Wijayarathna Filling Station

Wijayarathna Filling Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wijayarathna Filling Station, Business service, No 285, Pasyala Road, Mirigama.

09/02/2025
Mirigama Api - මීරිගම අපි Mirigama Mirigama මීරිගම අවට
10/12/2024

Mirigama Api - මීරිගම අපි
Mirigama Mirigama
මීරිගම අවට

08/10/2024

mirigama job
Mirigama Online
මීරිගම අපි
දිවුලපිටිය ජනතාව
දිවුලපිටිය Friends
නිට්ටඹුව අපි
නිට්ටඹුව අපි...🏆️🌟⭐

05/10/2024

අපගේ වැදගත් පාරිභෝගික ජනතාව වෙත විශේෂ දැනුම්දීමයි...!

2024/10/02 දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුයුක්තව සේවය කරන ලද, පුද්ගලික ආයතනයකට අයත් WP LK-5865 දරන බව්සර් රථයෙන් අප පිරවුම් හලට ඩීසල් රැගෙන එන ලදී....
එම රැගෙන එන ලද ඩීසල් තොගය පිරවුම් හලේ භූගත ටැංකි වලට ගොඩබෑම සිදුකෙරෙන විට මෙම බව්සර් රථයේ ධාවන ටැංකියෙන් ඩීසල් විශාල වශයෙන් උතුරා යන ආකාරය නිරීක්ෂණය වීම නිසා කළමණාකාරීත්වය විසින් වහාම ඉන්ධන ගොඩබෑම නතර කර මේ පිලිබඳව අදාල අංශ දැනුවත් කරන ලදී...
විමර්ශන කටයුතු වල පහසුව උදෙසා ලද උපදෙස් අනුව ඒ මොහොතේම බව්සර් රථය ඉන්ධන පිරවුම්හලේ කළමණාකාරීත්වය විසින් මුද්‍රා තබන ලද අතර ඩීසල් නිකුත් කිරීම පවා නතර කරන ලදී....
රාත්‍රියේම ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිළධාරියෙක් පැමිණ මේ සියල්ල නිරීක්ෂණය කර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා 03/10/2024 දින විමර්ශන කණ්ඩායමක් සහභාගී වන බව දන්වන ලදී...
අදාල පාර්ශවයන් සියල්ල 03/10/2024 වන දින පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කරන ලද අතර බව්සර් රථය ඔවුන්ගේ භාරයට ගන්නා ලදී...

අප පිරවුම්හලේ නිළධාරීන්ගේ නිරීක්ෂණය නිසාම, කලක සිට හොර රහසේ පවත්වාගෙන යන ලද විශාල ඉන්ධන ජාවාරමක සුලමුල මෙලෙස සොයාගැනීමට හැකිව ඇති අතර මේ පිළිබඳ විමර්ශන තවමත් සිදුකෙරෙන බව ප්‍රකාශ කල හැකිය...

මේ පිලිබඳ විශේෂ පුවතක්ද සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කර තිබිණි...
විමර්ශන නිළධාරීන්ගේ විමර්ශන කටයූතු සදහා අදාල ඉන්ධන තොග පරික්ෂා කර ඉන්ධන ඉන්ධන ගොඩබෑම අවස්ථාවේ වංචනිකව ලබාගන්නා ඉන්ධන ප්‍රමාණය ගණනය කිරීමෙන් අනතුරුව නැවත 03/10/2024 දින හවස් කාලයේ සිට ඉන්ධන නිකුත් කිරීම අප පිරවුම්හල විසින් නැවත ආරම්භ කරන ලදී...

මෙම සිදුවීමට අප පිරවුම් හල කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර අප පිරවුම් හලට අයත් WP LK-3713 දරන බවුසර් රථය මේ දින වල අළුත්වැඩියා කටයුතු සඳහා යොදවා ඇති නිසා මෙලෙස වෙනත් පාර්ශවයන්ට අයත් බවුසරයක් යෙදවීමට සිදුවූ අවස්ථාවේ මෙම සිදුවිම සිදුවූ අතර මීට පෙරද මෙවැනිම සිදුවීමක් අනාවරණ කර ගැනීමට අපට හැකිවිය, එහිදී ඩීසල් ඉන්ධන සමග ලාම්පු තෙල් කලවම් කර තිබු අවස්ථාවක් හසුවූ අතර එහිදී අප වෙත එල්ල උන දැඩි පිඩා සහ තර්ජන හමුවේ අදාළ නිදර්ශක රසායනාගාර පරීක්ෂණ මගින් ඔප්පු කර එම ඉන්ධන රථයේ ඉන්ධන සමග ආපසු හරවා යවා එම වංචාව සදහා නීති කටයූතු මගින් එම රථය මතු ධාවනය සදහා තහනමක් ද පනවන ලදී.
අප වෙත ලැබෙන සියලු ඉන්ධන තොග ඉන්ධන ගොඩබෑමේ නීති රීති අකුරටම ක්‍රියාත්මක කරමින් සහ ගොඩබෑමට ප්‍රථමයෙන් නිදර්ශක පරික්ෂා කිරීමෙන් අනතුරුව සෑහීමකට පත් වීමෙන් පසු ඔබ වෙත නිකුත් කිරීම නිසා මෙවන් වංචා සහගත පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් අපගේ වටිනා පාරිභෝගික ජනතාව වෙත ප්‍රමිතියෙන් උසස් ඉන්ධන නිකුත් කිරීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරන බවත් වැඩිදුරටත් දැනුම් දී සිටිමු...!

මෙම සිදුවීම නිසා සිදුවූ එම දින දෙක තුළ ඩීසල් ඉන්ධන නිකුත් නොකිරීම මත අපහසුතාවයට පත් අපගේ පාරිභෝගික ඔබට විජයරත්න පිරවුම්හලේ කණගාටුවද ප්‍රකාශ කර සිටිමු...

Address

No 285, Pasyala Road
Mirigama
11200

Telephone

0332276300

Website

Alerts

Be the first to know and let us send you an email when Wijayarathna Filling Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share