Osa Creations

Osa Creations Crochert works /Keytags / Handcraft and dreamcathers for sale

07/06/2026

Osa Creations fans

06/12/2025

පොතුහැර දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ උගත් පද්මිකා මුලින්ම තොප්පියකුත් සපත්තු කුට්ටමකුත් ගොතන්නට ඉගෙනගත්තේ හයවැනි ශ්‍රේණියේදීය. චන්ද්‍රානි ඒකනායක ගුරුතුමියගෙන් ගුරුහරුකම් ලද සිසු සිසුවියෝ එදා තම සිතේ ඇඳි සිත්තම් අරුමැසි ගෙත්තම් බවට පත්කළහ. ඒ අතර තිබූ පද්මිකා සඳමාලී ගුණවර්ධනගේ ගෙත්තමට චන්ද්‍රානි ගුරුතුමියගෙන් බොහෝ ප්‍රශංසා ලැබිණි. අපි මේ ඔබට කියන්නට යන්නේ එදා ගුරුතුමියගෙන් පැසසුම් ලද පද්මිකාගේ ගෙතුම් මෙදා Sanda Crochet නමින් ව්‍යාපාරයක් බවට පත්වුණු අකාරයයි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වනතුරු පද්මිකාගේ දවස් ගෙවුණේ ගෙදර ය. ඒ අතරතුර දිනක් තම නිදන කාමරය අස්පස් කරද්දී ඈට අපූරු යමක් මුණගැසුනි. ඒ තමා හයවැනි ශ්‍රේණියේදී ගෙතූ තොප්පියත් සපත්තු කූට්ටමත්ය. එතෙක් අමතකව තිබූ චන්ද්‍රානි ටීචර්ගේ ගෙතුම් පාඩම යළිත් ඇගේ මතකයට නැගුණු මොහොත එයයි. ඒ මතකය ඔස්සේ පද්මිකා තමාට අඳින්නට අලංකාර ගවුමක් ගෙතුවාය.
“ඊටපස්සේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මට ඕනෑ කළේ ගණිත අංශයෙන් උසස්පෙළ හදාරලා සිවිල් ඉංජිනේරුවරියක් විදියට රැකියාවේ නිරත වෙන්න. ඉතිං පන්ති යද්දි සමහර දවස්වලට මම ගොතපු ගවුමත් ඇඳගෙන ගියා. සමහරදාට නැදෑ ගෙවල්වල යද්දිත් මම ඒ ගවුම ඇඳගෙන ගියා. එහෙම වෙලාවක ඒ ගවුම දැකලා මැලේසියාවේ හිටපු අපේ ඥාති සොයුරියක් මගෙන් ගවුමක් ගොතලා ඉල්ලුවා. ඒ ගවුම තමයි මගේ පළවැනි ඇණවුම.”
එතැන් සිට උසස්පෙළ විභාගයට පෙනී සිට එහි ප්‍රතිඵල නිකුත්වනතුරුම ඇයට ඉස්පාසුවක් තිබුණේ නැත. ඒ සිය ඥාතීන්ගේ හා හිතමිතුරන්ගෙන් ගවුම් වෙනුවෙන් ලැබුණු ඇණවුම් නිසාය.
නමුත් ඒ අතරතුර කුඩා කල පටන් ඇය දුටු ඉංජිනේරු සිහිනය සැබෑ කරගනුවස් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට ඇය සැලසුම් කර තිබිණි.
“එහෙම වුණත් ඉඩක් ලැබෙන හැම මොහොතකම අමතර ආදායම් මාර්ගයක් විදියට මම ව්‍යාපාරය කරගෙන ගියා. ඒ අතරතුරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරපු මට කොළඹ කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිවිල් ඉංජිනේරුවරියක් ලෙස රැකියාවකුත් ලැබුණා.”
එම රැකියාවෙන් සැලකිය යුතු වැටුපක් පද්මිකාට හිමිවිය. එනිසා ඇයට ඕනෑනම් තමා මෙතෙක් ගොඩනගාගෙන ආ ව්‍යාපාරය අතරමඟ නවතා දමන්නට නිදහසට කාරණාවක් ද හිමිවිය.
“ඒත් මම ව්‍යාපාරය නතර කළේ නෑ. එහෙම නොකළේ කවදහරි දවසක මට රැකියාවෙන් ඉවත්වෙන්න ඕන වුණොත් මේ ව්‍යාපාරය මගේ ස්ථීර ආදායම් මාර්ගය බවට පත්කරගන්න පසු සැලැස්මක් තිබුණ නිසයි. ඒක නිසා මගේ රැකියාව එක්ක ව්‍යාපාරයක් කරන එක කොයිතරම් අපහසු කාර්යයක් වුණත් මම දෙකම කොහොමහරි සමබරව කරගෙන ගියා.”
නමුත් ඇයට එය එසේ කරගෙන යාමට හැකිවුණේ 2020 වසර තෙක් පමණි. හිටිහැටියේ පද්මිකාගේ මව අසනීප වූයෙන් තවදුරටත් රැකියාවක නිරතවීමට තරම් වතාවරණයක් ඇගේ නිවසේ නොවුණි.
“ඒ වෙද්දී මගේ තාත්තාත් අංශභාගය රෝගී තත්ත්වයෙන් පෙළුණා. මට ඉන්නේ අක්කලා දෙන්නයි. ලොකු අක්කා විවාහ වෙලා දුරබැහැර පදිංචිවෙලා හිටියා නිසා පවුලේ බාලයා වුණ මටත් විශාල වගකීම් කොටසක් පැවරුණා. ඉතිං ඒ වගකීම් එක්ක රැකියාවක් කරන එක අපහසු නිසා ඒ වෙලාවේ මම තීරණය කළා රැකියාවෙන් ඉවත් වෙලා ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න.”
නමුත් අනපේක්ෂිත ලෙස ඊට බාධා එල්ල වුණේ ඒ වනවිට මුළු ලොවක් බෑට කෑ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.
“කොරෝනා තත්ත්වයත් එක්ක නිතරම ගෙදර රැඳෙන්න සිද්ධවුණ නිසා ඒ වෙලාවේ මම කළේ මගේ යූටියුබ් චැනල් එකට වගේම එෆ්බී පේජ් එකටත් මැහුම් ගෙතුම් ඇතුළත් වීඩියෝපට මුදාහැරපු එක. එහෙම මුදාහැරපු වීඩියෝ අතරේ මම වෙසක් පෝය නිමිති කරගෙන මුදාහැරපු වෙසක් කූඩුවක් ගොතන වීඩියෝ එකක් වෛරල් වෙන්න ගත්තා. ඒත් එක්ක දහදාහක විතර වෙසක් කූඩු ඇණවුම් ලැබෙන්න ගත්තා.”
එහෙත් එම ඇණවුම් සියල්ලම තනිව කිරීමට තරම් කාලයක් පද්මිකාට නොවුණි. ඒ නිසා ඇය හැකි ඉක්මණින් මැහුම් ගෙතුම් දත් කතුන් තිදෙනෙකු සිය නිවස අවටින් සොයාගත්තාය.
“ඒ අයගෙත් උදව්වෙන් කොහොමහරි එදා වෙසක් කූඩු ඇණවුම මම සම්පූර්ණ කළා. ඉතිං එදා ඉඳන් මට ලැබෙන හැම ඇණවුමකටම ඒ අයත් හවුල් වුණා. මේ වෙද්දි ඒ පිරිස 12 දෙනෙක් දක්වා වර්ධනය වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම මාසික වැටුපක් ගෙවනවා.”
ඒ පිරිසට අමතරව පද්මිකාගේ ව්‍යාපාරයට අතහිත දෙන්නෝ ද බොහෝ වෙති. ඒ අය අතර ඇගේ මව, පියා, පොඩි අක්කා සහ පෙම්වතා ද සිටියි.
“ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ පන්සලේ විහාරාධිපති අතිපූජ්‍ය අරඹෙපොල සීවලී නාහිමියන්, ග්‍රාමසේවක අනූෂා ශාමලී මිස් සහ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ. උන්වහන්සේගේ වැඩමුළු හරහා තමයි සමාජමාධ්‍ය හරහා මගේ ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය වැඩිදුර දැනුම ලබාගත්තේ. ඉතිං ඒ අයගේ සහයෝගයෙන් මේ වෙද්දී මම රටවල් 37කට මගේ නිර්මාණ අලෙවි කරනවා. ඒක නිසා මම ඉස්සර රැකියාවෙන් ලබපු ආදායම අද වෙද්දී සතියෙන් හොයනවා. ඒ නිසා තව කෙනෙක්ට වුණත් මම කියන්නේ රැකියාවකටම කොටුවෙන්නේ නැතුව තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න කියලා. මුලදි ලොකු ලාභයක් නොලැබෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ මහන්සිය, කැපවීම එක්ක රුපියල් සියය, ලක්ෂයක් වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ. අන්න එදාට ඔයාම තීරණය කරයි 8-5 රැකියාවකට කොටුවෙනවද නැත්නම් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්නවද කියලා.”

නෙත්මි තෂාරා

28/11/2025

සියලුම රට වැසියන්ට උතුම් දළදා හිමි සරණයි!කිසිවෙකුට කරදරයක් විපතක් නොවේවා 🥹🙏

28/11/2025

එකම ප්‍රාර්තනය🙏🙏🙏🙏🙏🙏

26/11/2025

❤️❤️😍😍😘😘

කාලෙකින් අළුත් වැඩක් අරන් ආවා ඔන්න ඕන අය මේ පැත්තට එන්න  fans Osa Creations   පුංචි බබෙක්ට කරපු ගවුමක් සහ hair band එකක්...
26/11/2025

කාලෙකින් අළුත් වැඩක් අරන් ආවා ඔන්න ඕන අය මේ පැත්තට එන්න fans Osa Creations පුංචි බබෙක්ට කරපු ගවුමක් සහ hair band එකක් ලස්සනම ලස්සන මලක් එක්ක මලක් වගේ මගේ යාළුවෙක්ගේ පුංචි දෝණි මැණිකට ❤️❤️❤️😍😍😘 ලස්සන මැණිකක් ❤️❤️😍😍😘😘

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
19/11/2025

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

18/11/2025
21/06/2025
16/02/2025

Dreamcatcher with photos
Customize your own designs
Hurry up contact Osa Creations 😍😍😘😘😘

Address

Makola
Makola

Alerts

Be the first to know and let us send you an email when Osa Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Osa Creations:

Share