11/08/2026
වයඹ පළාතේ ආර්ථිකයට ඝෘජුව දායක වන ව්‍යවසායකයින් විධිමත් ඇගයීමකට ලක් කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම යන අරමුණු පෙරදැරිව වයඹ පළාත් සභාවේ උපදේශකත්වය මත වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය "වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන” - 2025 අති උත්කර්ෂවත් අයුරින් සත්වන වරටත් මෙම වසර අවසානයේ සංවිධානය කරනු ලබයි.
ජාතික මට්ටමේ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවවල දී ඇගයීමට ලක් නොවන එහෙත් විශිෂ්ට ව්‍යපාර ගොඩනැගීමට දායක වන ව්‍යවසායකයින් "වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා” සම්මාන ප්‍රදානය මගින් ඇගයීමට ලක් කිරීමට නියමිතය. ඔබත් සාර්ථක ව්‍යවසායෙකු නම් විශිෂ්ඨයන් අතර විශිෂ්යෙඨයෙකු වීමට ඔබත් අදම අයදුම් කරන්න.
වයඹ විජයාභිමාණී සම්මාන ප‍්‍රධානෝත්සවය සදහා අයදුම් කිරීමට නම් පහත ගූගල් පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.
https://forms.gle/gKuzMh3qfQ6c2vFW8
සම්මාන ප්‍රදානෝත්සවය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://tinyurl.com/4pbeyuh3
අයදුම්පත බාගත ගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://tinyurl.com/4ku2dswc
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.09.10
වැඩි විස්තර සඳහා
රොහාන් - 077 2548898
ප්‍රදීපිකා - 071 4394515
කර්මාන්ත සේවා කාර්යාංශය - 0372223721-3