05/09/2026
නවීන ලෝකයට ගැලපෙන ලෙස සෙල්සර ව්‍යාපාරික සංගමයේ ගමන් මග තීරණය කරන පස් වසරක සැලැස්ම එලිදැක්වීම 2026/08/31 දින පැවැත්විය..
සෙල්සර සාමාජික ව්‍යාපාරිකයන්ගේ අදහස් මූලික කරගනිමින් නවීන ලෝකයට ගැලපෙන ලෙස අප ව්‍යාපාරිකයන් මෙහෙයවීම සදහා ඉතාමත් මහන්සියක් දරා පිලියෙල කල මෙම යෝජනාවලිය කමිටු සභාපති ටිරෝන් හෙට්ටිආරච්චි මහතා හා ලේකම් තුෂාදිකා ගම්ලත් මහත්මිය විසින් සෙල්සර නිර්මාතෘ කුමාරත්න හෙට්ටිආරච්චි මහතා වෙත පිළිගන්වන ලදී.
සෙල්සර නිර්මාතෘ කුමාරරත්න මහතා මෙම වාර්ථාව අධ්‍යයනය කිරීමට සෙල්සර විධායක සභාව වෙත භාරදෙනලදී.
අපි වනුවෙන් කැපවන සියලුදෙනාට
ගෞරවණීය ස්තූතිය...
සෙල්සර සමග එක්වීමට,
ව්‍යාපාරික ඔබටත් ආරාධනා!
#එක්වජයගමු.
#සෙල්සර