්න වූ බව අපි විශ්වාස කරමු.

එබැවින් දැනට Padparadscha යන්නෙහි තේරුම ඔවුන්ගේ ශරීර වර්ණයෙන් රෝස සහ තැඹිලි වර්ණ මිශ්‍රණයක් සහිත මැණික් වේ.

Padparadscha මැණික් කැණීම් කරන්නේ කොහේද?

වසර සිය ගණනකට පෙර ශ්‍රී ලංකාවෙන් Padparadscha මැණික් මුලින්ම සොයා ගන්නා ලදී. මෑත වසරවලදී සමාන වර්ණ මැණික් ලෝකයේ වෙනත් තැන්වල දක්නට ලැබුණද, කර්මාන්තයේ බොහෝ ප්‍රවීණයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඒවා පමණක් Padparadscha ලෙස හැඳින්විය යුතු අතර ලෝකයේ වෙනත් තැන්වල ඇති ඒවා රෝස තැඹිලි හෝ තැඹිලි රෝස ලෙස හැඳින්විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ, මැඩගස්කරයේ සහ ටැන්සානියාවේ සමහර විශ්මය ජනක Padparadscha මැණික් කැණීම් කරනු ලැබේ.

Padparadscha මැණික් වල අගය

Padparadscha යනු මැණික් අතරින් දුර්ලභ මැණිකක් ය. හොඳම තත්ත්වයේ Padparadscha මැණික් සඳහා කැරට් එකක මැණික් සඳහා පවා ඩොලර් 30,000 ක් දක්වා ලබා ගත හැකිය. එය ඉතා සියුම් වර්ණ මිශ්‍රණයක් වන අතර මිල බොහෝ සෙයින් රඳා පවතින්නේ ගැණුම්කරුගේ රසය, දැරිය හැකි මිල සහ විකුණුම්කරුගේ කැමැත්ත මතය. සියලු මැණික් මෙන් නොව මෙම දුර්ලභ මැණික් වඩා සැලකිය යුතු ලෙස විකිණීමට ඇති කැමැත්ත මතය.

Padparadscha මැණික් වර්ණ පරාසය

ශ්‍රී ලංකාවේ මැණික් වෙළඳපොලේ, Padparadscha මැණික් තැඹිලි පාටට වඩා රෝස පැහැති නෙළුම් මලක වර්ණයේ සිට රෝස පැහැයට වඩා තැඹිලි පැහැයෙන් යුත් හිරු බැස යන වර්ණය දක්වා වෙනස් වේ. නෙළුම් මලක වර්ණය හෝ හිරු බැස යන වර්ණය ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? මෙම සිත් ඇදගන්නා Padparadscha මැණික් මිශ්‍රණය එක් එක් ස්වරයෙන් කොපමණ ප්‍රමාණයක් සිදු කරයිද යන්න සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් නොමැත. Padparadscha වඩාත් ආදර හා කුතුහලය දනවනසුලු කරන්නේ මෙම අද්භූත බව යැයි අපි සිතමු.

Padparadscha මැණික් ප්‍රතිකාර සහ රත් නොකළ Padparadscha මැණික්

මෙම වටිනා Padparadscha මැණික් ස්වභාවධර්මයේ අතිශයින් දුර්ලභ ය. ප්‍රතිකාර නොකළ මැණික් අලෙවි කරන බව පවසන බොහෝ විකුණුම්කරුවන් තවමත් ප්‍රතිකාර කළ Padparadscha මැණික් අලෙවි කරන බව අපි දැක ඇත්තෙමු. මෙම පිරියම් කරන ලද මැණික් වර්ණය ලබා ගැනීම සඳහා තාප පිරියම් කිරීම, විසරණය ප්රතිකාර කිරීම, ඩයි කිරීම, තෙල් හෝ විකිරණය කළ හැකිය. බෙරිලියම් (Be) ප්‍රතිකාරය හඳුනා ගැනීමට ඉහළ පළපුරුදු මැණික් විද්‍යාඥයකුට පවා නොහැකි ය; ගල තාප පිරියම් කර ඇති බව ඔවුන්ට හඳුනාගත හැකි නමුත් බී ප්‍රතිකාරයට සම්පූර්ණ ගල හරහා විනිවිද යා හැකි බැවින්, ගල හුදෙක් තාප පිරියම් කර තිබේද නැතහොත් ප්‍රතිකාර කර ඇත්දැයි හඳුනාගත නොහැක. මේ හේතුව නිසා, ප්රතිකාර කළ Padparadscha සහ ප්රතිකාර නොකළ රත් නොකළ Padparadscha මැණික්වල මිල සැලකිය යුතු ලෙස වෙනස් වේ...💎💍💎

FACETS 2023 💎💎💎💎
06/01/2023

FACETS 2023 💎💎💎💎

06/01/2023

Blue sapphire (peacock blue)💎💎💎💎💎

Address

No-154/3, Karandana South
Karandana
70488

Telephone

+94775685585

Website

Alerts

Be the first to know and let us send you an email when Edirisinghe Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Edirisinghe Gems:

Share