ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana

  • Home
  • Sri Lanka
  • Negombo
  • ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana

ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana, In-Home Service, Negombo, Negombo.

https://www.youtube.com/watch?v=Ez380bQfYtY&lc=UgwFa22C0pNoBMARykp4AaABAgනමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යව...
23/08/2024

https://www.youtube.com/watch?v=Ez380bQfYtY&lc=UgwFa22C0pNoBMARykp4AaABAg

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම වඳිමි. නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

ප්‍රිය හිතෛෂී සුපින්වත්නි,

අද අප ඔබට මේ කෙටි දේශණය සිදුකරන්නේ, භාවනා කිරීමට කැමති අයගේ හිත පිණිස, සුව පිණිස පිහිටාධාර කරගත හැකි ‘‘සක්මන් භාවනාව“ පිළිබඳවයි.
‘‘සක්මන් භාවනාව“ ගැන අප මෙම කාරණා දක්වන්නට යෙදුණේ මිට අවුරුදු 03කට පමණ පෙරාතුව වන අතර,

23,000 (විසිතුන් දහස) ක් පමණ දෙනා මෙම වීඩියෝ උපදේශනය පරිශීලනය කොට මහත් වූ කායික මානසික අස්වැසිල්ලකට පැමිණ තිබෙනවා.

අප ඉතාම සෘජුව සහ දැඩිව ශ්‍රාවක ජනයාට අවවාද කරනවා, “හිතුමතේ භාවනා කරන්න එපා..!“ කියලා.

‘භාවනාව‘ කියන්නේ හිතුමතේ කරන්න පුළුවන් එකක් නම්, රිය පැදවීම පුහුණුවීමත් ඒ විදියට කළ හැකියි.

තමන් තෝරා ගන්නා භාවනාව කරන්නට ගොස්... ඒ කටයුතු වැරදුණොත්, ඉන්පස්සේ ඉතිරි වෙන්නේ උමතු පුද්ගලයෙක්. හරියට කුළුමීමෙකුගේ ප්‍රහාරවලට ලක්වුනු කෙනෙක් වගේ ඉන්න වෙනවාමයි එහි අහිතකර විපාක පවුලටමත් බලපානවා.

විශේෂයෙන්ම අද කාලේ දරුසම්පත් ලබන්නට සිටින තරුණ මව්වරුන් ‘ආනාපාන සතිය‘ වැනි භාවනා තෝරාගෙන කරන් යනවා. මේවා සෙල්ලම් වැඩ නොවෙයි. වා පිත් සෙම් කිපිලා ශරීරය වේදනා දෙන්න පටන් ගන්නවා. සිත විකාරයි. කලින්ටත් වඩා හිරිහැරකාරී වෙනවා. ඒ නිසා කව්රුත් කිව්වට උපදෙස් දුන්නාට මටත් පුළුවන් කියා සිතුනාට නොකළ යුතුයි.

භාවනා කරන්නට කැමති ඕනෑම කෙනෙක් ට ආරම්භක සමථ භාවනාව ‘බුදුගුණ‘ යි.

‘සක්මන් කරන්න‘ කියලා දෙන්නේ බුදුගුණ භාවනාව සහ ඉදිරියේ තමන්ට සුදුසු විදරශණා භාවනාවකට යොමුවීමේදී - ඉතාම සුන්දර එඩි ප්‍රතාපවත් ප්‍රෙව්ශයක් ගන්නයි.

https://www.youtube.com/watch?v=Ez380bQfYtY&lc=UgwFa22C0pNoBMARykp4AaABAg

මේ දැක්වෙන ලින්ක් එක පරිශීලනය කරගන්න. නොදන්න කරුණු විමසන්න 0752232557 වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

තෙරුවන් සරණයි.

චන්දන බණ්ඩාර
සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුද්ධ ගුණ භාවනා අසපුවේ
ගුරුදේවයන් වහන්සේ වෙමු.

බොහෝ පින්.....

නමෝ බුද්ධාය.ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!ලොකු වියදමක් නො වන, ලොකු වටිනාකමක් ලැබෙන සම්බුදු ගුණයකි ‘‘ඇගයීම“‘...
13/08/2024

නමෝ බුද්ධාය.
ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

ලොකු වියදමක් නො වන, ලොකු වටිනාකමක් ලැබෙන සම්බුදු ගුණයකි
‘‘ඇගයීම“

‘‘මම එයාව අගය කළොත්, උඩ යයි. ඕන නෑ මං මොකටද පහත් වෙන්නේ. මට කටකතාවක් හැදෙයි. අනික මං කවුද එයා කවුද.. ඔහේ කරගෙන ගියාවේ...!“

මෙවැනි දුර්මත වලින් පෙළුණු ජන සමාජයකින්, මිථ්‍යාදෘෂ්ඨික මහන්තා නමැති පූජකයාගෙන් - බෞද්ධයාට වැඳ පුදා ගන්න ‘බුද්ධගයාව‘ බේරා දුන් අනගාරික ධර්‍මපාල තුමාට වැදුණේ විශාල පහරක්. එතුමාට සිදුවුණා තනිවම සටන් කරන්නට. දිරිදීමක් කරන්නට ලේසියෙන් ඉදිරිපත් වීමක් තිබුණේ නෑ. අවසානයේ ලංකාවේ ජන සමාජය කෙරේ එතුමා පලකළ අදහස (අපටත් එවැනි අත්දැකීම් බහුළවම ලැබී ඇති නිසා) අප මෙහි සඳහන් කරන්ටත් නො කැමැති වෙමු.

වෙන එකක් තියා තමන්ගේ යාන වාහන ඇති හැකිකම් තියාගෙන, මහාසෑයට බණපොත් දහස වඩමවා දෙන්නට අකමැති බෞද්ධයෝ ම කොතරම් ඉන්නවාද..? චන්දන බණ්ඩාර වන මම එකක් ඉගෙන ගත්තා, අනගාරික ධර්‍මපාල තුමා වගේ කළකිරෙන්නේ නෑ. ‘‘කව්රු නො කළත් මම ම කරනවා...!“ කියන ස්ථාවරයේ හැමවිටම අප ඉන්නේ දුටුගැමුණු මහරජතුමන් වගේ.

ඒ නමුත්, යහපත් පුද්ගල හා යහපත් ක්‍රියාකාරකම් පිළිබඳව ‘ඇගයීම‘ සිදුකිරීමේ වටිනාකම පිළිබඳව මේ කියාදෙන කරුණු, බුදුරජාණන් වහන්සේගේ විශ්මිත චරිතය තුළ විද්‍යමාන වෙනවා කියලා අප දන්නවා.

ජීවත්වීමේදී අපි නොයෙක් පෞරුෂයන් සහිත මිනිස්සු එක්ක විවිධ සබඳතා නිර්+මාණය කර ගන්නවා. විවිධ ගනුදෙනු කරනවා... එහිදී අපි මිනිසුන්ගේ දුර්+වලතා මෙන්ම විවිධ ශක්‍යතාවන්, කුසලතාවන්, වගේම ගුණාත්මක වටිනාකම් හඳුනා ගන්නවා... නිවැරදි පිරිස් කළමනාකරණයේදී ඇත්තටම ඉවසීමෙන් සහ සියුම් උපක්‍රමශීලීත්වයෙන් දුර්වලතා පෙන්වාදීම වගේම, වටිනාකම් ඇගයීමත් හරි වටිනාකමක් සහිත පුරුද්දක්.

ඇත්තටම අගය කිරීමක් කියන්නෙ ධනාත්මක දිරිගැන්වීමක්. පුද්ගලයකුට පිරිනමන වටිනාකම ගැන සහතිකයක්. අපිට අපේ ජීවිතවල වෘත්තීමය, සමාජීය බැඳීම් වගේම චිත්තවේගික බැඳීම් තියෙනවා.

වෘත්තීමය ජීවිතයේදී වුනත්, ‘ඇගයීම‘ වෘත්තීමය වශයෙන් මනා සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීමටත්, එය නිවැරදි කළමනාකරණයක් තුළින් යාවත්කාලීන කරමින් ඔබට පෙරළා ආදරය සහ ගෞරවය ලැබීමටත්, කායික සහ බුද්ධිමය ශ්‍රම පලදායිතාව උපරිමයෙන් ලබාගැනීමට හැකිවීමටත් හේතුවක්.

ඒ වගේම සමාජීය වශයෙන් ඔබ අනෙකා අවංකවම අනලස්ව අගය කිරීම ඔබේ පෞරුෂය පිළිබඳ සුබවාදී සමාජීය ආකල්පයක් නිර්මාණය විමටත් හේතුවක්.
චිත්තවේගික බැඳීම් සොඳුරු ලෙස පවත්වා ගැනීමේදීත් අගය කිරීම, වටිනාකම් පිරිනැමීම ඒ බැඳීම් තුළට ආදරය සහ ගෞරවය වැඩි වැඩියෙන් සම්මිශ්‍රණය වෙන්නට හේතුවක්. සැකෙවින්ම ආධ්‍යාත්මික සහ භෞතික අගය කිරීම් ඕනෑම සබඳතාවයක හෙට දවස ලස්සනට වර්ණ ගන්වන්න හරිම වැදගත් සාධකයක්.
අගය කිරීම එහෙම නැත්නම් කෘතඥතාව දැඩි ලෙස වැඩි සතුටක් සමඟ සම්බන්ධ වෙනවා.

අගය කිරීම මිනිසුන්ට වඩාත් ධනාත්මක චිත්තවේගයන් දැනීමට, හොඳ අත්දැකීම් රසවිඳීමට, ඔවුන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට, දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට සහ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට උපකාර කරනවා. අපි අගය කරන විට, අපගේ මොළයෙන් ඩොපමයින් සහ සෙරොටොනින් නිදහස් කරනවා.

බලන්න මේ වටිනාකම් කොතරම් ද කියලා, ‘‘ඩොපමයින් සහ සෙරොටොනින්“ කියන්නෙ අපට සැහැල්ලු හා සතුටක් දැනෙන හෝමෝන දෙකක්.
මේ පිළිබඳ කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට අගය කිරීම, කෘතවේදීත්වය මොළයේ කලාපවල සක්‍රිය වීමට හේතුවන අතර මොළයේ හයිපොතලමස්වල කොටස් ආලෝකමත් කරනවා.
අගය කිරීම මගින් ස්නායු සම්ප්‍රේෂක සෙරොටොනින් වැඩිකර ඩොපමයින් නිපදවීමට මොළය සක්‍රීය කළ හැකිය. ඩොපමයින් යනු අපගේ මොළයේ ප්‍රසන්න රසායනයක්.

අගය කිරීම දිරිගැන්වීමේ අද්විතීය ප්‍රකාශයක්.
අගය කිරීම යනු කෙනෙකුගේ වටිනාකම ප්‍රකාශ කිරීමට ධනාත්මක සහ අර්ථවත් ක්‍රමයක්.

තම ජීවිතයේ ධනාත්මක දේවල් සඳහා නිතිපතා අගය කිරීම සහ කෘතඥතාව පළකරන පුද්ගලයින් සමස්තයක් වශයෙන් සතුටින් සිටින බව පෙන්නුම් කරන අතර, මානසික පීඩනය හා මානසික අවපීඩනය අඩුවීමට එය හේතුවක් වෙනවා.
කෘතඥතාව පෙන්වීමෙන් ඔබට වඩාත් ශුභවාදී වෙන්නට පුළුවන්. නිතිපතා කෘතඥතාව පළකරන අයට ජීවිතය පිළිබඳ වඩාත් ධනාත්මක දෘෂ්ටියක් ඇති බව අධ්‍යයනවලින් පෙනී යනවා.

ඔබේ අගය කිරීම බෙදාගැනීමේ ප්‍රතිලාභ කිහිපයක් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පුළුවන්.

අගය කිරීම මගින් ඔබේ මානසිකත්වය වෙනස් වෙනවා.
ඔබේ මනෝභාවය වැඩි දියුණු වෙනවා. නවෝත්පාදන කිරීමට ඔබේ හැකියාව වැඩි දියුණු වෙනවා.

අගය කිරීම නිසා ඔබ සබඳතා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගන්නවා.
අගය කිරීම මගින් ඔබ ඔබේ කාර්යක්ෂමතාව වැඩි කරනවා.

අවසන් වශයෙන් පවසනවා නම් අප සෑමවිටම හුරු විය යුතුයි කෙනෙක්ගෙ අගය කළයුතු දෙයක් දුටුවහොත් අගතිගාමී නොවී අගය කරන්නට.
ඒක ඉතා උසස් මානවීය ගුණ ධර්මයක්.

අවංකවම අගය කරන හැඟීම... ඒ කියන්නේ “ඇගයීම“ මිනිසුන්ව උසස් කරනවා.

අගය කිරීමට ලක්වන පුද්ගලයාත් ගොඩක් සතුටු වෙනවා. අපට සමාජයේ සිටින මිනිසුන්ගෙන් ඇගයුමක් ලබා ගන්නට අවශ්‍ය නම් අප තුළත් තිබෙන්නට අවශ්‍ය වෙනවා අගය කිරීමේ ගුණ ධර්+මය. තමන් ලබාදෙන දෙයම තමා තමා තමාට පෙරළා ආපසු ලැබෙන්නෙ.

මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ තරම්, තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අගය කළ උතුමෙකු මෙදියත නැහැ.
යහපත් වටිනා දේ සහ එවැනි දේ කරන පුද්ගලයන් ඉතා උසස් ලෙස වර්‍ණනා කරමින් ‘ඇගයීම‘ කියන්නේ ගුණබර උතුම් බුදු සිරිතක්මයි. සැමට තෙරුවන් සරණයි.

චන්දන බණ්ඩාර වෙමු.
සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ භාවනා පන්තිය
0766 088 210 / 075 22 32 557 වට්ස්ඇප්

12/08/2024
https://www.youtube.com/watch?v=Ez380bQfYtY&lc=UgxK2OFnAJjOzKi8YCV4AaABAgසුපින්වත්නි, 'සක්මන් භාවනාව' පිළිබඳ ඉතා සරල සුග...
04/07/2024

https://www.youtube.com/watch?v=Ez380bQfYtY&lc=UgxK2OFnAJjOzKi8YCV4AaABAg

සුපින්වත්නි,

'සක්මන් භාවනාව' පිළිබඳ ඉතා සරල සුගම සුන්දර නිවැරදි ක්‍රමවේදයක් අප විසින් මෙය 03 වසරකට පෙරාතුව මෙසේ වීඩියෝවකින් එළිදක්වන ලදී.

භාවනාවේ අප ලද සාර්ථකත්වය පිළිබඳ කරුනු බොහෝ දෙනා විමසන්නේ විමතියෙනි.

සඟවා ගැනීමක් නොමැතිවම ඉදිරිපත් කරන මේ කරුණු ඒ හැම දෙනා කෙරේ ඉමහත් කරුණාවෙනි. ඉතා නිවී සැනසිල්ලේ අත්හදා බැලුවෙකුට සොඳුරු ප්‍රතිඵල ලැබේ.

අද අප ජීවිතයේ යම්තාක් දියුණුවකට පත්වී සිටිත් නම්, මෙය ඒ භාවනා දියුණුවේ රහස ය. ගතවූ තුන් වසරක කාලය තුළ 19,000 කට අධික පිරිසක් මෙය අධ්‍ය්‍යනය කර ඇති අතර, බොහෝ දෙනාගේ ජීවිත වලට සාර්+ථක උපයෝගීතාවක් මෙමඟින් ලැබී ඇත. ඉතා දුර්ලභව ලද මිනිසත් භවයේ හිතසුව කැමැත්තෝ මෙය මැනැවින් විමසා, ඉගෙන ගෙන කැමැත්තෙන් අනුගමනය කෙරෙත්වා.

චන්දන බණ්ඩාර
සද්ධම්ම සවණං ගුරුදේවයන් වහන්සේ වෙමු.

🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏

23/05/2024
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි.  මාගේ නමස්කා...
03/04/2024

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

‘‘මම බෞද්ධයෙක් වූයේ කෙලෙස ද? කුමකට ද?“ කියන පැණය ඉතා කුඩා කල සිට ම යළි යළි විමසමින් සිටි අප...
කලකට පෙර 1. ජ්‍යෝතිශය - 2. කේන්දරය - 3. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් - 4. දේවාල කියන අගති සතර සහ මුලින්ම අත්හැර දැමුවෙමු. ඇත්තටම මේ මිථ්‍යාදෘෂ්ටි කරපින්නා ගන්නේ නැතුව ඇත්තටම ජීවත්වීමට බැරිද.. සැබෑ වටිනා මිනිසෙකු වීමට බැරිද? පුලුවන් බවට බුදු වදන දෙස් දෙයි. එහෙත් නො දැන පිළිගත හැකි නොවේ. ඒ නිසා අත්හදා බැලීම අවශ්‍ය විය.

බුදුන් වඳිනා දෑතින් දෙවියන් වැඳීම නවතා බොහෝ කල් ය. දෙවියන් නො වඳිනා - බුදුන් වඳිනා පිරිසිදු දෑතින් ‘‘ස්වර්‍ණමාලි චෛත්‍ය වර්‍ණනාව“ සම්පාදනය කළෙමු. මේ සියල්ලක් සාර්ථක කරගැනීම සඳහා අප සතු කලා කුසලතාවයන්, ව්‍යාපාරික කාලය, පරිගණක ප්‍රින්ටර් ආදිය තුන් මසක් පුරා නොමඳව යොදාගන්නා ලද්දේ ය.

මෙවන් උදාරතර කටයුත්තක් සිදුවෙමින් පවතින බව දැනුවත් කර කොතරම් දෙනෙකුට ආරාධනා කළත්, කිසිදු සුභවාදී ප්‍රතිචාරයක් නොලැබුණි. ජ්‍යෝතිෂයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ඇති සමාජ පිළිගැනීම බණ පොතට නොමැති බව අපට මනාව වැටහී ගියෙන්, අප නොපසුබස්නා උත්සාහයෙන් ‘‘කව්රු නොකළත් මම කරනවාමයි...!“ කියා දිරි වැඩුවෙමු.

මිනිසෙකුගේ උතුම් පරමාර්‍ථයකට නොකළ හැකි වික්‍රමයක් නැති බව බෝසතාණන් වහන්සේ... විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා දම් පිරූ ආකාරයෙන්ම මා හට පහදා දී ඇත.

ඒ අනුව ‘‘ස්වර්‍ණමාලි චෛත්‍ය වර්‍ණනාව“ පොත්වහන්සේලා 1000 ක් හා පුරා කියා 2019 වෙසක් පොහොය නිමිතිකොට ප්‍රථම මංගල ධර්‍මදානය සිදුවිය.

මේ උදාව ඇත්තේ 2024 බක් මාසය යි. වෙසෙක් පුන් පොහෝ දිනට ඇත්තේ තව මාසයකි. ගෙවී ගිය කාලය 06 වසරකි.

මුද්‍රණ වාර 17 කි. මේ වන විට මුද්‍රණද්වාරයෙන් වැඩිය පොත්වහන්සේලා 20,000 විසි දහසකි.

මෙම අප්‍රියෙල් 06 වන දිනය ඉතා සුවිශේෂී එකකි.

රත්නපුර - දානපති මිල්ටන් මහත්මා සහ රංජනී මහත්මිය, ඒ පවුලේ සියලු ඤාති හිතමිත්‍රාදීන් සමඟ පොත්වහන්සේලා 500 ක ධර්‍මදානයකි. මෙ වනවිට පොත්වහන්සේලා 750 ක් එම නිවස බබළවාගෙන නෙත් සිත් පිණවාගෙන රත්නපුර මිල්ටන් නිවසේ වැඩ හිඳිති.

මතු සම්බුදු සසුනට ස්වර්ණමාලි චෛත්‍ය වර්‍ණනාව පොත්වහන්සේලා 1000 ක ධර්‍මදානයකින් මහා ප්‍රතිපත්ති පූජාවක් කරන්නට ඉත සිතින් පතාගෙන, සිටින ධර්‍මඋපදේශිකාවක ලෙසින් කටයුතු කරන්නට - අපගේ උපදෙස් මත මනාව බුදුගුණ වඩමින් ධර්‍මය හදාරමින් පුහුණු වෙමින් සිටින...

රත්නපුර පින්වත් උත්පලා දානපතිනිය ද පොත්වහන්සේලා 250 ක් (දැනට) සංකේතාත්මකව ධර්‍මදානය කරනු ලබන්නේ 2024 අප්‍රි. 07 ඉරුදින උදේ 6.49 ට යෙදෙන ශ්‍රී සුභ දේව මුහුර්‍තතයෙනි. සාදු සාදු සාදු.

එදිනම, සම්පාදක වෙතින් තවත් පොත්වහන්සේලා 250ක ධර්‍මදානයකි.

ඒ අනුව 2024 අප්‍රියෙල් 06 - සෙනසුරාදා සහ 07 ඉරුදින ධර්‍මදානය 1000 කට එකක්වත් අඩු නම් නොවේ.

රත්නපුර මේ සුපින්වත් මිල්ටන් දානපති යුවළ වෙතින් මහාසෑය අභියස සද්ධර්‍ම දේශණයක් උදෙසා කෙරුණු ගාම්භීර ආරාධනාවකි. එම මහානීය අටමහා කුසල ධර්‍මදාන පින්කම ද අප භාරගතිමු. ඒ අනුව,

අප්‍රි. 06 දින රාත්‍රී 8.00 පමණ සිට මහාසෑය අභියස ඇරෙඹන දෙපැයක පමණ සුමධුර බුදුගුණ ධර්‍ම දේශණයකි.

මේ අටමහා කුසල සම්පත්තිය පින්කැමති සියළු දෙවි මිනිසුන් අනුමෝදන් වෙත්වා.

සැමට තෙරුවන් සරණයි.

සසුන් ලැදි
චන්දන බණ්ඩාර වෙමු.
සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ භාවනා පන්තියේ ගුරුදේවයන් වහන්සේ ය. 075 22 32 557 වට්ස්ඇප්

09/02/2024

පෙබ. 23 නවම් පෝදා ධර්‍මදානය පිණිස පොත්වහන්සේලා ලබාගැනීමට අවශ්‍ය සැවොම අප දැනුවත් කරන්න. තෙරුවන් සරණයි.

පුංචි දෝණි ට අකුරු කියවූ දා මහ පින්කම....
12/10/2020

පුංචි දෝණි ට අකුරු කියවූ දා මහ පින්කම....

Address

Negombo
Negombo

Telephone

+94752232557

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ස්වර්ණමාලි මහ සෑ වන්දනා - Swarnamali Mahaa Sa Wandana:

Share