31/05/2026
දඩ කොළේ ගාන කීයද? උසාවි දඩ කීයද? 🚓 2025 රථවාහන දඩ මුදල් සම්පූර්ණ ලැයිස්තුව (Full Guide)
පාරේ යද්දී පොලීසියෙන් නතර කළාම "මේකට කීයක් යයිද?" කියලා හිත හිත බය වෙන්න දෙයක් නෑ. වරදට අදාළ නියමිත ගාස්තුව හරියටම දැනගන්න.
මෙන්න තැපැල් කන්තෝරුවට ගෙවන දඩ (Spot Fines) සහ උසාවියෙන් ගහන දඩ (Court Fines) වෙන් වෙන් වශයෙන්. 👇
🟢 1 කොටස: තැපැල් කාර්යාලයට ගෙවන දඩ (Spot Fines)
මේවාට උසාවි යන්න ඕනේ නෑ. දඩ කොළේ අරගෙන තැපැල් කන්තෝරුවට ගිහින් හෝ Online (GovPay) හරහා ගෙවන්න පුළුවන්.
🏎️ වේගය සීමාව ඉක්මවීම (Speeding) (වේගය වැඩි වන ප්‍රතිශතය අනුව)
20% දක්වා වැඩි නම්: රු. 3,000/=
20% - 30% අතර: රු. 5,000/=
30% - 50% අතර: රු. 10,000/=
50% ට වඩා වැඩි නම්: රු. 15,000/=
🛑 රු. 2,000/= දඩ නියම වන වැරදි
වම් පැත්තෙන් ඉස්සර කිරීම (Overtaking from Left).
මාර්ග නීති / මාර්ග සංඥා උල්ලංඝනය (Disobeying Road Rules).
රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිතය.
පොලිස් නිලධාරියෙකුගේ අත් සංඥා/විධාන නොපිළිපැදීම.
රථවාහන ආලෝක සංඥා (Traffic Lights) නොසලකා හැරීම.
මෝටර් රථයක් උපදේශකවරයෙකු නොමැතිව "L" පුවරු සහිතව ධාවනය.
⚠️ රු. 1,000/= දඩ නියම වන වැරදි (ලියකියවිලි සහ ආරක්ෂාව)
රියදුරු බලපත්‍රය ළඟ නොතිබීම (Not carrying DL).
ආදායම් බලපත්‍රය ළඟ නොතිබීම / ප්‍රදර්ශනය නොකිරීම.
දුම් සහතිකය ළඟ නොතිබීම / ප්‍රදර්ශනය නොකිරීම.
අංක තහඩු (Number Plates) නිවැරදි නොවීම හෝ අපැහැදිලි වීම.
ආසන පටි (Seat Belts) නොපැළඳීම.
ආරක්ෂිත හිස්වැසුම් (Helmets) නොපැළඳීම.
පැති කණ්ණාඩි (Side Mirrors) නොමැති වීම.
අනතුරු ඇඟවීමේ නලා (Horn) දෝෂ සහිත වීම.
වේග මාපකය (Speedometer) අක්‍රිය වීම.
වයිපර් (Wipers) අක්‍රිය වීම.
ලාම්පු (Head/Tail lights) දෝෂ සහිත වීම.
ටයර් නිසි ප්‍රමිතියට නොතිබීම.
අධික ලෙස කළු දුම් පිටවීම.
නුසුදුසු ලෙස වාහන නැවැත්වීම (Parking violations).
යූ ටර්න් (U-Turn) තහනම් තැනක හැරවීම.
පදික වේදිකාවේ ධාවනය.
ශබ්දය පිටවීම (Noise pollution/Cut-outs).
අධික ලෙස මගීන් හෝ බඩු පටවාගෙන යාම (Overloading).
ශරීරයේ කොටස් වාහනයෙන් පිටතට දමාගෙන යාම.
🔴 2 කොටස: කෙලින්ම උසාවි දාන වැරදි (Court Cases)
මේ වැරදි වලට "දඩ කොළ" දෙන්නේ නෑ. පොලීසිය නඩු දානවා. දඩය තීරණය කරන්නේ මහේස්ත්‍රාත්තුමා. (පහත දැක්වෙන්නේ අවම දඩ මුදල්ය).
🚫 රක්ෂණ සහතිකයක් නැතුව ධාවනය (No Insurance):
දඩය: රු. 25,000/= සිට (අනිවාර්යයි).
🚫 වලංගු රියදුරු බලපත්‍රයක් "ලබාගෙනම" නැතිව ධාවනය:
(Expired වෙලා නෙවෙයි, කවදාවත් අරගෙන නැත්නම් හෝ කැන්සල් වෙලා නම්)
දඩය: රු. 25,000/=
🚫 බීමත්ව රිය පැදවීම (Drunk Driving):
දඩය: රු. 25,000/= සිට ඉහළට.
රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම.
සිර දඬුවම් නියම වීමට ඉඩ ඇත.
🚫 බලපත්‍ර නැති කෙනෙක්ට වාහනය ලබා දීම:
වාහනයේ අයිතිකරුට දඩය: රු. 30,000/=
🚫 වයස අවුරුදු 18ට අඩු අය ධාවනය කිරීම:
දෙමාපියන්ට/වාහනයේ අයිතිකරුට: රු. 30,000/= (සහ නීතිමය පියවර).
🚫 අනතුරුදායක හා නොසැලකිලිමත් ධාවනය (Reckless Driving):
දඩය උසාවිය මගින් තීරණය කරයි (රු. 10,000 - 50,000 අතර විය හැක).
🚫 දුම්රිය හරස් මාර්ග වල අපරීක්ෂාකාරී ධාවනය:
දඩය: රු. 25,000/=
💡 විශේෂ සටහන:
දඩ කොළයක් ලැබී දින 14ක් ඇතුළත ගෙවන්න. (දින 14-28 අතර ගෙවන්නේ නම් දඩය දෙගුණ වේ).
දින 28 පසුවුවහොත් දඩය භාර නොගනී -> උසාවි වරෙන්තු.
මේ පෝස්ට් එක වාහන එලවන හැමෝටම වටිනවා. අමතක නොවෙන්න Save කරගන්න, යාළුවන්ටත් Share කරන්න.
- නීතිගරුක රියදුරන් වෙමු.
උපුටා ගැනීමකි