Samadhi Astrology

Samadhi Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadhi Astrology, Nugegoda.

නාඩි සිද්ධාන්ත සහ ක්‍රිෂ්ණමූර්තී පද්ධති ක්‍රමය ඇසුරෙන් නිවැරදි කේන්ද්‍ර පරීක්ෂාවක් සහ තත්කාල ශාස්ත්‍රය ඇසුරෙන් නිමිති බැලිම සදහා අමතන්න

ජ්‍යොතීර්විද්‍යා පර්යේෂක
බුද්ධික ප්‍රියදර්ශන
0778909230 /0117 900 117

For Any Astrological Services Pls Contact. ජන්මපත්‍ර පරික්ෂාව,ජන්පත්‍රසෑදීම ,සුබ මුහුර්ත සම්පාදනය,විවාහ ගැලපීම් පරික්ෂාව,භාවකේන්ද්‍ර ඇසුරින් පලාඵල,ක්‍රිෂ්ණ මුර්තීපද්ධතිය හා නාඩි ජ්‍යොතිෂය ඇසු

රින් නිවැරදි කේන්ද්‍ර පරික්ෂාව,ග්‍රහ අපල සඳහා සුදුසු මැණික් නිර්දේශයඇතුලු සියලුම ජ්‍යොතිෂය කටයුතු සඳහා හමුවන්න

17/06/2026
17/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Shakila Ð Thennakoon, Geethika Gangani

ලොව එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවු "Greatest Of All Time" යන්නෙන් හදුන්වන 2026 මේ වන විටත් ලොව ධනවත්ම ක්‍රිඩකයා වන පෘතුගාල...
02/06/2026

ලොව එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවු "Greatest Of All Time" යන්නෙන් හදුන්වන 2026 මේ වන විටත් ලොව ධනවත්ම ක්‍රිඩකයා වන පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගේ අපුරු ජන්ම පත්‍රය සහ ඔහුගේ ජිවන චක්‍රය භිර්ගු නාඩි සිද්ධාන්ත ඇසුරෙන් විග්‍රහ කර බලමු.
1985 පෙබරවාරි මස 05 වන දින පෙ.ව 05.25 ට
පෘතුගාලයේ ෆුන්චල් හිදි උපත ලද මේ කොලු ගැටයා මකර ලග්නයෙන් ඉපද රවි බුද ගුරු ලග්නයේද,කුජ සිකුරු මීනයේද ,රාහු මේෂයේද,සදු කටකයේද ,කේතු තුලාවේද,සෙනසුරු වෘශ්චිකයේද පිහිටා තිබිදී උපත ලබා ඇත...
භිර්ගු නාඩි සිද්ධාන්ත අනුව කෙනෙකුගේ ශාරීරික හැඩහුරුකම් ජිවන චක්‍රයේ ආරම්භය සහ ඔහුගේ ආත්මයේ ගමන තිරණය කරනු ලබන්නේ ගුරු ග්‍රහයාට අනුවයි ගුරුට සංයෝග වී සිටින ගුරුට ත්‍රිකෝණව සිටින ග්‍රහයන් ගුරු තැන්පත් ව සිටින රාශිය නැකත ආදි සාධක මත නිගමනය කෙරේ.

ජීවිතේ මුල් අවධිය
ගුරු ග්‍රහයා උපතේදි මකර රාශියේ නීචව සිටි රවි සහ බුධ සංයෝග වි ඇත.නාඩි සිද්ධාන්ත අනුව ජීව කාරකයා නීච වීමෙන් ඇරඹෙන ජීවන චක්‍රයෙන් පෙන්වන්නේ ඉතාමත් දුෂ්කර ආර්ථික අපහසුතාවලින් පිරි පවුල් පරිසරයක් හා කටුක ලමා කාලයකි.ගුරු සමග රවි බුධ කාරකත්වය අනුව පියා මොහුගේ සෙවනැල්ල වි සිටියත් පියාගෙන් ලැබෙන රැකවරණයද අහිමි වන බවද සහ බුධගේ බලපෑමෙන් පාසල් අධ්‍යාපනයද එතරම් සාර්ථක නොවන බවද ප්‍රයෝගික දැනුම මේ කාලයේ වර්ධනය වන බවද පෙන්වයි..පැවති ආර්ථික අපහසුතා නිසා ලමා කාලයෙදි අධ්‍යාපනය නවතා ජිවත්වීම සදහා විවිධ රැකියාවන් වල නිරත වන්නට සිදුවු බව අප කවුරුත් දන්නා කරුණකි...

රැකියාව
නාඩි ජ්‍යෝතිශය අනුව පුද්ගලයෙකුගේ රැකියාව වෘත්තීය ජීවනෝපාය තීරණය කරනු ලබන්නේ සෙනසුරු ග්‍රහයාට අනුවයි.රැකියාවේ ස්වාභාවය තීරණය කරනු ලබන්නේ සෙනසුරු සිටි රාශිය සෙනසුරු සමග සංයෝග වු ග්‍රහයන් සහ සෙනසුරුට ත්‍රීකොණ දෘෂ්ටි වලින් සම්බන්ධ ග්‍රයහයන් ඇසුරෙනි..
රෝනාල්ඩෝගේ කේන්දරයේ සෙනසුරු පිහිටා ඇත්තේ කුජට අයත් වෘෂ්චික වන ස්ථිර ජල රාශියකය .වෘෂ්චික යනු දැඩි කැපවීම සහ නොසැලෙන වීර්යය රහස්‍ය බව අත්නෑර සටන් කිරිම සෙනසුරු මෙහි සිටීම නිසා ඔහු තමන්ගේ වෘත්තීය වෙනුවෙන් උපරිම කැපවීමක් කරන දැඩි විනයක් සහිත පිටියෙන් පිටුපස අතිශය කටුක ලෙස මහන්සී වී පුහුණු වීම් කරන පුද්ගලයකු බව පෙනේ.නාඩි ක්‍රමයේදි රැකියාව තිරණය කරන වැදගත්ම රීතිය මෙතනදි ක්‍රියාත්මක වේ.රැකියාකාරක සෙනසුරුට ත්‍රීකෝණව මීන රාශියේ සිටින කුජ සිකුරු ග්‍රහයන්ගේ සහ සදුගේ ත්‍රිකොණ දෘෂ්ටිය ලැබෙන බැවින් මෙය ඔහුගේ වෘත්තීය ස්වභාවය සම්පුර්ණයෙන් තීරණය කරනු ලබන බලවත් සාධකයකි.
කුජ යනු ක්‍රීඩාව ජවය ශක්තියයි කර්ම කාරක සෙනසුරු සමග කුජ සම්බන්ධ වීමෙන් පෙන්වන ඔහුගේ වෘත්තීය ශාරීරික වෙහෙස වීර්‍යය ප්‍රවේගකාරි බව තරගකාරීත්වය ක්‍රීඩාශිලි බව මත පදනම් වූවක් බව පෙනේ.
සිකුරු යනු ප්‍රසිද්ධිය කලාව අතිවිශාල ධනයට කාරක වේ සිකුරු සමග සෙනසුරු සම්බන්ධ වීම නිසා ඔහුගේ වෘත්තීය හුදෙක් ක්‍රීඩාවට පමණක් නොව එය ලොවක් වසග කල කලාවක් විනෝදාස්වාදයක් සහ අති විශාල ධනයක් උපයන මාර්ගයක් බවට පත් කරයි..
සෙනසුරු+කුජ+සිකුරු යන ත්‍රිත්ව ග්‍රහ සම්බන්ධය නාඩි ජ්‍යෝතිශය හැදින්වෙන්නේ කෝටිපති ක්‍රීඩක යෝගයක් ලෙසය.ශරිරය වෙහෙසා කරන කාර්යය කුජ ගෙන්ද ලොව ඉහලම ධනය සහ කීර්තිය සිකුරු ගෙන්ද ලැබිමට ඔහු වාසනාවන්ත වේ.
ශනි කුජ සිකුරු සහ චන්ද්‍රයාගේ ත්‍රීකෝණ ගතවිමෙන් කියනු ලබන කර්මයේ තිරණය චලනය සහ ස්ථාන මාරුවීම් පෙන්වන පිහිටිමකි.ඔහු එකම ක්ලබ් එකක හෝ එකම රටකට වී රැකියාව කරගෙන යාමට මේ පිහිටිම ඉඩ නොදෙයි.ඔහුගේ රැකියාව නිසා ස්ථාන මාරුවීම් රටවල් මාරුවීම් යෙදෙන්නේ මේ සෙනසුරු සදුගේ ත්‍රිකොණ ගත පිහිටීම නිසා බව නාඩි සිද්ධාන්ත වලින් කියැවේ...

විවාහය
නාඩි සිද්ධාන්ත අනුව පුරුෂයකුගේ විවාහය විවාහ සහකාරිය ප්‍රේම සම්බන්ධතා පිළිබද තීරණය කරනු ලබන්නේ විවාහ කාරක වන සිකුරුගෙන්. නාඩි ක්‍රමයේදි බලන්නේ සිකුරු සිටි රාශිය සිකුරු සමග එකට සිටි ග්‍රහයන් සිකුරුට ත්‍රීකෝණව සිටි ග්‍රහයන්ගේ බලපෑම මතය..
රෝනාල්ඩෝගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා මීන රාශියේ උච්ච්ව ක්‍රීඩාකාරක කුජ සමග ඉතා සමීපව සංයෝග වී ඇත.නාඩි සිද්ධාන්ත අනුව පුරුෂ කේන්දරයක සිකුරු සමග කුජ එකතුවීම යනු ඉතාමත් ආකර්ෂණීය කායික මෙන්ම මානසිකවද දැඩි ශක්තියක් ඇති සමාජයේ කැපිපෙනෙන සහකාරියක් ලැබීමේ ලක්ශණයකි.සිකුරු උච්ච් වීම මගින් සහකාරිය ගෙන් ඔහුට උපරිම ආදරය සතුට සහ ජීවිතයට විශාල සහයෝගයක් ලැබෙන බව පෙනෙ.සිකුරුට ශනිගෙන් ලැබෙන ත්‍රීකෝණ දෘෂ්ටියට අනුව සෙනසුරු ප්‍රමාදයට අධිපතිත්වය දෙන බැවින් රෝනාල්ඩෝ සිය තරුණ අවධියේ ස්ථාවර විවාහයකට එලඹෙන්නේ නැතිව දිගුකාලීන ප්‍රේම සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන ගියේ මේ නිසාය.වයස අවු 32-33 වන තුරු ඔහු එක් සහකාරියක් සමග ස්ථාවර පවුල් ජිවිතයක් ආරම්භ කලේ නැත.
සිකුරු ග්‍රහයා ඉදිරියට ගමන් කරන විට හමුවන රාහු ග්‍රහයා නිසා ප්‍රේම සම්බන්ධතා විවාහයට සම්ප්‍රදායික බැදීම් වලට හිර නොවී ජාති ආගම් නොසලකන ප්‍රේම සම්බන්ධතාවයන් සහ විවාහයන් සිදුකරගන්නා පිහිටිම් වේ. සහ චන්ද්‍රයා ත්‍රිකොණ ගත්වීමෙන් තම මව මෙන් ගතිගුණ ඇති මව මෙන් ආදරය කරන සහකාරියක් ලැබීමේ භාග්‍යක් මෙම කෙන්දරයේ දක්නට ලැබේ.ඔහුට ලැබෙන සහකාරිය අතීශය වගකීම් සහගත පවුල එකට බැද තබන ශක්තිමත් කේන්ද්‍රයක් බවට පත් කරයි.සහකාරියගේ පැමිණීම ඔහුගේ වෘත්තීය ස්ථාවරත්වයට සහ ධනෝපායන මාර්ගවලට දිගුකාලීන ආශිර්වාදයක් ලබා දේන බව මෙම ග්‍රහ පිහිටිම් හා නාඩි ජ්‍යෝතිශය අනුව මැනවින් කියැවේ.
නාඩි ජ්‍යෝතිශ සිද්ධාන්ත අනුව පුද්ගලයෙකු සම්බන්ධ නිවැරදි විග්‍රහයක් නාඩි ජ්‍යෝතිශය අනුව ප්‍රකාශ කල හැකි බව මෙම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්දර පිරික්සා බැලිමේදි වඩාත් තහවුරු වේ

මම
බුද්ධික ප්‍රියදර්ශන
T.p -0778909230

28/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Chandani Gunasekara, Sanduni Dilhari, Sugath S Jayalath

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share