Business with Ajith

Business with Ajith "Strategy to Success"

ඔබේ ඇඳුම ඔබේ කැඩපතයි.
02/04/2026

ඔබේ ඇඳුම ඔබේ කැඩපතයි.

8090 likes, 32 comments. “Top Class අය වැඩ කරන විදිය වෙනස්.. 🥰 ...

ණයට ගන්නේ ඇයි?
25/03/2026

ණයට ගන්නේ ඇයි?

1353 likes, 8 comments. “ණයට ගන්නෙ මොකටද?.. 🥰 .paduma”

22/03/2026

70.7K likes, 711 comments. “කොච්චර වැටුනත් ආපහු නැගිටින මිනිස්සු කවදාවත් පරද්දන්න බෑ”

07/01/2026

දවසක් එක් පුද්ගලයෙක් පාරේ ඇවිදගෙන යනකොට, ඉතාමත් විශාල ඇතුන් පිරිසක් කුඩා කණුවල ගැටගසා සිටිනවා දැක්කා. ඔහුට එකවරම පුදුම හිතුණා. මොකද, ඒ විශාල ඇතුන්ව බැඳලා තිබුණේ ඉතාමත් සිහින්, දුර්වල ලණුවලින්.

මේ ඇතුන්ට තිබුණේ එක පාරක් තමන්ගේ කකුල ගසලා දාන්න විතරයි, එතකොට ඒ ලණුව කැඩෙනවා නියතයි. නමුත් ඔවුන් නිහඬව, කිසිම උත්සාහයක් නොකර එකම තැනකට වෙලා ඉන්නවා.

මේ ගැන පුදුම වුණු ඔහු, එතැන හිටපු ඇතුන් පුහුණුකරුවාගෙන් මෙහෙම ඇහුවා:

"මේ සත්තුන්ට ඕනෑම වෙලාවක මේ ලණුව කඩාගෙන යන්න පුළුවන්කම තියෙද්දී, ඇයි ඔවුන් මෙහෙම නිහඬව ඉන්නේ?"

පුහුණුකරුවා හිනාවෙලා මෙහෙම කිව්වා:

"මේ සත්තු ගොඩක් කුඩා කාලෙදිත් අපි ඔවුන්ව බඳින්නේ ඔය වගේම ලණුවලින්. ඒ කාලෙදි මේ ලණුව කඩන්න ඔවුන්ට ශක්තියක් නැහැ. ඉතින් ඔවුන් දහස් වාරයක් උත්සාහ කරලා බැරිම තැන හිතාගන්නවා 'මේ ලණුව කවදාවත් කඩන්න බැහැ' කියලා. දැන් ඔවුන් ලොකු වුණත්, ඔවුන්ගේ හිතේ තියෙන්නේ 'මට මේක කරන්න බැහැ' කියන අතීතයේ ඇතිවුණු දුර්වල විශ්වාසය විතරයි. ඒ නිසා ඔවුන් කවදාවත් උත්සාහ කරන්නේ නැහැ."

අපේ ජීවිතෙත් සමහර වෙලාවට අපිව එක තැනක හිර කරලා තියෙන්නේ පිටතින් තියෙන බාධක නෙවෙයි, අපේ හිත ඇතුළේ තියෙන බාධකයි.

"මට මේක කරන්න බැහැ."

"මම කලින් පරාද වුණා, ඒ නිසා දැන් කරන්නෙත් නැහැ."

"අනිත් අය මට වඩා දක්ෂයි."

ඔබේ අතීතයේ අසාර්ථක වීම් කියන්නේ අදත් ඔබ අසාර්ථකයි කියන එක නෙවෙයි. ඔබ දැන් වෙනදාට වඩා ශක්තිමත්. ඒ නිසා ඔබේ හිතේ තියෙන පරණ "ලණු" කඩා දමා ඉදිරියට යන්න.

මතක තබා ගන්න: ලෝකයේ ලොකුම සිරගෙය තමයි "අපිට බැහැ" කියලා අපිම හදාගන්නා සිතුවිල්ල.

03/01/2026

දවසක් ලොකු සපත්තු සමාගමක් තීරණය කළා අප්‍රිකාවේ දුෂ්කර දූපතකට එයාලගේ සපත්තු විකුණන්න පුළුවන්ද කියලා බලන්න. මේකට එයාලා එයාලගේ ආයතනයේ හිටපු විකුණුම්කරුවන් (Salesmen) දෙන්නෙක්ව ඒ දූපතට යැව්වා.

මුලින්ම ගිය විකුණුම්කරු දූපතට බැහැලා වටපිට බැලුවා. එයාට දකින්න ලැබුනේ පුදුම දෙයක්. මේ දූපතේ ඉන්න කිසිම මනුස්සයෙක් සපත්තු දාන්නේ නෑ! හැමෝම ඇවිදින්නේ පාවහන් නැතුව.

එයාට හරිම කේන්තියි. එයා ඉක්මනට කොම්පැණියට පණිවිඩයක් යැව්වා. "සර්, මම ආපහු එනවා. මෙහෙ කාටවත් සපත්තු විකුණන්න බෑ. මොකද මේ දූපතේ කවුරුත් සපත්තු දාන්නේ නෑ. අපේ සපත්තු මෙහෙට වැඩක් නෑ."

ඊට පස්සේ දෙවෙනි විකුණුම්කරු දූපතට ගියා. එයත් දැක්කේ අර දේමයි. දූපතේ කවුරුත් සපත්තු දාන්නේ නෑ. හැබැයි එයාගේ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා. එයා උඩ පැනලා නැටුවා. එයා ඉක්මනට කොම්පැණියට පණිවිඩයක් යැව්වා.

"සර්! මාර චාන්ස් එකක්! මෙහෙ කාටවත් සපත්තු නෑ! හැමෝම යන්නේ පාවහන් නැතුව. ඉක්මනට මට සපත්තු ජෝඩු 50,000ක් එවන්න. මට මේ හැමෝටම සපත්තු විකුණන්න පුළුවන්!"

ජීවිතයට පාඩමක්:

එකම සිදුවීම දිහා බලලා දෙන්නෙක් හිතපු විදිය වෙනස් නේද? පළමු කෙනා දැක්කේ "බාධාවක්". (කවුරුත් දාන්නේ නෑ, ඒ නිසා විකුණන්න බෑ). දෙවෙනි කෙනා දැක්කේ "අවස්ථාවක්". (කවුරුත් දාන්නේ නෑ, ඒ නිසා හැමෝටම විකුණන්න පුළුවන්).

අපේ ජීවිතෙත් එහෙමයි. ගොඩක් අය ප්‍රශ්නයක් ආවම "අපෝ ඉවරයි, දැන් මොකද කරන්නේ?" කියලා අත ඇරලා දානවා. නමුත් දියුණු වෙන මිනිස්සු ඒ ප්‍රශ්නය ඇතුලේ තියෙන අවස්ථාව දකිනවා.

කොරෝනා ආවම ගොඩක් අය බිස්නස් වැහුවා. හැබැයි තව පිරිසක් ඒක අවස්ථාවක් කරගෙන ඔන්ලයින් බිස්නස් පටන් අරන් කෝටිපතියෝ වුනා.

වෙනස තියෙන්නේ ප්‍රශ්නය තුල නෙවෙයි, ඔබ ඒක දිහා බලන කෝණය තුලයි! 💡

පඩිය කියන්නේ අල්ලසක් 🤔🤔
18/12/2025

පඩිය කියන්නේ අල්ලසක් 🤔🤔

4397 likes, 51 comments. “ඔයා දන්නවද පඩිය(salary) කියන්නේ මොකක්ද කියලා?”

17/12/2025

Failure is not final

රට දියුණුවට පෙර
16/12/2025

රට දියුණුවට පෙර

250 likes, 6 comments. “රට දියුණු කරන්න නම්..❤ ...

14/12/2025
ජීවිතයට ඔවදනක්
29/11/2025

ජීවිතයට ඔවදනක්

36.6K likes, 240 comments. “හිතුවට පොරක් වෙන්නේ නෑ 😎🧠”

Address

273c, Gorokgoda
Millewa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94771222639

Website

Alerts

Be the first to know and let us send you an email when Business with Ajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Business with Ajith:

Share