Disna Colambage

  • Home
  • Disna Colambage

Disna Colambage Software Engineer / IT Consultant
Managing Directress of ISS & KENARA

31/01/2026

තෙමස් පූර්ණ සිහිකිරීම​ ........✝️✝️✝️

අම්මේ, අම්මා අපෙන් වෙන් වෙලා අදට මාස තුනක් ❤️❤️❤️✝️✝️✝️

2025 නොවැම්බර් 03 වෙනිදා අහපු දෙයම අදත් මම අහනවා
"අම්මේ ඔයාට පොඩි වෙලාවකටවත් මාව මතක් උනේ නැද්ද ???? "

මරණ සහතිකේ සඳහන් උනෙත් හදිසි මරණයක් ලෙසයි, වයස අවුරුදු 91ක් උනත් අපිව හදිසියේම දාලා යන්න තරම් කාර්නාවක් තිබුනේ නැහැ...... ඇත්තමයි.

අපිට වඩා නිරෝගී අපේ අම්මා......
ඇස් වහද... කට වහද.... මන්දා ඇතිවුනේ.....
අපි හිත හදා ගත්තා ඔයාගේ ආයුෂ අවසන් කියලා......

මම කරපු කෝලම් වලින් ඔයා අම්මේ හැමදාම පාලුව මකා ගත්තා.....
"දරුවෝ උඹ මාව හිනස්සලාද මරන්න හදන්නේ...." කී දවසක් අම්මේ ඔයා මට කියන්න ඇත්ද...???

කියපු විදියටම අපේ තාත්තාව මතක් කලා නේද අම්මේ.......

ඔයාට අම්මේ හිටියා දීග ගිය දරු දෙදෙනෙක්......
ඒ අයගෙන් හිටියානේ දඩබ්බර බෑනේකුයි, පිං පිරුන ලේලියකුයි. ඒ හැමෝම දුකෙන් අම්මේ ඔයා නැතිව.
හැමෝටම කාලයක් යයි ඔයාව මතක් කරන එක අමතක කරන්න….

අම්මාට හිටියානේ මිනිබිරියෝ තුන් දෙනෙක්, එයාලාට තවමත් අමතකයි ලොකු අම්මා නැහැ කියලා. දුවගෙන එන්නේ පුංචි ලොකු අම්මා කෝ කියලා. ලොකු අම්මාගේ රස කතා තවමත් තොරතෝන්චියක් නැතිව ඇහෙනවා අපිට නම්.....

ඔයාගේ මහ පවුල වෙනුවෙන් කල කැප කිරීම.....
ඉන් පස්සේ අපේ පවුල වෙනුවෙන් කරපු සීමා මයිම් නොමැති අසීමිත කැප කිරීම... ඇත්තමයි අම්මේ හැමෝම කතා වුන පරම්පරාවේ Brand එක තමයි ඔයා අම්මේ....

දන් දීපූ , පිං කරපු අපේ අම්මා , තාත්තා තරම් මම දැක තිබුනේ නැහැ වෙන කෙනෙක් ........

දෙගුරුන් ලෙස දහස් ගණනකගේ දෑස් පාදපු අපේ අම්මා සහ තාත්තා දෙපලට මෝක්‍ෂ සම්පත්තියම ලැබේවා..... දරු තිදෙනාත් පවුලේ සාමාජිකයින්ගේත් ප්‍රාර්ථනයයි.

"සුර ලොවෙත් දෙදෙනාම එකටම වැජබුනාවේ......"

ලොවකී ඇත්තේ කදිම...
තරු ලෝකයෙනුත් එපිට ...
දෙවිදුන් වසනා ඒ තැන...
සදලා නිවසක් කදිම...

හමුවේ දිනක... ඒ ලස්සන ලොවෙහි අප...
හමුවේ දිනක... ඔබ හා මා හා එතැන….

සිහිවන විට ඔබ අපට...
වෑහෙයි කදුලින් දෙනෙත....
දෙවිදුන් දුන් ඔබ දිවිය…
පුද දෙමු දෙවිදුට මෙදින....

20/01/2024
Merry Christmas & Happy New Year 2024……
24/12/2023

Merry Christmas & Happy New Year 2024……

18/12/2023

Welcome to Infosys Systems Solutions Private Limited!!! We're thrilled to have you on board. Get ready to unlock a world of possibilities with IT Consultancy / Software Development / Digital Platform Designing & IT Auditing. If you have any questions or need assistance, our support team is here to help you every step of the way.

Address


11500

Telephone

+94773442476

Website

Alerts

Be the first to know and let us send you an email when Disna Colambage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Disna Colambage:

  • Want your business to be the top-listed Business?

Share