29/08/2026
හොඳින් බලන්න මේ ප්‍රින්ට් එක දිහා...
මීට අවුරුදු ගණනාවට කලින් ලංකාවට නැතිවම බැරි උනු ප්‍රින්ට් එක... "පත්තරේ" 🪁🪁
ටී ෂර්ට් එකෙන් පටන් ගත්තාම... ෂර්ට් එකටත්, කලිසමටත්, ගවුමටත්, සරමටත් පහු කාලයේ නැතිවම බැරිවුණා...🙃🙃
හැබැයි ප්‍රින්ට් එක පස්සේ අන්තිමටම එපාවුනා කට්ටියට...
මොකද අයිෆල් කුළුණයි අර ලොකු බයිසිකල් රෝදයයි තමයි හැම ඇඳුමකම තිබ්බේ..😊
මම වෙන පත්තරයක් ඩිසයින් කළත් ඒක ඉල්ලුවේ නෑ ජනප්‍රිය එකම හැමෝම ඉල්ලපු නිසා...😔😔😔
මගේ ප්‍රින්ටින් වැඩ පොලේත් අපි දවසකට ටීෂර්ට් 700 ක් ප්‍රින්ට් කළා..
Front 700, Back 700, Sleeves 1400
සමහරක් අයට ටූ කළර් (2 color) විදිහටත් ඉල්ලුවා..
මෙතන මගේ නෝනා ප්‍රින්ට් කරන්නේ අයිෆල් කුළුණා මෙරුන් කලර් එකෙන්...
මම ප්‍රින්ට් කරන්නේ ඉතුරු සියල්ලම කළු පාටින්..
💥 කොහොමද මේ වගේ ලොකු ස්ක්‍රීන් වලින් දවසට ලොකු ගානක් ප්‍රින්ට් කර කර දවස් කීපයක් එක දිගට ප්‍රින්ට් කරනකොට...
🤴🌻💎 මම මගේ ජීවිත අත්දැකීම් වලට ගොඩක් ආදරේ ඒකයි...
අද බය නැතුව ඕනම කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ ඕනම දෙයක් කියල දෙන පුළුවන් හැකියාවක් මට ආවෙත් මේ අත්දැකීම් නිසයි...