04/08/2026
අඩු මිලට China වලින් Import කරපු බඩු විකුණන අයගේ රහසක් තියෙනවද?
Customs duty, VAT, PAL ඔක්කොම ගෙවලා නීත්‍යානුකූලව Import කරද්දි, market එකේ දැනටමත් තියෙන selling price එකටත් වඩා ඔයාගේ landed cost එක වැඩි වෙනවා නම්, 'මේක කරන්න පුළුවන් business එකක්ද' කියලා හිතෙන එක සාධාරණයි.
ඇත්තටම legit importers ලාභ ගන්නේ prices අඩු කරන්නේ නෙවෙයි, cost එක අඩු කරගන්න විදිහ දැනගෙන ඉන්න නිසා.
1.පළමුවෙන්ම VAT ගැන.
ඔයා VAT-registered business එකක් නම්, Import කරද්දි ගෙවන VAT එක loss එකක් නෙවෙයි, Input Tax Credit එකක් විදිහට claim කරගන්න පුළුවන්. ඒ කියන්නේ VAT-registered නැති කෙනෙකුට VAT එක සම්පූර්ණයෙන්ම cost එකක් වෙද්දි, Registered කෙනෙකුට ඒක ආපහු ලබාගන්න පුළුවන් , landed cost එකෙන් ලොකු කොටසක් අඩු වෙනවා.
2. දෙවනුව Quantity එක.
කුඩා quantity එකකට per-unit freight cost එක වැඩියි. Volume එක වැඩි වෙන කොට, per-unit landed cost එක සැලකිය යුතු ලෙස අඩු වෙනවා , ඒ නිසා තමයි established importers, පුංචි importers ට වඩා අඩු මිලට විකුණන්නත් ලාභ ගන්නත් පුළුවන් වෙන්නේ.
3.තුන්වෙනුව HS Code classification එක.
Item එකක් වැරදි HS Code එකකට වැටුණොත් Duty rate එක අනවශ්‍ය විදිහට වැඩි වෙන්න පුළුවන්. නිවැරදි classification එක දැනගෙන ඉන්නවා නම්, ගෙවන්න ඕන duty එකම, එකවත් වැඩියෙන් නෙවෙයි ගෙවෙන්නේ.
4.හතරවෙනුව Supplierගෙන් කෙළින්ම (Trading company/middleman නැතුව) මිලදී ගැනීම.
freight forwarder එකක් එක්ක දිගින් දිගටම වැඩ කරලා rate එකක් negotiate කරගැනීම ,මේවත් cost එක අඩු කරන්න බලපානවා.
සරලවම කිවහොත් 'නීත්‍යානුකූලව import කරලා ලාභයක් ගන්න බෑ' කියන එක වැරදියි. 'නීත්‍යානුකූලව import කරලා, cost structure එක නිවැරදිව manage කරන්නේ නැතුව ලාභයක් ගන්න බෑ' කියන එක තමයි ඇත්ත.
මේ ගැන ප්‍රශ්න තියේ නම්, Comment කරන්න, අනෙක් අයටත් දැනගන්න, Share කරන්න.