V&S Collection

V&S Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from V&S Collection, Business service, Hakmana, Matara.

well come to the V&S Collection .

🛏️ Fitted bed sheets with pillowcases | Handloom bed sheets | Mosquito nets & more 🧵
We produce high-quality bedding items and deliver islandwide across Sri Lanka 🇱🇰

17/05/2026

04 වන කොටස 🥺

දරුවන්ගේ නිවසේ ජීවිතේට ටිකෙන් ටික මම හුරු වෙන්න ගත්තා...🥺

උදේට හැමෝම එකට නැගිටිනවා...🥺

එකට කෑම කනවා...🥺

පාසල් යනවා...🥺

ගොඩ කාලෙකට පස්සේ මට ආයෙත් ඉගෙන ගන්න ලැබුණා...❤️🥺

සෙනුරි හැමවෙලේම මගේ ලඟින්ම හිටියා...🥺

“නිමේෂා... දැන් ඔයා අඬන්න එපා හරිද...”❤️

ඒ වචන මගේ හිතට ලොකු හයියක් උනා...🥺

ඒත් හැම ළමයෙක්ම මට හොඳ උනේ නෑ...🥺

දවසක් පාසලේදි ගෑනු ළමයෙක් මගේ පොත් ටික බිමට දාලා හිනාවෙලා කිව්වා...😡

“අනාථ නිවාසේ කෙල්ලෙක් නේද මේ...”😏

තව කෙනෙක් කිව්වා...

“අම්මත් නෑ... තාත්තත් නෑ...”😡

ඒ වචන වලට මගේ පපුව පිච්චුනා වගේ දැනුනා...🥺

මම නිහඬවම පොත් ටික අහුලගත්තා...🥺

ඒත් සෙනුරි එකපාරටම කෑ ගැහුවා...😡

“එහෙම කියන්න එපා...!”😡

“නිමේෂා අපිට වඩා හොඳ කෙනෙක්...”❤️

එදා පළවෙනි වතාවට කවුරුහරි මාව වෙනුවෙන් කතා කලා...🥺

රෑට මම සෙනුරිගෙන් ඇහුවා...

“ඇයි ඔයා මට මෙච්චර හොඳ...?”🥺

ඇගේ ඇස් එකපාරටම කඳුළු වලින් පිරුණා...🥺

“මගේ අම්මත් මාව දාලා ගියා...”🥺

“එදා ඉඳන් මං දන්නවා තනිවෙලා ඉන්න එක කොච්චර අමාරුද කියලා...”🥺

ඒ වචන ඇහුවම මම සෙනුරිව බදාගත්තා...🥺❤️

අපි දෙන්නා එදා රෑ ගොඩක් වෙලා කතා කරා...🥺

ඒත් පහුවදා උදේ...

දරුවන්ගේ නිවසට ලස්සන කාර් එකක් ආවා...🚘

හැමෝම පුදුමෙන් බැලුවා...🥺

කාර් එකෙන් බැස්සේ සුදු ඇඳුමක් ඇඳගත් ලස්සන නෝනා කෙනෙක්...🥺

ඇය කෙලින්ම මං ලඟට ඇවිත් නැවතුනා...🥺

“ඔයාද නිමේෂා...?”🥺

“ඔව්...”🥺

ඇය මගේ මූණ දිහා ගොඩක් වෙලා බලන් හිටියා...🥺

ඊටපස්සේ ඇගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තා...🥺

“දෙවියනේ... හරියටම එයා වගේ...”🥺

මට කිසිදෙයක් තේරුනේ නෑ...🥺

ඒත් ඒ නෝනා කියපු ඊළඟ වචන ටිකෙන්...

මගේ ජීවිතේ ආයෙත් සම්පූර්ණයෙන්ම වෙනස් උනා...🥺

“මං... ඔයාගේ නැන්දම්මා...”😳🥺

(05 වන කොටසින් හමුවෙමු...🥺)

12/05/2026

03 වන කොටස 🥺

“මේ දොර අරින්න... පොලීසියෙන්...”😳

ලොකු අම්මා කලබල වෙලා දොර ඇරියා...🥺

පොලිස් නිලධාරියෙක් එක්ක සුදු සාරියක් ඇඳගත් නෝනා කෙනෙක් හිටියා...🥺

“මෙතන චූටි දරුවෙක් ඉන්නව කියලා අපිට පැමිණිල්ලක් ලැබුණා...”🥺

ලොකු අම්මා එකපාරටම හිනාවක් දාලා කිව්වා...

“අනේ නෑ සර්... අපි මේ දරුවව අපේ දරුවෙක් වගේ බලාගන්නවා...”🥺

ඒ වෙලාවේ කාමරේ ඇතුළෙන් මගේ අඬන සද්දේ ඇහුනා...🥺

“දොර අරින්න...”😡

දොර ඇරපු ගමන් මම බයෙන් ගැහි ගැහි කොනක ඉඳගෙන හිටියා...🥺

“දුවේ... ඇයි ඔයාව ඇතුලට දාලා තියෙන්නේ...?”🥺

මම බයෙන්ම කිව්වා...

“මං සල්ලි ගත්තෙ නෑ...”🥺

සුදු සාරි නෝනාගේ ඇස් වල කඳුළු පිරුණා...🥺

ඇය හෙමින් මාව තුරුල් කරගත්තා...🥺

“බය වෙන්න එපා දුවේ...”❤️

පස්සේ තමයි මම දැනගත්තේ...

ඇය ළමා ආරක්ෂක නිලධාරිනියක් කියලා...🥺

ගමේ කෙනෙක් පොලීසියට කියලා තිබ්බා මට ගෙදරදී හිරිහැර කරනවා කියලා...🥺

එදාම මාව ඒ ගෙදරින් අරගෙන ගියා...🥺

කාර් එකේ යනකොට මම ජනේලෙන් පිට බලන් හිටියා...🥺

මගේ හිතේ එකම ප්‍රශ්නයක් තිබ්බා...

“දැන් මම කොහෙද යන්නේ...?”🥺

ටික වෙලාවකින් අපි ලස්සන තැනකට ආවා...🥺

විශාල ගේට්ටුවක්...🌸

වත්ත පුරා මල්...🌸

පුංචි ළමයි සෙල්ලම් කරනවා...🥺

“මේ තමයි දරුවන්ගේ නිවස...”❤️

එතන හිටිය නෝනා කෙනෙක් මගේ හිස අතගාලා හිනාවුනා...🥺

“දුවේ... මෙහෙ ඉඳන් ඔයා තනියම නෙවෙයි...”❤️

ඒ වචනේට මගේ ඇස් වලින් කඳුළු වැටුනා...🥺

ඒ රෑ ගොඩ කාලෙකට පස්සේ මම බඩගින්නේ නැතුව කෑම කෑවා...🥺

නිදාගන්න කලින් එක පුංචි ගෑනු ළමයෙක් මගේ ලඟට ඇවිත් ඇහුවා...

“ඔයාගේ නම මොකද්ද...?”🥺

“මං නිමේෂා...”🥺

ඇය හිනා වෙලා කිව්වා...

“මං සෙනුරි... අද ඉඳන් අපි යාලුවෝ හරිද...?”❤️

ගොඩ කාලෙකට පස්සේ මගේ හිතට පුංචි සැනසීමක් දැනුනා...🥺

ඒත් මම දැනන් හිටියේ නෑ...

ඉස්සරහට මගේ ජීවිතේ තවත් ලොකු කුණාටුවක් එනවා කියලා...🥺

(04 වන කොටසින් හමුවෙමු...🥺)

11/05/2026

02 වන කොටස 🥺

අම්මාගේ අවසන් කටයුතු ඉවර වුනු දවසේම මාව කා එක්කද තියාගන්නේ කියලා ගමේ අය අතර ලොකු කතාවක් ගියා...🥺

“අනේ අපිට නම් බෑ... අපේ ගෙදරත් ප්‍රශ්න ගොඩයි...”🥺

“තාත්තාව හොයාගන්න බැරිද මේ ළමයට...?”🥺

ඒ වචන අහගෙන මම බිම බලාගෙන හිටියා...🥺

අන්තිමට අම්මාගේ අක්කා... ඒ කියන්නේ ලොකු අම්මා මාව ගෙදර එක්කගෙන ගියා...🥺

මුල් දවස් දෙක තුන හොඳයි වගේ තිබ්බා...🥺

ඒත් ටිකෙන් ටික ලොකු අම්මාගේ ස්වභාවය වෙනස් වෙන්න ගත්තා...🥺

“මේ ගෙදර නිකන් කාලා බීලා ඉන්න බෑ... වැඩක් කරන්න ඉගෙන ගන්න...”😡

උදේ පාන්දරින්ම නැගිටලා වතුර ගේන්න...🥺

ගේ අතුගාන්න...🥺

කෑම හෝදන්න...🥺

ලොකු අම්මාගේ ළමයි දෙන්නා පාසල් යද්දි මම ගෙදර වැඩ කර කර හිටියා...🥺

දවසක් මම හෙමින් ඇහුවා...

“ලොකු අම්මේ... මටත් ආයෙ පාසල් යන්න බැරිද...?”🥺

එකපාරටම ඇය කෑ ගැහුවා...😡

“ඉස්කෝලේ යන්න...? උඹට කන්න දෙන්නෙත් අමාරුවෙන්...!”😡

“උඹේ අම්මා ඉන්න කාලෙවත් මොන සැපෙන්ද හිටියේ...?”😡

ඒ වචන වලට මගේ ඇස් වලින් කඳුළු වැටුනා...🥺

රෑට හැමෝම නිදාගත්තට පස්සේ මම අම්මාගේ පරණ සාරියක් බදාගෙන අඬනවා...🥺

“අම්මේ... මට බයයි...”🥺

දවසක් ලොකු අම්මාගේ දුවගේ සල්ලි අතුරුදහන් උනා...🥺

“අම්මේ... මගේ රුපියල් දාහ නෑ...”😡

එකපාරටම ලොකු අම්මා මගේ අතින් අල්ලගත්තා...😡

“උඹද ගත්තේ...?”😡

“නෑ ලොකු අම්මේ... මම නෙවෙයි...”🥺

ඒත් මගේ කතාව කවුරුත් විශ්වාස කලේ නෑ...🥺

මාව කාමරේකට දාලා දොර වහලා දැම්මා...🥺

බඩගිනියි...🥺

බයයි...🥺

අඳුරටත් බයයි...🥺

එදා රෑ ජනේලෙන් හඳ එළිය වැටෙන දිහා බලන් මම හෙමින් කිව්වා...

“අම්මේ... ඔයා හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑ නේද...?”🥺

ඒ වෙලාවේම පිටතින් කාගේහරි කටහඬක් ඇහුනා...🥺

“මේ දොර අරින්න... පොලීසියෙන්...”😳

(තුන්වන කොටසින් හමුවෙමු...🥺)

11/05/2026

01 වන කොටස 🥺

“අඳුරු වූ පුංචි ලෝකය”

“අනේ චූටි... අම්මා එනකම් දොර ලොක් කරගෙන ඉන්න හරිද...?”🥺

එහෙම කියලා අම්මා මගේ නලලට හාදුවක් දීලා ගියේ උදේම වැඩට...🥺

මගේ අම්මා ගෙවල් වල වැඩ කරලා තමයි අපි දෙන්නා ජීවත් උනේ...🥺

තාත්තාව මම කවදාවත් දැකලා නෑ...🥺

“ඔයාගේ තාත්තා ඔයාව පුංචි කාලේම දාලා ගියා දෝණි...” 🥺

අම්මා එහෙම කියන හැමවෙලාවෙම මගේ හිත හොඳටම රිදුනා...🥺

අපි හිටියේ පුංචි ටින් කාමරේක... වැස්ස දවස් වලට වහලෙන් වතුර වැටෙනවා...🥺

ඒත් අම්මා හිනා වෙලා කියනවා...

“දවසක මගේ දුව ලොකු නෝන කෙනෙක් වෙයි...” ❤️🥺

එදාත් වෙනදා වගේම මම අම්මා එනකම් බලන් හිටියා...🥺

හවස හයත් පහු උනා...

හතත් පහු උනා...

අම්මා ආවේ නෑ...🥺

බඩගිනි තිබ්බත් කෑම කන්න හිත දුන්නේ නෑ...🥺

දොර ලඟ ඉඳගෙන මම පාර දිහා බලන් හිටියා...🥺

ටික වෙලාවකින් ගමේ නැන්දා කෙනෙක් දුවගෙන ආවා...🥺

“චූටි... දොර අරින්න දරුවෝ...”🥺

මම දොර ඇරියා...

ඇගේ ඇස් වල කඳුළු...🥺

“අනේ දරුවෝ... අම්මාට ඇක්සිඩන්ට් එකක් වෙලා...”🥺

මගේ කන් දෙක ගොළු උනා වගේ...🥺

“නැන්දා... මගේ අම්මා කොහෙද...?”🥺

“හොස්පිටල් එකේ දරුවෝ...”🥺

මාවත් එක්කගෙන නැන්දා රෝහලට ගියා...🥺

ඒ සුදු ඇඳ උඩ අම්මා නිහඬව හිටියා...🥺

අම්මාගේ අත අල්ලගත්ත මම හයියෙන් ඇඩුවා...🥺

“අම්මේ... මං ආවා... කතා කරන්නකෝ...”🥺

ඒත් අම්මා ඇස් ඇරියේ නෑ...🥺

ඩොක්ටර් මහත්තයා හෙමින් කිව්වා...

“අපිට සමාවෙන්න...”🥺

එකම මොහොතකින් මගේ මුළු ලෝකෙම අඳුරු උනා...🥺

අම්මාගේ අවසන් කටයුතු දවසෙත් ගමේ අය කතා උනා...🥺

“පව් කෙල්ල... දැන් කා එක්කද ඉන්නේ...?”🥺

“තාත්තාත් නෑනේ...”🥺

මම අම්මාගේ ඡායාරූපේ තුරුල් කරගෙන නිහඬව හිටියා...🥺

එදා රෑ...

අඳුරු කාමරේක තනියම ඉඳගෙන මම හෙමින් ඇහුවා...🥺

“අම්මේ... මාවත් එක්කන් යන්න තිබ්බනේ...”🥺

(දෙවන කොටසින් හමුවෙමු...🥺)

30/10/2025
30/10/2025

Address

Hakmana
Matara

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30

Telephone

+94711212347

Website

Alerts

Be the first to know and let us send you an email when V&S Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share