වීදි බව්වන් වෙනුවෙන් අපි

වීදි බව්වන් වෙනුවෙන් අපි පාරේ අසරණ වෙලා ඉන්න හැම සතෙක්ටම ආදරය, කරුණාව පිරුණු නිවසක් ලැබේවා... ♥️

09/03/2026

අදුරෙන් එළියට ආ ආදරය 🥺♥️
゚viralシ

කුලියාපිටිය දණ්ඩගමුව හරියේ කොහෙදිහරි මෙයාව දැක්කොත් අනේ පණිවිඩයක් දෙන්න පුලුවන්ද?ගොඩක් පින් 🙏එයාගේ නම ටෙඩී. නම කියලා කතා...
09/03/2026

කුලියාපිටිය දණ්ඩගමුව හරියේ කොහෙදිහරි මෙයාව දැක්කොත් අනේ පණිවිඩයක් දෙන්න පුලුවන්ද?
ගොඩක් පින් 🙏
එයාගේ නම ටෙඩී. නම කියලා කතා කලාම එයා දන්නවා.
දැක්ක කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න
ගොඩක් පිං 🥺🙏

මෙහෙම කෙනෙක්ට රැකවරණයක් දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද 🥺❤️‍🩹🫵 please helpමේ අහිංසක අසරණයව කවුරු හරි ගම්පහ වීදියවත්ත ප්‍ර...
01/03/2026

මෙහෙම කෙනෙක්ට රැකවරණයක් දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද 🥺❤️‍🩹🫵 please help

මේ අහිංසක අසරණයව කවුරු හරි ගම්පහ වීදියවත්ත ප්‍රදේශයේ පාරක් අයිනට ගෙනත් දාලා ගිහින් 💔😪

ගොඩක් පොඩි මාසයක් / සති 6 ක විතර පැටියෙක්. male ද female ද කියන්න දන්නෙ නැහැලු. කඩයක් ළග තනිවෙලා ලු ඉන්නෙ. ☘️

ගැහැනු පිරිමි බේද නොබලා, රැකවරණයක් දෙන්න කැමති කෙනෙක් උඩුගම්පොල, වීදියවත්ත, මිනුවන්ගොඩ අවට ඉන්නවානම් හෝ ඇවිත් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් පහළ නම්බර් එකට whatsapp මැසේජ් එකක් දාන්න. location හොයාගන්න උදව් කරන්නම් ❤️

විස්තර ලබාදුන්නෙ tuk tuk driver කෙනෙක් නිසා එයාගෙ නම්බර් එකක් එවලා නැහැ. බාරගන්න කෙනෙක් ඉන්නවානම් පේජ් එකේ මට කතා කරන්න. ඒ අවට ට්‍රාන්ස්පෝට් මම ගානෙ කරලා දෙන්නම්. (072 5168200)
copied

මිනිසෙක් තම අලුතින් වන්ධ්‍යාකරණය කරන ලද කුඩා බල්ලා තම පිටේ තබාගෙන ගියේ ප්‍රවාහනය සඳහා මුදල් නොමැති නිසාය. එසේ වුවද, ඔහු ...
27/02/2026

මිනිසෙක් තම අලුතින් වන්ධ්‍යාකරණය කරන ලද කුඩා බල්ලා තම පිටේ තබාගෙන ගියේ ප්‍රවාහනය සඳහා මුදල් නොමැති නිසාය. එසේ වුවද, ඔහු තත්පරයක්වත් පසුබට නොවී ඔහුව ප්‍රවේශමෙන් සහ ඉවසිලිවන්තව නිවසට ගෙන යාමට පසුබට නොවීය. සැත්කමෙන් පසු ඔහුව ආරක්ෂා කිරීමට සහ මඟදී තුවාල වීම වැළැක්වීම සඳහා ඔහු කුඩා ලී ඇඳක් සකස් කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වු දර්ශනය, දහස් ගණනක් මිනිසුන්ගේ සංවේදනයට හේතු විය: ඔහුගේ මූල්‍ය සීමාවන් තිබියදීත්, ඔහු තම සුරතලාගේ සෞඛ්‍යය සහ සුවය තමාගේම සුවපහසුවට වඩා ප්‍රමුඛත්වය දුන්නේය. රෝග සහ සතුන් අතහැර දැමීම වැළැක්වීම සඳහා වන්ධ්‍යාකරණය ප්‍රධාන ක්‍රියා පටිපාටියක් බව එය සැමට මතක් කර දුන්නේය.

මෙම ගමන සැබවින්ම නිර්වචනය කළේ ඔහු ශල්‍යකර්ම යෙන්පසු භාරගත් රැකවරණය වගකීම සහ ආදරයයි, ගමන දුෂ්කර වුවද ඔහුගේ කකුල් හතරේ සහකරු කෙරෙහි ඇති කැපවීම සහ සැබෑ සෙනෙහස පිළිබඳ නිහඬ නමුත් බලවත් නිරූපණයක් බවට පත් කළේය.

උපුටාගැනීමකි -

11/02/2026

සතුට තිබුනෙම ඒ හිනාවෙන ඇස් අස්සේ 🥺♥️
゚viralシ

30/01/2026

වීසා එක අතේ, දරුවා කූඩුවේ💔💔💔

"රට යනවා" කියන්නේ අද කාලේ ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ ගෙදර හිටපු "කකුල් හතරේ දරුවා" බිල්ලට දෙන්න එපා.

අයිතිකාරයෝ ප්ලේන් එකට නගින හදිස්සියට, ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා "Free Adoption" කියපු ගමන්, දහ දෙනෙක් විතර පොරකනවා. අයිතිකාරයත් වෙලාව ඉතුරු කරගන්න, කතා කරන පළවෙනි මනුස්සයාගේ අතට සතාව දීලා අත පිහදාගන්නවා.
"ගෙදර තාප්ප තියෙනවද? කන්න දෙන්න වත්කමක් තියෙනවද? කලින් සත්තු හදලා තියෙනවද?" කියලා අහන්නවත් ඒ අයිතිකාරයින්ට සිහියක් නෑ.

අර අරන් යන මනුස්සයත්, "නිකන් හම්බුන නිසා" ආසාවට අරන් ගිහින් දවස් දෙකයි තියන් ඉන්නේ. ඊටපස්සේ සතා බුරනවා වැඩි වුනාම, කන්න දෙන එක වදයක් වුනාම කෙලින්ම දාන්නේ කූඩුවට.💔💔

අන්තිමට වෙන්නේ මොකක්ද?

අවුරුදු ගාණක් මෙට්ටවල නිදාගෙන, කාර් එකේ රවුම් ගහපු ඒ අහිංසකයා, අලුත් ගෙදරක, මලකඩ කාපු යකඩ කූඩුවක් අස්සේ හිරවෙලා, පරණ හාම්පුතා එනකම් මඟ බලන් ඉන්නවා.💔💔
"රට යන හදිස්සියට ජීවිත 'Disposal' කරන්න එපා. බාරදෙන්න කලින්,ඔවුන් යන්නේ අපායකට නෙවෙයි කියලා 100% ක් සැක ඇරගන්න. මොකද ඔවුන්ට වීසා නෑ... ඔවුන්ට ඉතුරු වෙන්නේ ඒ අලුත් ගෙදර විතරයි.🥺🥺
Shiwangi's pet paws

මම face book එකේ මේ වගේ ගොඩාක් පෝස්ට් දැක්කා..ඒකයි මට හිතුනෙ මෙහෙම පෝස්ට් එකක් දාන්න ඕන කියලා

කැලනියඅද උදේම එලියට බහින කොට තමයි මේ අසරනයව දැක්කෙ ගෙවල් ලග තියෙන කඩයක් ගාව දාලා ගිහින් කවුරි හරි 😔 මෙයා හැමෝම ගාවට ගිහි...
30/01/2026

කැලනිය

අද උදේම එලියට බහින කොට තමයි මේ අසරනයව දැක්කෙ ගෙවල් ලග තියෙන කඩයක් ගාව දාලා ගිහින් කවුරි හරි 😔 මෙයා හැමෝම ගාවට ගිහින් ගිහින් ලෙවකනවා බඩගින්නෙ.... අපි පුලුවන් විදියට කෑම ටිකක් දුන්නා ඒත් පුරුදු ණැති නිසා ගොඩක් බය වෙලා ඉන්නෙ මෙයා .

හැප්පෙන්න ගිහින් හැමතැනටම දුවනවා ... කවුරු හරි මේ අසරනයට පිහිටක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න .... මෙයා ලැබ්‍රඩෝ මික්ස් එකක් වගේ බව්වෙක් ...

074 3055 740
+94 76 823 4158

Copied

30/01/2026

ආදරණීයම හිත් ♥️🥺

මේ සතාට පිහිටවෙන්න කෙනෙක් සිටීද.මුළු ලෝකයම කළුවර වෙලා... දෑස නොපෙනෙන මේ අහිංසකයාට අන්තිම කාලේ ආලෝකයක් වෙන්න කෙනෙක් නැද්ද...
30/01/2026

මේ සතාට පිහිටවෙන්න කෙනෙක් සිටීද.

මුළු ලෝකයම කළුවර වෙලා... දෑස නොපෙනෙන මේ අහිංසකයාට අන්තිම කාලේ ආලෝකයක් වෙන්න කෙනෙක් නැද්ද?

මේ සතාට දැන් පේන්නේ ඝන අන්ධකාරයක් විතරයි. ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම වගේ දුර්වල වෙලා, වයසට ගිහින් ඉන්න මේ අහිංසකයාව හදපු මිනිස්සුම වෙන්න ඇති, වැඩක් නෑ කියලා හිතලා මෙහෙම හොරණ කුඹුක පාරට ගෙනත් දාන්න ඇත්තේ. ඇස් පේන්නෙ නැති නිසා පාරේ යන වාහනේකට අහුවෙලා මේ ජීවිතේ නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

පාරක් තොටක් පේන්නෙ නැතුව, තමන් ඉන්නේ කොතනද කියලවත් හොයාගන්න බැරුව මේ සතා විඳින බය වචනයෙන් කියන්න බෑ. වාහන එන සද්දෙ ඇහුණත් බේරෙන්න දුවන්න එයාට පෙනීමක් නෑ. 🚫👀

ජීවිතේ සැඳෑ සමය ගෙවන මේ අහිංසකයාගේ අඳුරු ලෝකයට ආලෝකයක් වෙන්න පුළුවන් පින්වතෙක් නැද්ද?
ලොකු කාලයකට නෙවෙයි, එයාගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන මේ අන්තිම ටික කාලෙදි, බඩගින්නක් නැතුව නිදාගන්න ආරක්ෂිත තැනක් දෙන්න. ඒ පිනම ඇති මේ ආත්මෙදි කරගන්න. 🙏✨

මේ අඳුරු ලෝකේ එයාට තනි වෙන්න දෙන්න එපා. පුළුවන් කෙනෙක් මේ ජීවිතේ බාරගන්න.

උදව් කරන්න අපහසු නම් මෙය share කරලා හරි මේ සතාට පෙනෙන දෑසක් වෙන්න පුළුවන් කෙනෙක්ව හොයලා දෙන්න.ලකා with Ireland boys

📍 ස්ථානය: හොරණ - කුඹුක

📞 විස්තර දැනගැනීමට (Whatsapp ඇත):
071 720 1311
උපුටා ගැනීමකි
ඉහලින් ඇති අංකයට කතා කරල උදව් කරන්න

අනේ වඳින්නම් උදව් කරන්න බැරි නම් කළුතර හොරණ පානදුර පැත්තේ පේජ් වලට මේක ශෙයා කරන්නKaweesha GamageActress MicsManusath hadha මනුසත් හදMadushan Laksh*thaShiru Gamage

මේ චූට්ම චූට් බව් කෙලි පැටියව මාතලේ මාරුකොන ගග පාරට ගෙනත් දාලා.මේ පැටියට ගෙයක් හොයාගන්න උදව් කරන්නකෝ🙏0 77 864 1700Copied
30/01/2026

මේ චූට්ම චූට් බව් කෙලි පැටියව මාතලේ මාරුකොන ගග පාරට ගෙනත් දාලා.මේ පැටියට ගෙයක් හොයාගන්න උදව් කරන්නකෝ🙏0 77 864 1700

Copied

Address

Kuliyapitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when වීදි බව්වන් වෙනුවෙන් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වීදි බව්වන් වෙනුවෙන් අපි:

Share