END Copy & Print

END Copy & Print Printing | Photocopy | Scanning | Typing | Color & B/W Printing – A4 / A3 | School & Office Documents
(2)

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ ...
21/04/2026

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බව කියන සැකකරුවකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසයි.

සැකකරු ජා ඇල, කලා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි කොළඹ 15 පදිංචි පුද්ගලයෙකි.

සැකකරු මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා සැලසුම් කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7යි – දිවයින පුරා විශේෂ ආගමික කටයුතු අද
21/04/2026

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7යි – දිවයින පුරා විශේෂ ආගමික කටයුතු අද

ඔබ එක තැනක නොසෙල්වී සිටින බව ඔබට හැඟුණද, සැබවින්ම ඔබ අතිමහත් වේගයකින් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් සිටී. ඔබ මේ කියවන තත්ප...
20/04/2026

ඔබ එක තැනක නොසෙල්වී සිටින බව ඔබට හැඟුණද, සැබවින්ම ඔබ අතිමහත් වේගයකින් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් සිටී. ඔබ මේ කියවන තත්පර දහය තුළ පමණක්, පෘථිවිය සූර්යයා වටා යන සිය කක්ෂය ඔස්සේ ඔබව සැතපුම් 186ක් (කිලෝමීටර් 300ක්) දුරකට රැගෙන යයි. අපගේ පෘථිවිය සාමාන්‍යයෙන් තත්පරයට සැතපුම් 18.82ක (කිලෝමීටර් 30.29ක) වේගයකින් ගමන් කරන අතර, එහි අවම වේගය පවා බොහෝ අභ්‍යවකාශ යානාවල වේගයට වඩා වැඩිය.

නමුත් මෙය මෙම ගමනේ එක් ස්ථරයක් පමණි. අපගේ මුළු සූර්යග්‍රහ මණ්ඩලයම ක්ෂීරපථය මධ්‍යය වටා තත්පරයට සැතපුම් 124ක (කිලෝමීටර් 200ක) වේගයෙන් භ්‍රමණය වෙමින් පවතී. ඒ අනුව එම තත්පර දහය තුළ ඔබ මන්දාකිණිය හරහා තවත් සැතපුම් 1,243ක් (කිලෝමීටර් 2,000ක්) ගමන් කර අවසන්ය. මීටත් අමතරව, අපේ ක්ෂීරපථ මන්දාකිණියම තත්පරයට සැතපුම් 373ක (කිලෝමීටර් 600ක) වේගයෙන් විශ්වය හරහා ඇදී යයි. ඔබ පුටුවකට වී සිටින එම සුළු මොහොතේදී එමගින් තවත් සැතපුම් 3,728ක (කිලෝමීටර් 6,000ක) ගමනක් එකතු වේ.

මෙවැනි අදහාගත නොහැකි වේගයකින් ගමන් කළද, සූර්යග්‍රහ මණ්ඩලයට ක්ෂීරපථය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර මිලියන 230ක් පමණ ගතවේ. එපමණක් නොව, විශ්වය ද නිරන්තරයෙන් ප්‍රසාරණය වෙමින් පවතින බැවින් මන්දාකිණි එකිනෙකට ඈතට ගසාගෙන යමින් පවතී. එබැවින්, ඔබ එක තැනක නතර වී සිටින බව ඔබට හැඟෙන සෑම මොහොතකම මතක තබා ගන්න; ඔබ නිරන්තරයෙන්ම චලනය වෙමින්, දැවැන්ත විශ්වීය ගමනක කොටස්කරුවෙකු වී සිටින බව.

රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් වයඹදිග ජපන් වෙරළ තීරය කැලැඹිණි. භූමිකම්පාවත් සමග ...
20/04/2026

රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් වයඹදිග ජපන් වෙරළ තීරය කැලැඹිණි.

භූමිකම්පාවත් සමග හිකයිඩෝ සහ ඉවාටේ පළාත්වලට සුනාමි අනතුරු නිකුත් කෙරුණි. ඒ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සැලකිල්ලට ගනිමිනි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සන්රිකු වෙරළ තීරයට ඔබ්බෙන්, කිලෝ මීටර් 100 ක් දුරින් සහ කිලෝ මීටර් 10 ක් ගැඹුරින් පිහිටි බව ජපන් කාලගුණ විද්‍යා බලධාරීහු පසුව නිවේදනය කළහ.

ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි ද මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, සුනාමි අනතුරුවලින් බේරීමට උස් ස්ථානවලට යන ලෙසය.

අඩි 10 ක් පමණ උසැති සුනාමි රළ කඩා වැදීමක් සිදුවුණු නමුත්, කිසිවකුට අනතුරක් සිදු වූයේ නැත.

ඔයාලා දන්නවද ඇපල් (Apple) ලෝගෝ එකේ ඇයි එක පැත්තකින් කෑල්ලක් හැපුවා වගේ අඩුවක් තියෙන්නේ කියලා? ලෝකයේ මිල අධිකම තාක්ෂණික ස...
20/04/2026

ඔයාලා දන්නවද ඇපල් (Apple) ලෝගෝ එකේ ඇයි එක පැත්තකින් කෑල්ලක් හැපුවා වගේ අඩුවක් තියෙන්නේ කියලා? ලෝකයේ මිල අධිකම තාක්ෂණික සමාගමක සංකේතය විදිහට මේ "හපපු ඇපල් ගෙඩිය" පාවිච්චි වෙන්නේ නිකම්ම නෙවෙයි. මේ ගැන හුඟක් කටකතා තිබුණත්, ඒ පිටුපස තියෙන්නේ ඉතාමත් සරල නිර්මාණාත්මක හේතුවක්.

මේ ලෝගෝ එක 1977 අවුරුද්දේ නිර්මාණය කළේ රොබ් ජැනොෆ් (Rob Janoff) කියන නිර්මාණකරුවා. ඔහුට අවශ්‍ය වුණා ඇපල් ගෙඩියක හැඩය හඳුනාගන්න පුළුවන් ඉතාමත් සරල ලෝගෝ එකක් හදන්න. හැබැයි ඔහු දැකපු ප්‍රශ්නයක් තමයි, මේ ලෝගෝ එක කුඩා ප්‍රමාණවලින් මුද්‍රණය කරද්දී හෝ උපකරණ මත පාවිච්චි කරද්දී, මිනිස්සුන්ට මේක ඇපල් ගෙඩියක්ද නැත්නම් චෙරි (Cherry) ගෙඩියක්ද කියලා පැටලෙන්න ඉඩ තිබුණ එක.

මේ පටලැවිල්ල වළක්වන්න තමයි ඔහු එක පැත්තකින් කුඩා කෑල්ලක් ඉවත් කළේ. එතකොට ඕනෑම කෙනෙක්ට බැලූ බැල්මටම පේනවා මේක "හැපූ ඇපල් ගෙඩියක්" කියලා. මොකද චෙරි ගෙඩියක් කෑවම ඒකේ පෙනුම මේ වගේ වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර කුඩා ප්‍රමාණයකින් පාවිච්චි කළත් මේක ඇපල් ලෝගෝ එක කියලා ලෙහෙසියෙන්ම අඳුරගන්න පුළුවන් වුණා.

තවත් රසවත් දෙයක් තමයි, "Bite" (කෑම) කියන වචනය ඉංග්‍රීසි භාෂාවේ පරිගණක දත්ත මනින ඒකකයක් වෙන "Byte" කියන වචනයට සමාන ශබ්දයක් ලබා දීම. නිර්මාණකරු මුලින්ම මේ ගැන හිතලා ලෝගෝ එක හැදුවේ නැති වුණත්, ස්ටීව් ජොබ්ස්ට මේ අහම්බය ගැන කිව්වම ඔහු ඒකට ගොඩක් කැමති වුණා. මොකද ඒක තාක්ෂණික ලෝකයට හරිම ගැළපෙන පණිවිඩයක් වුණ නිසා.

ගොඩක් අය හිතන්නේ මේක පරිගණක විද්‍යාවේ පියා වෙන ඇලන් ටියුරින්ට කරන ගෞරවයක් විදිහට දාපු එකක් කියලා. ඇලන් ටියුරින් මියගියේ සයනයිඩ් තැවරූ ඇපල් ගෙඩියක් කෑමෙන් නිසා එවැනි මතයක් සමාජගත වුණා. හැබැයි රොබ් ජැනොෆ් පස්සේ කාලෙක පැහැදිලි කළා ඒක හුදෙක් කටකතාවක් විතරයි කියලා. ඉතින් 1977 ඉඳන් අද 2026 වෙනකම්ම මේ ලෝගෝ එක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ සරල බව සහ සුවිශේෂී හඳුනාගැනීමේ හැකියාව නිසයි...

අද මේ සමාජයේ මෙහෙම පසන්ලා නම් කොච්චර ඇත්ද..?විමලසිරි මහත්තයා කියන්නේ අවුරුදු 35ක් තිස්සේ දහස් ගණනක් දරුවන්ට අකුරු කරපු ග...
20/04/2026

අද මේ සමාජයේ මෙහෙම පසන්ලා නම් කොච්චර ඇත්ද..?
විමලසිරි මහත්තයා කියන්නේ අවුරුදු 35ක් තිස්සේ දහස් ගණනක් දරුවන්ට අකුරු කරපු ගෞරවනීය ගුරුවරයෙක්. තමන්ගේ එකම පුතා 'පසන්'ව ඉහළටම උගන්වන්න විමලසිරි මහත්තයා තමන්ට තිබුණු එකම පාරම්පරික ඉඩමත් විකුණලා දැම්මේ කිසිම ලෝබකමක් නැතුවයි. අන්තිමේදී පුතා ලොකු කොම්පැනියක CEO කෙනෙක් වුණා.

පසන් විවාහ වෙන්න තීරණය කළේ මහා සල්ලිකාර පවුලක තරුණියක් එක්ක. මංගල උත්සවය තිබුණේ නගරයේ තියෙන තරු පහේ හෝටලයක. සේරම ලෑස්ති වුණාට පස්සේ, පසන් තමන්ගේ තාත්තා ගාවට ඇවිත් හිතාගන්න බැරි කතාවක් කිව්වා.

"තාත්තේ, අද එන මගේ යාළුවොයි, මනාලියගේ පාර්ශවයේ අයයි ඔක්කොම හයි-ක්ලාස් මිනිස්සු. ඔයා ඔය පරණ කෝට් එක ඇඳගෙන, ගමේ විදිහට හැසිරෙද්දී මට ලැජ්ජයි. ඒ නිසා ඔයා අද උත්සවයට එන්න එපා. කාමරේට වෙලා ඉන්න, කෑම එතනට එවන්නම්!"

තමන්ගේ රුධිරයෙන් හදපු දරුවා, තමන්ගේ මුළු ජීවිතයම දිය කරලා උගන්වපු පුතා, අද තමන්ව 'ලැජ්ජාවක්' විදිහට දකිද්දී විමලසිරි මහත්තයාගේ පපුව පැළුණා වගේ දැනුණා. හැබැයි ඔහු එක කඳුළක්වත් හෙළුවේ නැහැ!

ඔහු අමුතුම හිනාවක් හිනාවෙලා, පුතාටත් හොරෙන් ඒ හෝටලයේ මංගල සභාව මැදට ගියා. මුළු හෝටලයම එකම සිරියාවයි. සල්ලිකාරයෝ පිරිලා. පසන් තමන්ගේ තාත්තාව දැකපු ගමන් මූණ කළු කරගෙන තාත්තා ගාවට දුවගෙන ආවේ සභාව මැදම තාත්තාට බණින්න හිතාගෙන.

හැබැයි පසන් තාත්තා ගාවට එන්නත් කලින්, මුළු මංගල සභාවම ගල් ගැහිලා ගියා!

මනාලියගේ පියා (පසන්ගේ ලොකුම බිස්නස් පාර්ට්නර්) දුවගෙන ඇවිත් විමලසිරි මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැන්දා! සභාවේ හිටපු තවත් ප්‍රභූවරු කිහිප දෙනෙක්ම පුටුවලින් නැගිටලා විමලසිරි මහත්තයාට ගෞරව කළා.

"සර්... ඔබතුමා මේ වගේ තැනක දකින්න ලැබීමත් අපිට වාසනාවක්! පසන් කියන්නේ සර්ගේ පුතා කියලා අපි දැනගෙන හිටියේ නෑනේ!" කියලා මනාලියගේ පියා කිව්වා.

ඊළඟ තත්පරයේදී විමලසිරි මහත්තයා මයික්‍රෆෝනය අතට ගත්තා. පසන්ගේ අත් දෙක වෙව්ලන්න ගත්තා. මුළු සභාවම නිහඬ වුණා.

"මගේ පුතාට අද මාව ලැජ්ජාවක් වෙලා. මගේ පරණ පෙනුම එයාගේ 'ක්ලාස්' එකට මදිලු. ඒ නිසා මට සභාවට එන්න එපා කිව්වා. හැබැයි මම මෙතනට ආවේ එක දෙයක් කියන්න. පසන්... උඹ ඉන්න මේ හෝටලය, උඹ අද පදින රෝද හතරේ වාහනය, උඹ විකුණන්න හදන මගේ ඉතිරි ඉඩම් කෑල්ල... මේ හැමදේම අද ඉඳන් මම උබේ නමට තහනම් කරනවා.

මම ඉගැන්නුව දහස් ගණනක් දරුවෝ අද මේ රටේ ලොකු තැන්වල ඉන්නවා. උඹට මාව ලැජ්ජාවක් වුණාට, උඹේ මාමණ්ඩිය ඇතුළු මේ සභාවේ ඉන්න හුඟක් අයට මම 'ගුරු දෙවියෙක්'. මාව පාරට දාන්න හදපු උඹට, මගේ සතයක්වත් අයිති නෑ. උඹේ 'ක්ලාස්' එක උඹ අදම පාරේ ඉඳන් හදාගනින්!"

විනාඩි පහක් යන්න කලින්, අර සල්ලිකාර මනාලියගේ පියා පසන්ව විවාහයෙන් අයින් කළා! පසන් ඇඳගෙන හිටපු රුපියල් ලක්ෂ ගණනක සූට් එක පිටින්ම මංගල සභාව මැද අනාථ වුණා!

අද සමාජයේ වැදූ මවුපියන්ව 'ලැජ්ජාවක්' විදිහට දකින පසන්ලා වගේ දරුවන්ට විමලසිරි මහත්තයා දුන්නේ කවදාවත් අමතක නොවන පාඩමක්. මව්පියන්ගේ ආදරය සෙල්ලමකට ගන්න එපා. ඒ අය නිහඬව ඉවසන්නේ අසරණකමට නෙවෙයි, ආදරේටයි. ඒ ඉවසීම ඉවර වුණු දවසට නීතියෙන් හෝ දෛවයෙන් ඔබට ලැබෙන දඬුවම දරාගන්න බැරි වෙයි!

ඔබේ දරුවන්ට සල්ලි විතරක් නෙවෙයි, මනුස්සකම සහ මවුපියන්ට ගරු කරන විදිහත් උගන්වන්න. මේ කතාව ඔබේ ආදරණීයයන් අතරේ Share කරලා, ඔබේ අදහස Comment කරන්න.

(උපුටනයකි. මුල් අයිතියට හදපිරි තුති.)

ලෝකයේ අති බහුතරයක් රටවල් වල සංස්කෘතියක් සභ්‍යත්වයක් කියලා දෙයක් තියෙනවා. රටවල් කොපමණ ඉදිරියට ගියත්, උසස් ජීවන රටාවක් පවත...
20/04/2026

ලෝකයේ අති බහුතරයක් රටවල් වල සංස්කෘතියක් සභ්‍යත්වයක් කියලා දෙයක් තියෙනවා. රටවල් කොපමණ ඉදිරියට ගියත්, උසස් ජීවන රටාවක් පවත්වාගෙන යන්න ඒවා අත්‍යාවශ්‍ය සාධක. ඒ නිසා අවුරුදු උත්සව තියෙන්න ඕනේ අවුරුදු උත්සව විදිහට ඒවයෙ අපිට දකින්න ලැබෙන්න ඕනේ අවුරුදු ක්‍රීඩා මිසක් Adult entertainment event වල තියෙන වැඩිහිටියන්ට පමණක් සීමා වූ ක්‍රීඩා නෙවෙයි. උඹලා මේ කරපු Event එක කිසිම අවුලක් නෑ. ඕකට "අවුරුදු උත්සවය" කියන නම දාලා ඒක අවභාවිතා කරපු එකයි අවුල.

ගෑණියෙක්ගෙ බඩ උඩ බනිස් දාලා කන එක, ගෑණියෙක්ගෙ කිහිල්ල අස්සෙ බියර් බෝතලේ ගහගෙන බියර් බොන එක, මිනිහගෙ සරම අස්සෙ ගෑණිව දාගෙන දුවන එකට නෙවෙයි අවුරුදු ක්‍රීඩා කියන්නෙ. ඒවා මානසික ලෙඩ තියෙන මිනිස්සුන්ගෙ විකෘති ආශාවල් සංසිඳවා ගන්න කරන ක්‍රීඩා.

නිකමට හිතපන් තව පරම්පරා දෙක තුනකින් විතර පොඩි එකෙක් අවුරුදු උත්සව, අවුරුදු ක්‍රීඩා කියලා සර්ච් කරාම ඔහොම විකෘති ක්‍රීඩා ටිකක් තමයි ඒ ළමයි දකින්නෙ. එතකොට කෝ ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යයේ අපි කරපු අවුරුදු උත්සව, අවුරුදු ක්‍රීඩා. ඒ නිසා කරුණාකරලා මේ වගේ Adult entertainment event වලට "අවුරුදු උත්සවය" කියලා use කරන්න එපා...🙏

සටහන - හර්ෂණ චතුරංග සිල්වා ✍️

දඩ..කාලෙන් කාලයට ලංකාවේ රථවාහන දඩ මුදල් ගැන බොරු අටෝ රාසියක් සමාජ මාධ්‍යවල පල වෙන නිසා මට හිතුනා ඇත්තම දඩ ගැන ඔයාලව දැනු...
20/04/2026

දඩ..
කාලෙන් කාලයට ලංකාවේ රථවාහන දඩ මුදල් ගැන බොරු අටෝ රාසියක් සමාජ මාධ්‍යවල පල වෙන නිසා මට හිතුනා ඇත්තම දඩ ගැන ඔයාලව දැනුවත් කරන්න.

මේ තියෙන්නෙ අලුත්ම දඩ මුදල් විස්තරය අනෙත් අය වෙනුවෙන් share කරන්න ඕනෙ නම් එහෙම කරන්න. අවශ්‍ය නම් සේව් කරලා තියාගන්න!

​🔴 කෙලින්ම උසාවි දාන රු. 25,000 ක දඩ (මේවට Spot fines නෑ):
~~~~~~~~~~~~~~~~~~~~~
** ​බීලා හරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හරි වාහන එලවනවා නම්.
** ​ලයිසන් නැතුව වාහන එලවනවා නම්.
** ​ලයිසන් නැති කෙනෙක්ට එලවන්න වාහනේ දෙනවා නම්.
** ​ඉන්ෂුවරන්ස් නැතුව වාහනේ පාරට දානවා නම්.
** ​කෝච්චි පාරවල් හරහා අපරීක්ෂාකාරීව දානවා නම්.

​🟡 නිතරම වැරදෙන දේවල් වලට දඩ (Spot Fines):

​රු. 1,000 ක දඩ:
~~~~~~~~~~
* ​ලයිසන් එක ළඟ නැත්නම්.
* ​ආදායම් බලපත්‍රය වාහනේ පේන්න ගහලා නැත්නම්.
* ​හෙල්මට් එක හරි සීට් බෙල්ට් එක හරි දාලා නැත්නම්.
* ​පාරෙ තියෙන මාර්ග සංඥා කැඩුවොත්.
* ​වාහනේ වැරදි විදියට පාක් කරලා නම්.
* ​නලා ශබ්දය වැඩිනම් / නොගැලපෙන ලයිට් දාලා නම්.

​රු. 2,000 ක දඩ:
~~~~~~~~~~~
* ​පොලිසියේ මහත්වරු දෙන සංඥා ගණන් ගන්නේ නැතුව ගියොත්.
* ​වමෙන් ඉස්සර කලොත් (Overtaking from the left).
* ​ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් එක පාවිච්චි කලොත්.

​රු. 500 ක දඩ:
~~~~~~~~~~
* ​දුම් සහතිකය ළඟ නැත්නම්.

​🟠 ස්පීඩ් කරන අයට (වේග සීමාව පැන්නුවොත්):

* ​නියමිත වේගයට වඩා 20% කින් වැඩිනම් - රු. 3,000 යි.
* ​20% - 30% අතර වැඩිනම් - රු. 5,000 යි.
* ​30% ට වඩා වැඩිනම් කෙලින්ම උසාවි! (රු. 10,000 ඉඳන් රු. 15,000 වෙනකන් දඩ).

දැන් දඩ කොළයක් ලැබුණම ඒක ගෙවන්න තැපැල් කන්තෝරු ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඔයාගේ ෆෝන් එකෙන් හරි Online Banking වලින් හරි www.govpay.lk වෙබ් සයිට් එකට ගිහින් විනාඩියෙන් දඩ මුදල ගෙවන්න පුළුවන්.

​නීතියට වැඩ කරලා, පරිස්සමෙන් ගමනක් යමු. අනිත් අයටත් දැනගන්න මේක ශෙයාර් කරන්න!
Post එක උස්සන අය නම එක්කම.උස්සන්න හොඳේ..😀

Copy by Sameera Bopage






endcopyandprint

ඒක 🤯ලෝකයේ මේ වෙනකල් නිපදවපු ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් (fuel efficiency) උපරිම production car එකක් විදිහට Volkswagen XL1 හඳු...
20/04/2026

ඒක 🤯

ලෝකයේ මේ වෙනකල් නිපදවපු ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් (fuel efficiency) උපරිම production car එකක් විදිහට Volkswagen XL1 හඳුන්වන්න පුළුවන්. 🚗 සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වාහන වලට වඩා ගොඩක් වෙනස් මේ අමුතු හැඩයේ කාර් එක යුරෝපීය පරීක්ෂණ වලදී පුදුම හිතෙන ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ඒ තමයි මේ කාර් එකෙන් කිලෝමීටර් 100ක් යන්න වැය වෙන්නේ ඉන්ධන ලීටර් 0.9ක් වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් වීම. 🤯 ඒ කියන්නේ මේකේ fuel economy එක 100 Kmpl විතර අගයක් ගන්නවා. මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වීම ඇත්තටම මෝටර් රථ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් විදිහට සලකන්න පුළුවන්. 🌍

මේ වගේ අදහාගන්න බැරි fuel efficiency එකක් ලබා ගන්න Volkswagen සමාගම ගොඩක් විශේෂ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. 🔧 ප්‍රධානම දේ තමයි මේ කාර් එකේ තියෙන aerodynamic හැඩය. සුළඟ කපාගෙන යන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන නිසා අනවශ්‍ය drag එකක් ඇති වෙන්නේ නෑ. 🌪️ ඒ වගේම මේකේ බර ගොඩක් අඩු කරන්න carbon fiber වගේ සැහැල්ලු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේ XL1 එක ඇත්තටම plug-in hybrid වාහනයක්. මේකේ තියෙන්නේ 800cc, සිලින්ඩර දෙකක කුඩා diesel engine එකක් සහ electric motor එකක්. 🔋 මේ දෙකේ එකතුවෙන් තමයි මේ විදිහට ඉන්ධන ඉතිරි කරමින් හොඳ performance එකක් ලබා දෙන්නේ. ඒ වගේම වාතයේ ප්‍රතිරෝධය අඩු කරන්න මේකේ side mirrors වෙනුවට පාවිච්චි කරලා තියෙන්නේ කැමරා පද්ධතියක්. 📸 මේ කාර් එකේ දොරවල් නිර්මාණය කරලා තියෙන්නේ උඩට ඇරෙන gullwing doors විදිහට නිසා පෙනුමත් ගොඩක් ආකර්ෂණීයයි. ✨

මේ විදිහට අනාගතයෙන් ආපු කාර් එකක් වගේ පෙනුනත්, මේක හැමෝටම ගන්න පුළුවන් විදිහට market එකට ආපු වාහනයක් නෙවෙයි. 🚫 Volkswagen සමාගම මේ XL1 මාදිලියේ කාර් නිෂ්පාදනය කළේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි. හරියටම කිව්වොත් මුළු ලෝකෙටම හැදුවේ කාර් 250ක් වගේ සුළු ප්‍රමාණයක්. 🏭 ඒකෙනුත් පාරිභෝගිකයන්ට මිලදී ගන්න අවස්ථාව ලැබුණේ කාර් 200ක් විතරයි. අනිත් වාහන ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු වලට තියාගත්තා. මේ වාහනයේ තාක්ෂණය ගොඩක් ඉහළ නිසා මේකේ මිලත් ඒ කාලේ හැටියට ගොඩක් ඉහළ අගයක් ගත්තා. 💰 ඒ නිසා මේක පාරක දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. 🌟 අනාගතයේදී මේ වගේ තාක්ෂණයන් අපේ සාමාන්‍ය වාහන වලටත් එකතු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. 🔮

මේ වගේ තවත් රසවත් දේවල් දැනගන්න මේ පෝස්ට් එක like කරන්න, ඔයාගේ අදහස comment කරන්න, ඒ වගේම අනිත් අයටත් බලන්න share කරන්න. 👍💬🔄


🚨 සටන් විරාමය ඉවර වෙන්නත් කලින් ඉරානයට මාරක ප්‍ර,හාරයක්? ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව කරන හදිසි මෙහෙයුමට ඉරාන බලධාරීන් දැඩි...
20/04/2026

🚨 සටන් විරාමය ඉවර වෙන්නත් කලින් ඉරානයට මාරක ප්‍ර,හාරයක්? ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව කරන හදිසි මෙහෙයුමට ඉරාන බලධාරීන් දැඩි භීතියෙන්! 🇮🇷🇺🇸🇮🇱

ලෝකයම බලාපොරොත්තු වුණාටත් වඩා කලින් මැදපෙරදිග කලාපය මහා යුද්ධයකට ඇද වැටීමේ පැහැදිලි ලකුණු මේ වනවිට පහළ වී තිබෙනවා. එළඹෙන අඟහරුවාදා දිනයේදී සටන් විරාමය නිල වශයෙන් අවසන් වීමට නියමිතව තිබුණත්, ඊට පෙර ඕනෑම මොහොතක ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට හදිසි ප්‍ර,හාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් දැඩි සැකයක් පළ කරමින් සිටිනවා.

⚠️ ඉරාන බලධාරීන් විශ්වාස කරන්නේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා විසින් ඉරානයට සූදානම් වීමටවත් කාලයක් නොදී, ඕනෑම මොහොතක ඉරානයේ ඉතා වැදගත් උපායමාර්ගික ස්ථාන, විශේෂයෙන්ම හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන දැවැන්ත ගුවන් ප්‍ර,හාරයක් දියත් කරනු ඇති බවයි. මේ තත්ත්වය හමුවේ ඉරාන ආරක්ෂක අංශ මේ වනවිට දැඩි කලබලයකට පත්වී සිටිනවා.

🗣️ ඉරානයේ මේ බිය තවත් තීව්‍ර වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මෑතකදී කළ අභිරහස් ප්‍රකාශයයි. "හෙට හෝ අනිද්දා දැවැන්ත යමක් සිදුවෙයි" යනුවෙන් ඔහු කළ ඒ ඉඟිය හුදෙක් තර්ජනයක් පමණක් නොව, සැබෑ ප්‍ර,හාරයක පෙරනිමිත්තක් බව ඉරාන බලධාරීන් දැන් තරයේ විශ්වාස කරනවා. සටන් විරාමය අවසන් වනතුරු ඊශ්‍රායලය බලා නොසිටිනු ඇති බවට මෙය කදිම සාක්ෂියක් වී තිබෙනවා.

📈 පසුගිය දිනවල පැවති සාම සාකච්ඡා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කිරීමත් සමඟම, ගැටලුව සාමකාමීව මේසයකදී විසඳාගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා. ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සාකච්ඡා මඟ හැරීමත් සමඟ, බටහිර බලවතුන් අනිවාර්යයෙන්ම මිලිටරි ක්‍රියාමාර්ගයකට යොමු වීමේ අවදානම දැන් 100% ක් දක්වාම ඉහළ ගොස් ඇති බවයි.


Address

Walana
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when END Copy & Print posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share