05/04/2022
ස්වාධීන ජනතා විරෝධයකට ආණ්ඩුව පමණක් නොව අපේ රටේ සමස්ථ දේශපාලන රංචුවම බයයි. මේ එයට උදාහණකි.
මේ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට එදා අපද කටයුතු කෙරුවෙමු, මේ අර්බුදයට වසර 74ක සමස්ථ දේශපාලන තන්ත්‍රයම වගකිව යුතු නමුත් දිගින් දිගටම ආ අර්බුදයන්ට මුහුණ දීමේදි සැළසුම් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වීම හා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැණීම සම්බන්ධයෙන් මේ රජයට ප්‍රබල විරෝධයක් අප තුළද ඇත. මේ රජයට දේශපාලනික නොවන ස්වාධීන ජනතා විරෝධයක අවශ්‍යතාව පැන නැගුණේද එබැවිනි.
"එළවලා කාවද ගේන්නේ " යන ප්‍රශ්නය යම් යම් පිරිස් අසන්නේද, මේ අර්බුදය කරපින්නා බලයට ඒමට උත්සහ දරණ බහුතරයක්ද මේ අර්බුදය නිර්මාණය කිරීමට පුරෝගාමි වූ බව බොහෝදෙනා දන්නා බැවින්ය.
පහුගිය සතිය තුල විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක් රජයට විරෝධය පලකරමින් ස්ථාන කීපයකම අතිවිශාල ජන සහභාගීත්වයෙන් විරෝධතා සංවිධානය කරන ලදී. නමුත් ඒ විරෝධතා වලින් පොඩි හෝ බලපෑමක් ඇති කිරීමට නොහැකිවිය.
මක්නිසාදයත් ඒ තුල ගැබ්වී තිබුණු යටි අරමුණු මහජනයාට තේරුම් යෑමයි.
එහෙත් ඊයේ දිනයේ හදිස්සියේම දේශපාලන පක්ෂවලට කොටු නොවූ ස්වාධීන මහජන විරෝධතාවක් ගැන කතා බහ ආරම්භ විය. පැය කීපයක් තුල ඒ සඳහා දැඩි උද්යෝගයක් සහ සංවිධානය වීමක්ද දක්නට ලැබිණි.
මෙය ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද දරුණු කම්පනයක් බව සනිටුවහන් කරමින් විපක්ෂ නායකවරයා සැනින් ක්‍රියාත්මක විය. මේ විරෝධතාවයටද විපක්ෂයේ සම්බන්ධයක් ඇති බවට ජනතාවට ඒත්තු යන පරිදි ඔහු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ස්වාධීන මතයක් ඇති ජනතාව තුල කසුකුසුවක් නිර්මාණය කළේය. එයට තවත් පොහොර දැමීමට රාජිත , චතුර පිය පුතු යුවල සමත්විය .එලෙසම අද ක්‍රියාත්මක වූ අනුර දිසානායකද එය තවත් තදින් ජන මනසට කාවදින ලෙස ප්‍රකාශයක් ඉදිරිපත් කලේය. මේ ප්‍රකාශ උපුටා දක්වමින් ආණ්ඩුව පාර්ශ්වද මෙය විපක්ෂයේ වැඩක් බව ඒත්තු ගැන්වීමට උත්සහ දරයි. ඒ සියල්ල තුලින් සැබෑ විරෝධය අධෛර්යමත් වෙමින් පවතී.
දේශපාලන පක්ෂයකට කොටු නොවූ ස්වාධීන මහජන විරෝධතාවකට මේ සියලුදෙනා බියය. මක්නිසාදයත් මේ මොහොතේ රට ඉල්ලන්නේ කුමක්දැයි ඔවුන් හොඳින් දන්නා නිසාය.
උපුටා ගැනීම - Upayanga Sre Wickramasinghe