06/10/2026
හදවතින්ම ගරු කරන අපේ ගුරු දෙවිවරුන්ට... ❤️
එක් තැනකදී ඉර ඉතිරි කරලා ගිය එළිය, තව තැනකදී තරු එළියක් වෙලා දිලෙනවා වගේ... ගුරුවරයෙක්ගෙන් ලැබෙන ඥානය මේ මුළු මහත් ලෝකයම ආලෝකමත් කරනවා. 🌟
ජීවිතය කියන්නේ මොකක්ද? කියලා මුල්ම අකුරේ ඉඳලා කියලා දුන්නේ ඔබයි. අනුන්ගේ සතුට වෙනුවෙන්, අනාගත පරපුරක යහපත වෙනුවෙන්, තමන්ගේ සැප-පහසුව නොබලා කැපවුණු උතුම් මිනිසුන් ඔබයි. ඇත්තටම "මිනිස්කම" කියන්නේ මොකක්ද? කියලා අපි අද තේරුම් ගන්නේ ඔබ අපිට පෙන්වපු ඒ ආදර්ශවත් මඟ ඔස්සේ යද්දියි. 🌱
සෑම ගුරුවරයෙක්ම මේ ලෝකයට අතිශයින්ම වටිනා මැණිකක්. ඔබ අපිට දායාද කළේ හුදෙක් දැනුම විතරක් නෙමෙයි, ජීවිතයට අවශ්‍ය කරන විනය, දයාව සහ මනුෂ්‍යත්වයයි. ඒ නිසාමයි අද අපි මේ තරම් ආදරයෙන්, ගෞරවයෙන් ඔබව සමරන්නේ.
දිනුවන් හෝල්ඩින්ග්ස් (Dinuwan Holdings) අපිට, අපගේ හදවතේ තියෙන ගුරු ලැදියාව සහ ගෞරවය මේ ලස්සන දවසේදී ඔබ වෙනුවෙන් පුද කරන්නෙමු. ඔබ අපේ සමාජයට දුන් ආලෝකය, කිසිදා නොනිමෙන දීප්තියක් වනු නිසැකයි. ✨
ලෝකයේ හැම ගුරුවරයෙක්ටම, හදවතින්ම සුබ පතනවා... සුබම සුබ ගුරු දිනයක් වේවා! 🙏🌸