Sukhithe Senevirathne - Suki Zen

Sukhithe Senevirathne - Suki Zen Designing the structural blueprint for SME growth in Sri Lanka. I help businesses build trust, scale their digital presence, and turn followers into revenue.

බ්ලූ වේල් අභියෝගය (Blue Whale Challenge): මාරාන්තික අන්තර්ජාල උගුල සහ ඉන් බේරීමට ගතයුතු පිළියම්:වත්මන් තාක්ෂණික ලෝකයේ දර...
10/05/2026

බ්ලූ වේල් අභියෝගය (Blue Whale Challenge): මාරාන්තික අන්තර්ජාල උගුල සහ ඉන් බේරීමට ගතයුතු පිළියම්:

වත්මන් තාක්ෂණික ලෝකයේ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන අතිශය භයානක මනෝවිද්‍යාත්මක උගුලක් ලෙස "බ්ලූ වේල් අභියෝගය" (Blue Whale Challenge) හැඳින්විය හැකිය. මෙය සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩාවකට වඩා එහා ගිය, තරුණ මනස දරුණු ලෙස හසුරුවන ක්‍රියාවලියකි.

ලාංකීය තරුණ පරපුර ඉන් මුදවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මෙම ඩිජිටල් උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ සමාජය වගකීමෙන් බැඳී සිටිය යුතුය.

1. විවෘත සන්නිවේදනය (Open Communication)
දරුවා සමඟ මිත්‍රශීලීව කතා කරන්න. අන්තර්ජාලය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු බියකින් තොරව පවසා සිටීමට හැකි පරිසරයක් නිවස තුළ නිර්මාණය කළ යුතුය.

2. හැසිරීම් වෙනස්කම් ගැන විමසිලිමත් වීම
දරුවාගේ දෛනික රටාවේ සිදුවන හදිසි වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න:

අසාමාන්‍ය ලෙස රාත්‍රී කාලයේ අවදි වී සිටීම.

ශරීරයේ (විශේෂයෙන් අත්වල) කැපුම් සලකුණු තිබීම.

හුදකලා වී සිටීමට ප්‍රිය කිරීම සහ ආහාර රුචිය අඩුවීම.

3. අන්තර්ජාල භාවිතය අධීක්ෂණය කිරීම
දරුවන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන විට ඔවුන් පිවිසෙන වෙබ් අඩවි සහ ඇප්ස් (Apps) පිළිබඳව සැලකිලිමත් වන්න. 'Parental Control' මෘදුකාංග භාවිත කිරීමෙන් දරුවා නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වීම වැළැක්විය හැක.

4. තොරතුරු රහස්‍යභාවය පිළිබඳ දැනුවත් කිරීම
අන්තර්ජාලය හරහා හමුවන නාඳුනන පුද්ගලයන්ට පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ රහස්‍ය තොරතුරු ලබා නොදීමේ වැදගත්කම දරුවාට කියා දෙන්න.

5. වෘත්තීය සහාය ලබා ගැනීම
දරුවා මෙවැනි උගුලකට හසු වී ඇතැයි සැකයක් පවතී නම්, වහාම මනෝ උපදෙස් ලබා දෙන ආයතන වෙත යොමු වන්න.

හදිසි සහාය සඳහා අමතන්න:
CCC Line: 1333

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව: 1926

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: 011 269 2909

අන්තර්ජාලය තුළ සැඟවී ඇති මෙවැනි මාරාන්තික අභියෝගවලින් අපේ දරුවන් ආරක්ෂා කර ගැනීමට නිරන්තර අවධානය සහ ආදරය අත්‍යවශ්‍ය වේ.

- Suki Zen 2026

📌පරණ එක Delete කරල, අලුත් කෙනාට සහය වෙමු!! එන්න...  මේ වෙලාවෙ  අපි සමාජ වගකීමක් ඉෂ්ඨ කරමු...ඔයා විකුණපු පරන වාහනේට ඔයාගෙ...
16/03/2026

📌පරණ එක Delete කරල, අලුත් කෙනාට සහය වෙමු!!

එන්න... මේ වෙලාවෙ අපි සමාජ වගකීමක් ඉෂ්ඨ කරමු...
ඔයා විකුණපු පරන වාහනේට ඔයාගෙ නමින් QR එකක් අරං තිබුනනම්, අපි ඒක ස්වෙච්චාවෙන්ම ඉවත් කරගමු !!

🚫මොකද නැත්නම් දැන් ඒ වාහනේ use කරන කෙනාට අලුත් QR එකක් ගන්න බෑ.

මෙහමයි කරන්නෙ. පියවර දෙකයි. හරිම ලේසියි!

✅මුලින්ම ඔයාගෙ phone number එක දාල එන OTP එකෙන් ඉස්සරහට ගිහින් ඔයාගෙ පරණ QR එක ලබා ගන්න.

✅ දැන් එතනම පජළ දකුණු පැත්තෙ තියෙන Delete Profile කියන තැන click කරන්න. ආයෙත් phone number එක දීල එන OTP එක ඇතුලත් කරල , රතු පාටට එන Delete profile කියන එක ඔබන්න. ජරි ලේඩියි!!

තව කෙනෙකුට දැනගන්න ශෙයා කරන්න.❤️

☣️යුද්ධෙන්  මොළේ කුරුවල් වෙලාද ???කට්ටිය හැමෝම මැදපෙරදිග යුද්ධෙත් එක්ක බිසී වෙලා නිසා.. silver economy ලිපි පෙල පොඩ්ඩක් ...
05/03/2026

☣️යුද්ධෙන් මොළේ කුරුවල් වෙලාද ???

කට්ටිය හැමෝම මැදපෙරදිග යුද්ධෙත් එක්ක බිසී වෙලා නිසා.. silver economy ලිපි පෙල පොඩ්ඩක් ප්‍රමාද කළා... බිස්නස් කරන්න ඉස්සෙල්ල යුද්දෙ දිනල ඉන්න එපැයි නේද 😂😂

සමාජ මාධ්‍ය කියන්නේ අද කාලේ අපේ ජීවිතවලින් වෙන් කරන්න බැරි කොටසක්. හැබැයි යුද්ධය වගේ දරුණු දේවල් ගැන නිතරම ඇහැට ගැටෙනකොට අපේ හිතට දැනෙන පීඩනය පොඩි නැහැ. ඒ ගැන හිතලා, ඔයාගෙ හිතේ සාමය ආරක්ෂා කරගන්න විදිහ ගැන තමයි අද පොස්ට් එක:

​🕊️ Facebook Feed එක සතුටුදායක තැනක් කරගමු!

​යුද්ධය, ගැටුම් සහ විවිධ අමිහිරි පුවත් නිතරම ෆේස්බුක් එකේ දකිනකොට අපේ හිත නිරායාසයෙන්ම කලබල වෙනවා. මේ වගේ දේවල් දිගින් දිගටම දකින එක ඔයාගෙ මානසික සෞඛ්‍යයට වගේම කායික යහපැවැත්මටත් සෘජුවම බලපානවා. අනවශ්‍ය පීඩනය නිසා ලේ ධාවනය වැඩිවීම, නින්ද නොයාම සහ නිරන්තර බය දැනීම වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් පුළුවන්.

​ඔයාගෙ හිතේ සාමය රැකගැනීම ඔයාගෙ අතේමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් සරලම දේ තමයි ඔයාගෙ Facebook Feed එකේ පෙනෙන දේවල් පාලනය කරන එක. මෙන්න ක්‍රමය...

​මේ පින්තූරයේ තියෙන විදිහට ඔයාට මේ පියවර අනුගමනය කරන්න පුළුවන්:

​1. "Not Interested" (උනන්දුවක් නැත) තෝරන්න ⛔

​යම්කිසි පෝස්ට් එකක් නිසා ඔයාගෙ හිත කලබල වෙනවා නම්, එහි දකුණු පැත්තේ ඇති තිත් තුන (Menu) ක්ලික් කරලා 'Not Interested' කියන එක ලබාදෙන්න.
එතකොට Facebook algorithm එක තේරුම් ගන්නවා ඔයාට එවැනි පෝස්ට් පෙන්විය යුතු නැති බව.

​2. "Hide Post" (පෝස්ට් එක සඟවන්න) 🙈

​කිසියම් පෝස්ට් එකක් දකින්න අකමැති නම්, එය සඟවා තබන්න (Hide post). එවිට එවැනි ආකාරයේ පෝස්ට් ඉදිරියට පෙන්වන එක අඩුවෙනවා.

​3. "Snooze" හෝ "Hide All" (තාවකාලිකව නැවැත්වීම හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම) 🔇

​යම්කිසි පේජ් එකකින් නිතරම හිත කළඹන දේවල් එනවා නම්, ඔයාට පුළුවන් දවස් 30කට එම පේජ් එක 'Snooze' කරන්න. එහෙමත් නැත්තම් 'Hide all from...' තෝරලා එම පේජ් එකේ කිසිදු පෝස්ට් එකක් මින් ඉදිරියට නොපෙනෙන ලෙස හදාගන්න.

♥️​මතක තියාගන්න, ලෝකයේ සිදුවන හැමදේම දැනගන්නවාට වඩා ඔයාගෙ හිතේ සැනසීම වටිනවා. ඔයාට පාලනය කළ නොහැකි දේවල් ගැන නිතරම කියවීමෙන් වෙන්නේ ඔයාගෙ මානසික ශක්තිය පිරිහෙන එක විතරයි. ඒ නිසා අදම ඔයාගෙ ෆේස්බුක් එක පිරිසිදු කරගන්න.

තව කෙනෙක්ගෙ හිතේ සාමය වෙනුවෙන් share කරන්න.

- Suki Zen . (Brand architect )
2026 මාර්තු

විශ්වාසය විකුණන්න පුලුවන් කියල ඔයා දන්නවද?Silver Economy 3 වන කොටසින් අද කතා කරන්නෙ මේ "විස්වාශය" package කරල විකුණන විද...
27/02/2026

විශ්වාසය විකුණන්න පුලුවන් කියල ඔයා දන්නවද?

Silver Economy 3 වන කොටසින් අද කතා කරන්නෙ මේ "විස්වාශය" package කරල විකුණන විදිය ගැන.

වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරගත් ව්‍යාපාරයක සාර්ථකත්වය රැඳී තිබෙන්නේ එය "විශ්වාසවන්ත සේවාවක්" ලෙස පවර්හ්වාගෙන යන ආකාරය මතයි. හුදෙක් බඩු ගෙනත් දීමකට වඩා, වැඩිහිටියෙකුගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි Service Packages 3ක් උදාගරන විදියට අද බලමු.

1. Essential Care (මූලික සත්කාර පැකේජය) ** මේ අපි මුලින්ම ආරම්භ කරපු ව්‍යාපාර කොටස.
(මෙය තමන්ගේ වැඩ තනිවම කරගත හැකි, නමුත් බර බඩු එසවීම සහ පෝලිම්වල සිටීම අපහසු වැඩිහිටියන් සඳහා සුදුසුයි.)

සේවාවන්:
🔹සතියකට වරක් නිවසටම පැමිණ බඩු ලැයිස්තුව ලබා ගැනීම.
🔹සුපිරි වෙළඳසැලෙන් හෝ වෙළඳපොළෙන් නැවුම් එළවළු සහ ද්‍රව්‍ය මිලදී ගෙන ඒම.
🔹විදුලි, ජල සහ දුරකථන බිල්පත් ගෙවීම.

වාර ගණන: සතියකට වරක් (මාසයට වට 4ක්).
ගැලපෙන්නේ: තනිව හෝ කලත්‍රයා සමඟ ජීවත් වන ස්වාධීන වැඩිහිටියන්ට.

2. Wellness Plus (සෞඛ්‍ය සහ සුවතා පැකේජය)
(සෞඛ්‍ය අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වැඩිහිටියන් සඳහා මෙය සුදුසුයි)

සේවාවන්:
🔹Essential Care හි සියලුම සේවාවන්.
🔹නිතිපතා ලබාගන්නා ඖෂධ (Long-term medication) ෆාමසියෙන් ලබාගෙන නිවසටම ගෙනත් දීම.
🔹වෛද්‍ය චැනලින් පහසුකම් සලසා දීම.
🔹බැංකු කටයුතු හෝ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සහාය වීම.

වාර ගණන: සතියකට දෙවරක්. (එක් දිනක් සුවදුක් සොයා බැලීමට පමනක්)
ගැලපෙන්නේ: නිදන්ගත රෝග සඳහා නිතිපතා ඖෂධ අවශ්‍ය වන වැඩිහිටියන්ට.

3. Total Peace of Mind (පූර්ණ සැනසුම - Premium)
(විදේශගතව හෝ දුර බැහැර රැකියා කරන දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ දෙමාපියන්ගේ සියලු වගකීම් භාර ගන්නා පැකේජයක්.)

සේවාවන්:
🔹Wellness Plus හි සියලුම සේවාවන්.
🔹වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යාම සහ නැවත නිවසට ඇරලවීම.
🔹සෑම සති අන්තයකම දරුවන්ට දෙමාපියන්ගේ සුවදුක් ඇතුළත් "Weekly Report" එකක් ලබා දීම.
🔹තාක්ෂණික සහාය (Zoom/WhatsApp හරහා දරුවන් සමඟ කතා කිරීමට උදව් වීම).
🔹හදිසි අවශ්‍යතාවයකදී (Emergency) වහාම මැදිහත් වීම.

වාර ගණන: අවශ්‍යතාවය අනුව ඕනෑම වෙලාවක (On-call support).
ගැලපෙන්නේ: දෙමාපියන් ගැන නිරන්තර අවධානයක් අවශ්‍ය දරුවන්ට.

පේනව නේද... මේ Silver Economy එක ඇතුලෙ ඔයාලට දියුණු වෙන්න කොයි තරං අවස්තා තියෙනවද කියල. ඔයාගෙ දක්ශතාව හා නිර්මානශීලීත්වය අනුව ඔයාලට පුලුවන් මේ වගේ තවත් සේවාවන් පියවරෙන් පිටවර එකතු කර ගන්න.

දැන් මේ ඔයා ගොඩනැගුවෙ නිකන්ම නිකං ව්‍යාපාරයක් නෙවේ.. BRAND එකක්. ඉතිං මේ brand එකට ගැලපෙන Brand Name එකක් සකස ගන්න විදිය වගේම මේ බිස්නස් එක BRAND එකක් විදියට පවත්වාගෙන යන විදියත් අපි ඊලග දවසෙ කතා කරමු.

ජය! ❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb

අද Silver Economy 2 වන කොටස:කලින් ලිපියෙන් අපි කතා කලේ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරල ඉතා සරල තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන...
24/02/2026

අද Silver Economy 2 වන කොටස:

කලින් ලිපියෙන් අපි කතා කලේ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරල ඉතා සරල තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්න හැටි. මම කලින් ලිපියකත් කිව්ව වගේ තාම මේ බිස්නස් එක තියෙන්නෙ "එදාවේල" level එකේ. හදිසීයෙ ඔයා අසනීප උනොත් බිස්නසුත් නෑ... ඉන්කම් එකත් නෑ.

නමුත් බය වෙන්න එපා... අපි තෝරගෙන තියෙන්නෙ Scalable business niche එකක්. ඒ කියන්නෙ තියුණුකරන්න පුලුවන් ව්‍යාපාර අයිතමයක්.

අද අපි බලමු මේ බිස්නස් එක තවත් පියවරක් ඉදිරියට ගන්න විදිය.

අද කාලේ බොහෝ දරුවන් විදේශගත වෙලා හෝ රැකියාවල අධික ලෙස කාර්යබහුලයි. ගෙදර ඉන්න අම්මා තාත්තාට අවශ්‍ය බඩු ලැයිස්තුව කඩෙන් ගේන්න, බෙහෙත් ටික ගන්න, health test ටික කරගන්න හෝ බැංකු වැඩක් කරගන්න විශ්වාසවන්ත කෙනෙක් ඔවුන් සොයනවා.
ලංකාවේ මේ ක්ෂේත්‍රය තවමත් හිස්. ඉතිං පළමුවැනියා වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා! 🌟

අපි පලවෙනි අදියරේදි කළා වගේ, හුදෙක් බඩු බෙදාහැරීමෙන් (Delivery) එහා ගිය පද්ධතියක් (System) මෙතැනදී ගොඩනගන්න පුළුවන්. අපි දැන් සූදානම් වෙන්නෙ, "වැඩිහිටි සුබසාධන සහායක සේවාවක්" (Senior Concierge Service) බවට ඔයාගෙ පුංචි ඒකල ව්‍යාපාරය දියුණු කරන හැටි ගැන කතා කරන්න.

මෙතෙන්දි ඔයා ප්‍රදාන කාරනා තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕන:

🔹විශ්වාසය (Trust): Uniform එකක්, ID කාඩ් එකක් සහ විනිවිදභාවය පවතින බිල්පත් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.

🔹ව්‍යාප්තිය (Scaling): මුලින්ම ඔයා මේ වැඩේ තනිව කළත්, පසුව මෙය ක්‍රමවත් ලෙස පුහුණු කළ සහායකයින් හරහා (Delegation) අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරන්න පුළුවන් වෙන්න ඕන.

🔹අමතර සේවා: බඩු ගෙනත් දීමට අමතරව, ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ලබා දීම, බිල්පත් ගෙවීම වැනි සේවාවන් ඇතුළත් කර "Premium Packages" හඳුන්වා දෙන්න ඕන.

බැලූබැල්මටම පේනවනෙ මේ වැඩ වලට යම් වියදමක් යනව. ඒ වගේම ඔයාට යම් අත්දැකීම් ප්‍රමානයකුත් ඕන වෙනව. අන්න ඒ නිසා තමයි මම මුලින්ම ඔයාට පහසුවෙන්ම තනිව පටන් ගන්න පුලුවන් බිස්නස් මොඩල් එකක් හදුන්වා දුන්නෙ. ඒකෙන් ඔයාට මේ අලුත් පියවර සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය (මුදල්) වගේම බිස්නස් එක ගැන මූලික ප්‍රායෝගික දැනුමකුත් මේ වෙනකොට ලබාගෙන තියෙන්න ඕන. (අඩුම ඔයා ඒ බිස්නස් එක මාස 6 ක් වත් කරල තියෙන්න ඕන. එක රැයින් කෝටිපතියො උණු අය ඉන්නෙ නවකතා - චිත්‍රපටි වල විතරයි)

මතක තියා ගන්න: දැන් ඔයා විකුණන්න යන්නෙ බඩු ලැයිස්තුවක් විතරක් නෙවෙයි, ඒ වැඩිහිටියන්ගේ "සහනය" සහ ඔවුන්ගේ දරුවන්ගේ "සැනසීම".

එහෙමනම් ඔයා පොඩිවට පටං ගත්තු බිස්නස් එක එදාවේල බිස්නස් එකක් නොවී Brand එකක් කරන්න විදිය අපි ඊලග ලිපියෙන් කතා කරමු.

ජය! ❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb

ඔයත් ස්කූටියක් තියං උදේ වරුව කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද ?මෙන්න අපූරු business idea එකක්! සංඛ්‍යාලේඛන අනුව ලංක...
21/02/2026

ඔයත් ස්කූටියක් තියං උදේ වරුව කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද ?
මෙන්න අපූරු business idea එකක්!

සංඛ්‍යාලේඛන අනුව ලංකාව වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සහිත රටක්. ඔවුන්ගෙන් බහුතරයකට ස්ථාවර ආදායමක් (පෙන්ෂන් හෝ ඉතුරුම්) තිබුණත්, තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට ශාරීරික අපහසුතා හෝ සහායකයෙකුගේ අඩුවක් තියෙනවා.

ඉතිං මේක විවිද ව්‍යාපාරික අවස්තා ඇති විශාල වෙළඳපොළක්. මේකට අපි කියනව "Silver Economy" කියල. මේ Silver Economy එක තුල අපට කරන්න පුලුවන් දේවල් කීපයක් අපි ලිපි පෙලකින් කතා කරනව.

අද කියන්නෙ ලේසියෙන්ම, වියදමක් නැතුවම පටන් ගන්න පුලුවන් ඉතා සරල නමුත් ලොකු potential එකක් තියෙන බිස්නස් අයිඩියා එකක්.

ඔයා ජීවත් වන ප්‍රදේශයේම තියෙන ස්කීම් වල-ෆ්ලැට් වල තනිවම ජීවත් වන වැඩිහිටි පවුල් ගැන පොඩි අවබෝදයක් ලබා ගන්න. මේක, වැඩ තනිවම කරගත හැකි, නමුත් බර බඩු එසවීම සහ පෝලිම්වල සිටීම අපහසු වැඩිහිටියන් සඳහා වඩා සුදුසුයි.

තමන්ගෙ නම ගම, හැදුනුම්පත් විස්තර හා ඔයා සපයන සේවාවන් ඇතුලත් පොඩි ලීෆ්ලට් එකක් පොත් සාප්පුවකට දීල ප්‍රින්ට් කරගන්න. සේවාවන් විදියට මුල් අදියරේ මේ දේවල් කරන්න පුලුවන්.

🔹සතියකට වරක් නිවසටම පැමිණ බඩු ලැයිස්තුව ලබා ගැනීම.
🔹සුපිරි වෙළඳසැලෙන් හෝ වෙළඳපොළෙන් නැවුම් එළවළු සහ ද්‍රව්‍ය මිලදී ගෙන ඒම.
🔹විදුලි, ජල සහ දුරකථන බිල්පත් ගෙවීම.

දැන් වැදගත් චාම් විදියට පිරිසිදුව ඇද පැළදගෙන, ඔයාගෙ ස්කූටියෙ නැගිල අර ඔයා කලින් හොයාගත්ත ගෙවල් එකින් එක විසිට් කරන්න. ඔයා ගහපු ලීෆ්ලට් එක දෙන්න. සුහදව, ගරුසරු ඇතුව සර් මැඩම් කියල කට පුරා කතා කරල එයාලගෙ විස්වාසය දිනාගන්න. ඔයාගෙ පවුලේ විස්තර වගේම ඔයා මේක පවුලේ දියුණුව වෙනුවෙන් තමන්ගෙම උත්සාහයෙන් ආරම්භ කරන ව්‍යාපාරයක් බව අනිවාර්‍යෙන් කියන්න.

ඊලඟට නිශ්චිත දිනයක් කියල එදාට බඩු ලයිතුව රැගෙන යාමට එන බව කියන්න. බඩු ගෙනත් දෙන තුරු මුදල් දීම අනිවාර්‍ය නොවන බවත්, කැමතිනම් පමණක් මුදල් දිය හැකි බවත් කියන්න. මේ විදියට ඔයා කස්ටමර්ල 5 ක් හොයාගත්ත කියන්නෙ ඔයා සර්තක ව්‍යාපාරයකට මූලික අඩිතාලම දාල.

දැන් ඔයා එයාලගෙ අදහස් හා ජීවන තත්වය අනුව එයාල දෙයි කියල අනුමාන කරන කල්පිත බඩු ලයිස්තුවක් හදන්න. සුපර් මාකට් එකකට ගිහිං ඒ බඩු වල මිල ගණන් පරීක්ශා කරල ඒ බඩුවලට යන දල වියදම ගැන අදහසක් ගන්න. ඒ වගේම ඒ මිළ ගණන් ගැන සටහනක් තියා ගන්න පුලුවන්නම් වඩාත් හොඳයි.

දැන් ඔයා නියමකරගත් දිනයට වෙලාවට හරියටම ඔයාගෙ පාරිභෝගිකයින් වෙත යන්න. බඩු ලයිස්තුව හොඳින් කියවා අපැහැදිලි තැන් නිවැරදි කරගන්න, සටහන් යොදා ගන්න. ඒ වගේම ඒ ඒ බඩු ලැයිස්තුවට දල ඇස්තමේන්තුවක් දෙන්න. ඔයාගෙ සේවා ගාස්තුව වෙනම සඳහන් කරන්න. (මුල් අවස්තාවේ මේක 300/- 500/- අතර පවත්වාගැනීම වඩාත් උචිතයි)

බිල්පත් ගෙවීම වැනි අමතර සේවාවක් අවශ්‍යනම් නොමිලේම ඒ සේවාව සැපයිය හැකි බව කියන්න. (අමතර කාලයක් ගත වීම තමන්ට පාඩුයි කියල හිතන්න එපා)

** ඔයාගෙ නිදහස් කාලය උදේ වරුවට පමණක් සීමා වෙන එකක්නම් එක් දියකට පාරිභෝකයින් 3 දෙනුකුට වඩා ගන්න එපා!

දැන් වෙළදපොලට ගොස් හොඳම බඩු තෝරා ගන්න. නිසි බිල්පත් ලබා ගන්න. ඔයා අඳුරන වෙළදසැලකින් මේ බඩු ලයිස්තු පැය කීපයකට credit වලට ගන්න පුලුවන්නම්, ඔයාට මේ බිස්නස් එක කිසිම ආයෝජනයකින් තොරවම පටන් ගන්න පුලුවන්.

ඊලඟට ඒව වෙන වෙනම නිවැරදිව වගේම සුරක්ශිතව, අදාල නිවෙස් වෙලට ප්‍රවාහනය කරල දෙන්න. සියලු බිල්පත් ඉදිරිපත් කර අවශ්‍යනම් පැහැදිලි කර දෙන්න. අපැහැදිලි තැනක් තිබුණොත් පසුව හරි ඇමතුමක් දෙන ලෙස ඉල්ලන්න. ඔයාගෙ සේවා ගාස්තුව වෙනම ලබා ගන්න. ටිප් එකක් දුන්නොත් නිහතමානීව ස්තුති කර බාර ගන්න. (ඊලඟ වතාවේ බඩු මල්ල සමග ඔයාගෙ ටිප් එකෙන් 1/4 ක් වියදම් කර පුංචි රස කැවිල්ලක් ත්‍යාගයක් ලෙස රැගෙන යන්න ❤️)

හිතන්න... ඔයා හරියට කරොත් එක වරුවකට ඔයාට අවම රු.1000 ක ශුද්ද ලාභයක් ලබන්න පුලුවන්. ඒ වගේම විශ්වාසයෙන් කියන්නෙ... මේක දිනෙන් දින දියුණු වෙන බිස්නස් නිෂ් එකක්.
මේ ව්‍යාපාරය තවත් අදියරකින් වැඩි දියුණු කරගන්නා විදිය අපි ඉදිරියට කතා කරමු.!

ජය! ❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb












ඉස්සර වගේ නෙවේ.. දැන් ඇඟ පෙන්නල මාකට් වෙන එක ලේසි නෑ !!මොකද, හැමතැනම දකින්න ලැබෙන්නේ එකම විදියේ "Show-off" එකක්. සිරුරේ ...
19/02/2026

ඉස්සර වගේ නෙවේ.. දැන් ඇඟ පෙන්නල මාකට් වෙන එක ලේසි නෑ !!

මොකද, හැමතැනම දකින්න ලැබෙන්නේ එකම විදියේ "Show-off" එකක්. සිරුරේ හැඩරුව පෙන්වලා ඉක්මනින් අවධානය ගන්න ලොකු තරඟයක් තියෙනවා. හැබැයි මතක තබා ගන්න, හැමෝම එකම දේ කරනකොට ඒකේ වටිනාකම අඩු වෙනවා (Market Saturation).

ඉතිං ඔයත් හැඩකාර සිරුරක් හිමි අයෙක් නම්, අනුන් යන පාරේ නොගොස් "Niche Marketing" උපාය මාර්ගයක් හරහා කැපී පෙනෙන්නෙ කොහොමද කියල තමයි අද කියන්න යන්නෙ.

"Blue Ocean Strategy" ගැන අහල තියෙනව නේද ?
මම ටික කාලෙකට කලිනුත් මේ ගැන කතා කලා YouTube channel එකේ. ලින්ක් එක කමෙන්ට් එකක් විදියට දාන්නම්.

හැමෝම ඇඟ පෙනෙන ඇඳුම් ඇඳලා එකම පාරිභෝගික පිරිසක් වෙනුවෙන් තරඟ කරනකොට (Red Ocean), ඔයා තෝරාගන්න "Modest & Classy" විලාසිතා ක්ෂේත්‍රය. මෙතැන තරඟය අඩුයි, නමුත් ඉල්ලුම වැඩියි.(Blue Ocean)

සිරුර ප්‍රදර්ශනය කරන වෙළඳ නාමයකට වඩා, හොඳින් ඇඟ වැසෙන දිගු ඇඳුම් (Maxi dresses, Linen wear, Elegant office wear) ප්‍රදර්ශනය කරන කෙනෙකුට සමාජය තුළ ලැබෙන්නේ ඉහළ ගෞරවයක්. පාරිභෝගිකයා ඔබව දකින්නේ "Cheap Creator" කෙනෙක් විදියට නෙවෙයි, "High-end Personality" එකක් විදියටයි.

සංවර රූපයකට සහ විනීත විලාසිතාවන්ට කැමති සුවිශේෂී පිරිසක් අපේ රටේ ඉන්නවා.

🔹වෘත්තිකයින් (Professionals)
🔹ගෞරවනීය පවුල් පසුබිම් සහිත පිරිස්
🔹විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරුවන්

මේ අය ඔයාගෙ Brand එක වටා එකතු වෙන්නේ හුදෙක් රූපය දකින්න නෙවෙයි, ඔයාගෙ සන්නාමයේ තියෙන "Quality" එක සහ "Character" එක නිසා.

සිරුර පෙන්වල හදන මාර්කට් එක තාවකාලිකයි. කාලයත් එක්ක ඒ ආකර්ෂණය අඩු වෙන්න පුළුවන්. හැබැයි "Classy & Elegant" කියන ගුණය කවදාවත් පරණ වෙන්නේ නැහැ. එය පරම්පරා ගණනාවකට උරුම කළ හැකි ශක්තිමත් ව්‍යාපාරික පදනමක් - එහෙමත් නැත්නම් Brand එකක්!

- Sukhithe Senevirathne - Brand Architect.
- 2026/Feb

🚨 ඔයා කරන්නෙත්  "එදාවේල බිස්නස් එකක්ද" ?තමන්ගෙම බිස්නස් එකක් කරනව කියල පටන් ගන්න බොහෝ දෙනෙක්, ව්‍යාපාරයක් පටන් ගන්නේ තමන...
18/02/2026

🚨 ඔයා කරන්නෙත් "එදාවේල බිස්නස් එකක්ද" ?

තමන්ගෙම බිස්නස් එකක් කරනව කියල පටන් ගන්න බොහෝ දෙනෙක්, ව්‍යාපාරයක් පටන් ගන්නේ තමන්ගේ නිදහස වෙනුවෙන්. හැබැයි අවසානයේ වෙන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත්තු "අනාගතයක් නැති රැකියාවක" #සිරකරුවෙක් වීම. ඒකට හේතුව තමයි ඔයාගෙ ව්‍යාපාරය "එදාවේල බිස්නස් එකක්" වීම.

Brand Architect කෙනෙක් විදියට මම දෙන ප්‍රධානම උපදෙස තමයි, "එදාවේල ගැන හිතලා බිස්නස් පටන් ගන්න එපා - Brand එකක් ගොඩනගන්න." කියන දේ.

ඇයි මම එහෙම කියන්නේ?

🔹 "ඔයා" සහ "ව්‍යාපාරය" කියන්නේ දෙකක් !
බොහෝ ස්වයං රැකියාවලදී , පුද්ගලයා සහ ව්‍යාපාරය අතර වෙනසක් නැහැ. ඔයා වැඩ කළොත් විතරයි සල්ලි ලැබෙන්නේ. ඔයා නැති තැන ව්‍යාපාරයක් නැහැ. සැබෑ ව්‍යාපාරයක් කියන්නේ ඔයා නැතත් ක්‍රියාත්මක වන පද්ධතියකට (System).

🔹 සාර්ථක Brand එකක් කියන්නේ System එකකට. වැඩපිළිවෙළක්, ප්‍රමිතියක් සහ ක්‍රියාවලියක් තියෙන තැන, ඔයා භෞතිකව එතැන නැතත් වැඩේ සිද්ධ වෙනවා. මේකට තමයි කියන්නේ "Scalability" හෙවත් ව්‍යාපාරය වර්ධනය කිරීමේ හැකියාව කියලා. ඉතිං ඔයා පටන් ගන්න ව්‍යාපාරය අනිවාර්‍යෙන් Scalable, එහෙමත් නැත්නම් වර්ධනය කිරීමේ හැකියාව තියෙන එකක් වෙන්න ඕන.

🔹 හිතන්න, ඔයා "Disable" වුනො ත් හරි මියගියහොත් හරි???
මේක අමිහිරි වුණත් ඇත්තක්.
එදාවේල බිස්නස් එකක් නම්, ඔයා රෝගී වුණොත් හෝ මියගියොත්, එදා ඉඳන් ඔයාගෙ පවුලේ අයට ලැබෙන ආදායම ශුන්‍ය වෙනවා. ඔයා නැතිවූ වහාම බිස්නස් එකත් මියයනවා.

🔹හැබැයි ඔයාගෙ ව්‍යාපාරය Brand එකක් නම්, ඔයා නොමැති ලෝකයක පවා ඔයාගෙ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. බිරිඳට, දරුවන්ට හෝ යැපෙන්නන්ට අඛණ්ඩව ප්‍රතිලාභ ලබා දෙන "වටිනා දේපලක් (Asset)" බවට පත් වෙනවා.

හරි. එහෙනං සාර්ථක ව්‍යාපාරිකයෙක් - Brand එකක් බිහි වීමට ඔයා කළ යුත්තේ මොනවද?

🔹Self-run වෙන විදියට වැඩේ හදන්න:
හැමදේම ඔබම කරන්න යන්න එපා. අදාළ ක්ෂේත්‍රයේ දක්ෂයින් සහ තාක්ෂණය යොදාගෙන පද්ධතියක් (System) හදන්න.

🔹පැහැදිලි Brand Identity එකක් හදන්න:
මිනිස්සු ඔයාව නෙවෙයි, ඔයාගෙ Brand එකේ ගුණය සහ සේවාව හඳුනාගන්න තත්වෙට ගේන්න.

🔹Asset එකක් විදියට බලන්න:
ඔයාගෙ ව්‍යාපාරය පසුකාලීනව විකිණීමට (Sellable) හෝ උරුම කිරීමට (Inheritable) හැකි මට්ටමකට ගේන්න උත්සාහ කරන්න.

මතක තබා ගන්න, ඔයා අද හදන ව්‍යාපාරය, හෙට ඔයාගෙ පවුලේ අයගේ ආරක්ෂාව හා යැපීමේ මාර්ගය වෙන්න ඕන. ඔයා නැති දවසට ඔයාගෙ පවුල අසරණ නොකරන, තනිවම දුවන Brand එකක් තමයි නිර්මාණය කරන්න වෙහෙසෙන්න ඕන! එහෙම නැතුව "එදා වේල බිස්නස්" පටන් අරං බොරුවට ඔයාගෙ කාළය හා ධනය නිරපරාදෙ වැය කරගන්න එපා !!

ජය! ❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb

🍰 කේක් හදන්න බැරි වුණාට, "කේක් බිස්නස්" එකේ රජ වෙන්න පුළුවන්  🚀කේක් බිස්නස් එකක් පටන් ගන්න නම් කේක් හදන්නම දැනගන්න ඕනේ ක...
16/02/2026

🍰 කේක් හදන්න බැරි වුණාට, "කේක් බිස්නස්" එකේ රජ වෙන්න පුළුවන් 🚀

කේක් බිස්නස් එකක් පටන් ගන්න නම් කේක් හදන්නම දැනගන්න ඕනේ කියලා නීතියක් නෑ! ඇත්තටම අද කාලේ සාර්ථකම ව්‍යාපාරිකයා කියන්නේ "සියල්ල තනියම කරන කෙනා" නෙවෙයි, "දක්ෂයන්ව එකතු කරගෙන වැඩේ ලස්සනටම කරන කෙනා" යි.

ඔයාට Birthday Surprises ප්ලෑන් කරන්න, Party Arrangements කරන්න වගේම Delivery වැඩ හරියටම manage කරන්න පුළුවන් නම්, මේ අවස්ථාව ඔයාට. 👇

කොහොමද මේක පටන් ගන්නේ?

1. හොඳම හෝම් බේකර්ස්ලා (Home Bakers) හොයාගන්න:
ඔයා කේක් හදන්න මහන්සි වෙන්න එපා. රසට කේක් හදන, හැබැයි මාර්කටින් සහ ඩිලිවරි කරගන්න අමාරු දක්ෂ කේක් ණිර්මාන ශිල්පීන් ඕන තරම් ඉන්නවා. එයාලත් එක්ක එකතු වෙන්න. ඔයා Orders අරන් දෙන්න, එයාලා කේක් එක හදලා දෙයි.

2. ඔයා විකුණන්නේ කේක් එකක් විතරක් නෙවෙයි - Experience එකක් !!
කඩෙන් කේක් එකක් ගන්නවා වගේ නෙවෙයි. ඔයාගේ පැකේජ් එකේ මේවා තියෙන්න ඕනේ:

🔹Creative Birthday Surprise (කේක් එකත් එක්කම මල් බොකේ එකක්, චොකලට් හෝ තෑග්ගක්).

🔹Midnight Delivery (හරියටම රෑ 12ට කේක් එක ගෙදරටම යවන පහසුකම).

🔹Small Party Decor (කේක් එක කපන තැන පොඩියට ලස්සන කරලා දෙන එක).

3. Delivery Network එක හදාගන්න:
කේක් එකක් කියන්නේ පරිස්සමට ගෙනියන්න ඕන දෙයක්. Tuk Tuk හෝ Bike එකක යන යාලුවෙක් එක්ක හෝ ඩිලිවරි සර්විස් එකක් එක්ක කතා කරලා විශ්වාසවන්ත ඩිලිවරි ක්‍රමයක් හදාගන්න.

4. ඔයාගේ කාර්යභාරය :
ඔයා කරන්න ඕනේ Social Media හරහා Orders ගන්න එකත්, Customer ට අවශ්‍ය විදියට Surprise එක Plan කරන එකත්, බේකර් සහ ඩිලිවරි කරන කෙනා සම්බන්ධීකරණය (Coordinate) කරන එකත් විතරයි.

💡 මේ බිස්නස් එක සාර්ථක වෙන්න හේතු මොනවද??
බොහෝ දෙනෙක්ට කේක් එකක් ඕන වුණාම ඊට අමතරව මල් ගන්න තව කඩේකටත්, තෑගි ගන්න තව තැනකටත් යන්න වෙලාවක් නෑ. ඔයා මේ ඔක්කොම එකම තැනකින් දෙනකොට (One Stop Shop), පාරිභෝගිකයා තෝරගන්නේ ඔයාව! ඉතිං මම හැදාම කියනව වගේ අනෙකුත් සමාන බිස්නස් වලින් ඔයාව වෙනම කැපිල පේන්නෙ මෙන්න මේ හේතුව හන්ද.

ඉතින් ඔයා කේක් හදන්න දන්නෙ නෑ කියලා පසුතැවෙන්න එපා. ඔයාගේ "සම්බන්ධකම් (Connections)" සහ "කළමනාකරණ හැකියාව (Skills)" පාවිච්චි කරලා අදම ඔයාගේ Brand එක පටන් ගන්න. 💪

Tag කරන්න මේ වගේ වැඩක් පටන් ගන්න ආස යාලුවෙක්ව! 👇

ඔබට ජය !❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb

🏡🪴ගෙවල් දොරවල් අස්පස් කරල සල්ලි හොයන්න ක්‍රමයක් ගැනයි අද කියන්නෙ.කාමර අලංකරණය (Room Makeover/Interior Styling) කියන්නේ ව...
15/02/2026

🏡🪴ගෙවල් දොරවල් අස්පස් කරල සල්ලි හොයන්න ක්‍රමයක් ගැනයි අද කියන්නෙ.

කාමර අලංකරණය (Room Makeover/Interior Styling) කියන්නේ වර්තමානයේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙන, ඒ වගේම නිර්මාණශීලී කෙනෙකුට ඉහළ ආදායමක් උපයන්න පුළුවන් අපූරු ක්ෂේත්‍රයක්. මිනිස්සු දැන් තමන්ගේ නිවස හෝ කාර්යාලය නිකන්ම කාමරයක් විදිහට නෙවෙයි, තමන්ගේ පෞරුෂය විදහාපාන "සුවපහසු කලාගාරයක්" විදිහට දකින්න කැමතියි. ඇත්ත්ටම මේක දැන් ට්‍රෙන්ඩ් එකක්.

මේ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කරන්න පුළුවන් පියවර 5ක සැලැස්ම මෙන්න.

1. "Portfolio" එකක්ක සකසා ගැනීම:

ඕනෑම Client කෙනෙක් වැඩක් දෙන්න කලින් අහන්නේ "ඔයා මීට කලින් කරපු වැඩ තියෙනවද?" කියල.

🔹පළමු පියවර: ඔබේම කාමරය හෝ නිවසේ කොටසක් ඉතාමත් ආකර්ශනීය ලෙස ඩිසයින් කරන්න.

🔹Before & After: වැඩේ පටන් ගන්න කලින් තිබුණු විදිහ සහ වැඩේ ඉවර වුණාට පස්සේ තියෙන විදිහ (Before & After) උසස් තත්ත්වයේ පින්තූර සහ වීඩියෝ ලෙස ලබා ගන්න.

🔹 ඔබට පරිගණක මෘදුකාංග (Sketchup, Canva, හෝ Interior design apps) භාවිතා කරලා මනඃකල්පිත ඩිසයින් නිර්මාණය කරලත් පෙන්වන්නත් පුළුවන්.

2. පැකේජ හඳුන්වා දීම (Service Models)
පාරිභෝගිකයාට තෝරා ගැනීමට විවිධ මට්ටම් ලබා දෙන්න:

🔹Consultation Only: කාමරය බලලා, ගැලපෙන පාට, බඩුබාහිරාදිය තිබිය යුතු තැන් සහ ලයිටින් ගැන උපදෙස් ලබා දීම පමණක් (මේකට විතරක් ගාස්තුවක් ගන්න පුළුවන්).

🔹Full Makeover: සැලසුම් කිරීමේ සිට බඩු ඇසිරීම දක්වා සම්පූර්ණ වගකීම භාර ගැනීම.

🔹Themed Design: උදාහරණයක් ලෙස "Minimalist", "Bohemian", "Luxury" වැනි විශේෂිත තේමාවන් යටතේ ඩිසයින් කිරීම.

3. සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වීම (Networking)
ඔබ තනියම හැමදේම කරන්න අවශ්‍ය නැහැ. ඔබට සහාය දෙන කණ්ඩායමක් හදාගන්න:

🔹වඩු කාර්මිකයන් සහ පින්තාරුකරුවන්: ඔබේ සැලසුම් යථාර්ථයක් කරන්න මොවුන් අවශ්‍යයි.

🔹Curtain & Lighting Shops: තිර රෙදි සහ විදුලි ආලෝක සපයන ආයතන සමඟ ගිවිසුමකට එන්න (ඔබ ඔවුන්ගෙන් බඩු ගන්නා නිසා ඔබට යම් කොමිස් මුදලක් හෝ වට්ටමක් ලබා ගත හැක).

🔹Indoor Plant Shops: කාමරයකට පණ දෙන්න පැළෑටි ඉතා වැදගත්.

4. ප්‍රචාරණය (Marketing)
මේ ව්‍යාපාරය 100%ක්ම රඳා පවතින්නේ "ඇසට පෙනෙන ලස්සන" මතයි. ඉතින් අද කාලෙ වඩාත්ම උචිත හා වියදම් අඩුම මාද්‍ය තමයි Digital Marketing කියන්නෙ.

🔹Instagram & TikTok: ඔබේ නිර්මාණ ප්‍රචාරය කරන්න හොඳම තැන මේකයි. ලස්සන සංගීතයක් එක්ක "Room Transformation" වීඩියෝ දමන්න.

🔹Pinterest: ලෝකයේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ්ස් ගැන අවබෝධය ගන්න වගේම ඔබේ ඩිසයින් පෙන්වන්නත් මෙය පාවිච්චි කරන්න.

🔹Customer Reviews: වැඩක් ඉවර වුණාම client ගේ සතුට පළ කරන වීඩියෝ එකක් ලබා ගන්න.

5. Client කෙනෙක් ආවම වැඩේ වෙන්නේ සරලවම මෙහෙමයි:

🔹Site Visit: කාමරය මැන බැලීම සහ පාරිභෝගිකයාගේ අවශ්‍යතා/බලාපොරොත්තු හඳුනා ගැනීම.

🔹Mood Board: පාවිච්චි කරන පාට, රෙදි වර්ග, සහ බඩු වල පින්තූර එකතු කරලා "Mood Board" එකක් පෙන්වීම.

🔹Budgeting: වියදම ගැන ඇස්තමේන්තුවක් ලබා දීම.

🔹Execution: වැඩේ ආරම්භ කර නිම කිරීම.

📌ප්‍රධානම කාරණේ, ඔයාගෙම "Signature Style" එකක් හදාගන්න. "මේක නම් අහවල් කෙනාගේ ඩිසයින් එකක් වෙන්න ඇති" කියලා මිනිස්සුන්ට හිතෙන තරමට ඔබේ වැඩේට අනන්‍යතාවයක් දෙන්න.

ඔබට ජය !❤️✌️
- Sukhithe Senevirathne - Brand Architect. - 2026/Feb



Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Sukhithe Senevirathne - Suki Zen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share