Stories by Sew

Stories by Sew මෙහි පළවන සියලු කතාවල අයිතිය මා සතුය. උපුටාගෙන වෙනත් මාධ්‍යජාලා හෝ pay groupවල විකිණීම තහනම්. ආදරණීය පාඨකයිනි... එවැනි යමක් දුටුවහොත් මා හට දැනුම් දෙන්න 🩷🩷🩷
(1)

☘️ සංසාරයක් තරම් ☘️ හතලිස් හයවන කොටසදෙදෙනාම නිවස තුළට ගියේ කුතුහලයෙනි. එහි දී දුටු දෙයින් ඊතන්ගේ දෑත් මිටමෙලවී ගියේය. යල...
27/06/2026

☘️ සංසාරයක් තරම් ☘️

හතලිස් හයවන කොටස

දෙදෙනාම නිවස තුළට ගියේ කුතුහලයෙනි. එහි දී දුටු දෙයින් ඊතන්ගේ දෑත් මිටමෙලවී ගියේය. යලි යලිත් බුර බුරා නැගෙන කෝපය ඔහුගේ දෑසින් පිට දමන්නට විය.

" ආරාධනා........"

ඔහුගේ ප්‍රතාපවත් හඬ ආලින්දය පුරා රැව් දෙද්දි එහි අසුන්ගෙන සිටි යුවතියන් ගැස්සී හැරී බැලුවෝය.

" ස්..සර්....."

ආරාධනා බියපත් දෑසින් මිමිණුවාය. ඊතන් රකුසු කරගත් මුහුණින් යුතුව ආරාධනා වෙතට පා එසවූයේය.

" තමුසේ මේ කොහේ යන්නද...."

ඇය අතෙහි වූ ගමන් මල්ල දෙස බලමින් ඔහු ගිගුරුවේය. ආරාධනා පිළිතුරු දුන්නේ නැත. ඇය සිය දෑස් බිමට බර කළාය.

" දෙනුවන් අයියා....."

තිෂූගේ හඬත් සමඟම පිරිසගේ අවදානය නිවස තුළින් මතු වූ නන්නාඳුනන පිරිමි රුව වෙත හැරවිනි.

" උඹ කවුද... මගේ ගේ අස්සේ මොකද කරන්නේ....ඒ පාර...ඒ පාර මූව ගේ ඇතුළටත් දාගත්තද...."

ඊතන් කෑසන්නට වූයේ වියරුවෙනි. ආරාධනා මහා හඬින් හඬා වැටෙන්නට වූවාය.

" විශ්වාස නැද්ද දෙයියනේ... ඔයාට මාව එකම එක මොහොතකටවත් විශ්වාස නැද්ද....මෙච්චරකල් ආදරේ කරපු මාව විශ්වාස නැද්ද... සර්... "

ඇය ඉකිගසන්නට වූවාය.

" ඊතන් .. ඕක නවත්තපන්..."

දේවේන් ද මැදිහත් විය.

" මගේ.... ආදරේ... ඔයා තරම් වෙන... කවුරුත්ම ... දන්නේ නෑ.... සර්.... නෑ.... එහෙම නෙමෙයි... මම එහෙම හිතන් හිටියා විතරයි.... ඔයා මගේ ....හ් .... ආදරේ දන්නේ නෑ....සර්... "

ඇය නැවතත් කියවන්නට වූවාය.

" දේවා අයියා... ඔයාගේ මේ යාලුවට කියන්න... මොකක්ද උනේ කියලා මුලින්ම අහලා ඉන්න කියලා...."

තිෂූ තව හඬ අවදි කළේ ආවේගයෙනි.

" මේ ඉන්නේ ආරුගෙ හොර මිනිහා නෙමෙයි... මේ ඉන්නේ එයාගේ තාත්තගේ අයියගේ එකම පුතා... ආරාධනාගේ ඇඟේ තියෙන ලේම දුවන එකම සහෝදරයා.... "

තිෂූගේ හඬත් සමඟ සියල්ල නිහඬව ගියේය. ඊතන්ගේ දෑත් කිටි කිටියේ තද විය. දෑසට කඳුළු පිරුණේ තම ප්‍රාණසම ප්‍රේමිය සැක කිරීමේ වරද නැවත නිවැරදි කිරීමට නොහැකි බව දැනුනු විටය.

"බබා...හ් ... ම්...මම....හ්... මටහ්...."

ඔහු අපහසුවෙන් වදන් ගළපන්නට විය.

" ඇති අයියා.... ඔයා දැන් ඕක නවත්තන්න... දෙනුවන් අයියා ලංකාවට ආවේ ඊයේ රෑ.. පස්සේ එයා ආරුව පුදුම කරන්න හිතාගෙන නොකියම ඔෆිස් එක ළඟට ඇවිත් තියෙන්නේ... එතනින් එහා වෙච්ච දේවල් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... එයා ඔයාව හවස මීට් වෙන්න හිතාගෙන තමා ඉඳලා තියෙන්නේ... ආරාධනාගේ සීයා එක්ක ඔයාලා ගැන කතා කරලා මේක පිළිවෙලක් කරන්න තමා දෙනුවන් අයියා ප්ලෑන් කළේ... ඔයාගේ ඉවසීමක් නැති මෝඩකම ඒ හැමදේම විනාස කළා... ඔයා... ඔයාගේ අත් දෙකෙන්ම... ඔයාගේ ආදරේ විනාශ කළා....."

තිෂූ වියරුවෙන් මෙන් පවසා හතිදමන්නට වූවාය.

ඊතන් සිටියේ ගොළුව ගොස්‍ ය. ඔහුගේ මුවට වදන් ගළන්නේ නැත. ඔහු ආරාධනා වෙතට හැරුනේය. ඇය දෙසට සිය හස්තයක් දිගුකළ ඔහු ඇය ඇමතුවාය.

" බබා... මට...."

ඔහුට පැවසීමට හැකි වූයේ එපමණය.

" චූටි අයියා... අපි යමු...."

සිය ගමන් මල්ලෙහි පටිය දෑතින්ම මිරිකමින් දෙනුවන් දෙසට හැරුණු ආරාධනා පැවසුවාය.

" ප්ලීස්... බබා... මට ටිකක් කතා කරන්න දෙන්න...."

ඊතන්ගේ හඬ නෑසුනාක් මෙන් ඇය දෙනුවන්ගේ බාහුවක එල්ලුනාය. දෙනුවන් ඇය අත තිබූ බෑගය අතට ගත්තේය. ඔවුන් පය එසවූයේ ප්‍රධාන දොරටුව වෙතටය.

" ආරාධනා.... යන්න එපා ප්ලීස්...."

ඊතන් ඇගේ අතකින් අල්ලා නතර කරගනිමින් පැවසුවේය.

" විශ්වාසයක් නැති තැන ආදරයක් කොහෙද සර් ....."

ආරාධනා විමසුවේ බිඳුණු හඬිනි. ඇගේ සියුමැලි හදවත දරදඬුව ගොස් ඇත. යුවතියගේ හදවත කැබලි දස දහස් ගණකට කැඩී බිඳී විසිර ගොස් ඇත.

" ප්ලීස්... මට සර් කියන්න එපා...."

ඊතන් පැවසූයේ වේදනාවෙනි.

" සර්මයිනේ එහෙම කියන්න කිව්වේ...."

ආරාධනා සිත්පිත් නැත්තියක සේ පැවසුවාය.

"මට සමාවෙන්න බබා....."

ඔහුගේ හඬ ආයාචනාත්මකය. වේදනාබරිතය.

"මම සර්ට සමාව දුන්නේ එවෙලෙමයි... මම යන්නම් සර්.... පරිස්සමින් ඉන්න...."

ඇය ඔහු දෙස නොබලාම පියවර තැබුවාය.

" ආරාධනා.... පොඩ්ඩක් අපි මේක කතා කරලා විසඳගමු... ප්ලීස්..."

දේවේන් ඇගේ මඟ හරස් කර සිටගත්තේය.

" තවත් මොනවා කතා කරන්නද සර්.... මගේ ආදරේ... මගෙන් අහන්නෙවත් නැතිව ජජ් කලාට පස්සේ... මම තවත් මොනවා කතා කරන්නද.... එයා වෙනුවෙන්ම විතරක් පේ වෙලා හිටපු මට .. ආදරෙයි කියපු කටින්ම මට ජරා ගෑණි කියලා කතා කළාට පස්සේ... මම තවත් මොනවද කතා කරන්න ඕනේ සර්... මට එකම එක තත්පරේකට හරි ඇත්තටම ආදරේ කළා නම්... ආයේ කිසිම දවසක මගේ මේ ඇස් ඉස්සරහට නම් එන්න එපා කියන්න... ඒක තමා මම ආදරේ නාමෙන් ඉල්ලන එකම ඉල්ලීම...."

වේදනාත්මක හඬින් දේවේන් හට පැවසූ ආරාධනා යන්නට ගියාය. ඇයට පිටුපා සිටින ඊතන් එම වදන් අසා සිටියේ සිය දෙසවන් අදහාගත නොහැකිවය. ඔහුගේ බාහුවල නහර වැල් ඉලිප්පී තිබුනේ වේදනාව දරන්නට නොහැකිම තැනය. කිරිගරුඬ පැහැ වත රක්ත පැහැයට හැරී ඇත. වේදනාවම පමණක් රැගත් රුහිරය සිරුර තුළින් ගලා යන අයුරු ඔහුට දැනෙන්නට විය. ආරාධනා විසල් ආලින්දයෙන් පිටතට අඩිය තැබුවේත් ඊතන් බිම දණගසා ගත්තේත් එකටමය.
ඔහුගේ එක් හස්තයක් ලයෙහි වම්පස තදකර අල්ලාගත්තේය. දෑසින් වැටුණු කඳුළු ටයිල් පොළවෙහි වැටී බිඳී විසිරී ගියේය.ඉතිං ඔහු මේ විඳවන්නේ ඔහුගේම ක්‍රියාකලාපයන්හී ප්‍රතිඵල නොවේද...

☘️

සුදු පැහැ දිගු ගවුමකින් සැරසුණු යුවතියකි. ඇගේ අතක තිබුණු සුදු රෝස මල් කළඹ ඇයට එක්කර තිබුණේ අවිහිංසක සුදරත්වයකි. ඇගේ අතක් තන විසල් අත්ලක සිරකරගත් ආඩම්බරකාර යෞවනයාට ඇගෙන් දෑස් ඉවතට ගත නොහැකි තරම් විය.

මින් මාස කිහිපයකට පෙර කෙළිදෙලෙන් සිටි විනෝදකාමි යුවතිය දැන් කොහිදැයි සොයාගත නොහැකිය. දැන් එහි සිටින්නේ තම කුළුදුල් දරුවා කුසෙහි දරාගත් සිය මනාලයා වෙනුවෙන් බලා සිටිනා අවිහිංසකාවියකි.

" අද නම් ලියා.... ඔයා මාරම ලස්සනයි.... බඩේ අපේ පැටියා නොහිටින්න... දනී මම..."

දීප්ත ඇගේ සවනට ලංව එසේ පවසද්දි යුවතියගේ කොපුල් රත්පැහැ ගැන්විය.

" අනේ ... ඇහෙයි අනේ අනිත් අයට...."

ඇය කෝලයෙන් පැවසූවාය.

දීප්තගේ පවුලේ කිහිප දෙනෙකු හා නතාලියාගේ සොහොයුරා පමණක් එක්ව සිදු වූ ලියාපදිංචි කිරීමේ උත්සවය ඉක්මනින්ම අවසන් විය.

" එහෙනම් අයියේ.... මගේ අක්කව බලාගන්නවා.... තාත්ති කේන්තියට එදා ගෙදරින් එලෙව්වට... එයා කවදාවත්ම අක්කිට දුකක් දුන්නේ නෑ... කුමාරිකාවක් වගේ හැදුනේ...මගේ අක්කිට දුකක් දෙන්න එපා..."

ඩිහේන් එසේ පවසමින් දිප්තව දැඩිව වැලඳගත්තේය.

" කවදාවත්ම නෑ මල්ලි... බය නොවී හිටපන්....."

අවසානයේදි මනාල යුවළ රථයට නැගී පිටත්ව ගියේය. ඩිහේන් තම සොයුරිය නැගි රිය ඈතට ඇදී යන අයුරු බලාසිටියේ සතුටිනි.

☘️

" කෑවද මැණික....හෙට ස්කූල් එකේ එක්සෑම් එකක් කිව්වා නේද...."

දුරකථනය ඔස්සේ ගළා එන ප්‍රේමණීය හඬ තිෂූ අසා සිටින්නේ ආශාවෙනි.

" ඔව් මහත්තයෝ... ඔයා කෑවද... කෝ අර පොල් බූරුවා..."

ඇය විමසුවේ ඊතන් පිළිබඳව ය.

" ඌ දැන් තනිකරම බේබද්දෙක් බබා... මට නම් තේරෙන්නේ නෑ.... මට දැනුත් ඇහුනා බෝතලයක් පොළවේ ගහනවා... ඔය අද රෑ විතරක් දෙවෙනි එක... ආරාධනා ගිහින් සති දෙකක් වෙනව... එන්න එන්නම මූ පිරිහෙනවා.. මට බලන් ඉන්න බෑ බබා..."

දේවේන් පැවසූයේ තම මිතුරා වෙනුවෙන් උඔඅන් සැබෑම ශෝකයෙනි.

" ඒවා ඉතිං එයා විහින් කරගත්තුවා... "

තිෂූ පැවසූයේ කෝපයෙනි.

" ඇත්තටම ඔයා ආරාධනා ඉන්න තැනක් දන්නේ නැද්ද බබා....."

දේවේන් ඇසුවේ ආයාචනාත්මකවය. එහාපස වූයේ මද නිහැඩියාවකි.

" දන්නවා.... ඒත් මට ඒක කියන්න බෑ.. මොකද ආරාධනා මගෙන් .. යාලුවෙක් විදිහට ඉල්ලපු අන්තිම උදව්ව හැටියට ඔයාලට ඉන්න තැන කියන්න එපා කිව්වා... අනේ ප්ලීස් ඒ ගැන අහන්න එපා..."

ඇය පැවසූයේ දැඩි ස්ථාවරයකිනි.

" හ්ම්ම්ම් හරි හරි ඉතිං...."

දේවේන් පසුබැස්සේය. ඔහුට තම මිතුරා පිලිබඳව ඇති වේදනාව කියා නිමකල නොහැකිය. නමුත් ඔහුටද කළහැක්කක් නැත. ආරාධනා පිටව ගොස් සති දෙකකි. ඇය ඉන්නා ඉසව්වක් පිළිබඳව ඔවුනට කෙසේවත් අදහසක් වූයේ නැත.

" අරූ තව බෝතලයක් පොළේ ගැහුවා බබා... වතුර බොන්න වගේ ඇල්කොහොල් ගන්නේ... මට නම් තේරෙන්නේ නෑ... මම ඔයාට පස්සේ ගන්නම්...."

එසේ කියූ ඔහු දුරකථනය විසන්දි කර තම මිතුරාගේ කුටිය වෙතට යන්නට පියවර තැබුවේය.

☘️

මතු සබැදේ

සෙව්✍️

" විශ්වාස නැද්ද දෙයියනේ... ඔයාට මාව එකම එක මොහොතකටවත් විශ්වාස නැද්ද....මෙච්චරකල් ආදරේ කරපු මාව විශ්වාස නැද්ද... සර්... "...
26/06/2026

" විශ්වාස නැද්ද දෙයියනේ... ඔයාට මාව එකම එක මොහොතකටවත් විශ්වාස නැද්ද....මෙච්චරකල් ආදරේ කරපු මාව විශ්වාස නැද්ද... සර්... "

ඇය ඉකිගසන්නට වූවාය.

" ඊතන් .. ඕක නවත්තපන්..."

දේවේන් ද මැදිහත් විය.

" මගේ.... ආදරේ... ඔයා තරම් වෙන... කවුරුත්ම ... දන්නේ නෑ.... සර්.... නෑ.... එහෙම නෙමෙයි... මම එහෙම හිතන් හිටියා විතරයි.... ඔයා මගේ ....හ් .... ආදරේ දන්නේ නෑ....සර්... "

ඇය නැවතත් කියවන්නට වූවාය.

" දේවා අයියා... ඔයාගේ මේ යාලුවට කියන්න... මොකක්ද උනේ කියලා මුලින්ම අහලා ඉන්න කියලා...."

තිෂූ තම හඬ අවදි කළේ ආවේගයෙනි.

" මේ ඉන්නේ ආරුගෙ හොර මිනිහා නෙමෙයි... මේ ඉන්නේ එයාගේ තාත්තගේ අයියගේ එකම පුතා... ආරාධනාගේ ඇඟේ තියෙන ලේම දුවන එකම සහෝදරයා.... "

තිෂූගේ හඬත් සමඟ සියල්ල නිහඬව ගියේය. ඊතන්ගේ දෑත් කිටි කිටියේ තද විය. දෑසට කඳුළු පිරුණේ තම ප්‍රාණසම ප්‍රේමිය සැක කිරීමේ වරද නැවත නිවැරදි කිරීමට නොහැකි බව දැනුනු විටය.

"බබා...හ් ... ම්...මම....හ්... මටහ්...."

☘️ සංසාරයක් තරම් ☘️

මීළඟ කොටසින්----------- >

අනේ කතා පරක්කු වෙනවට සමාවෙන්න ළමයි.... exam එකකට හිර වෙලා ඉන්නේ... මං පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම දාන්නම්.... මං වෙනුවෙන් බලන් ඉන්න හැමෝටම තෑන්ක්ස් 🩷

🥀 රාධාවනි 🥀 දහනව වන කොටසආයතනය ප්‍රධානියාගේ කාර්‍යාල කාමරය තුළ නිම්සරාත් තිහස්වරත් සිටින්නේ ඔහුගේ කැඳවීමටය. තිහස්වර තවමත්...
25/06/2026

🥀 රාධාවනි 🥀

දහනව වන කොටස

ආයතනය ප්‍රධානියාගේ කාර්‍යාල කාමරය තුළ නිම්සරාත් තිහස්වරත් සිටින්නේ ඔහුගේ කැඳවීමටය. තිහස්වර තවමත් නිම්සරා දෙස නිකමට හෝ නොබැලූ අතර ඇය සිටියේ වේදනාවෙනි. තිහස්වරගේ ප්‍රතික්ෂේප කිරීම ඇගේ හදවත දවාලන්නක් මෙනි. ඔහු තම දුරකථනය දෙසම බලා සිටි අතර ඇය වරින් වර ඔහු දෙස බැලුවාය.

කොලින්ගෙන් පසුව ඇගේ හදවතට කතා කළ එකම පිරිමි ආත්මය තිහස්වර පමණක්ම විය.ඉතා සුරූපී යුවතියක වූ නිම්සරාට තරුණයන්ගේ ප්‍රේමාරාධනාවගේ නම් අඩුවක් වූයේ නැත. නමුත් කොලින් මත්තේම සිටි ඇයගෙ හදවත සෙලවීමට නම් කිසිවෙකු සමත් වූයේ නැත. නමුත් තිහස්වර .... ඔහු තම හදවත පමණක් නොව මුළු ආත්මයම සොලවා දමා අවසන් ය.

මුවින් නොපැවසුවද ඔහුගේ හැරිසීම ඇගේ සිත බොහෝ රිදවා තිබුණේය. පෙර දින තමාගේ හැසිරීම සියල්ලටම හේතුව බව ඇයට දැනෙමින් පැවතුණි. ඔහුව මගහැර සිටීමට තමා සිතුවද ඔහු තමා මගහරින විට දැනෙන වේදනාව කුමක්දැයි ඇයට තවමත් තෝරා බේරා ගත නොහැක.

දෙදෙනාම දෙදෙනාගේම කල්පනා ලෝක දෙකකය. ඒ සමඟම වාගේ විවර වූ දොරෙන් කාර්‍යාල කාමරයට ආයතනය ප්‍රධානියා පැමිණියේත් දෙදෙනාම හුනස්නෙන් නැගී සිටියේත් එකවරමය.

" සිට් සිට්...."

ආයතන ප්‍රධානියා එසේ පවසමින් තම අසුනෙහි වාඩි විය.

" මම ඔයාලා දෙන්නට එන්න කිව්වේ ලොකු වැඩක් බාර දෙන්න.. ඇත්තටම කිව්වොත් දවස් දෙක තුනක් ඔයාලට අවුට් ඔෆ් කලම්බො යන්න වෙනවා..."

කාර්‍යාල ප්‍රධානියාගේ වතෙහි ඇඳුනේ බැරෑරුම් පෙනුමකි.

" තිහස්වර දන්නවනේ අපේ නුවර ෆැක්ට්‍රි එකේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන."

"ඔව් සර්...."

"ඕකේ... තිහස්වර , හෙට නිම්සරා එක්ක නුවර යන්න ඕනේ... ඒ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්න ඕනේ... බ්‍රාන්ච් මැනේජර් යසිරු ඉන්නවා එයාට මුල් අඩිතාලම දාලා දුන්නා නම් ඇති"

ආයතන ප්‍රධානියා එසේ පවසද්දි තිහස්වර , නිම්සරා දෙස බැලුවේ ඇස් කොණිනි.

" හරි සර් මං කරන්නම් ඒත් මට නිම්සරා වෙනුවට සකුරා දෙන්න පුලුවන්ද .. නිම්සරාට එක්ස්පීරියන්ස් මදි නේද..."

තිහස්වර එසේ පවසද්දි නිම්සරා ඔහු දෙස බැලුවේ වේදනාවෙනි. මෙලෙස පන්න පන්නා රිදවීමට තරම් තමා කළ වරද කුමක් දැයි ඇයට සිතාගත නොහැක. තමා අන් අයෙකුට ආදරය කරන බව පැවසීම තමා වෙනුවෙන් බලා නොසිටින්න යැයි පැවසීම මෙතරම් රිදවීමට තරම් වන වැරදි දැයි ඇයට සිතුනි. ඇගේ කල්පනා දැහැන බිඳ දමමින් ආයතන ප්‍රධානියා තම හඬ අවදි කළේය.

" ඔව් තිහස්වර මං දන්නවා නිම්සරාට එක්ස්පීරියන්ස් මදි කියලා.... ඒත් එයා දැන් මේ දේවල් පුරුදු වෙන්න ඕනේ.. ඔයා එයාට හැමදේම කියලා දෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා... ඒ නිසා සකුරා වෙනුවට නිම්සරා එක්කගෙන යන්න... "

තිහස්වරට එසේ පැවසූ ඔහු නිම්සරා දෙසට හැරුණේය.

" නිම්සරා ... තිහස්වර සකුරාව ඉල්ලපු එක ගැන වරදවා හිතන්න එපා... අනික කොල්ලා ඔයාට උදව් කරයි හොඳින් වැඩ ටික අල්ලගන්න.... දැන් දෙන්නම තමන්ගේ සීට්වලට යන්න.... තැන්ක් යූ"

ඔහු එසේ පැවසු පසු දෙදෙනාම ඔහුගේ කාර්‍යාල කාමරයෙන් පිට වූහ. තිහස්වරගේ කාර්‍යාල කාමරයට වැදුනු ඔවුන් දෙදෙනා තම තමන්ගේ අසුන්වල ඉඳ ගත්තෝය.
නිම්සරා බලා සිටින්නේ තිහස්වර දෙසමය. මද වෙලාවක් රැඳී හුන් ඇය ඔහු අසලට ඇවිද ගියාය.

" සර්... මං එක්ක තරහින්ද...."

ඇයගේ වෙව්ලන සුළු ස්වරය සවන වැකෙත්ම තිහස්වර හිස ඔසවා බැලුවේය.

" එහෙම තරහා වෙන්න අපි යාලු වෙලා හිටියේ නෑනේ නිම්සරා නේද...."

ඇයට ඉවසගන්නට බැරි ඔහුගේ මෙම පොල්ලෙන් ගසන්නාක් වැනි කතා විලාසයය.

" එහෙම නෙමෙයි සර්...."

"එහෙම නෙමෙයි නම් කොහොමද නිම්සරා ...... හෙට නුවර යන්න තියෙනවා නේ.... ඒ නිසා මට ඉවර කරන්න වැඩ ගොඩක් තියෙනවා... මට තමුන් එක්ක වල්පල් කියවන්න වෙලාවක් නැහැ... තමන්ගේ සීට් එකට ගිහින් තියෙන වැඩක් බලාගන්න..."

නිම්සරා හිස පහත් කර ගත්තේ කම්මුල් දිගේ වැගිරෙනා කඳුළු තිහස්වර දකී දැයි බියෙන් මෙනි. ඇගේ කඳුළු අබියස ඔහුගේ හදවත උණු වී වැගිරෙන අයුරු පිළිබඳව හාංකවිසියක් හෝ නොදත් යුවතිය තම සාරි පොටෙන් නෙත් කෙවෙනි පිසදා ගත්තාය. තව දුරටත් තිහස්වර ඉදිරියේ දුර්වල වන්නට නොහැකි වූ යුවතිය තම අසුන වෙත ගොස් ලිපිගොනුවක් දිග හැර ගත්තාය.

🥀

හිරු බැස යන්නට ආසන්නය. කොලින් ඈතින් පෙනෙන කඳු පන්ති දෙස බලා සිටින්නේ රාධාවනි පිළිබඳව සිහිපත් කරමින් ය. ඇයට ප්‍රේම කිරීම මහත් අභියෝගක් ලෙස ඔහුට දැනෙන්නේ තම සමාජ පන්තියෙන් එල්ල විය හැකි බාධා සුළුපටු ඒවා නොවන බව ඔහු දන්නා නිසාය. රෝස මලක් වන් පිවිතුරු අහිංසක යුවතිය අහිමි කරගැනීමට නම් ඔහු කිසිසේත්ම සූදානම් නැත. මුළු ලොවම තමාට එදිරිව නැගී සිටියද ඇගේ අල්ලාගත් අත අත් නොහැරීමට ඔහු තදින්ම සිතට ගෙන අවසන් ය.

රාධාවනි තම සාරියෙහි පොට කොනිති ගසමින් උද්‍යානය දෙසට ඇවිද ආවාය. ඈත කඳු වළල්ලක් දෙස බලා සිටිනා කොලින් දුටු ඇගේ මුහුණෙහි ඇඳුනේ මදහසකි. සෙරක මෙන් වටපිට බැලූ ඇය කිසිවෙකු නොමැති බව සැක හැර දැනගත්තාය. නෙළුම් පෙති වන් සියුමැලි පා යුග ඔසවා ඇඟිලි තුඩු මතින් ඔහු වෙතට ඇවිද ගියාය. ඔහුගේ ඉන වටා තම දෑත් යැවූ ඇය සිය කම්මුලක් ඔහුගේ පිටට තද කර ගත්තාය.

නොසිතූ ස්පර්ශය හමුවේ තිගැස්සී ගිය කොලින් තම ඉන දෙපසින් වැටී ඇත් දෑත් දෙස බැලුවේය. මරතොණ්ඩි රටා සහිත ඇඟිලි තුඩු දුටු ඔහුගේ මුවඟට නැගුණේ මදහසකි.

" මගේ රෝස මල...."

"මාත්තියා....."

ඔහු ඇගේ අතකින් ඇද ඇයව තම මුහුණ ඉදිරියට ගත්තේය. මුහුණට වැටුණු කෙහෙරැලි ඇගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නේය. නලලත රැදි තිලකය ඒ සඳවන් මුහුණට එක් කළේ ආලෝකයකි. කොලින් තම ඇඟිලිවලින් ඇගේ කෙහෙරැලි කන පිටුපසින් රැදෙව්වේය. සිව් නෙත් යාවී ඇත්තේ දෙදෙනාම වශියකට හසු වූවාක් මෙනි. කොලින්ගේ දිගු ඇඟිලි රාධාගේ සාරියෙන් විවෘත වූ පිට දිගේ ඇදී යද්දි ඇය විළියෙන් තම මුහුණ ඔහුගේ පපුතුරෙහි සැඟවූවාය.

කොලින් හට සියලු ප්‍රශ්න අමතකව යන්නේ ඇගේ දඟකාරකම් හමුවේය. ඇය ඔහුගේ රිදී පොඩි වී තිබූ හදවත පිළිසකර කර එයට රිංගා ගත් අයුරු පිළිබඳව ඔහුට ඇත්තේ පුදුමයකි. අපමණ ස්නේහයකින් හදවත හිරි වැටී යද්දි ඔහු තම දෙතොල් ඇගේ හිස් මුදුනෙහි තද කළේය.

මේ අතර බංගලාවේ සඳැල්ලේ සිට ඔවුන් දෙස බලා සිටින්නේ කෝපයෙන් රතු වූ දෑසකි. දෑසෙහි අයිතිකරුගේ ශක්තිමත් දෑත් සඳැල්ලෙහි ආරක්ෂක වැට තදින් මිරිකා ගෙන සිටි අතර මස්පිඬු නලියමින් නහර පවා ඉලිප්පි කෝපයෙන් විරූපී වී තිබු උවන දෙස බලන්නට හෝ නොහැකිය.
සඳැල්ලෙහි වැටට මිට මෙලවූ අතින් පහර කිහිපයක් ගැසූ ඔහු අසල තිබූ පුටුවකටද පාදයෙන් ගසමින් එතැනින් ඉවතට ගොස් තම කුටියට වැදී දොර වසා ගත්තේ බිත්ති පවා දෙදරා යන හඬිනි.

දොර වසා දැමූ හඬ මුළුතැන්ගෙය දක්වාම ඇසුණි. එහි වැඩ කරමින් හුන් සරෝජනී, අප්පුගේ මුහුණ දෙස බැලුවේ එක්වරමය.

" අදත් ජෝන් මහත්තයට හොඳටම තරහා ගිහින් ඕං.... මොනවට තරහා ගන්නවද මන්දා... නේද සරෝජනීයෝ...."

" යේක තමා අන්නා..... මුරුගා... මේ ප්‍රශ්න කෝම විසඳෙයිද මන්ද....."

දෙදෙනාම මුහුණු දෙස බලාගමින් එසේ පැවසුවේ බංගලාවේහි සිදු වන දේවල් පිළිබඳව ඔවුනට සිතාගත නොහැකි වෙද්දීය.

🥀

පසු දින උදෑසනම නිම්සරා කාර්‍යාල භූමියට පැමිණියාය. සැහැල්ලු කලිසමකිනුත් බ්ලව්ස් එකකිනුත් සැරසී සිටි ඇය දිගු කොණ්ඩය පෝනිටේලයක් දමා සිටියාය. ඇත්තෙන්ම ඇයට අද ඇත්තේ දඟකාර ලස්සනකි. ඇය කෙලින්ම ගියේ ප්‍රධානියාගේ කාර්‍යාලයටය. ඇය එහි යද්දි තිහස්වර හා වෙනත් තරුණියක්ද එහි වූවේය.

" අහ් එන්න එන්න නිම්සරා ... මේ ඉන්නේ මගේ දුව.. ටෙක්ලා...."

ආයතනය ප්‍රධානියා එසේ පවසා අනෙක් තරුණියව නිම්සරාට හඳුන්වා දුන්නේය. ඇය නිම්සරා දෙස බැලුවේ සමච්චල් සහගත බැල්මකි.

" එහෙනම් .... කට්ටියම දැන් පිටත් වෙන්න... ගුඩ් ලක්...."

ආයතන ප්‍රධානියා එසේ පවසද්දි තිහස්වර හා ටෙක්ලා එකටම වාගේ කාර්‍යාල කාමරයෙන් පිටත් වූයේ නිම්සරා දෙසවත් නොබලාය. ඇය බිමට නැඹුරු කරගත් හිසින් යුතුව කාර්‍යාල කාමරයෙන් පිටතට යන්නට වූවාය. නමුත් ඇයට එහි නතර වීමට සිදු වුනේ ආයතනය ප්‍රධානියාගේ හඬටය.

" නිම්සරා ... දරුවෝ මේ ෆයිල්ස් ටිකත් අරගෙනම යන්න...ඔයාලට ඕනේ වෙයි..."

මද සිනහවකින් වත සරසාගෙන ඔහු එසේ පවසද්දි ඇය ලිපිගොනු මිටිය අතට ගත්තේ ප්‍රධානියාට ස්තුති කරමිනි.

නිම්සරා කාර්‍යාලයෙන් පිටතට ආවේ කල්පනා ලොවක ගිලීය. තිහස්වරගේ කාරය නතර කර තිබූ තැනට පා එසවූ ඇගේ අතෙහි තිබූ ලිපිගොනු මිටිය බිමට වැටුණේ ඇය දුටු දසුන නිසාය.

ටෙක්ලා සිටියේ තිහස්වරව වැළදගෙනය. තිහස්වරගේ අතක් ඇයගේ හිස් මුදුනෙහි නතරව තිබූ අතර එය දුටු නිම්සරාගේ දෙනෙතින් කඳුළු වැස්සක් කඩන් වැටෙන්නට විය.

🥀

මතු සබැදේ

සෙව්

කතා පරක්කු වෙනවට සමාවෙන්න ළමයි... Exam stress හොඳටම.. පුලුවන් ඉක්මනින් ඉතුරු කොටස් ගේන්නම්
15/06/2026

කතා පරක්කු වෙනවට සමාවෙන්න ළමයි... Exam stress හොඳටම..
පුලුවන් ඉක්මනින් ඉතුරු කොටස් ගේන්නම්

රාධාවනි තම සාරියෙහි පොට කොනිති ගසමින් උද්‍යානය දෙසට ඇවිද ආවාය. ඈත කඳු වළල්ලක් දෙස බලා සිටිනා කොලින් දුටු ඇගේ මුහුණෙහි ඇඳ...
11/06/2026

රාධාවනි තම සාරියෙහි පොට කොනිති ගසමින් උද්‍යානය දෙසට ඇවිද ආවාය. ඈත කඳු වළල්ලක් දෙස බලා සිටිනා කොලින් දුටු ඇගේ මුහුණෙහි ඇඳුනේ මදහසකි. සෙරක මෙන් වටපිට බැලූ ඇය කිසිවෙකු නොමැති බව සැක හැර දැනගත්තාය. නෙළුම් පෙති වන් සියුමැලි පා යුග ඔසවා ඇඟිලි තුඩු මතින් ඔහු වෙතට ඇවිද ගියාය. ඔහුගේ ඉන වටා තම දෑත් යැවූ ඇය සිය කම්මුලක් ඔහුගේ පිටට තද කර ගත්තාය.

නොසිතූ ස්පර්ශය හමුවේ තිගැස්සී ගිය කොලින් තම ඉන දෙපසින් වැටී ඇත් දෑත් දෙස බැලුවේය. මරතොණ්ඩි රටා සහිත ඇඟිලි තුඩු දුටු ඔහුගේ මුවඟට නැගුණේ මදහසකි.

" මගේ රෝස මල...."

"මාත්තියා....."

ඔහු ඇගේ අතකින් ඇද ඇයව තම මුහුණ ඉදිරියට ගත්තේය. මුහුණට වැටුණු කෙහෙරැලි ඇගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නේය. නලලත රැදි තිලකය ඒ සඳවන් මුහුණට එක් කළේ ආලෝකයකි. කොලින් තම ඇඟිලිවලින් ඇගේ කෙහෙරැලි කන පිටුපසින් රැදෙව්වේය. සිව් නෙත් යාවී ඇත්තේ දෙදෙනාම වශියකට හසු වූවාක් මෙනි. කොලින්ගේ දිගු ඇඟිලි රාධාගේ සාරියෙන් විවෘත වූ පිට දිගේ ඇදී යද්දි ඇය විළියෙන් තම මුහුණ ඔහුගේ පපුතුරෙහි සැඟවූවාය.

🥀 රාධාවනි 🥀

මීළඟ කොටසින්----------- >

🥀 රාධාවනි 🥀 දහ අටවන කොටසමේ අතර ජෝන් සිටියේ සඳැල්ලට වීය. උද්‍යානයේ සිදු වන සියලුම දෑ ඔහුහේ දෑසට හොඳින්ම පෙනුනේය. රාධාවනි ...
08/06/2026

🥀 රාධාවනි 🥀

දහ අටවන කොටස

මේ අතර ජෝන් සිටියේ සඳැල්ලට වීය. උද්‍යානයේ සිදු වන සියලුම දෑ ඔහුහේ දෑසට හොඳින්ම පෙනුනේය. රාධාවනි අසරණ ලෙස කඳුළු පිසිමින් මුළුතැන්ගෙය කරා පිය මනින අයුරු ඔහු බලා සිටියේ වේදනාව මුසු කෝපයකිනි.

" what the hell is he doing ?"

සිත පුරා බුර බුරා නැගෙන කෝපය ඔහු පාලනය කරගත්තේ සිය දෑතෙහි තිබූ පොත තදින් මිරිකා දමමිනි. එහි පිටු ඉරී පොඩි වී යනවා පවා ඔහුට නොදැනුනි.
රාධාවනි සහ එළිසබෙත් පිළිබඳව කොලින් සමඟ කතා කිරීමට ඔහු ඉටා ගත්තේය. ඔහු රාධාවනි පිළිබඳව කිසිවක් මේ වනතුරු නොපැවසුවද සිදුවන සියලු දේ පිළිබඳව ජෝන් හොඳින් දැන සිටියේය.

එළිසබෙත් බංගලාවෙන් පිටව ගිය පසු කොලින් සෙව්වේ රාධාවය. ඇය කොහේවත් නැතිය. ඇය ඇත්තේ වේදනාවෙන් බව සිහි වූ ඔහුගේ හදවත හඬන්නට පටන් ගත්තේය. නොදැනීම හැරවුනු දෙපා ඇදුනේ ඇගේ කටුමැටි පැල දෙසටය. ඔහු එහි යද්දි ඉස්තෝප්පු කණ්ඩියට හිස තබා දෙනෙත් වසා සිටිනා ඔහුගේ රෝස මල ඈත තියාම දැක ගත්තේය. වේදනාවේ සලකුණු ඇඳුනු මුව ඔහුට ගෙන ආවේ කණගාටුවකි. ඔහු ළඟට පැමිණෙන තුරුම ඇයට නොදැනුනි.
ඇය අසළින් දණ නවා වාඩි වූ ඔහු ඇය ඇමතුවේය .

" මගේ රෝස මල.... හිත රිදිලද ඉන්නේ...."

ඔහුගේ වදන් හමුවේ යුවතිය ගැස්සී ගියාය. දෑස් හැර ඔහු දෙස බැලූ ඇයගේ වුවනේ සටහන් වූයේ විශ්මය මුසු වූ බැල්මකි. මදක් කොලින්ගේ දෑස් දෙසම බලාසිටි ඇය ඔහුගේ ගෙල දෙපසින් තම දෑතම යවා ඔහුගේ උරහිසට සිය මුහුණ තද කරගත්තාය.

" මට ගොඩක් දුක හිතුණා මාත්තියා ... මේ වෙන දේවල් මට දරාගන්න තමා බැරි ..."

ඇය එසේ පැවසුවේ හැඬුම් බරවය.

"මට සමාවෙන්න රාධා... මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා... අහගෙන ඉන්නවද මාව.."

රාධාවනි හිස සලා ඉස්තෝප්පු බැම්මේ මදක් එහාට ගියාය. කොලින් නැගී සිට ඇය අසලින් වාඩි වූයේය. රාධාගේ ඉන වටා අතක් යැවූ ඔහු ඇයව සිය පපුවට තුරුළු කරගත්තේය. ඇය ඔහුට ගුලි වූයේ හා පැටියෙකු විලසය.

" රාධා.... ඔයා දන්නවද මං කව්ද කියලා..."

" අපේ ජෝන් මාත්තියාගේ හොඳම යාළුවා..."

ඇගේ පිළිතුරට ඔහුගේ මුවෙහි ඇඳුනේ සිනහවකි.

" ඔව් මං ජෝන්ගේ හොඳම යාළුවා තමයි. ඔයා දන්නවා රාධා මගේ තාත්තා කව්ද කියලා"

යුවතිය හිස සැලුවේ තමා නොදන්නා බව හැඟවීමටය.

" මගේ තාත්තා ආදිපාදවරයෙක්.... ඇත්තටම කිව්වොත් එංගලන්තයේ රැජිනගේ සහෝදරයා ...."

රාධාගේ දෑස් විසල්ව ගියේය. මුහුණ රත් වී දෑසට කඳුළු පිරුණි. දියෙන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ගැහෙන්නට වූ ඇය කොලින්ගෙන් ඈත් වූයේ විදුලි වේගයෙනි.
ඔහු ඉදිරියේ දණින් වැටුණු ඇය ඔහුගේ දෙපා තරයේ වැළඳගත්තාය.

" අනේ මාත්තියා .... මට සමාවෙන්න... මං දන්නේ නෑ මාත්තියා එච්චර ලොකු කෙනෙක් කියලා.... අනේ ...."

රාධාගේ හැසිරීම ඔහුට කෝපයක් මෙන්ම වේදනාවක්ද දැනෙන්නට සැලැස්වීය.

" what are you doing ....නැගිටිනවා ..."

ඔහු කෝපයෙන් ගුගුරද්දි ඇය නැගී සිටියේ බියෙනි. මුවැත්තියක සේ ගැහෙන ඇය දුටු කොලින්ගේ හදවත ශෝකයෙන් බර විය. ඇයව තම පපු තුරුලට ඇදගත් ඔහු ඇගේ නලල මත දෙතොල් තද කළේය.

" බය උනාද....මට බය වෙන්න එපා රාධා .. ඒක මට දරාගන්න බෑ.... මං මොන දේ උනත් ඔයාට මගෙන් වෙන් වෙන්න දෙන්නේ නෑ... ඔයාට මාව නැති වෙන්නේ නෑ.... මං රජ පවුලේ පුතෙක් උනත්..."

ඔහු ඇගේ නලලෙහි දෙතොල් තද කළේය. ඔහුගේ ස්පර්ශයට ඇය සන්සුන් වනවා ඔහුට දැනුනි.

"දන්නවද රාධා... ඉන්ග්ලන්ඩ්වල ඉන්න කාලේ මං කෙනෙක්ට ආදරේ කළා..."

ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය.

" මගේ පළවෙනි ආදරය... ඒත් එයා වෙන කෙනෙක්ව කසාද බැන්දා... එයාව අමතක කරන්න ඕනේ නිසා මං ආයේ පාරක් මෙහාට ආවේ... මං කවදාවත් හිතුවේ නෑ ඒ ගමන මගේ ජීවිතේ මේ තරම් වෙනස් කරයි කියලා... ඔයාව තරම් මට දැනුනේ නෑ ග්වෙන්ව... ඔයාගේ ඉනොසන්ට් ගතිගුණවලට මං පුදුම තරම් බැඳුනා රාධා.. "

රාධාවනි ඔහු දෙස බලා සිටියේ දෑස් දල්වාගෙනය. මෙම අහිංසක යුවතිය තම හදවත ආක්‍රමණය කර ඇති අයුරු කොලින්ට සිතා ගැනීමටවත් නොහැකිය. ඇගේ සියුමැලි වත කමල දෝතට ගත් ඔහු නා දළු වන් පිරුණු දෙතොල් මත තම දෙතොල තද කළේ අනිච්ඡානුගවය.
යුවතිය ගැස්සී ගියාය. කුළුදුලේ ලැබුනු නුහුරු හාදුව ඇගේ සිරුර සීතල කරමින් හිරි වැටී ගියේය. රෝස පැහැ කම්මුල් රතු පැහැ වූයේත් දෑසට කඳුළු පිරුණේත් ඒක් වරමය. තරුණයාගේ සිතට දැනුනේ වරදකාරී හැඟීමකි. තම රෝස මල බියගැන්නුවාදෝයි ඔහුට සිතුනි.

"I'm sorry රාධා....මට සමාවෙන්න "

යුවතියගේ දෑස් දෙසම බලාගෙන පැවසූ ඔහු ඇයගේ දෑසින් පෙරී වැටුණු කඳුළු පිසදැම්මේය. මහත් වූ සෙනෙහසකින් තම කඳුළු පිසිනා තම පෙම්වතා දෙස බලාහුන් යුවතිය ඔහුගේ ගෙල වටකර තම දෑත් පටලා ගත්තාය. තව තවත් කිටි කිටියේ ඔහු ලයට තෙරපුණු ඇය ඔහුගේ දෙතොල් අල්ලාගත්තාය.

"මං ආදරෙයි රාධා......."

ඇගේ කන් පෙත්තක් අද්දරින් එසේ සවනට වැටෙද්දී ඇය තව තවත් ඒ දේහදාරි ලයට තුරුළු වූයේ සැහැල්ලුවෙන් දෑස් වසා ගනිමිනි.

🥀

තිහස්වර කාර්‍යාල කුටියට අඩිය තබද්දීම වාගේ ඔහු ඉදිරියට පැමිණියේ නිම්සරා ය.

" Good morning sir"

නිම්සරා සිනහවකින් මුව සරසාගෙන එසේ පැවසුවාය. ඇය දෙස ඕනාවට එපාවට මෙන් බැලූ තිහස්වර තම හඬ අවදි කළේය.

" Morning "

එපමණක් පමණක් පැවසූ ඔහු ඇය මඟ හැර ගොස් තම අසුනෙන් වාඩි වූයේය. නිම්සරාගේ හදවතට දැනුනේ වේදනාවකි. වෙනදාට තමා දුටු විට දිළිසෙන ඇස්වල අද ඒ දිස්නය නැත. සුළු මොහොතක් ඔහු දෙසම බලාසිටි ඇය තමාට අයත් අසුනෙන් වාඩි වූයේ පරිගණකය වෙත දෑස් යොමමිනි.

විටෙන් විට නිම්සරාගේ දෑස් තිහස්වර වෙතට විතැන් වුවද ඔහු නිකමට හෝ ඇය දෙස නොබැලුවේය. නමුත් නිම්සරාගේ දෑස් තමා දෙසට වැටෙන අයුරු ඔහු ඇස් කොනින් බලා සිටියේ ඔහුගේ මුවගේ සිහින් හසරැලි ඇඳෙද්දීය.

දහවල් ආහාර වේලාව පැමිණුනි. නමුත් තිහස්වර ලිපිගොනු කිහිපයක් දිගහැරගෙන කුමක්දෝ වැඩකය. නිම්සරා තම අතෙහි වූ පාර්සලයක කොනක් කොනිති ගසමින් උන්නාය. ඇයට තිහස්වර සමඟ කතා කිරීමට බියක් දැනුනි. නමුත් සිතට දිරි ගත් ඇය ඔහු අසලට ඇවිද ගියාය.

" සර්....."

නැත... තිහස්වර නිකමට හෝ ඇය දෙස බැලුවේ නැත. යුවතියට ඔහුගේ මේ වෙනස දරා ගැනීමට නොහැකි බවක් දැනුනි. ඇය නැවතත් තම හඬ අවදි කළාය.

" සර්....."

"ඇයි.... පේන්නේ නැද්ද මං වැඩක් කියලා... ඩිස්ටර්බ් කරන්න එපා ... "

"සර්... මං...."

"ඇයි මොකද .... කියන්න තියෙන දෙයක් කියලා ඉක්මනින් යන්න...."

තිහස්වර මවාගත් කෝපයකින් යුතුව පවසා සිටියේය.

" සර් මං ඇඹුල් තියල් එකක් හැදුවා....මං සර්ටත් කොටසක් ගෙනාවා...."

" මට.... මට මොකටද නිම්සරාගේ ඇඹුල්තියල්.... ඇයි මට කන්න නෑ කියලා හිතුවද... "

ඔහුගේ කර්කශ වදන් හමුවේ ඇගේ දෑසට කඳුළු ඉනුවේය. ඇගෙන් පිළිතුරක් නොලද කල හිස ඔසවා ඇය දෙස බැලූ තිහස්වර ගැස්සී ගියේ ඇගේ දෑස්වල තිබූ කඳුළු දැකය. ඔහුට දැනුනේ දුකකි. අහිංසක යුවතිය ඕනාවට වඩා රිදවූවාදෝ යැයි ඔහුට සිතුනි.

" මං එහෙම හිතුවේ නෑ සර්... මට සර්ව මතක් උනා ඒකයි...."

එපමණක් පමණක් පැවසූ ඇය ඇඹුල් පාර්සලය මේසයෙහි කොනක තබා නික්ම ගියේ වැටෙන්නට ඔන්න මෙන්නට තිබූ කඳුළු පිසදාගෙනය.

" මං කෙල්ලට සැර උනා වැඩිද මන්දා..."

තිහස්වර එසේ සිතමින් තම මේසය මත තිබූ ඇඹුල්තියල් පාර්සලය දෝතට ගත්තේය. ඇය දුන් මෙම පාර්සලය තමාට මහමෙර තරමට වටිනා බව දන්නේ ඔහුගේ හදවතම පමණක්‍ ය.පාර්සලය තම නාස් පුඩු අසලට ලං කල ඔහු පෙනහළු පුරවා ගත්තේ එහි වූ මිහිරි සුවඳය.

🥀

මතු සබැදේ

සෙව් ✍️

❄️ සීතල ආදරයක් ❄️විසිඑක්වන කොටස" අහ්... අනේ...හ්... නෑ සුදු අයියා... මේ... නිදිමත නැති නිසා ආවා...."ඇය වදන් අහුලන්නට විය...
08/06/2026

❄️ සීතල ආදරයක් ❄️

විසිඑක්වන කොටස

" අහ්... අනේ...හ්... නෑ සුදු අයියා... මේ... නිදිමත නැති නිසා ආවා...."

ඇය වදන් අහුලන්නට විය.

" ඕනේ නම් හෙට තමුසෙත් එනවා...."

රයන් අනන්තයක් දෙස බලමින් පවසන්නට විය.

" අහ්... ම්...මොකක්ද සුදු අයියා..."

වින්ඩියට තමාගේ දෙසවන් අදහාගත නොහැකිය.

" ඇයි... ඇහුනේ නැද්ද.... ඕනේ නම් හෙට එනවා... හවස හතර වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා... හැබැයි මම බල බල ඉන්නේ නෑ... හතර වෙද්දි කා එක ළඟට ඇවිත් හිටියොත් අරන් යන්නම්... නැත්තම් හොයන්නේ නෑ... මම කෙලින්ම යනවා..."

රයන් මදක් දැඩි ස්වරයෙන් පවසා යන්නට හැරුණේය.

" අහ් අනික... මේ ... මෙතනට වෙලා රෑ වෙනකම් ඉන්න එපා... පේනවනේ පින්න... යනවා රූම් එකට ගිහින් පාඩම් කරනවා.. නැත්තම් තමුසෙව ලෙඩ වෙයි..."

රයන් එසේ පවසා යන්නට ගියේ වින්ඩිගේ හදවත උඩපැන නටන්නට මෙන් වෙද්දීය.

" එ... එයා..හ්... එහෙම කිව්වේ... මාව .. අසනීප වෙයි කියලද...."

වින්ඩිගේ මුවෙහි ඇදුනේ සොඳුරු මන්දස්මිතයකි. ඇය තම කුටිය වෙත දිවගියේ මිටින්හල කිරිල්ලක ලෙසිනි. හදවත ගැහෙනා ලබ්ඩබ් හඬ පිටතට ඇසෙන තරම් යැයි ඇයට සිතිණි. ඇය තම කුටියට වැදී ද්වාරය වසා ගත්තාය. ද්වාරයට පිට දී රූටා ගොස් බිමින් වාඩි වූ ඇය දෑස් වසාගනිමින් හිස එයට බර කළාය.

" ඔයා දවසක .... මට ආදරේ කරයි..."

ඇගේ හදවත එසේ පවසන අයුරු ඇය අසා සිටියේ ආශාවෙනි. දඩිබිඩියේම අල්මාරිය වෙත ගිය ඇය එහි තිබූ සියලුම ඇඳුම් ඇද සයනය මතට දැමුවාය. ඉතා කෙටි කලිසම් සායවල්, බඳ පෙනෙනා ලෙස කෙටි බල්ව්සයන්, කෙටි ගවුම්, සිරුරටම තද වන ලෙස සැකසූ ගවුම් හැරුණුකොට කෝවිලට යෑමට තරම් සුදුසු ඇඳුමක් සොයාගැනීමට ඇයට නොහැකි විය.

" අයියෝ..... මං ගාව හරියන ඩ්‍රෙස් එකක් නෑනේ...."

ඇය අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරන්නට විය. තම ඇදුම් තෝරාගැනීමේ යම් ගැටලුවක් ඇති බව යුවතියට වැටහුණේ එවරය. ඇය තම දුරකථනය අතට ගත්තාය. එහි අංකයකට ඇමතුමක් ගත්තාය.

" හෙලෝ...වින්ඩි කියන්න...."

" ආගියෝ.... අනේ මට පොඩි හෙල්ප් එකක් කරන්නකෝ..."

" අහ්... මොකක්ද ...කියන්නකෝ...."

" අනේ මමත් හෙට සුදු අයියා එක්ක ඔයාගේ ඩාන්ස් එක බලන්න එනවා... මට කෝවිලට ඇඳන් එන්න හොඳ ඇඳුමක් නෑනේ... ආවොත් මට දෙනවද එකක්..."

වින්ඩි දෙගිඩියාවකින් විමසුවාය.

" ඔයාට නොදෙන දෙයක් මං ගාව නෑනේ වින්ඩි බබෝ... එහෙනම් හෙට දවල් වෙද්දි එන්න.... මම ලස්සන ඇදුමක් දෙන්නම්..."

අග්නි පැවසූයේ සැබෑම ලෙංගතුකමකිනි.

" අනේ තෑන්ක්ස්... මං එහෙනම් කලින්ම එන්නම්..."

වින්ඩි පැවසූයේ උතුරා යන සතුටකිනි.

" හරි... එහෙනම් මම තියන්නම්... ගුඩ් නයිට්...."

" ගුඩ් නයිට් ආගි..."

දුරකථනය විසන්දි විය. වින්ඩි සයනය මතට වැටුණේ සතුටිනි.


රාත්‍රී අඳුර පළවාහරිමින් අමාත්‍යය මන්දිරය එකාලෝක වී ඇත. එහි තෙවෙනි මහලේ සුඛෝපභෝගී කුටියක සඳලුතලයේ කුඩා ආලෝකයක් දිස් විය. යුවතියක එහි නටමින් උන්නාය. ඇගේ ඉන වට බැඳී තිබුණු සේද සළුව සුළඟ හා පොරබදමින් තිබිණි. මරතොණ්ඩි රටා වැටුණු කිරිගරුඬ පැහැ සිනිඳු දෙපා ටයිල් පොළව මත විවිධාකාර රටාවන් මවමින් තිබිණි.

නර්ථනයෙහි තාලයට ඇගේ සුසුමන් උස් පහත් විය. ලය මත්තෙහි දඟ කරන ගිනි සිළුවක පැහැගත් හදවත් හැඩැති පෙන්ඩනය ඇගේ හදවතෙහි අයිතිකරුවා කවුරුන්දැයි ඇයට නැවත නැවතත් සිහි කරමින් තිබිණි. පිරිපුන් ලමැද ඉහත්තාවට පෙන්ඩනයෙන් වැදෙන සියුම් පහරවල් යුවතියගේ ගත මදින් මඳ හිරිවට්ටමින් තිබිණි.

" හිමාන්ද් ....."

ඇය හති දමමින් පෙන්ඩනය තදකර අල්ලාගත්තාය. ලැම වේගවත්ව උඩ පහළ යයි. සිය පෙම්වතා තම ලැම පිරිමදින්නාක් මෙන් හැඟීමකින් ඇය විළිබර වූවාය. ඔහු හා තනිවන සමහර මොහොතවල්වල ඇගේ සිරුර පුරා දුවන ඔහුගේ උණුසුම් පහස දැනුදු දැනෙන්නාක් මෙන් විය.

" ඔයා මට මොනවද මේ කරන්නේ හිමාන්ද් ...."

ඇය හමායන සුළඟට මිමිණුවාය. ඇගේ සිහින ලොව බිමට සමතලා කරමින් දුරකථනය හඬන්නට විය. ඇය දිවගොස් එය අතට ගත්තාය. සුකුමල මුවෙහි ඇඳී පැතිරී ගියේ ප්‍රේමණීය සිනහවකි. හදවත් හැඩැති ලකුණක් සමඟ තිරයෙහි දිස්වන අංකය දෙස යුවතිය බලා සිටියාය.

" හිමාන්ද් ...මම... මම... ඔයා ගැන හිත හිතා හිටියේ.... "

යුවතිය ඇමතුමට සම්බන්ධ වී ඉවසුමක් නොමැතිව පැවසුවාය.

" අහ්... ඇත්තමද මගේ කෙල්ල... දැන් මං ගැනම හිත හිතද ඉන්නේ..."

එහාපසින් ගලා එන ප්‍රේමණීය හඬට ඇය නැවතත් ගෙලෙහි බැඳි පෙන්ඩනය තදකර අල්ලාගත්තාය.

" ඔව්... හිමාන්ද් ... දන්නවද... මම දැනුත්... මේ දැනුත්... ඔයා මගේ කරට දාපු පෙන්ඩන් එක අල්ලගෙන ඉන්නේ... ඒක... ඒක..හ් මගේ පපුව උඩ සෙල්ලම් කරනවා හිමාන්ද් ... එයා... එයාහ් මටහ්.. පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ... එයා ඔයාව මට මතක් කරනවා හිමාන්ද් ...."

යුවතිය කෙඳිරිලි හඬින් පැවසුවාය.

" ම්ම්ම්හ්.... ඒක එතනින් එල්ලුවේ.... ඔයාගේ පපුවේ අයිතිය කාගෙද කියලා... ඔයාටම මතක් කරලා දෙන්න..."

හිමාන්ද් පැවසූයේ ප්‍රේමණීය හඬකිනි.

" හෙට මාව පිස්සු වැටෙයි බබා... ඔයාගේ ඩාන්ස් එක බලනකම් මට ඉවසිල්ලක් නෑ..."

හිමාන්ද් නැවතිල්ලේ පවසන්නේය.

" මට බයක් දැනෙනවා හිමාන්ද් ... මම කවදාවත්ම දෙවියෝ ඉස්සරහා නටලා නෑ... ඒකත් මේ තරම් ලොකු පූජාවක..."

ඇය පවසන්නේ දෙගිඩියාවෙනි.

" බය වෙන්න එපා මැණික... ඔයා ගොඩක් ටැලන්ටඩ් නේ...."

ඔහු, ඇය අස්වසන්නට මෙන් පැවසුවේය.

" හිමාන්ද් .. ඔයා...හ්... මට පේන්න ඉන්නවා කියලා ප්‍රොමිස් වෙනවද.... ප්ලීස්... මට ඔයා දකින්න ඕනේ... මම නටද්දි... ඔයා දකින එක මට ලොකු හයියක් වෙයි... කියන්න.. ඔයා මගේ ඇස් ඉස්සරහා කොහේහරි ඉන්නවා නේද...."

අග්නිය බැගෑපත් වන්නට වූවාය.

" ඔව් මගේ රත්තරං... මම ඔයාට පේන්න ඉන්නවා... ඔයාගේ ඇස් ඉස්සරහා... මම ඉන්නවා..."

යුවතියගේ මුවෙහි ඇඳී ගියේ සිනහවකි. ඇගේ ලය විසල් බරකින් නිදහස් වූවාක් මෙන් ඇයට දැනුණි. පසුවදා හමුවීමට බලාපොරොත්තු ඇතිව ඔවුන් දෙදෙනා ඇමතුම විසන්දි කර දැමුවෝය.


සවස හතරේ හෝරාවට ආසන්නය. කඩවසම්‍ තරුණයෙකු ඔහුගේ කොණ්ඩය කැඩපත ඉදිරියට වී සාදමින් සිටියේය. නේවි නිල් පැහැයට හුරු ලිනන් කමිසයත්, ක්‍රීම් පැහැගත් කලිසමත් ඔහුගේ කඩවසම්‍ බව තව තවත් ඔප්නංවා තිබිණි. මිළාධික සුවඳ විලවුන්වල සුගන්ධය කුටිය පුරා පැතිරී යන්නට විය.

දින ගණනකින් ඔහු, ඇය දුටුවේ නැත. සිය ඒකපාර්ශ්වික ප්‍රේමයෙහි හිමිකාරියගේ රුව ඔහු සති කිහිපයකින් දුටුවේ නැත. ඇය නොදැක සිටියදී සිත සැහැල්ලු වේ යැයි සිතුවද තව තවත් බරවන හදවත විටෙක ඔහුට දැනුනේ මහා බරක් ලෙසය. හදවත ගලවා සිරුරෙන් ඉවත් කළ හැකි නම් ඔහු එයද කරනවා නොඅනුමානය.

අද ඇයගේ දිවියෙහි එක් විශේෂ දිනයකි. ඔහු, ඇය ළඟින්ම සිටිය යුතුය. ඇයට හයියක් විය යුතුය. ඔහු නැවතත් තම ප්‍රතිබිම්බය දෙස බැලුවේය. වේදනාත්මක සිනහවක් පෑවේය.

" චූටික්කී .... මම එනවා... "

එසේ පැවසූ ඔහු තම රථයෙහි යතුරු අතට ගත්තේය. පියගැටපෙළ බැසගිය ඔහු තම මෑණියන්ගේ දෙපා නමැද රිය වෙත ඇවිද ගියේය. නිවසින් පිටතට යන්නට පෙර නිවස සිසාරා බැල්මක් හෙලුවේය.

" වින්ඩි කොහෙදෝ ගියා පුතා..."

තම මෑණියන්ගේ වදනට ඔහු මදක් ගැස්සිනි. ඇය තමාට නොකියා යෑම පිළිබඳව ඔහුට දැනුනේ කෝපයකි. පෙරදින රාත්‍රියෙහි ඇය ඔහු හා යන්නට එන බව පැවසුවද දැන් ඇය නැත. ඇය කොහේදෝ ගොස්‍ ය. රයන් නිහඬවම තම රථය වෙත ඇවිද ගියේය.

" යන මඟුලක කියලා යන්න ඕනේ එක්කෝ... අනේ.... එයාගේ ලොකුකම් එයාට..."

ඔහු කෝපයෙන් තමාටම මුමුණාගනිමින් රිය මාර්ගයට දැම්මේ වේගයෙනි. තම සිත්ගත්තිය දකිනා නොඉවසිල්ලෙන් ඔහු රථය පදවන්නට විය. ඇය අන්සතු බව හොඳින්ම දැන සිටියද ඇගෙන් තම සිත මුදවාගන්නා ශාස්ත්‍රය ඔහු නොදන්නේය. ඔහු එය ඉගෙනගන්නට උත්සහ කරන්නේ හෝ නැත. දුරින් හිඳ ඇගේ සතුට දෙස බලමින් සතුටු වන්නටත්, ඇය තම පෙම්වතා සමඟ සිටින විට වේදනාවන් සඟවා සිහනසෙන්නටත් පුරුදු වූවා මිස, ඔහු ඇයව තම හදවතින් පන්නා දමන්නට සුළු හෝ උත්සහයක් ගත්තේ නැත.

අඩ හෝරාවකට පමණ පසු ඔහු තම රිය සතරසිංහ අමාත්‍යය මන්දිරයේ විසල් ගේට්ටුවෙන් ඇතුළු කළේය. රථයෙන් බිමට බට ඔහු මන්දිරය තුළට ඇතුළු වූයේය.

" රයන් අයියා... ඔයා ආවද.."

ආලින්දයෙහි සෝෆාවෙහි අසුන්ගෙන ගමන් මල්ලක කුමක්දෝ අදිමින් සිටි අග්නිය විමසුවේ සතුටිනි.

" ඔව් චූටික්කී ...එහෙනම් අපි යමු නේද .."

රයන් එසේ පවසමින් තම අත් ඔරලෝසුව දෙස බැලුවේය.

" අනේ.... ආගියෝ.... මේ තෝඩු දාන්නකෝ...."

එසේ පවසමින් කලබලයෙන් මෙන් අසල පිහිටි කුටියකින් පිටතට පැමිණියේ වින්ඩිය. ඇය දුටු රයන්ගේ මුව විවර විය. බටහිර පන්නයට හුරු බෝනික්කියක වැනි මුහුණක් ඇති ඇයගේ මුහුණෙන් දෑස් ඉවතට ගන්නය අපහසු බවක් ඔහුට දැනුණි.

මෙරූන් පැහැ සාරියකින් සැරසී සිටි ඇය කෙටි කොණ්ඩය ගෙඩියක් ලෙස බැඳ තිබුණාය. කොණ්ඩ ගෙඩිය වටා එතූ නැවුම් පිච්චමල් වැල ඇයට එක් කළේ ආලෝකයකි. රන් පැහැ ගත් ඉන්දියානු පන්නයට අයත් ආභරණවලින් සැරසී සිටි බෝනික්කිය අදහාගත නොහැකි තරම් රූමත්ව දිස් විය.

" කෝ එන්න... ඔයා ලෑස්ති වෙලා ඉවර නම් අපි යමු නේද... මට මිස්ලගේ ගෙදර ගිහින් ඇඳගන්න ඕනේ... මිස්නේ මට අන්ඳන්නේ.... එයා වගේ නීට් එකට මට අඳින්න බෑ...."

අග්නිය , වින්ඩිගේ සවන්පතක තෝඩුවක් රඳවමින් පැවසුවාය.

" රයන් අයියා... ඔයා එහෙනම් වින්ඩි එක්ක කා එකට යන්න... මට තව බෑග් එකක් ගන්න තියෙනවා..."

එසේ පවසමින් අග්නිය පියගැටපෙළ නැග යන්නට ගියාය. උගුර පාදා ඉවත බලාගත් රයන් , වින්ඩි හට ඇමතුවේය.

"තමුසේ මට නොකියා ඇයි මෙහෙට ආවේ..."

" මට අඳින්න ඇඳුමක් තිබ්බේ නෑ සුදු අයියා... ඒ නිසා අග්නිගෙන් ඉල්ලගන්න ආවේ..."

වින්ඩි පැවසුවාය.

" හඃ... ඔව් ඉතිං... තමුසෙට කොහොමත් තැනකට අඳින්න පුළුවන් ඒවා නෑනේ... තියෙන්නේ ඔක්කොම බාග කෑලිනේ..."

රයන් රළු ස්වරයකින් පැවසුවේය.

❄️

මතු සබැදේ

සෙව් ✍️

කතා පරක්කු වෙනවට සමාවෙන්න ළමයි.... exam එකක් මට.... පාඩම් කරන අතරේ ලැබෙම සුළු වෙලාවක ඔයාලා බලන් ඉන්න නිසයි ලියන්නේ... ඉවසීමෙන් රැඳී ඉන්න ඔයාලට ආදරෙයි 🩷🫰

නර්ථනයෙහි තාලයට ඇගේ සුසුමන් උස් පහත් විය. ලය මත්තෙහි දඟ කරන ගිනි සිළුවක පැහැගත් හදවත් හැඩැති පෙන්ඩනය ඇගේ හදවතෙහි අයිතිකර...
07/06/2026

නර්ථනයෙහි තාලයට ඇගේ සුසුමන් උස් පහත් විය. ලය මත්තෙහි දඟ කරන ගිනි සිළුවක පැහැගත් හදවත් හැඩැති පෙන්ඩනය ඇගේ හදවතෙහි අයිතිකරුවා කවුරුන්දැයි ඇයට නැවත නැවතත් සිහි කරමින් තිබිණි. පිරිපුන් ලමැද ඉහත්තාවට පෙන්ඩනයෙන් වැදෙන සියුම් පහරවල් යුවතියගේ ගත මදින් මඳ හිරිවට්ටමින් තිබිණි.

" හිමාන්ද් ....."

ඇය හති දමමින් පෙන්ඩනය තදකර අල්ලාගත්තාය. ලැම වේගවත්ව උඩ පහළ යයි. සිය පෙම්වතා තම ලැම පිරිමදින්නාක් මෙන් හැඟීමකින් ඇය විළිබර වූවාය. ඔහු හා තනිවන සමහර මොහිතවල්වල ඇගේ සිරුර පුරා දුවන ඔහුගේ උණුසුම් පහස දැනුදු දැනෙන්නාක් මෙන් විය.

" ඔයා මට මොනවද මේ කරන්නේ හිමාන්ද් ...."

ඇය හමායන සුළඟට මිමිණුවාය. ඇගේ සිහින ලොව බිමට සමතලා කරමින් දුරකථනය හඬන්නට විය. ඇය දිවගොස් එය අතට ගත්තාය. සුකුමල මුවෙහි ඇඳී පැතිරී ගියේ ප්‍රේමණීය සිනහවකි. හදවත් හැඩැති ලකුණක් සමඟ තිරයෙහි දිස්වන අංකය දෙස යුවතිය බලා සිටියාය.

" හිමාන්ද් ...මම... මම... ඔයා ගැන හිත හිතා හිටියේ.... "

යුවතිය ඇමතුමට සම්බන්ධ වී ඉවසුමක් නොමැතිව පැවසුවාය.

" අහ්... ඇත්තමද මගේ කෙල්ල... දැන් මං ගැනම හිත හිතද ඉන්නේ..."

❄️ සීතල ආදරයක් ❄️

මීළඟ කොටසින්----------- >

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Stories by Sew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Stories by Sew:

Shortcuts

Share