CLUCK Sri Lanka's leading pet items supplier Contact Us For More Details

මෙන්න ඔබට රැකියා අවස්ථාවක්,අප ආයතනයේ සේල්ස් රෙප් තනතුර සදහා අවස්ථාවක් තිබෙන අතර,ඒ සදහා කැමත්තක් දක්වන අයෙක් සිටී නම් පහත...
29/05/2024

මෙන්න ඔබට රැකියා අවස්ථාවක්,

අප ආයතනයේ සේල්ස් රෙප් තනතුර සදහා අවස්ථාවක් තිබෙන අතර,ඒ සදහා කැමත්තක් දක්වන අයෙක් සිටී නම් පහත දුරකථන අංකයට අමතා වැඩි විස්තර ලබා ගන්න.

CALL US -077 555 0255

HAPPY VESAK CLUCKY'SCLUCK IS BACK 🔥
23/05/2024

HAPPY VESAK CLUCKY'S
CLUCK IS BACK 🔥

04/02/2022

Books educate you 🗯️
27/01/2022

Books educate you 🗯️

සාර්ථක ගොවිපලක් මිනිසාට හා සතුන්ට හිතකර වේ.සාර්ථක ගොවිපලක් උපරිම නිෂ්පාදන ලබාගැනීම අරමුණු කර ගනිමින් සෘජු නිෂ්පාදන කෙරහි...
23/01/2022

සාර්ථක ගොවිපලක් මිනිසාට හා සතුන්ට හිතකර වේ.

සාර්ථක ගොවිපලක් උපරිම නිෂ්පාදන ලබාගැනීම අරමුණු කර ගනිමින් සෘජු නිෂ්පාදන කෙරහි මෙන්ම අතුරු නිෂ්පාදන කෙරහිද අවධානය යොමු කල යුතුය.

උදා : කුකුල් පාලනය

ඍජු නිෂ්පාදන -:
බිත්තර

අතුරු නිෂ්පාදනය -:
මස්
පොහොර

එහිදී උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා සතුන්ට හිතකර ආකාරය වනුයේ,

1) සමබර පෝෂදායී ආහාර ලබාදීම.
2) පිරිසිදු ජලය ලබාදීම.
3) ප්‍රතිශක්තිකරණයට හා නිෂ්පාදනයට වැදගත් වන හා සතුන්ගේ ජීවය නියමිතව පවත්වා ගැනීමට අදාල වන විටමින් හා ඛණිජ ලබාදීම.
4) සුදුසු පරිසර තත්ව ලබා දීම.(උදා : උෂ්ණත්වය,පිරිසිදු වාතය,සිසිලස,ආලෝකය)
5) සත්ව සුබසාධනයට අවශ්‍ය නියම ඉඩකඩ ලබාදීම.
6) සතුන්ට රෝග වලට ඔරොත්තු දීමට අදාල එන්නත් ලබාදීම.
7) සතුන් රෝග වන අවස්ථාවේ නියමිත ප්‍රතිකාර ලබාදීම.
8) සතුන්ගේ බිම් ආස්තරණය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම (තෙතමනය වැනි සාධක).

ඵලදායීව පවත්වාගෙන යන ගොවිපලක් මිනිසාට හිතකර වනුයේ,

1) උපරිම නිෂ්පාදනයක් ලබාගත හැකිවීම.
2) ගුණාත්මකභාවයෙන් ඉහල මිනිසාට හිතකර නිෂ්පාදන ලබාගත හැකි වීම.
3) රෝග හා අහිතකර තත්වයන්ගෙන් තොර නිෂ්පාදන ලබාගත හැකි වීම.
4) නිෂ්පාදන අඛණ්ඩව ලබාගත හැකිවීම.
5) බැක්ටීරියා ප්‍රතිරෝධිකතාවයෙන් ආරක්ෂා වීමට හැකිවීම.
6) අපද්‍රව්‍ය කළමනාකරණය තුලින් පාරිසරික බලපෑම අවම වීම හා අමතර අදායම් ලබාගත හැකි වීම.

ඔබත් මේ වගේ Quality Farm එකක් පවත්වාගෙන යාමට කැමති නම් දැන්ම අපව සම්බන්ධ කරන්න.

Call us - 0775550255

මෙවැනි කරුණු තව දැනගන්න පිවිසෙන්න අපේ Facebook පිටුව වෙතට -https://www.facebook.com/cluckinternational/



#බිත්තරගුණ

බිත්තරවල විශ්මිත ගුණ ඔබ දැනසිටියාද?බිත්තර සුදුමදයේ සහ කහමදයේ වැඩි වශයෙන් ඛනිජලවණ, ප්‍රෝටීන්, විටමින් අඩංගු වේ. මෙහි කොලෙ...
11/01/2022

බිත්තරවල විශ්මිත ගුණ ඔබ දැනසිටියාද?

බිත්තර සුදුමදයේ සහ කහමදයේ වැඩි වශයෙන් ඛනිජලවණ, ප්‍රෝටීන්, විටමින් අඩංගු වේ. මෙහි කොලෙස්ටරෝල්වල දියවන විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ලද පවතී. මේ අනුව බිත්තරයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ අතර විටමින් ඒ 6% කි. පොස්පරස් 9%ක්ද, සෙලනියම් 22%ක්ද, ෆේලේට් 5%ක්ද අඩංගු වේ. ඊට අමතරව සින්ක් සහ කොපර්ද බිත්තරවල අන්තර්ගතව පවතී.

මිනිසාගේ ශරීරයට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයකින්ම ඉතා සුළු ප්‍රමාණයක් හෝ බිත්තරවල අඩංගුය. ඔමේගා 3 මේද අම්ලය ඉතා පෝෂ්‍යදායක වේ. බිත්තරවල කොලෙස්ටරෝල් අධිකව පවතී. එක් බිත්තරයක සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 212ක් පවතී. නමුත් මෙම කොලෙස්ටරෝල් අවශ්‍යයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් වැඩි නොකරයි. අක්මාවේ කොලෙස්ටරෝල් අඩුකරයි.

මිනිසාගේ ශරීරයේ වැඩිම කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ අක්මාව මගිනි. බිත්තර වැඩිපුර අනුභව කිරීමෙන් අක්මාව මගින් නිපදවනු ලබන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවේ.

බිත්තර ආහාරයට ගනු ලබන පුද්ගලයන්ගෙන් 70%කගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොකරයි. 30%කගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ස්වල්ප ලෙස ඉහළ දමයි. නමුත් පරම්පරාවෙන් කොලෙස්ටරෝල් හටගන්නා අය බිත්තර ආහාරයට ගැනීම සීමාකළ යුතුය.

බිත්තරවල පවතින ලියුටින් සියැන්නීන් නම් ප්‍රබල ඔක්සිකාරකය හේතුවෙන් ඇස්වල සුද ඇතිවීම වළක්වයි.

ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන කෝලීන් බොහෝ ආහාරවල අඩංගු නැතත් බිත්තරවල කෝලීන් අඩංගු වේ. බිත්තරයක කෝලීන් මිලිග්‍රෑම් 100කටත් වඩා අඩංගු වේ.

බිත්තර ආහාරයට ගැනීමෙන් ඉතා ඉක්මනින් කුසගිනි නිවේ. මේ නිසා බිත්තර ආහාරයට ගත්විට අනෙක් ආහාර වැඩිපුර නොගැනීම හේතුවෙන් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ. මේ නිසා දිනපතා බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුය.

මිනිසාට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම සුළු වශයෙන් තිබීම නිසා බිත්තර ආහාරයට ගැනීමේ වරදක් නොමැත. විශේෂයෙන් හිසකෙස් සඳහා බිත්තර ඉතා ප්‍රයෝජනවත් වේ. කුඩා දරුවන්ට බිත්තර ලබාදීමද ඉතා සුදුසුය.

බිත්තරවල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ඇතුළත් ප්‍රෝටීන් අඩංගුය. බිත්තර සහ හෘදයාබාධ අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් නොපවතින බවද හෙළිවී ඇත. බිත්තර ලොව සුපිරි ආහාරවලින් විශේෂ තැනක් ගන්නා ආහාරයකි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

නිදන්ගත ශ්වසන රෝගChronic respiratory diseases (CRD)Mycoplasma gallicepticumChronic respiratory disease (CRD) / සී අර් ඩී...
05/01/2022

නිදන්ගත ශ්වසන රෝග
Chronic respiratory diseases (CRD)
Mycoplasma gallicepticum

Chronic respiratory disease (CRD) / සී අර් ඩී වලට මූලික හේතුව වන්නේ මයිකෝප්ලාස්මා ගැලිසෙප්ටිකම්
Mycoplasma gallicepticum (MG) ය.නමුත් නිදන්ගත රෝග තත්වය සදහා මයිකෝප්ලාස්මා ගැලිසෙප්ටිකම් සහ ඊ කොලි (E.coli) සම්බන්ධ වේ.ND සහ IB වැනි ශ්වසන පද්ධතිය සමග සම්බන්ධ වෛරස් මගින් මෙන්ම දෙවනුව ඇතිවන බැක්ටීරියා ආක්‍රමණය මගින් රෝගය සංකීර්ණ වේ.

සතුන් ආතතියෙන් පෙලෙන විටදී (කුරුල්ලන්ව චලනය කිරීමෙන්/වාසස්ථාන වෙනස් කිරීමෙන්,සතුන්ගේ හොට කැපීම වැනි කටයුතු වලදී හා වෙනත් මෙහෙයුම් වලින් ඇතිවන ආතතිය) රෝග තත්වය ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.තවද වෙනත් අහිතකර පාරිසරික තත්ව යටතේදී (සීතල හෝ අහිතකර වාතාශ්‍ර තත්වයන්) රෝග අවධානම වැඩි වේ.

ප්‍රධාන ගැටලුව වන්නේ මයිකෝප්ලාස්මා ආසාදිත මව් පක්ෂීන් මගින් බිත්තර හරහා කුඩා සතුන් හට රෝගය සම්ප්‍රේෂණය කල හැකි වීමයි.මෙය සිරස් සම්ප්‍රේෂණය (Vertical transmission) ලෙස හැදින්විය හැක.ඊට අමතරව ස්පර්ශ කිරීම හෝ වාතයෙන් දූවිලි හෝ ජල බිදිති මගින් ආසාදනය සතුන් අතර සම්ප්‍රේෂණය විය හැක.එය තිරස් සම්ප්‍රේෂණය (Horizontal transmission) ලෙස හැදින්විය හැකිය.

රෝගයේ බීජෞෂණ කාලය දින 4 සිට සති 3 දක්වා වෙනස් වේ.

ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වන විශේෂ ලෙස කුකුළන් සහ කළුකුම් විශේෂ හදුනාගෙන ඇත.

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස තරුණ කුකුළන් හට (බ්‍රොයිලර් හෝ බිත්තර දැමීම ආරම්භ කල සතුන්) ශ්වසන අපහසුතා පෙන්වනු ඇත.කුරුල්ලන් හට ආහාර රුචිය නොමැතිකම,බර වැඩිවීම ක්‍රමානුකූලව සිදු නොවීම සහ ආහාර පරිවර්තනය අනුපාතය වැඩි වීම සිදු වේ.

වැඩිහිටි පක්ෂීන් තුල වඩාත් සුලභ රෝග ලක්ෂණ වන්නේ කිවිසුම් යාම සහ සාමාන්‍ය ශ්වසන අපහසුතාවයයි.එමෙන්ම 20%-30% බිත්තර නිෂ්පාදනයේ අඩුවීමක් සිදුවිය හැකිය.අභිජනනය කරන්නන් (මව් සතුන්) තුළ අභිජනන හැකියාව බලපාන අතර ආසාදිත සතුන්ගේ බිත්තර වලින් බිහිවන පැටවුන්ගේ ගුණාත්මකභාවය අඩු වේ.

සී අර් ඩී සාමාන්‍යයෙන් භයානක මරණ සංඛ්‍යාවක් සිදු නොකරයි.නමුත් මෙම තත්වයේ ප්‍රධාන බලපෑම ලෙස බර වැඩිවීම ක්‍රමානුකූලව සිදු නොවීම,අහාර පරිවර්තන අනුපාතය වැඩිවීම සහ අභිජනනය කරන්නන්ගේ බිත්තර නිෂ්පාදනය අඩුවීම වැනි හේතු නිසා ආර්ථික අලාභ ඉතා ඉහල විය හැක.

පශ්චාත් මරණ පරික්ෂණයකදී,ස්වාස නාලයේ ශ්ලේෂ්මල සහ වා කුහරතුල අපහැදිලි පෙණ සහිත දියරයක් දැක ගත හැක.

විශේෂයෙන් සංකීර්ණ අවශ්‍යතාවන්හීදී (උදා- ද්විතීයික ඊ කෝලි ආසාදන සමග) ස්වාස නාල රතු පැහැයට හුරු වීම සහ වා කුහර තුලින් චීස් පැහැති ද්‍රවයක් පිටාර ගැලීම දැකගත හැකි වේ.

රෝග ලක්ෂණ වලින් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් මගින් රෝග විනිශ්චය කල හැකි වේ.එමෙන්ම රුධිරය භාවිතා කරමින් රසායනාගාරයේ තහවුරු (මයිකෝප්ලාස්මා හුදකලාව) තහවුරු කිරීම සිදුකර ගත හැකි වේ.පී සී ආර් (PCR) වැනි පරීක්ෂණ භාවිතා කරමින්ද රෝග හදුනාගත හැක.

ශ්වසන වෛරස ආසාදනය (නිව්කාසල් රෝග හෝ බ්‍රොන්කයිටිස්) සහ ඊ කෝලි වැනි ද්විතීයික බැක්ටීරියා රෝග සමග රෝග ලක්ෂණ සමාන විය හැකිය.

ආසාදිත සතුන් හට සුදුසු ප්‍රතිජීවක භාවිතයෙන් ප්‍රතිකාර කල හැකි වේ.නමුත් රැළෙන් එම ආසාදනය ඉවත් නොවනු ඇත.

රෝග අධීක්ෂණය හා එන්නත් කිරීම මගින් මෙම රෝගයෙන් වැළදීමෙන් වැළකිය හැකිය.

වෛද්‍ය,තිසර කුමාර ජයසිංහ,
Dr.Thisara Kumara Jayasinghe,
BVSc (Hons) Sri Lanka.
MSc in poul Sc.Sri Lanka

මෙවැනි කරුණු තව දැනගන්න පිවිසෙන්න අපේ Facebook පිටුව වෙතට -https://www.facebook.com/cluckinternational/


Happy Greetings New Year 2022 🔥
31/12/2021

Happy Greetings New Year 2022 🔥

Merry Christmas to everyone 🎅
25/12/2021

Merry Christmas to everyone 🎅

Address

Kuliyapitiya
60200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94775550255

Website

Alerts

Be the first to know and let us send you an email when CLUCK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share