Lanka Business Solution Centre

Lanka Business Solution Centre We are committed to a quality, cost effective & personalized service with highest degree of professionalism.

We are a dynamic & progressive professional accounting & consulting firm based in Kuliyapitiya Narammala Kurunegala Negombo Pannala Giriulla Madampe providing a range of Accounting, Auditing, Tax Consultancy, Company Registration & Secretarial services We are a dynamic & progressive professional accounting & consulting firm based in Kuliyapitiya Narammala Kurunegala Negombo Pannala Giriulla Madamp

e providing a range of Accounting, Auditing, Tax Consultancy, Company Registration & Secretarial services to both local & foreign companies and individual tax payers. We make sure that every client of us is served by the expertise of our firm as a whole. We believe that the success of our clients is what drives us forward. Accounting Services

Auditing Services

Tax consultancy

Company Registration

Secretarial services

Installation, Training & Maintenance of online ERP systems

Contact :- 0715 717 715

01/04/2017

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං

• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්…
මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි.

• ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා.
නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි මහත්තුරු 10,000 ක් එක්ක ඍජුව කරන ගනුදෙනුවේ ලාභය ගමටයි. ෆුඩ්සිටි සේවකයෝ 8000 ක්. තවත් වක්‍රාකාරව යැපෙන හුඟ දෙනෙක්. මේ හැමෝගෙම ජීවිත ගැන මට වගකීමක් තියෙනවා.

• හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ කාගිල්ස් අයිතිකාර පේජ් පවුල සුද්දො කියලා…
ඒක වැරැදියි. පේජ්ලා යාපනේ උපන් ශ්‍රී ලාංකිකයෝ. ‘පේජ්’ කියන්නේ මගේ තාත්තගේ සීයා, ක්‍රිස්තියානු ආගම වැලඳගත් විට ලැබුණු නම.

• කාගිල්ස් අයිතිය තිබුණෙ සුද්දන්ට…
1948 න් පස්සෙ කාගිල්ස් අයිති වුණේ ශ්‍රී ලාංකිකයන්ට. එතකොටත් තාත්තා කාගිල්ස් සිලෝන් තියටර්ස් සමාගමේ චාටඩ් එකවුන්ටන්ට්.

එතැන වැඩ කරන ගමන් තමයි ටික ටික ‘පංගු’ ගත්තේ. තාත්තා කාගිල්ස් සමාගම හිමිකරගත් හතරවැනි ශ්‍රී ලාංකිකයා.
• කාගිල්ස් රටම ඇල්ලුවේ සුපර්මාකට් සංකල්ප‍ෙයන්. ඒ, සුද්දා දීපු දේට වෙනස් මොඩලයක් එකතු කරලා.
සල්ලිකාර වැදගතුන් විතරක් ගොඩවෙච්චි කාගිල්ස් සාප්පුව, රටේ ඕනෑම කෙ‍නකුට එන්න පුළුවන් තැනක් කළා. ඒක අහම්බයක්.

• අහම්බයක් වුණත් ඒ පිටුපස්ස දේශපාලකයෙක් හිටියා කියල නම් අහලා තියෙනවා…
හුඟක් අය බැන්නට, දේශපාලකයෝ ඉඳහිට හොඳ වැඩත් කරනවා.

• මොකක්ද ඒ කතාව…
කොම්පඤ්ඤ වීදියේ කාගිල්ස් සාප්පුව සුපර්මාකට් එකක් කළාම එළවළු පලතුරු ඕනැ වුණා. මං තව දෙන‍්නෙකුත් එක්ක හැමදාම පිටකොටු ගියා. මාළු මාකට් ගියා. පොඩි ප්‍රමාණවල් අරගෙන ආවා. එහෙම ඉඳිද්දියි මට එක් දේශපාලකයෙක් යෝජනාවක් ගෙනාවේ හඟුරන්කෙත අපේ ගමෙන් එළවළු ගන්න කියලා.
මුකුත්ම නොදැන මං ඒ ගමට ගියා. ගොවීන් මුණ ගැහුණා. මිනිස්සුන්ගේ අමාරුකම් දැක්කා. මුල් කාලෙ පාඩුයි. එන්න එන්න ලාභ ලැබුවා. රිස්ක් එකක් අරන් කරපු ඒ වැඩේ තමයි මගේ ටර්නින් පොයින්ට් එක වුණේ.

• ඔබ කියන්නේ උපතින් ම සල්ලිකාරයන්ගේ ජීවිතවලත් එහෙම හැරවුම් ලක්ෂ තියෙනවා කියලද…
ඒ 1999 අවුරුද්ද. මං කාගිල්ස් එකෙන් ඉවත් වෙන්න හදපු කාලේ. සිනමාව පැත්තෙන් බිස්නස් එකක් කරන්න හිතාගෙනයි අයින්වෙන්න හිතුවේ. හැබැයි අර දේශපාලකතුමාගේ යෝජනාවෙන් කාගිල්ස් සමාගම, මේ රටේ හැමෝගෙම තැනක් කරන්නට හැකි වුණා.

• ගොවීන්ට හොඳට ගෙවනවා කියලද ඔබ කියන්නේ….
ඒක දකින්න ගමට යන්න ඕනැ. අපේ එළවළු, පලතුරු, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ගොවීන් බලා ඉන්නවා. ඔවුන්ගේ අස්වැන්න අපට දෙන්න.

• ලංකාවට සුපර්මාකට් හඳුන්වලා දෙන්න ඔබ කොපි කළේ ලෝකෙ මොන කාගිල්ස් එකද…
ලෝකෙ තවත් කාගිල්ස් සාප්පු නැහැ. තියෙන්නේ ඇමරිකාවේ සුවිසල් cargill කොම්පැනිය විතරයි. ඒ නිසා මේක කොපියක් නෙවෙයි. අවුරුදු 3කට කලින් ඒ කාගිල් එකේ CEOත් පේජ් කෙනෙක්. එයා රොබට් පේජ්. මමත් ආර්. පේජ්. මගේ අනෙක් නම වැලන්ටයින්. උපන්නෙත් වැලන්ටයින් දවසෙ.

• බිස්නස් එක දියුණු කරන්න ඔබ අනුගමනය කළ බිස්නස් මොඩ්ල් එක මොකක්ද?
බිස්නස් මොඩ්ල්, බිස්නස් පර්සනලිටි ෆෝ ලීඩර්ෂිප් ඉගෙන ගන්න මං ලෝකෙ වටේ ගියේ නැහැ. නවලෝක මුදලාලි, දාස මුදලාලි, ඥානම් මුදලාලි වගේ උදාහරණ ඕනෑ තරම් මේ රටේ තියෙනවා.

• ආදරයයි බිස්නස් එකයි පටලවා ගත් අයට මොකද වෙන්නේද…
බිස්නස් එක කරන වෙලාවට සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ ඒකට විතරයි.

• දරුවන්ට බිස්නස් එක බාර දෙන්න වයසක් තියෙනවද….
ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මගේ දුව රායා බිස්නස් ගැන කිසිම උනන්දුවක් නැහැ. එයා පිටරට සමාජ විද්‍යා ඩිග්‍රියක් කරනවා. පුතා රන්ධීර් ඉන්නෙත් පිටරට. එයා එහේ බිස්නස් ඩිග්‍රියක් කරනවා.
කාගිල්ස් කියන්නේ දැන් ෂෙයාර් හෝල්ඩ‍ර්ස්ලා ඉන්න, පබ්ලික් ආයතනයක්. මං, එයාලා පත් කළ නියෝජ්‍ය සභාපතිවරයා පමණයි. තවදුරටත් කාගිල්ස් පවුලේ බූදලයක් නෙවෙයි. ඒ නිසා තාත්තා යනකොට පුතා ගේනවා කියලා එකක් කාගිල්ස් එකේ නැහැ.

• එතකොට අවුරුදු 170 ක් පැරැණි සමාගමක අනාගතය කුමක් වෙයිද…
තාත්තගෙන් ගන්නවට වඩා වෙනස් විදිහේ කාගිල්ස් එකක් අපි හැදුවා. ඉදිරියේදී ඊටත් වඩා වෙනස්කම් එක්ක රටේ ආයතනයක් ලෙස එය පවතීවි.

• පේජ්ලා එක ‘ලෙවල්’ එකක මිනිස්සු. ගොවි බිමකදි ඔබේ දෙපයේ මඩ තැවරිලා තියෙනවද…
මම කුඹුරෙ කමතෙ ඉඳන් ඇඹුලත් කාලා තියෙනවා. ගොවීන් තමයි මගේ ශක්තිය. මේ ලබන මුදල් ආපහු ගමට යන්න ඕනෑ.

• මේ තරම් ව්‍යාපාරික ඥානය තියෙන එකේ පිටරට ව්‍යාපාරයකට අත ගහලා නැද්ද…
එක කාලයක් මං ට්‍රයි කළා ඉන්දියාවේ බිස්නස් එකක් පටන් ගන්න. රටේ සල්ලි වෙන රටවලට යවන්න එපා කියන එක මගේ තාත්තගේ ප්‍රතිපත්තිය.

• හැබැයි සුවිස් බැංකුවෙ නම් ඔබේ සල්ලි ඇති…
එහෙම බැංකු ගිණුමක් මට හරි වයිෆ්ට හරි දරුවන්ට හරි තියෙනවා කියලා හෝ පිටරටවල වෙන ගෙවල් තියෙනවා කියලා හෝ කවුරු හරි ඔප්පු කළොත් මං කාගිල්ස් එක එයාට දෙනවා.

• ඒ කියන්නේ ඔබ හදවතින් ම ශ්‍රී ලාංකිකයි…
මගේ අම්මා තාත්තා දෙන්නම යාපනේ. තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේ. මං මරදාන ශාන්ත ජෝශප්, ඇක්වයිනාස් ඇතුළු ඉස්කෝල කිහිපයකම. ඇසුරු කළේ ජාතිය කුමක් වුණත්, එකම ලේ ඇති මිනිස්සු. මං හැදුණේ මේ රටෙන්. ඉතින් මං මේ රටට ණයයි. ඒ ණය පියවන්නයි, ගමට වැඩක් කරන්නේ.

• ඩිග්‍රි දෙක තුනක් කරලවත් ගන්න බැරි ඔබේ මේ ව්‍යාපාරික දැනුමෙ හොඳම අවස්ථාව මොකක් කියලද හිතන්නේ…
ලංකාවේ වැහෙන්න ගිය ආහාර නිෂ්පාදන ආයතන කිහිපයක්ම අපි මිලදී ගත්තා. ඒ එක අයිස්ක්‍රීම් එකක් ගැන කතාකරද්දියි, අඹ ටිකක් දැම්මොත් මොකද… කියන අදහස ආවේ. ඒකෙන් තමයි මැජික් අයිස්ක්‍රීම් හැදුණෙ.
මේ හැමදේම ප්‍රායෝගිකව ලබපු දැනුම මිසක් උපාධි ගහලා ලබපු දැනුමක් නෙවෙයි.

• සුපර්මාර්කට් මට්ටමේ අලුත් ව්‍යාපාර සංකල්පයක් රජය ඔබෙන් ඉල්ලුවොත්…
මේ රටේ පිටි කිරිවලටම අවුරුද්දකට ඩොලර් බිලියන තුන් හාරසීයක් යනවා. මේ මුදලින් හතරෙන් එකක් ගමට යවන ව්‍යාපෘතියක් කරන්න පුළුවන්. මං එවැනි දේකට උදව් කරන්න කැමැතියි. ඒ හැරෙන්න දේශපාලනයට මං කැමැති නැහැ.

• ඒත් ඉහළ මට්ටමේ එළවුළු පලතුරු වලට නේද ඉල්ලුම වැඩි…
ඒක මන් දන්නෑ. ගමේ එළවුළු, පලතුරු, කරවල, මාළු තමයි මං වැඩිපුර විකුණන්නේ. බෙල්පෙපර්, අරවා මේවා මං එච්චර කැමැති නැහැ.

• සල්ලිකාර සැමියෙක් විදියට ඔබ බිරියට විශ්වාසනීයයි කියල හිතනවද…
රෝෂනාරා මගේ වයිෆ්. මට මුණගැහුණෙ ඇක්වයිනාස් එකේදි. අපි යාළු වුණා. ‘මං උතුරේ. ඔයා දකුණෙ. අපි දෙන්නා එකතුවෙලා රටේ මේ ප්‍රශ්න ටික විසඳමු’. ඉස්සර මං එහෙම කිව්වම එයා හිනාවුණා. ඒත් අවසානයේ ඇත්තටම පුළුවන් තරමට අපි එහෙම කළා.

• බොහෝ සල්ලිකාර බිරියන් ගෙවල්වල මල් පෝච්චි වගේ. ලස්සන විතරයි…
ම‍ගේ වයිෆ් වෙනස්. 1983 ස්ටේපල් වීදියේ පළමු කාගිල්ස් සුපර්මාර්කට් එක අරිද්දී එයා රාක්කවල එළවුළු ඇසිරුවා. කස්ටමර්ලගෙන් බැණුම් ඇහුවා. කැෂියර් වුණෙත් එයා. මගේ ඕනෑම අමාරු කාලයකදි ළගින් හිටියා.

• විශ්වවිද්‍යාලයට යන්න තිබුණා නම් කියල හිතුණේ නැද්ද…
කවදාවත් නැහැ. විශ්වවිද්‍යාලේ ගියා නම් මට වයිෆ්ව මුණගැහෙන්නෑ. හැබැයි මං අද ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලත් දේශන කරනවා. ලෝක බැංකුවෙත් සමුළුවලට යනවා. ඒ අය මගෙන් ඉගෙනගන්නවා.

• ආදරය සහ බලය අතරින් එකක් තෝරාගන්න කිව්වොත්…
මං ආදරය ‍තෝරාගන්නවා.

• ඇයි ඒ…
මං බොහොම ආදරණීය පුද්ගලයෙක්. මිනිස්සු ගැන මට මහා ආදරයක් තියෙනවා. බිස්නස් එක දෝලනය වෙන්නේ ජීවිත එක්ක. ගමත් එක්ක.

• සංකල්ප විතරක් තිබිලා, මුදල් නොතිබුණා නම් ඔය කියන සංකල්ප වැඩක් වෙයිද…
ඒකට හොඳම උදාහරණය මගේ ජීවිතයයි. මං රස්සාවක් හොයාගෙන යද්දි කවුරුත් මට ඒ කාලෙ රස්සාවක් දුන්නෑ. තාත්තගේ නම අහපුවම ඒ අය හිතුවෙම මං දෙන රස්සාව දාලා යයි කියලා. ඒ නිසා පළවැනියට ලැබුණු රස්සාව මං කළා. මට ඕන වුණේ වෙනසක්.

• මොකක්ද ඒ රස්සාව…
කටුනායක එයාර්පෝට් එකේ ‘වෙල්කම්’ බෝඩ් අල්ලගෙන ඉන්නයි, ඒ ගෙස්ට්ස්ලාගේ බඩු බෑග් උස්සාගෙන යන එකයි. ඒ රස්සාව. පඩිය රුපියල් 300යි. හැබැයි ටිප්ස් හම්බ වුණා. 1978 ඒක ලොකු ගණනක්. මගේ ආන්ටිලා, අක්කලා මට බැන්නා. හිනාවුණා. ඊට පස්සෙ මං ‘කෝනල් ඇන්ඩ් කම්පනි’ එකේ සේල්ස්මන් කෙනෙක් වුණා.
මං කාගිල්ස් එකේ රස්සාව බාරගත්තේ 1982 අවුරුද්දේ කාගිල්ස් කණපිට හරවන වැඩේ පටන්ගත්තේ 83 දි.
මිනිහෙකුට දියුණුවෙන්න ඕනෙනම් හිතන විදිය වෙනස් කරන්න.

• බිස්නස් එක ජීවිතය කරගත් කෙනකුට ගෙදර ජීවිතයක් තියෙනවද…
මොකද නැත්තේ. ජීවිතයේ හැම දවසක්ම අරඹන්නේ ගෙදරින්. උදේ නැඟිටලා මායි වයිෆුයි ඇ‍ඳේ ඉඳගෙනම ප්‍රෙයාස් කියනවා. ඒ අපි ආදරය කරන හැමෝම වෙනුවෙන්.
එයා උයලා දෙන දේ කනවා. ගෙදර බඩුමුට්ටු එහා මෙහා කරන්න උදව් ඉල්ලුවොත් ඒකත් කරනවා. අතුපතුගානවා. එන්න කිව්වොත් එනවා. යන්න කිව්වොත් යනවා. එතකොට එයත් සතුටුයි. මාත් සතුටුයි.

• ඒත් ඔබ අතට පයට වැඩකාරයෝ පිරිවරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්…
ඇයි මං වැඩ කළොත් මගේ මුකුත් අඩු වෙනවද… අනෙක අපිට වැඩ කරන අය සර්වන්ට්ස්ලා නෙවෙයි. හෙල්පර්ස්ලා. වෙලාවකට අපිත් ඒ අයට හෙල්පර්ස්ල වෙනවා.

• දැන් ඔබේ වයස කීයද…
56යි. ඒත් ඒවා අංක විතරයි. හිතින් තවම මං තරුණයෙක්.

• ෆැෂන් කරන්න කැමැති ද…
වයිෆ් තෝරලා දෙන එක තමයි ෆැෂන්. එයාට හොඳට ඒ දේ පුළුවන්. මං හුඟක් කැමැති කැෂුවල් අඳින්න.

• ‘කාගිල්ස්’ වෙනුවෙන් වැඩ කරන්නේ පේජ් දරුවන්ගෙන් ඔබ විතරද…
ඇල්බට් පේජ් මගේ තාත්තට ළමයි 8ක්. මම හත්වැනියා. හුඟදෙනෙක් පිටරට. ඒත් සභාපති සහ අධ්‍යක්ෂවරු ලෙස ඉන්නවා. මගේ අම්මා ගැන නම් කියන්නම ඕනේ. එයා ඉන්නෙ තනියම. වයස 91ක්. තවම එයා රහට උයනවා. හිතුණම මං එයාට කියලා කෑම හදාගෙන කනවා. කරවල, පොල්සම්බෝල, පරිප්පු, මාළු, කිරිහොදි මං ආසම දේවල්.

• තාත්තගෙන් පුතාට නොයන කාගිල්ස් එක දවසක පිටස්තරයන්ට අයිති වු‍ෙණාත්…
කිසිම දුකක් නැහැ. හැබැයි කවදාවත් පිටරට සමාගමකට නම් දෙන්නෑ. පබ්ලික් ආයතනයක් ලෙස තව පරම්පරා ගාණක් එය තිබේවි.

• චිත්‍රපට එහෙම බලන්න වෙලාවක් තියෙනවද…
‘හිතුවොත් හිතුවමයි’ මං අන්තිමට බැලුව චිත්‍රපටය. විජය, ටෝනි, මාලනී, ශ්‍රියානි මං කැමැතිම ආර්ටිස්ට්ලා.

• කැමැතිම ගීතය…
ලෝකෙ ජීවත්වන්නට ෆුඩ් සිටියක් ඕනෑවේ. ඒක මමම හදාගත්තු සින්දුවක්.

උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවිත කතාව අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන...
01/04/2017

උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවිත කතාව

අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.

• අවුරුදු 145 ක් පැරැණි කීර්තිමත් සමාගමක තුන්වැනි ශ්‍රී ලාංකික සභාපතිවරයා. කැමැතියි ඔබ ගැන දැනගන්න...

මං බොහොම සරල චාම් මනුෂ්‍යයෙක්. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක් දිහා මං බලන්නෙ සරල මනසකින්. එතකොට උත්තර හොයන්න ලේසියි.

• මේ වගේ දැවැන්ත සමාගම් සමූහයක තීන්දු තීරණ ගනිද්දීත් ඔබට පුළුවන් ද එහෙම හිතන්න...

ඒ වගේ ව්‍යාපාරික තීරණ බොහෝ විට සමූහ විධායක කමිටුවේ මිස මගේ තනි තීරණ වෙන්නෙ නැහැ. මේක විශාල කණ්ඩායමක් එක්ක යන ගමනක්. වරායවල් තියෙන, සොසේජස් හදන, බැංකු, ඉන්ෂුවරන්ස්, සුපර් මාකට් වගේ එකිනෙකට වෙනස් දැවැන්ත ව්‍යාපාර තියෙන සමාගමක ප්‍රශ්නත් එකිනෙකට වෙනස්. ‘තියරි’ දාලා ඒවට විසඳුම් හොයනවට වඩා සරල ප්‍රායෝගික විසඳුම් තමයි සාර්ථක වෙන්නෙ.

• ඔබ වඩා සතුටු වෙන්නෙ අලුතින් ව්‍යාපාර ආරම්භ කරන කොට ද නැතිනම් තිබෙන ව්‍යාපාර පවත්වාගෙන යෑමෙන් ද...

අපි බිස්නස් අලුතින් අරගෙනත් තියෙනවා. තියෙන ඒවා විකුණලත් තියෙනවා. මේ වගේ දැවැන්ත ව්‍යාපාරවලදී ඒවා සාමාන්‍ය දේවල්.

• තියෙන ව්‍යාපාර වැහෙන එක ආයතනයකට හොඳ දෙයක් ද...

ඉස්සර අපිත් එහෙම හිතුවා. ඒත් එහෙම හැඟීම්බර වෙලා බිස්නස් කරන්න බැහැ. මිලියන - බිලියන ගණන් එහා මෙහා වන ව්‍යාපාරවලදී සමාගමක් තීන්දු තීරණ ගන්නෙ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. වැයවන කාලය, සම්පත්, ලාභය, බිස්නස් එකේ විශාලත්වය තමයි වැදගත්. බිස්නස් එකක් අත්හරිද්දි හිතට අමාරු එකම දෙයක් ගැන විතරයි. ඒ මානව සම්පත, නැතිනම් මිනිසුන්ගේ රස්සා.... කියන සිතිවිල්ල පමණයි.

• ජෝන් කීල්ස් කියන්නෙ 100% ශ්‍රී ලාංකික සමාගමක් ද...

1870 පටන් මේක ශ්‍රී ලාකික සමාගමක් තමයි. හැබැයි විදේශීය පුද්ගල සහ ආයතන 50% ක් පමණ තිබෙනවා කොටස් අයිතිය තිබෙන. ඒ කාටවත් මේ සමාගමේ අයිතියක් නැහැ. ඔවුන් කොටස්කරුවො පමණයි.

• ඒ කියන්නෙ ලාභාංශ ලෙස මේ රටින් සල්ලි යනවා...

එතකොට ඒ මිනිස්සුන්ගෙ සල්ලි ගැන මොකද කියන්නෙ... ඒ අය මුදල් දමන නිසා තමයි අපේ ව්‍යාපාර මේ රටේ අති දැවැන්ත වෙන්නේ. පුළුල් වෙන්නේ. අනික වැඩිම කොටස් අයිතිය තිබෙන කෙනාටත් 10% ක කොටස් පමණයි තියෙන්නේ. හුඟක් දෙනාට අපෙන් යන බව මතකයි. නමුත් අපේ රටට ඊට වඩා සල්ලි එන බව අමතකයි.

• අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්... තීන්දු තීරණ ලාභ... වත්කම්... ශේෂ... මේ දේවල් එක්ක ගෙවන ජීවිතේ වෙහෙසක් නැද්ද...

මොකද නැත්තෙ. දමලා ගහලා යන්න හිතුණු වෙලාවල් ඕනේ තරම්. කොච්චර හිතුණත් ඉතින් එහෙම කළේ නැහැ. වැඩ කිරීමම තමයි සතුටත්.

• හොඳ නායකයෙක් නැතිවුණොත් දැවැන්ත ආයතන වුණත් කඩා වැටෙනවා... ඔබ මොකද ඒ ගැන හිතෙන්නේ...

නායකයා හොඳ වුණාට වැඩක් නැහැ, හොඳ කණ්ඩායමක් නැතිනම්. ජෝන් කීල්ස් කියන්නෙ මහ විශාල Public ආයතනයක්. මේ ආයතනයේ සාර්ථකත්වයට මූලිකවම බලපෑ හේතුව තමයි කණ්ඩායමක් ලෙස වැඩ කිරීම.

• එම්. සී. බොස්ටොක්, ඩී. ජේ. එම්. බ්ලැක්ලර්, කෙන් බාලේන්ද්‍ර සහ වී. ලින්තොටවෙල... මේ අයගෙන් ඔබේ ජීවිතයට ලැබුණු දේ මොනවද...

පිළිවෙළින් ඔය මං වැඩ කළ මගේ සභාපතිවරු හතර දෙනා. සුදු ජාතික බොස්ටොක් මහතාගෙන් පටන් ගත්තම ලින්තොටවෙල මහතා දක්වා මේ චරිත හතරම මට මහා දැවැන්ත චරිත හතරක්. ඔවුන්ගේ එකිනෙකට වෙනස් පෞරුෂත්වය තුළ ඉගෙන ගැනීමට දේ බොහෝ තිබුණා. හොඳ නායකයෙක් වෙන්න, මොනවද නොකළ යුතු කියන එකයි මං ඉගෙන ගත් වැදගත්ම දේ.

• ඔබ කී දෙනෙක් පාලනය කරන බොස් කෙනෙක් ද...

මම බොස් කියලා ඔළුවට අරන් පැත්තකට වෙලා ඉන්න යුගයක් නෙවෙයි මේ. අපි හැමෝම සමානව වැඩ කරනවා. අනෙක් අතට සුළු සේවකයාගේ පටන් සභාපති දක්වා, අපි හැමෝම සමාගමකට වැඩ කරන අය. කොහොම වුණත් 13,000 ක සේවක පිරිසක් වැඩ කරන දැවැන්ත සමූහයක් මේ ආයතනය.

• ඔබ කොම්පැනි 70 ක නායකයෙක්. ඉඳහිටවත් මේ තැන්වලට ගොඩවදිනව ද...

අද තාක්ෂණයත් එක්ක, ඔෆිස් එකේ ඉඳන් ඕන දෙයක් බලන්න පුළුවන් තමයි. ඒත් ඉඩ ලැබෙන විදිහට මං ඔය හැම තැනකටම ගොඩවදිනවා. කීල්ස් සුපර් මාකට්වලට පවා යනවා. හැමදේම දකිනවා - බලනවා. හැබැයි ඇඟිලි ගහන්න යන්නෙ නැහැ.

• සභාපතිවරයකුට බැරි නම් කාට ද පුළුවන් ඕනෑම තැනකට ඍජුව මැදිහත් වෙන්න...

මං ඒ ගැන හිතන්නෙ වෙනස් විදියකට. එක තැනකට බොස්ලා දෙන්නෙක් අවශ්‍ය නැහැ. අඩුපාඩුවක් ඇත්නම් පෙන්නුවට කමක් නැහැ. බලපෑම් කළ යුතු නැහැ.

• විශ්වාසය සහ ආත්ම ශක්තිය ජීවිතයට ගෙනෙන ප්‍රබෝධය ඔබට දැනිලා තිබෙනව ද...

අනේක වර. අපි වරාය ව්‍යාපෘතියට අත ගැහුවේ ඩොලර් මිලියන 245 කට. ඒ කාලෙ සමහරු කිව්වේ ජෝන් කීල්ස් සමාගමේ අවසානය තමයි කියලා. ඒත් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා, කණ්ඩායමක් හැටියට අපි වැඩ කළා. සාර්ථක වුණා. ලොකු ව්‍යාපෘති කරන්න පුළුවන් බව අපි ඔප්පු කළා. 2002 Cinnomon Grand එකයි, Cinnomon Lakeside එකයි දෙකම ගන්නකොටත් මිනිස්සු අපිට හිනා වුණා. ඒ හෝටල් දෙකම ගත්තෙ ඩොලර් මිලියන 60 කට. අද මේවායේ වටිනාකම දහ ගුණයක්.

• ඔබේ දැනුමෙන් අත්දැකීම්වලින් රටට යමක් කරන්න රජයෙන් ආරාධනා ලැබුණොත්...

ඒක මට නුපුරුදු දෙයක් නෙවෙයි. රජය මගෙන් අහලත් තියෙනවා. මං උපදෙස් දීලත් තියෙනවා. හැබැයි ඒ එකක්වත් දේශපාලනිකව නෙවෙයි. රටේ ආර්ථිකයට වැදගත් ක්‍රම සම්පාදන සහ උපාය මාර්ග පිළිබඳ උපදෙස්. නමුත් ඒවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනව ද කියන එක මට ප්‍රශ්නයක්.

• ජීවිතයේ හැම දේම දිනන්නම ඕනේ... ඔබත් මෙහෙම හිතන කෙනෙක් ද...

කරන්න ඕනෙ දේ වෙනුවෙන් උපරීමය කිරීම මගේ සිරිත. කොහොම හරි දිනන්න ඕනෙ ය කියන එක මගේ ළඟ නැහැ. අත්හැරිය යුතු දේ අත්හරින එක ජීවිතයට වගේ ම දැවැන්ත ව්‍යාපාරවලදිත් අත්‍යවශ්‍ය දෙයක්.

• ලංකාවේ දැවැන්තම සමාගම් සමූහයක සභාපතිවරයා... ඇයි ඔබ මාධ්‍යයෙන් ඈත්වෙලා ඉන්නෙ...

මාධ්‍යයෙන් ඈත් වෙලාම නැහැ. නමුත් පත්තරවල, ටී වී වල, ඉන්ටවීව්ස්වලට මං කැමැතිම නැහැ. ඒ මගේ හැටි. මොකද පෞද්ගලික නිදහස මට හුඟක් වටිනවා. ඊටත් වඩා මං ප්‍රසිද්ධියට අකැමැති කෙනෙක්. 2006 සභාපති වුණාම තමයි මං අන්තිමට පත්තරවලට කතා කළේ.

• එතකොට සිංහල පුවත්පත් එක්ක ඔබේ සබඳතාවක් ඇත්තෙම නැද්ද...

එහෙම කිව්වොත් වැරැදියි. නමුත් මේ වගේ දිග ඉන්ටවිව් එකක් සිංහල පත්තරේකට දෙන පළමු වතාව. කවුරු කතා කළත් මං කිව්වෙ බැහැ කියලා.

• පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අනෙක් හැම ළමයෙක් වගේම නටපු දඟලපු, ඇති තරම් සෙල්ලම් කරපු සහ දඟ වැඩ කරලා ගුටි කාපු ළමා කාලයක් මටත් තිබුණා.

• පවුලේ ඔබ කී වැනිය ද...

අයියලා තුනයි, අක්කයි. මං පස්වැනියා. මට පස්සෙ මල්ලි.

• දරුවකුගේ ජීවිතයට වැටෙන හොඳ පදනම ඔහු හුඟක් දුර රැගෙන යනවා. දිනක ජිවිතය ඔසවා තබන්නෙත් ඒ පුරුදු... ඔබ මොකද ඒ ගැන හිතන්නෙ...

මගේ ජීවිතයට පදනම වැටුණෙ අම්මා අප්පච්චිගෙන්. නිතරම හරි දේ කරන්න, නිදහසේ හිතන්න පුරුදු පුහුණු කළේ ඒ දෙන්නා. පුංචි කාලෙවත් මේක කරන්න, අරක කරන්න කියලා අපිට බලපෑම් කළේ නැහැ. වැරැදි තැනෙකදි හැදුවා. අපි, අපි හැටියට නිදහසේ වැඩුණා.

• පුංචි පුතාලගේ වීරයා තාත්තා. ඔබේ වීරයා...

තාත්තා රස්සාව නිසා රටපුරා ගියා. මං හුඟක් ළංවුණේ අම්මට. හැබැයි අපි දරුවො හැමෝම අම්මා අප්පච්චිට සමීප වුණා. ගෙදරින් ඉස්කෝලෙට. ඊළඟට සෙල්ලම. ආයේ ගෙදරට. ඔය රාමුව ඇතුළේ තමයි අපි හැදුණේ.

• උඩරට සල්ලි බාගේ ඇති පවුලක දරුවෙක්... කවදාවත් ඔබට දුක් අමාරුකම් කියන දේ දැනුණ ද...

අපි සාමාන්‍ය පවුලක්. මගේ අප්පච්චි මාසෙ පඩියක් ගත් රාජ්‍ය නිලධාරියෙක්. අම්මා කළේ අපිව බලා ගත් එක. දරුවො හය දෙනෙක් කියන්නෙ ලොකු පවුලක්. අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි අම්මා අප්පච්චි අපිට, ජීවිත අත්දැකීමෙන්ම හුරු කළා.

• ඒ කොහොම ද...

අයියලා ඇඳපු ඇඳුම් පොඩි වුණාම මල්ලිලා අඳින්න ඕනේ. අයියලා පාවිච්චි කළ පොත් තමයි මල්ලිලාට ලැබුණේ. මං පස්වැනියා නිසා හැම වෙලාවෙම මට ලැබුණෙ අයියලා පාවිච්චි කළ දේවල්. අපි ආසා කළ හැම දේම ඉල්ලන පරක්කුවෙන් අපිට ලැබුණේ නැහැ. ඉතින් ඒ ජීවිතයට පුරුදු වුණා. ඒ ගැන ප්‍රශ්න කරපු හෝ මවුපියන්ට කරදර කළ දරුවො නෙවෙයි අපි.

• කොල්ලො පස් දෙනෙක් ඔය තරම්ම නිවුණු තාලෙට හැදුණ ය කියන එක අද කාලෙට විස්මයක්...

ඒත් ඒ තමයි ඇත්ත. ඒ කාලෙ අපිට පොකට් මනි කියලා දෙයක් ලැබුණා නම් ඒ රුපියලයි. ඊට වැඩි යමක් ලැබුණානම් ඒ, අත්තා හරි අත්තම්මාගෙන් හරි විතරයි. දැඩි නීති රීති ගෙදර නොතිබුණාට අපි හැඩගැහුණු විනයක් තිබුණා. අප්පච්චියි අපි අතරෙ ‘ගැප්’ එකක් තිබුණෙ නැහැ. අදටත් අපේ ඒ පවුල් බැඳීම ඒ වගේ. අප්පච්චි නැති වුණාට අම්මා තමයි අදත් අපි මුදුනෙ තියලා සලකන්නෙ.

• එතකොට ඔබ ඉගෙන ගත්තෙ...

අපි නුවර. මං ගියේ ට්‍රිනිටි කොලේජ් එකට. ඕ ලෙවල් සමත් වෙලා තාත්තා මාව කොළඹ රෝයල් එකට දැම්මා. ඒ එක්කම මුළු පවුලම කොළඹ පදිංචියට ආවා. ට්‍රිනිටි එකේදි ඉගෙනුමට වඩා මගේ හිත ගියේ ක්‍රීඩාවට. රග්බියි ක්‍රිකටුයි තමා මගේ ජීවිතේ වුණේ.

• රාජකීය විදුහලට පැමිණීම, ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා ද...

ඉස්කෝලෙ මාරු කළාට මං මංමයි. එහෙදිත් කළේ ක්‍රිකට් ගහපු එක. රග්බි සෙල්ලම් කළ එක. අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.

• උසස් පෙළ කරන වයසෙදි රස්සාවකට යන්න තරම් ඔබ සුදුසුයි කියලා හිතුණ ද...

මගේ බුද්ධිමත් භාවය පිළිබඳ මට යම් විශ්වාසයක් තිබුණා. සුදු ජාතිකයන් එක්ක හරි හරියට වැඩ කරන්න අවශ්‍ය හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබුණා. මං කොහොමත් අවදානම් තීන්දු තීරණ ගන්න දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.

• අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් වෙච්චි ඔබේ පියා, රස්සාවකට යන්න ගත් ඔය තීන්දුවට අවසර දුන්න ද...

නැහැ. මං ජෝන් කීල්ස් ආවේ අම්මා - අප්පච්චිගේ දැඩි විරෝධය මැද්දේ. රස්සාව කරන ගමන් විභාගේ කරනවා කියලා පොරොන්දු වෙලා. හැබැයි මං ඒ පොරොන්දුව කඩ කළා. එතැන් පටන් මං වැඩකළේ පුදුම කැපවීමකින්. අසාවකින්. උනන්දුවකින්.

• වෘත්තීය ජීවිතේ ඉහළට යන්න ඔය කියන ගුණාංග විතරක් සෑහෙනව ද...

තමන්ට උඩින් හොඳ බොස් කෙනෙක් ඉන්නත් ඕනේ. මං වෘත්තිය ජීවිතේ ගොඩනඟා ගත්තෙ ප්‍රායෝගිකව අත්දකිමින්. වැඩ කරමින්. විශ්ව විද්‍යාල ගණනාවකට ගිහින් ගත්තා වගේ දැනුමක් මට ලැබුණේ වැඩ කිරීමෙන්මයි. අද මේ සමාගමේ විධායක තනතුරකට එන්න බැහැ අදාළ උපාධියක් හෝ දෙකක් නැතිව. මට විශ්ව විද්‍යාලය වුණේ ජෝන් කීල්ස් සමාගම.

• ඔබ අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි බසින් ද...

නැහැ. සිංහල මාධ්‍යයෙන්. නමුත් පුංචි කාලෙ පටන් අපේ ගෙදර කතා කළේ ඉංග්‍රීසි භාෂාව. අම්මා අප්පච්චි බොහොම ඕනෑකමින් ඒ දේ කළේ. මට දෙමළ භාෂාවත් පුළුවන්. ඒ කාලේ මං දෙමළ වගේම ලතින් භාෂාවත් විෂයක් හැටියට ඉගෙන ගත්තා.

• ජෝන් කීල්ස් සමාගමේ ඔබේ පළමු රස්සාව මතක ද...

පුහුණුවන විධායක නිලධාරියෙක්. මගේ පුහුණු කාලය අවුරුද්දක් තිබුණා. නමුත් හය මාසෙකින් මං විධායක ශ්‍රේණියට උසස් වුණා. මං ඉතා හොඳින් වැඩ කළා. සුදු ජාතිකයන් කොහොමටත් පර්ෆෝමන්ස්වලට තැන දෙන අය. මං වැඩ කළ මැකිනොන්ස් ට්‍රැවල්ස් සමාගම, එයාර්ලයින් ටිකටින් සමාගමක්.

• පුංචි තැනෙකින් පටන් ගත් සේවකයෙක් සභාපති පුටුව දක්වා යන්නෙ බොහොම කලාතුරකින්...

මාත් ඒ විරල අවස්ථාව හෝ වාසනාව විඳපු කෙනෙක්. අවුරුදු 19 දී පුහුණුවන නිලධාරියා හය මාසෙකින් විධායක වෙනවා. ඊළඟට මැනේජර්. ඊළඟට මැක් එයාර් කොම්පැනිය බාර අධ්‍යක්ෂවරයා. ඊළඟට ආයතන සමූහයක අධ්‍යක්ෂවරයෙක්. ඔය විදියට අවුරුදු 47 දී සමාගමේ ඉහළම පුටුවට. අවංකව මහන්සියෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වීම හැර එතැන වෙන රහසක් නැහැ.

• වෘත්තීය ජීවිතේ ලබා ගන්න තව දෙයක් තියෙනව ද...

හුඟක් අය හිතන්නෙ සමාගමේ ඉහළම පුටුවට ආවම සේරම හරි කියලා. නමුත් මමයි දන්නේ මේක මහා තනි පාළු හුදෙකලා තනතුරක්. මට අතීතයට යන්න පුළුවන්නම් මං ගිහින් විධායක ශ්‍රේණියේ තනතුරේ නැවතිලා වැඩ කරනවා.

• ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කියන්න...

කාලය කළමනා කිරීම සහ වෙලාවට වැඩ කිරීම. මං වෙලාවට වැඩ කරන කෙනෙක්. වෙලාව කියන්නෙ වෙලාව. දවසක් මම තේ මණ්ඩලයේ මිටිමකට ගියා. මම විතරයි කවුරුත් නැහැ. අහලා බලපුවම කියන වෙලාවට කවදාවත් මිටින්ස් පටන් ගන්නෙ නැති නිසා හැමෝම එන්නෙ පමා වෙලාලු. මේවා මගේ ජීවිතයේ නැති දේවල්. කාට වුණත් මං කියන්නෙ වේලාවට වැඩ කරන්න. එතකොට හැම දේම සරලව පැහැදිලිව හිතන්න කතා කරන්න පුළුවන්.

• විශ්‍රාම ගිය දවසක ඔබ මොනවා කරයි ද...

විශ්‍රාම යනකල් ජීවත්වෙලා හිටියොත් මං ජෝන් කීල්ස් සමාගමට අවුරුදු 40 ක් වැඩ කරලා. උදේ හතට වැඩට ඇවිත් රෑ හතට ගෙදර යන මං, උදේ දවල් ගෙදරදි දකින්න ලැබුණොත් ඒක නම් මගේ බිරිඳට නුපුරුදු දෙයක් වේවි. මටත් නුපුරුදු ඒ ජීවිතේට, කොහොම මුහුණ දෙන්න ද කියන එක මමත් තවම හිතලා නැහැ.

• ඔබට තියෙන්නෙ ‘සීරියස්’ පෙනුමක්. ඒත් හිනා වෙනකොට ප්‍රසන්න මිනිසෙක් මතු වෙනවා. ඔබ තුළ ඉන්න ඇත්ත කෙනා කවුද...

මං හිතන්නෙ හිනාවෙලා ඉන්නකොට මතු වෙනවා ය කියන ඔය ප්‍රසන්න පුද්ගලයා.

• කෝ දැන් ඔබ තුළ හිටි ක්‍රීඩකයා...

ජෝන් කීල්ස් ආවට පස්සෙ ටික කලක් ක්‍රිකට් ගැහුවා. දැන් ඒවත් නැහැ. හැබැයි අදටත් අත්හරින්නැතිව මැචස් බලන්න යනවා.

• ඔබ නියෝජනය කරන සමාජ තලයත් ව්‍යාපාරික ලෝකයේ සබඳතාත් නිසා නිතර ‘පාටි’ වලට යන්න වෙනවා...

හැම රාත්‍රියකම එහෙම පාටි තුන හතරකට ආරාධනා ලැබෙනවා තමයි. ඒත් පහුවෙනිදා මං ආපහු රස්සාවට යන්න ඕනේ. ඒ නිසා අත්‍යවශ්‍යම දේකට හැර රාත්‍රී ගමන් බිමන් දැන් අඩුයි.

• ඔබ ෆැෂන්වලට හුඟක් වියදම් කරන කෙනෙක් ද...

පිළිවෙළකට අඳින්න පලඳින්න මං හුඟක් කැමැතියි. ඒත් ෆැෂන් කියලා පන්නන සිරිතක් මගේ නැහැ.

• ඒත් හුඟක් සභාපතිවරු ‘Branded’ දේයි, අඳින්නෙ පලඳින්නෙ...

එහෙම කරදරයක් මට නැහැ. මේ ජීවත් වෙන විදිය මට පහසුවක්.

• ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් හොඳම සිතිවිල්ල කුමක් ද...

මගේ සමාගමටත් රටටත් යමක් කළා ය කියන සතුට මට තියෙනවා. ඒක මං හිත යටින් විඳින දෙයක්.

• ජීවිතය යහපත් කරන්නෙ ප්‍රතිපත්ති... ඔබේ ජීවිතය ඇසුරින් ඒ ගැන යමක් කියන්න...

ප්‍රතිපත්ති මටත් තියෙනවා. ‘සරලව හිතන්න, පුළුවන් තරම් සරලව ජීවත් වෙන්න...’ මේ තමයි මගේ ප්‍රධානම ප්‍රතිපත්තිය.

• ඔබේ life style එක ගැනත් දැනගන්න කැමැතියි...

මං පාන්දර පහට නැගිටලා පත්තර ටික බලනවා. ෆොරින් නිවුස් බලනවා. උදේ හත වෙද්දි වැඩට යනවා. ආයේ රෑ හතට ඔෆිස් එකෙන් යනවා. නාලා කාලා 9.30 වෙද්දි නිදියනවා. මේ තමයි කියන්න පුළුවන් සරලම විදිය.

• දවසේ වැඩි කාලයක් ඔබ ඔෆිස් එකේ.... බිරිඳගෙන් දොසක් නැද්ද...

පිරිමි ඉතින්, වයිෆ්ලගෙන් හැමදාම දොස් අහනවා තමයි. (සිනා) එයා මගේ රස්සාවට බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. ඇයටත් තියෙනවා ජීවිතයක්. පිළිකා සංගමය වගේ හුඟක් සමාජ සේවා ආයතන එක්ක වැඩ කරන කෙනෙක්.

• ඔබ රස්සාවටම කැප වෙලා... බිරිය සමාජ සේවයට කැප වෙලා... ගෙදර ජීවිතය විඳින්න කෝ වෙලාවක්...

මොන තරම් වැඩ කළත් පවුලක් හැටියට අපි රාත්‍රී ආහාරය එක්ව ගන්නවා. මම ගෙදර නම්, එයා වැඩ සියලු කටයුතු සැලසුම් කරලා කොහොම හරි ගෙදර ඉන්නවා. අවබෝධය කියන දේයි, පවුල් ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍යම. සැමියකුට හොඳ මානසික නිදහසක් ලබා දෙන එක හොඳ බිරියකගේ ගුණයක්. ඒ අතින් මං වාසනාවන්තයි.

• මොන තරම් පිරිසක් පාලනය කරන Boss කෙනෙක් වුණත් තාත්තෙක් හැටියට නම් ඔබ බොහොම සංවේදී හැඩයි...

ඔව්. මගේ ලෝකෙ තමයි, මගේ දූ. වයස 24 යි. එයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයා නැතිව හුඟක් පාළුයි.

• ඔබ හොඳ බෞද්ධයෙක් ද...

එහෙම වෙන්න උත්සාහ කරනවා. බෞද්ධ ධර්මය තුළ ජීවත් වීම සතුටක්. ඒත් මට පන්සල් බෞද්ධයෙක් වෙන්න උවමනා නැහැ.

• පුංචි කාලෙ නම් අත්තම්මගේ වදේටවත් සිල් ගන්න ඇති...

නැහැ. මං කවදාවත් සිල් අරගෙන නැහැ. ඒ දේවල් නොකළට යහපත්ව ජීවත් වීමත් බෞද්ධකමට අදාළයි.

• සම්මානයක් ගත්තත් වැඩිය කතා නොකරන ඔබ, සිළුමිණ පාඨකයන් වෙනුවෙන් කතා කිරීම අපිට සතුටක්...

මේ මං අකැමැතිම දෙයක්. ඒ වුණාට ඔබත් බැහැයි කියන දේ හඳුන්නැති කෙනෙක් වෙන්න ඇති.

රුපියල් විස්සට නැව්වල මලකඩ කැඩූ වෑගපිටිය නැව් දහයක් මිලට ගැනීමට යයි………….තවත් වසර දෙකහමාරක් ඇතුළත නැව් 10ක් ගන්නා බව ලාෆ්...
01/04/2017

රුපියල් විස්සට නැව්වල මලකඩ කැඩූ වෑගපිටිය නැව් දහයක් මිලට ගැනීමට යයි………….

තවත් වසර දෙකහමාරක් ඇතුළත නැව් 10ක් ගන්නා බව ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය මහතා කියයි. ඉන්දියන් සාගරයේ ගෑස් ප්‍රවාහණයට මේ නැව් ගන්නා බවද ඒ මහතා සඳහන් කරයි. දකුණු ආසියාවේ ඇති විශාලතම බලශක්ති බෙදා හැරීමේ මධ්‍යස්ථානය මේ දිනවල හම්බන්තොට ඉදිකෙරෙමින් පවතින බවත්, එය 2018 වසරේදී සම්පූර්ණ වන බවත් ඒ මහතා කියා සිටී. ඉන් පසුව ඉන්දියන් සාගරයටම ගෑස් ප්‍රවාහණය කිරීම තම අරමුණ බවද ඔහු සඳහන් කරයි. ඒ සඳහා නැව් 10ක් හෝ 15ක් අවශ්‍ය වන බවත් ඔහු පවසයි. රුපියල් 20න් පටන්ගත් වෑගපිටිය මහතාගේ පළමු රැකියාව නැව් සංස්ථාවේ නැව්වල මලකඩ කැඩීම බව පැවසෙන අතර, ඔහු 1986දී කළ ඒ පළමු රැකියාවේ දිනක වැටුප රුපියල් 20ක් බවද පැවසේ. ඔහුගේ මුල්ම ව්‍යාපාරය රේගු නිෂ්කාශන කටයුතු කිරීමයි. මේ ඔහු ගේ අතීතයට පිළිබඳව සිළුමිණ හා කළ සංවාදයකි

• මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න…
මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න. එතකල්ම මං වෑගපිටිය ගමේ ඉස්කෝලෙ සහ පින්නවල සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තු ගොවි ගෙදරක ගැමි දරුවෙක්. ම‍ෙග් එකම බලාපොරොත්තුව ඉගෙනගැනීම විතරයි.

• එහෙනම් මේ, වාසනාවට ඉබේම වගේ ආ ගමනක්ද…
අපේ මවුපියන්ට ලොකු වත්කම් තිබ‍ුණෙ නැහැ. ලොකු පවුලක්. ළමයි නව දෙනෙක්. උපයපු දෙයින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ දරුවන්ගේ ඉගෙනීමට. මට අවුරුදු 17 දි තාත්තා නැති වුණා.
ජීවිතේ කඩා නොවැටී ඉන්න උදව් කළේ නෑදෑයෝ. ඉගෙනීම නතර ‍නොවුණේ මේ රටේ නිදහස් අධ්‍යාපනය නිසා. එයින් උපරිම ප්‍රයෝජන ගත්තා.

• ජීවිතේ දැනුමයි – පෙනුමයි අතර ඔබ වෙනසක් දකිනවද…
ඒ කාලේ අපිව ඉස්කෝලෙට බාර දීලා අම්මලා කිව්වේ “මේ ළමයගේ ඇස් දෙක පාදන්න…” කියලා. හැබැයි ඉස්කෝලෙ යන්නේ මොළේ පාදන්න. පස්සෙ කාලෙකයි මට වැටහුණේ අපේ ජීවිතවල දැනුමයි – පෙනුමයි ගොඩනැඟුණේ ඒ පුංචි කාලේ පටන් බව. අද කියන විෂන් – මිෂන් හැමදේම අම්මලා එදා හෙමි හෙමින් අපි තුළ ගොඩනැඟුවා.

• විශ්වවිද්‍යාල නවක වදය – අරගල මේ හැමදේටම මුල් වෙන්නේ ගම්වල දුක්විඳිලා ආ ළමයි… මේ අදහසට ඔබ එකඟද…
නැහැ. හොඳම උදාහරණය මම. ඔබ දන්නවද මම පාඩම් කළේ ලාම්පු එළියෙන්. අපේ ගමට ලයිට් තිබුණෙ නැහැ. මං රූපවාහිනිය, දැක්කෙ විශ්වවිද්‍යාලයට ආවම. විශ්වවිද්‍යාලයේදිවත් පරිගණක දැක්කෙ නැහැ. දීපු – විඳපු නවක වදය මතක් කරලා හිනැහෙන්න පුළුවන් තරමේ සුන්දරයි. කෝ අපි විනාශ වුණාද.. අනික් අය විනාශ කළා ද … මේ සියල්ල තියෙන්නේ තමන්ගේ පැවැත්ම හා ප්‍රතිපත්තිය මත.

• මේ රටේ අද පවතින නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඔබ සතුටුද…
ඔව්. එදාට වඩා හුඟාක් සැප පහසුකම් අද ළමයින්ට තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ මම තවමත් ඉන්නවා. රටපුරා දේශනවලට යනවා. ඒ නිසා මේවා දකිනවා.

• වානේ පන්නරය ලබන්නේ තැළෙන තරමට කියල ද ඔබ කියන්නේ…
ඔව්. කිසිවක් නොතිබුණු නිසා ජීවිතේ හැම සුව පහසුවක්ම ළඟා කරගැනීමේ ලොකු උවමනාවක් මා තුළ තිබුණා. ඒ වෙනුවෙන් දිවා රෑ නැතිව වැඩ කළා.

• දරාගැනීම සහ අභියෝගවලට මුහුණදීම කියන කාරණා ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න…
ලංකාවේ හොඳම ව්‍යාපාර කළමනාකරණ උපාධිය කළාට ඒ වෙ‍නකොටත් මට ඉංග්‍රිසි කතා කරන්න බැහැ. දේශපාලන සබඳතා නැහැ. පවුල් පසුබිමක් නැහැ. ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ගහලා තිබුණෙත් නැහැ. වත්කම් තිබුණෙත් නැහැ. මේ පසුබිම තුළ මට තිබුණු ලොකුම අභියෝගය තමයි රැකියාවක් ලබාගැනීම.
මං ඉන්ටවීව් 250කට ගිහින් තිබුණා. ඒ හැම තැනකින්ම මම කැපුණා. ඒ දරා ගැනීමම තමයි, මාව මිනිහෙක් කළේ.

• නැව් සංස්ථාවේ දවසේ පඩියට වැඩකළ සේවකයෙක් දවසක සුවිසල් නැවක හිමිකරුවෙක් වෙනවා. හරියට චිත්‍රපටයක වගේ…
නැහැ. ඒ තමයි හැබෑව.

• මොකක්ද ඒ හැබෑව…
රුලියල් 20 ක දවසේ පඩියට මං නැව් සංස්ථාවේ වැඩට යන්නේ උපාධිය පැත්තකින් තියලා. පුහුණුවන්නෙක් හැටියට ගියාට පියන්, ක්ලාක්, කම්කරු… ඔය කොයිකත් කරන්න වුණා. වැඩට ගියොත් තමයි රුපියල් 20 ලැබු‍ණේ.
මං අවුරුදු දෙකක් එහෙම වැඩ කළා. න්‍යායාත්මක දැනුම කොහොමද ආයතනයක් තුළ යොදවන්නේ කියන කාරණය පිළිබඳ මං හොඳ අවධානයෙන් හිටියා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ඇතිවූ සමාජ ආර්ථික ක්‍රමයේ ශීඝ්‍ර වෙනස පිළිබඳවත් මට හොඳ අවබෝධයක් ලැබුණා. ටිකක් ඔළුව උස්සන්න පුළුවන් රස්සාවක් ලැබුණේ ඊට පස්සේ. ජැෆර්ජි බ්‍රදර්ස්’ ආයතනයේ ‘අපනයන විධායක’ තනතුරක් ලැබුණම මං ඒකෙනුත් ඉගෙන ගත්තෙ අපනයන ක්ෂේත්‍රය පිළිබඳව.
ඊළඟට ගියේ ‘පියර් සන්ස් ෆ්‍රේඩ්’ සමාගමට. එය, නැව් සේවා ආයතනයක්. නැව් ගැන, ආනයන කටයුතු ගැන, නැව් සේවා ගැන පූර්ණ දැනුමත් එක්ක මං බිස්නස් එකට අතගැහුවා.

• කෝටිපතියෙක් වෙන්න යටකළ පළමු ප්‍රාග්ධනය කීයද…
රුපියල් 5000 යි. මං තමයි ඩ්‍රයිවර්, මං තමයි ක්ලීනර්, මං තමයි ටයිපිස්ට්, එකවුන්ටන්ට්… අවුරුද්දකට විතර පස්සෙයි සේවකයෝ එක්කෙනා දෙන්නා ගත්තේ. අවුරුදු දෙක තුනක් යද්දි මං මගේම ලොරි ගත්තා. කන්ටේනර් ගත්තා. මාව හොයාගෙන එන තරමේ හොඳ නමකුත් හදාගත්තා.

• කෝටිපතියෙක් වෙන්න බලපෑ ඔබේ බිස්නස් ආර්ට් එක මොකක්ද…
මතකද ඔබට මී කුණක් විකුණලා කෝටිපතියෙක් වූ කෙනාගේ කතාව. ඔහුට යම් අවශ්‍යතාවක් පිළිබඳ කතාවක් ඇහුණා. මී කුණේ ප්‍රයෝජනය ගත්තේ ඉන් පස්සේ. සොබාදහම අපිට ඕනෑතරම් අවස්ථා හදා දෙනවා.
සාධාරණත්වය සහ ඊළඟට සමාජමය ප්‍රතිලාභ. මේවා ලාභ වත්කම් මතම පදනම් වෙච්චි කාරණා නෙවෙයි. මේ ආර්ට් එක ෆලෝ කළොත් ව්‍යාපාරිකයකුට වරදින්නැහැ.

• බොහෝ ධනවතුන්ගේ දෑත් සරසන එකදු මැණික් මුදුවක්වත් ඔබ නොපලඳින්නේ ඇයි…
මට රාහු කාලයක් කියලා එකක් නැහැ. ඒ නිසා ජ්‍යොතිෂය පස්සෙ ගිහින් මැණික් හෝ මුදු පැලැඳීම මගේ සිරිත නෙවෙයි.

• ෆැෂන් වලට හුඟක් වියදම් කරනවද…
ලස්සනට ඉන්නට කැමැතියි. නිල් පාටයි මං කැමැතිම. ඒත් එක කාලෙක ආසා දෙයක් අඳින්න තරම් වත්කමක් කොහෙත්ම තිබුණෙ නැහැ.
අද නම් හොඳට හම්බ කරනවා වගේ ම හොඳට පරිභෝජනය කරනවා. හම්බ කරලා ලෝබකමට රැස්කරලා දුක්විඳලා මැරිලා යන බලාපොරොත්තුවක් මට නැහැ.

• ඔබ හොඳ පියෙක් කියන සතුට විඳිනවද…
පැහැදිලිවම ඔව් . මගේ පුතාලා තුන්දෙනා මට සමීපයි. මිථිල, ලකිත, දසිත. දවසක මේ අය ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා නම් සේවකයෝ විදියට පළමුව මෙහි වැඩකළ යුතුයි.

• ලංකාවේ හුඟක් පවුල් ව්‍යාපාර දෙවැනි පරම්පරාවෙන් ඔබ්බට නොයන්නේ ඇයි කියල ද ඔබ හිතන්නේ…
ඒ දරුවෝ සේවකයන් විදියට වැඩ නොකර අයිතිකාරයෝ විදියට පුටුවලට එන නිසා.

• බිස්නස් ගැනම හිතන සමහර වෙලාවල් ගැන බිරියගෙන් දොසක් නැද්ද…
නැහැ. එයත් අවුරුදු 28 ක් තිස්සේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ කරනවා. දැන් අධ්‍යක්ෂවරියක්. සල්ලි තිබුණා කියලා එයාට ගාණක් නැහැ. උගත් දේට අදාළ රැකියාවක් කරන එකෙන් හුඟක් සතුටු වෙනවා.

• ඔබට ජීවිතේ තනියම විඳින්න පුළුවන් මොන වගේ දේ කරලද…
චිත්‍ර ඇඳලා. මං දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ගොවි මහත්තයෙක් වුණාට තාත්තා තමයි මගේ චිත්‍ර ගුරුතුමා. ඊටත් වැඩිය හොඳට මං ගෙදර ගොවිතැන් කරනවා. නුවරඑළියට වැඩිය හොඳට වැවුණු කැරට්, බීට්, ගෝවා, රාජගිරියේ මගේ ගෙදර මං වවලා තියෙනවා.

• ගීතයක රස විඳින්න… ඒ ගැන හිතන්න වෙලාවක් තියෙනවද…
යන එන ගමනෙ මං ගීත රස විඳිනවා. සතුටුවෙන තැනෙකදි ඉඳහිට ගීතයක් ගායනාත් කරනවා. අමරදේව, ගුණදාස කපුගේ මගේ කැමැතිම ගායකයන්.

• මොකක්ද කැමතිම ගීතය…
‘සබඳ අපි කඳු නොවෙමු… උනුන් පරයා නැ‍ඟෙන
සිහිල් දිය දහර වෙමු – එකම ගඟකට වැටෙන…’
මේක මම හඳුන්වන්නේ කළමනාකරණය පිළිබඳ ලියැවුණු සියලු ව්‍යාපාරිකයන්ට එය කියාදෙන විශිෂ්ට ගීතයක් විදියට.

• ඔබ කැමැතිම ලාංකේය ව්‍යාපාරිකයා කවුද…
සොෆ්ට් ලොජික් හිමිකරු අශෝක් පතිරගේ. ඔහුත් මං වගේම හෙමි හෙමින් ආපු, මගේ සමකාලීන ව්‍යාපාරික මිත්‍රයෙක්.

• ඕස්ට්‍රේලියාවේ තිබුණු ඔටෝ ගෑස් සහ ලුබ්රිකන්ට් සමාගම් දෙකට මොකද වුණේ…
ඒ දෙකම විකිණුවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය බිස්නස් කරන්න හොඳම රටවල් කිව්වට මට නම් ඒක තනි බොරුවක්. බිස්නස් කරන්න ලංකාව විතර හොඳ රටක් ලෝකේ කොහේවත් නැහැ.

• තවත් අතගහන්න බලාපොරොත්තු වෙන බිස්නස් තියෙනවද…
මට සුවිසල් නැවක් තිබෙනවා. නම, ‘ගෑස් චැලෙන්ජර්’ ගෑස් සිලින්‍ඩරේ වගේම ලස්සන තනි කහ පැහැ නැවක්. දැනටමත් මේ නැව ලෝකයේ රටවල් ගණනාවකට ගෑස් සහ බලශක්තිය ප්‍රවාහනය කරනවා. ඉදිරියේදී ලෝකයට බලශක්ති ප්‍රවාහනය කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම්.

රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට ගියා ඒ හැමතැනකින්ම මාව කැපුණා
මාව මිනිහෙක් කළේ ඒ දරාගැනීමයි
ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය
සභාපති
ලාෆ්ස් හෝල්ඩින්ග්ස්
බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියයි.
වෑගපිටිය ගමේ ඉපදී හැදී වැඩී ගමේ පාසලින් අකුරු කළ ඔහු මුල් වරට නගරය දකින්නේ විශ්වවිද්‍යාලයට පා තැබීමත් සමඟය. නගරයේ දී ඔහු සියල්ල උගනියි. උපයයි. ඒ උත්සාහය කෙළවර වන්නේ ලාෆ්ස් හෝල්ඩින්ග්ස් නමින් සමාගම් කිහිපයකම හිමිකරුවා බවට පත්වීමෙනි.
• කලෙක මේ රටේ රජ කළ, ගෑස් බල අධිකාරිය බිඳ දැමූ ඔබ කවුද...
වෑගපිටිය කට්ටියගේ හේමචන්ද්‍ර වෑගපිටිය. මගේ නමයි ගමයි දෙකම එකයි. හැබැයි ජාත්‍යන්තර වෙළෙඳ‍ ලෝකයේ දී හඳුන්වන්නේ ම‍ගේ මුල් අකුරු ටික එකතු කරල ‘වේගා’ (wega) කියලා. ඒ නමටත් මං කැමතියි.
• ලාෆ්ස් හෝල්ඩිංග්ස් යටතේ ඔබ සභාපතිත්වය දරන සමාගම් කීයක් තිබෙනවද...
17ක්. ලාෆ්ස් පෙට්‍රෝලියම්, ලුබිරිකන්ට්ස්, ඉකෝ, සුපර්මාකට්.. ඔය ආදී වශයෙන්.
• එදා දේශීය ගෑස් ව්‍යාපාරයක් හඳුන්වා දීලා කළේ කළුගලේ ඔළුව ගහගන්න වැඩක් නෙවෙයිද...
ඒ, ෂෙල් පිළිබඳ මුළු රටේම අප්‍රසාදයක් තිබූ යුගයක්. අපි කිහිපදෙනෙක් මැති ඇමැතිවරුන් ළඟට ගියා. රජයේ නිලධාරීන් ළඟට ගියා. අපිට අවස්ථාවක් ඉල්ලුවා ගෑස් අලෙවියට. නමුත් ලැබුණෙ නැහැ.
අවසානයේ හිටපු ජනාධිපතිනිය ළඟට ගියා. කොන්දේසි දෙකක් යටතේ අපිට ගෑස් අලෙවියට අවසර දුන්නා. හැපුණේ කළුගලක් එක්ක වුණත් ජනාධිපතිවරිය එක තීන්දුවක හිටපු නිසා දේශීය සමාගමක් ලෙස අපි හිස එසවූවා.
• මොනවද අර දාපු කොන්දේසි...
කාටවත් පගාව දෙන්න බැහැ සහ ෂෙල් මිලට වඩා රුපියල් 100ක් අඩුවෙන් ගෑස් දිය යුතුයි කියන කොන්දේසි දෙක.
• ඔබ ඒ දෙක ඉටුකළාද... කඩ කළාද...
ඒ කාලේ ෂෙල් සමාගම ගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හදන ගෑස් ටික. ඒ ටොන් එකක් රුපියල් 12000ට. ෂෙල් සමාගම වෙළෙඳ ගිවිසුම් ගහලා තිබුණෙ ඒ ගාණට.
නමුත් මට දුන්නේ 15,000ට. ඒත් මට පුළුවන් වුණා පාඩු නොලබා රුපියල් සියයක් අඩුවෙන් ගෑස් අලෙවි කරන්න.
• ඒත් ඔබත් පසුව හිතූ මනාපෙට වෙනස් වුණා...
ඒක කවුරුත් නොදන්න අවාසනාවන්ත කතාවක්. ජනාධිපතිනිය සිටිද්දී රජය වෙනස් වුණා. රනිල් රජයේ රවි කරුණානායක නව පාරිභෝගික ඇමැති වුණා. එතුමට ඕන වුණා, එයාට හිතවත් මුන්ඩෝ ගෑස් වෙළෙඳ පොළට ගේන්න. එයා වහාම අපේ වෙළෙඳ ගිවිසුම අවලංගු කළා. 15,000ට අපිට දුන් ගෑස් ටොන් එක 22,000 කළා. ඉතින් මං කොහොමද රුපියල් 100ක් අඩුව ගෑස් දෙන්නේ. අන්තිමේ 6 -7 මාසෙකින් මුණ්ඩෝ වැහුණා.
• දැන් හරි ඔබට බැරිද ගෑස් මිල තව ටිකක් අඩු කරලා, තරගකාරී ගෑස් සමාගමට අභියෝගයක් දෙන්න...
ඇත්තටම අපි නිසා තමයි ඔය ගාණට ගෑස් තියෙන්නේ.
• හුඟක් දේශීය ව්‍යාපාරයන්ට, දේශපාලනය අහිතකර ලෙස බලපානවාය කියන අදහස පිළිබඳ ඔබ මොකද කියන්නේ...
දේශපාලකයෝ ව්‍යාපාරවලට ආවම දේශපාලන බලය ව්‍යාපාරයට පාවිච්චි නොකළ යුතුයි කියන තැනයි මා ඉන්නේ.
• අපේ රට,ලෝකයේ දියුණු රටක තත්ත්වයට එන්න පමාවීමේ හේතු ලෙස ඔබ දකින්නේ මොනවද...
1950 වන විටත් ලංකාව ආර්ථික වශයෙන් හිටියේ ජපානයට, සිංගප්පූරුවට, මැලේසියාවට වඩා ඉස්සරහින්.
ලී ක්වාන් යූ එයාගේ ‘The Singapore Story’ පො‍ෙත් තියෙනවා එයා සිංගප්පූරුව, බාරගන්න කොට ඒක මාළු වාඩියක්ය, කවදහරි සිංගප්පූරුවත් කොළඹ ව‍ෙග් ගොඩනඟනවාය කියලා.
• මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න...
මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න. එතකල්ම මං වෑගපිටිය ගමේ ඉස්කෝලෙ සහ පින්නවල සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තු ගොවි ගෙදරක ගැමි දරුවෙක්. ම‍ෙග් එකම බලාපොරොත්තුව ඉගෙනගැනීම විතරයි.
• එහෙනම් මේ, වාසනාවට ඉබේම වගේ ආ ගමනක්ද...
අපේ මවුපියන්ට ලොකු වත්කම් තිබ‍ුණෙ නැහැ. ලොකු පවුලක්. ළමයි නව දෙනෙක්. උපයපු දෙයින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ දරුවන්ගේ ඉගෙනීමට. මට අවුරුදු 17 දි තාත්තා නැති වුණා.
ජීවිතේ කඩා නොවැටී ඉන්න උදව් කළේ නෑදෑයෝ. ඉගෙනීම නතර ‍නොවුණේ මේ රටේ නිදහස් අධ්‍යාපනය නිසා. එයින් උපරිම ප්‍රයෝජන ගත්තා.
• ජීවිතේ දැනුමයි - පෙනුමයි අතර ඔබ වෙනසක් දකිනවද...
ඒ කාලේ අපිව ඉස්කෝලෙට බාර දීලා අම්මලා කිව්වේ “මේ ළමයගේ ඇස් දෙක පාදන්න...” කියලා. හැබැයි ඉස්කෝලෙ යන්නේ මොළේ පාදන්න. පස්සෙ කාලෙකයි මට වැටහුණේ අපේ ජීවිතවල දැනුමයි - පෙනුමයි ගොඩනැඟුණේ ඒ පුංචි කාලේ පටන් බව. අද කියන විෂන් - මිෂන් හැමදේම අම්මලා එදා හෙමි හෙමින් අපි තුළ ගොඩනැඟුවා.
• විශ්වවිද්‍යාල නවක වදය - අරගල මේ හැමදේටම මුල් වෙන්නේ ගම්වල දුක්විඳිලා ආ ළමයි... මේ අදහසට ඔබ එකඟද...
නැහැ. හොඳම උදාහරණය මම. ඔබ දන්නවද මම පාඩම් කළේ ලාම්පු එළියෙන්. අපේ ගමට ලයිට් තිබුණෙ නැහැ. මං රූපවාහිනිය, දැක්කෙ විශ්වවිද්‍යාලයට ආවම. විශ්වවිද්‍යාලයේදිවත් පරිගණක දැක්කෙ නැහැ. දීපු - විඳපු නවක වදය මතක් කරලා හිනැහෙන්න පුළුවන් තරමේ සුන්දරයි. කෝ අපි විනාශ වුණාද.. අනික් අය විනාශ කළා ද ... මේ සියල්ල තියෙන්නේ තමන්ගේ පැවැත්ම හා ප්‍රතිපත්තිය මත.
• මේ රටේ අද පවතින නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඔබ සතුටුද...
ඔව්. එදාට වඩා හුඟාක් සැප පහසුකම් අද ළමයින්ට තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ මම තවමත් ඉන්නවා. රටපුරා දේශනවලට යනවා. ඒ නිසා මේවා දකිනවා.
• වානේ පන්නරය ලබන්නේ තැළෙන තරමට කියල ද ඔබ කියන්නේ...
ඔව්. කිසිවක් නොතිබුණු නිසා ජීවිතේ හැම සුව පහසුවක්ම ළඟා කරගැනීමේ ලොකු උවමනාවක් මා තුළ තිබුණා. ඒ වෙනුවෙන් දිවා රෑ නැතිව වැඩ කළා.
• දරාගැනීම සහ අභියෝගවලට මුහුණදීම කියන කාරණා ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න...
ලංකාවේ හොඳම ව්‍යාපාර කළමනාකරණ උපාධිය කළාට ඒ වෙ‍නකොටත් මට ඉංග්‍රිසි කතා කරන්න බැහැ. දේශපාලන සබඳතා නැහැ. පවුල් පසුබිමක් නැහැ. ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ගහලා තිබුණෙත් නැහැ. වත්කම් තිබුණෙත් නැහැ. මේ පසුබිම තුළ මට තිබුණු ලොකුම අභියෝගය තමයි රැකියාවක් ලබාගැනීම.
මං ඉන්ටවීව් 250කට ගිහින් තිබුණා. ඒ හැම තැනකින්ම මම කැපුණා. ඒ දරා ගැනීමම තමයි, මාව මිනිහෙක් කළේ.
• නැව් සංස්ථාවේ දවසේ පඩියට වැඩකළ සේවකයෙක් දවසක සුවිසල් නැවක හිමිකරුවෙක් වෙනවා. හරියට චිත්‍රපටයක වගේ...
නැහැ. ඒ තමයි හැබෑව.
• මොකක්ද ඒ හැබෑව...
රුලියල් 20 ක දවසේ පඩියට මං නැව් සංස්ථාවේ වැඩට යන්නේ උපාධිය පැත්තකින් තියලා. පුහුණුවන්නෙක් හැටියට ගියාට පියන්, ක්ලාක්, කම්කරු... ඔය කොයිකත් කරන්න වුණා. වැඩට ගියොත් තමයි රුපියල් 20 ලැබු‍ණේ.
මං අවුරුදු දෙකක් එහෙම වැඩ කළා. න්‍යායාත්මක දැනුම කොහොමද ආයතනයක් තුළ යොදවන්නේ කියන කාරණය පිළිබඳ මං හොඳ අවධානයෙන් හිටියා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ඇතිවූ සමාජ ආර්ථික ක්‍රමයේ ශීඝ්‍ර වෙනස පිළිබඳවත් මට හොඳ අවබෝධයක් ලැබුණා. ටිකක් ඔළුව උස්සන්න පුළුවන් රස්සාවක් ලැබුණේ ඊට පස්සේ. ජැෆර්ජි බ්‍රදර්ස්’ ආයතනයේ ‘අපනයන විධායක’ තනතුරක් ලැබුණම මං ඒකෙනුත් ඉගෙන ගත්තෙ අපනයන ක්ෂේත්‍රය පිළිබඳව.
ඊළඟට ගියේ ‘පියර් සන්ස් ෆ්‍රේඩ්’ සමාගමට. එය, නැව් සේවා ආයතනයක්. නැව් ගැන, ආනයන කටයුතු ගැන, නැව් සේවා ගැන පූර්ණ දැනුමත් එක්ක මං බිස්නස් එකට අතගැහුවා.
• කෝටිපතියෙක් වෙන්න යටකළ පළමු ප්‍රාග්ධනය කීයද...
රුපියල් 5000 යි. මං තමයි ඩ්‍රයිවර්, මං තමයි ක්ලීනර්, මං තමයි ටයිපිස්ට්, එකවුන්ටන්ට්... අවුරුද්දකට විතර පස්සෙයි සේවකයෝ එක්කෙනා දෙන්නා ගත්තේ. අවුරුදු දෙක තුනක් යද්දි මං මගේම ලොරි ගත්තා. කන්ටේනර් ගත්තා. මාව හොයාගෙන එන තරමේ හොඳ නමකුත් හදාගත්තා.
• කෝටිපතියෙක් වෙන්න බලපෑ ඔබේ බිස්නස් ආර්ට් එක මොකක්ද...
මතකද ඔබට මී කුණක් විකුණලා කෝටිපතියෙක් වූ කෙනාගේ කතාව. ඔහුට යම් අවශ්‍යතාවක් පිළිබඳ කතාවක් ඇහුණා. මී කුණේ ප්‍රයෝජනය ගත්තේ ඉන් පස්සේ. සොබාදහම අපිට ඕනෑතරම් අවස්ථා හදා දෙනවා.
සාධාරණත්වය සහ ඊළඟට සමාජමය ප්‍රතිලාභ. මේවා ලාභ වත්කම් මතම පදනම් වෙච්චි කාරණා නෙවෙයි. මේ ආර්ට් එක ෆලෝ කළොත් ව්‍යාපාරිකයකුට වරදින්නැහැ.
• ඔබ ලාෆ්ස් හඳුන්වා නොදුන්නා නම් වෙන කවුරුවත් ගෑස් ව්‍යාපාරයට අත නොගහයි කියල ද ඔබ හිතාගෙන ඉන්නේ...
කෝ, ඉතින් අදටත් කවුරුත් නැහැනේ. 1994 මං වැඩේට අතගහද්දි මේ රටේ මොන තරම් ප්‍රබල සමාගම් තිබුණද... කිසි කෙනෙක් ආවේ නැහැ. කවුරුත් අත නොතියන අමාරු සහ වෙනස් දේ කිරීම තමයි මගේ දියුණුවේ රහස.
• ඔබ ගෙවන්නේ සැබෑ ප්‍රතිපත්තිමය ජීවිතයක් ද...
උත්සාහයෙන් මිස වෙන කිසිවකින් වාසනාව ළඟා වෙන්නෙ නැහැ. ප්‍රතිපත්තියක් ලෙස මනුෂ්‍යයෙක් නොකළ යුතු වෙළෙඳාම් කිසිවක් කරන්නේ නැහැ.
• බොහෝ ධනවතුන්ගේ දෑත් සරසන එකදු මැණික් මුදුවක්වත් ඔබ නොපලඳින්නේ ඇයි...
මට රාහු කාලයක් කියලා එකක් නැහැ. ඒ නිසා ජ්‍යොතිෂය පස්සෙ ගිහින් මැණික් හෝ මුදු පැලැඳීම මගේ සිරිත නෙවෙයි.
• ෆැෂන් වලට හුඟක් වියදම් කරනවද...
ලස්සනට ඉන්නට කැමැතියි. නිල් පාටයි මං කැමැතිම. ඒත් එක කාලෙක ආසා දෙයක් අඳින්න තරම් වත්කමක් කොහෙත්ම තිබුණෙ නැහැ.
අද නම් හොඳට හම්බ කරනවා වගේ ම හොඳට පරිභෝජනය කරනවා. හම්බ කරලා ලෝබකමට රැස්කරලා දුක්විඳලා මැරිලා යන බලාපොරොත්තුවක් මට නැහැ.
• ඔබ හොඳ පියෙක් කියන සතුට විඳිනවද...
පැහැදිලිවම ඔව් . මගේ පුතාලා තුන්දෙනා මට සමීපයි. මිථිල, ලකිත, දසිත. දවසක මේ අය ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා නම් සේවකයෝ විදියට පළමුව මෙහි වැඩකළ යුතුයි.
• ලංකාවේ හුඟක් පවුල් ව්‍යාපාර දෙවැනි පරම්පරාවෙන් ඔබ්බට නොයන්නේ ඇයි කියල ද ඔබ හිතන්නේ...
ඒ දරුවෝ සේවකයන් විදියට වැඩ නොකර අයිතිකාරයෝ විදියට පුටුවලට එන නිසා.
• බිස්නස් ගැනම හිතන සමහර වෙලාවල් ගැන බිරියගෙන් දොසක් නැද්ද...
නැහැ. එයත් අවුරුදු 28 ක් තිස්සේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ කරනවා. දැන් අධ්‍යක්ෂවරියක්. සල්ලි තිබුණා කියලා එයාට ගාණක් නැහැ. උගත් දේට අදාළ රැකියාවක් කරන එකෙන් හුඟක් සතුටු වෙනවා.
• ඔබට ජීවිතේ තනියම විඳින්න පුළුවන් මොන වගේ දේ කරලද...
චිත්‍ර ඇඳලා. මං දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ගොවි මහත්තයෙක් වුණාට තාත්තා තමයි මගේ චිත්‍ර ගුරුතුමා. ඊටත් වැඩිය හොඳට මං ගෙදර ගොවිතැන් කරනවා. නුවරඑළියට වැඩිය හොඳට වැවුණු කැරට්, බීට්, ගෝවා, රාජගිරියේ මගේ ගෙදර මං වවලා තියෙනවා.
• ගීතයක රස විඳින්න... ඒ ගැන හිතන්න වෙලාවක් තියෙනවද...
යන එන ගමනෙ මං ගීත රස විඳිනවා. සතුටුවෙන තැනෙකදි ඉඳහිට ගීතයක් ගායනාත් කරනවා. අමරදේව, ගුණදාස කපුගේ මගේ කැමැතිම ගායකයන්.
• මොකක්ද කැමතිම ගීතය...
‘සබඳ අපි කඳු නොවෙමු... උනුන් පරයා නැ‍ඟෙන
සිහිල් දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන...’
මේක මම හඳුන්වන්නේ කළමනාකරණය පිළිබඳ ලියැවුණු සියලු ව්‍යාපාරිකයන්ට එය කියාදෙන විශිෂ්ට ගීතයක් විදියට.
• ඔබ කැමැතිම ලාංකේය ව්‍යාපාරිකයා කවුද...
සොෆ්ට් ලොජික් හිමිකරු අශෝක් පතිරගේ. ඔහුත් මං වගේම හෙමි හෙමින් ආපු, මගේ සමකාලීන ව්‍යාපාරික මිත්‍රයෙක්.
• ඕස්ට්‍රේලියාවේ තිබුණු ඔටෝ ගෑස් සහ ලුබ්රිකන්ට් සමාගම් දෙකට මොකද වුණේ...
ඒ දෙකම විකිණුවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය බිස්නස් කරන්න හොඳම රටවල් කිව්වට මට නම් ඒක තනි බොරුවක්. බිස්නස් කරන්න ලංකාව විතර හොඳ රටක් ලෝකේ කොහේවත් නැහැ.
• තවත් අතගහන්න බලාපොරොත්තු වෙන බිස්නස් තියෙනවද...

මට සුවිසල් නැවක් තිබෙනවා. නම, ‘ගෑස් චැලෙන්ජර්’ ගෑස් සිලින්‍ඩරේ වගේම ලස්සන තනි කහ පැහැ නැවක්. දැනටමත් මේ නැව ලෝකයේ රටවල් ගණනාවකට ගෑස් සහ බලශක්තිය ප්‍රවාහනය කරනවා. ඉදිරියේදී ලෝකයට බලශක්ති ප්‍රවාහනය කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම්.

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Lanka Business Solution Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Business Solution Centre:

Share