17/05/2026
04 වන කොටස 🥺
දරුවන්ගේ නිවසේ ජීවිතේට ටිකෙන් ටික මම හුරු වෙන්න ගත්තා...🥺
උදේට හැමෝම එකට නැගිටිනවා...🥺
එකට කෑම කනවා...🥺
පාසල් යනවා...🥺
ගොඩ කාලෙකට පස්සේ මට ආයෙත් ඉගෙන ගන්න ලැබුණා...❤️🥺
සෙනුරි හැමවෙලේම මගේ ලඟින්ම හිටියා...🥺
“නිමේෂා... දැන් ඔයා අඬන්න එපා හරිද...”❤️
ඒ වචන මගේ හිතට ලොකු හයියක් උනා...🥺
ඒත් හැම ළමයෙක්ම මට හොඳ උනේ නෑ...🥺
දවසක් පාසලේදි ගෑනු ළමයෙක් මගේ පොත් ටික බිමට දාලා හිනාවෙලා කිව්වා...😡
“අනාථ නිවාසේ කෙල්ලෙක් නේද මේ...”😏
තව කෙනෙක් කිව්වා...
“අම්මත් නෑ... තාත්තත් නෑ...”😡
ඒ වචන වලට මගේ පපුව පිච්චුනා වගේ දැනුනා...🥺
මම නිහඬවම පොත් ටික අහුලගත්තා...🥺
ඒත් සෙනුරි එකපාරටම කෑ ගැහුවා...😡
“එහෙම කියන්න එපා...!”😡
“නිමේෂා අපිට වඩා හොඳ කෙනෙක්...”❤️
එදා පළවෙනි වතාවට කවුරුහරි මාව වෙනුවෙන් කතා කලා...🥺
රෑට මම සෙනුරිගෙන් ඇහුවා...
“ඇයි ඔයා මට මෙච්චර හොඳ...?”🥺
ඇගේ ඇස් එකපාරටම කඳුළු වලින් පිරුණා...🥺
“මගේ අම්මත් මාව දාලා ගියා...”🥺
“එදා ඉඳන් මං දන්නවා තනිවෙලා ඉන්න එක කොච්චර අමාරුද කියලා...”🥺
ඒ වචන ඇහුවම මම සෙනුරිව බදාගත්තා...🥺❤️
අපි දෙන්නා එදා රෑ ගොඩක් වෙලා කතා කරා...🥺
ඒත් පහුවදා උදේ...
දරුවන්ගේ නිවසට ලස්සන කාර් එකක් ආවා...🚘
හැමෝම පුදුමෙන් බැලුවා...🥺
කාර් එකෙන් බැස්සේ සුදු ඇඳුමක් ඇඳගත් ලස්සන නෝනා කෙනෙක්...🥺
ඇය කෙලින්ම මං ලඟට ඇවිත් නැවතුනා...🥺
“ඔයාද නිමේෂා...?”🥺
“ඔව්...”🥺
ඇය මගේ මූණ දිහා ගොඩක් වෙලා බලන් හිටියා...🥺
ඊටපස්සේ ඇගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තා...🥺
“දෙවියනේ... හරියටම එයා වගේ...”🥺
මට කිසිදෙයක් තේරුනේ නෑ...🥺
ඒත් ඒ නෝනා කියපු ඊළඟ වචන ටිකෙන්...
මගේ ජීවිතේ ආයෙත් සම්පූර්ණයෙන්ම වෙනස් උනා...🥺
“මං... ඔයාගේ නැන්දම්මා...”😳🥺
(05 වන කොටසින් හමුවෙමු...🥺)