21/08/2025
Visa එක රිජෙක්ට් නොවී ගොඩ යන්න නම් ...
ඔයාලගෙන් ආව ඉල්ලීම් වල දෙවෙනි ලිපිය තමයි මේ ලියන්නේ, මේකෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ වැඩ බලපත්‍රයක් යටතේ රොමේනියාවට එන්න සුදානම් වෙන ඔයාට Interview එකෙන් ඔයාගේ Visa එක grant කරගන්න tips ටිකක්.
මේ ගැන "Gayya in Europe" චැනල් එකෙනුත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා, ( https://tinyurl.com/4m69257y ) කැමති කෙනෙකුට ඒකත් බලන්න පුළුවන්.
කාලයත් එක්ක වෙලා තියෙන යාවත්කාලීන වීම් නිසා, මේ ගැන අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට මේ ලිපිය වැදගත් වෙයි කියල හිතනවා.
ශ්‍රී ලංකාවෙන් ඔයා රොමේනියානු D/AM දිගුකාලීන රැකියා වීසා (වැඩ බලපත්‍රය හරහා) සඳහා අයදුම් කරන නිසා, තානාපති කාර්යාල සම්මුඛ පරීක්ෂණය සාමාන්‍යයෙන් සරල එකක් තමයි තියෙන්නේ. 2023 ට කලින් ආව අයටනම් හරිම සීමිතව තමයි Interview එකක් තිබ්බේ. බහුතර දෙනෙක් එම්බසිය දැකලත් නෑ.
ඉතින් මේ සරල පහසු සම්මුඛ පරික්ෂනේදී අවංකභාවය, යම් මට්ටමක ඉංග්‍රීසි දැනුම, රැකියාවට ඇති අනුකූලතාව, යාවත්කාලීන ලියකියවිලි, ලියකියවිලි වල වලංගුතාවය සහ රැකියා කොන්ත්‍රාත්තුව අවසන් වුවහොත් නැවත ලංකාවට යනවද වගේ දේවල් පරීක්ෂා කරනවා මුලිකවම
ඉතින් අපි කතා කරමු ඔයා වීසා සම්මුඛ පරීක්ෂණය අතරතුරදී කළ යුතු සහ නොකළ යුතු දේවල්.
✅ කළ යුතු දේ
💙 අවංකව හා පැහැදිලිව පිළිතුරු දෙන්න - ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න අහන නිසා, යම් දැනුමක් ඔබ සතු වෙන්න ඕනේ. මේ Interview එක IELTS/TOEFL වගේ exam එකක් නොවෙන නිසා, භාෂාවේ ව්‍යාකරණ, උක්ත ආඛ්‍යාත ගැලපීම් ගැන ලොකුවට දුක් වෙන්න එපා. අසන දේ තේරුම් ගන්නත්, සරලව අසන දේට හරියටම පිළිතුරත් දෙන්න දැනුමක් ප්‍රමාණවත්.
ඔබ යමක් දන්නේ නැතිනම්, අනුමාන කරනවට වඩා පිළිගැනීම සුදුසුයි.
Interview එකට සුදානම් වෙන්න මුදල් ගෙවල පංති යන්න පුළුවන් කැමති කෙනෙක්ට.
ඒත් උවමනාව තියෙනවනම්, පුංචි කැපවීමකින් තමන්ටම පුහුණු වෙන්න පුළුවන් මෙන්න මේ වීඩියෝස් වලින් : https://tinyurl.com/pt2ettn5
💙 ඔබ කරන්නට යන රැකියාව පිළිබඳ දැනුම පෙන්වන්න - රොමේනියාවට ඔබ එන්නේ රැකියාවකට. වලංගු වැඩ බලපත්‍රයක් ඔයා වෙනුවෙන් නිකුත් කරලා තියෙන නිසා බය වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. අනිවාර්යෙන්ම, වැඩ බලපත්‍රය සහ රැකියා ගිවිසුම හොඳට අධ්‍යනය කරලා සමාගමේ නම, රාජකාරි, පඩි නඩි, නිවාඩු, වෙනත් ප්‍රතිලාභ ගැන විස්තර කරන්නට සූදානම් වෙන්න.
💙 ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවය පෙන්වන්න - මේක ඉතාම වැදගත් දෙයක්, ඔයා රොමේනියාවට එන්නේ රැකියාවට බවත්, නීති විරෝධී විදියට වැඩි කාලයක් මේ රටේ රැඳී නොසිටින බවත් පෙන්වන්න අවශ්‍ය පවුලේ, දේපළ හෝ වෙනත් ලංකාවේ තියෙන බැඳීම් හැකි හැමවෙලාවෙම Highlight කරන්න.
මේකට අපි කියනවා Home tie කියල ඉංග්‍රීසියෙන්, ඒ කියන්නේ ඔයාට ඔයාගේ රටට තියෙන ශක්තිමත් බැඳීම්, මේ වගේ බැඳීම් තියෙද්දී කෙනෙක් Illegal වැඩ කරන්නේ නැහැ කියන එක Immigration වලදී පිලිගන්නවා. ඒක ඔයා ලංකාවට නැවත එයි කියල embassy එකේ consul හිතන්න පොළඹවනවා.
💙 වෘත්තීය මට්ටමෙන් පෙනීඉන්න - පිළිවෙලට, විධිමත් ඇඳුම් අඳින්න. කාන්තා හා පිරිමි දෙපාර්ශවයම, ආචාරශීලීව කතා කරන්න. එම්බසියෙන් දැනුම් දීල තියෙන විදියට ජංගම දුරකථන Interview කරන ස්ථානයට රැගෙන යන එකෙන් වලකින්න. මේ ගැන ඔයාලට මේ පුංචි වීඩියෝ එකෙනුත් අදහසක් ගන්න පුළුවන් : https://tinyurl.com/ye2ybhj6
💙 සියලු ලිපි, ලේඛන සූදානම්ව තබා ගන්න - Visa අයදුම්පත, වැඩ බලපත්‍ර, රැකියා ගිවිසුම, සංචාරක රක්ෂණය වගේ අවශ්‍ය කරන ලිපි ලේඛන සුදානම්ව තියාගන්න. මතක ඇතුව, නිසි යාවත්කාලීන වලට යටත්ව මේවා හදාගන්න. හේතුව එම්බසිය කාලෙන් කාලෙට මේ අවශ්‍යතා වෙනස් කරනවා.
Documents ලිස්ට් එක - https://tinyurl.com/56wbdb4w
💙 Consul ගේ ඇස් දිහා බලාගෙන හැකි තරම් පිළිතුරු දෙනවනම් ගොඩක් වටිනවා. විශේෂයෙන්,
"වෙනත් රටවලට යන්න කැමතිද?"
"රොමේනියාව හැර ඔයා ආසම ශෙන්ගන් රට මොකක්ද ?"
කියල අහන ප්‍රශ්න වලට එක එල්ලේ ඇස් දිහා බලාගෙන (Eye contact) උත්තර දෙන්න. ඒක ඔය ගැන සැක නැතිවෙන්න ලොකු උදව්වක් වෙයි.
❌ නොකළ යුතු දේ
කරන්න ඕනේ දේවල් වගේම නොකරන්න ඕනේ දේවල් කිහිපයකුත් තියෙනවා. ඒ ගැන දැන් කතා කරමු.
💚 බොරු නොකියන්න - මේක ටිකක් සංකීර්ණයි, මම මෙහෙම කියන්නම් ඒක ටිකක් සරළ කරලා. Embassy එකට official level එකෙන් හරස් පරික්ෂාවන් (crosscheck) කරන්න පුළුවන් කිසිම අසත්‍ය තොරතුරක් කියන්න යන්න එපා. එතකොට ඒකෙ අනිත් පැත්ත ඔයාලට තේරෙනවා. ඒ විදියට crosscheck කරන්න පුළුවන් data එකක් අහඹු විදියට හරි පරික්ෂා කරොත් ඒක වීසා application එක ප්‍රතික්ෂේප වෙන්න හේතු වෙන්න පුළුවන්.
💚 ඔබේ රැකියාව නොදන්නා බව පෙන්වන්න එපා - ඔයාල ගොඩක් වෙලාවට ලංකාවේ කරපු රැකියාවට නෙවෙයි රොමේනියාවට එන්නේ. 90%ක් දෙනා එහෙමයි. ලංකාවේ ගොඩක් ඒජන්සි/රැකියා ඒජන්තවරුත් මිනිස්සුන්ව මේ ගැන හරි දැනුවත් කිරීමක් කරන්නේ නෑ, Work permit එකේ එක ජොබ් එකක්, offer letter එකේ තවත් එකක්, Agreement එකේ හාත්පසින්ම වෙනස් එකක් තියෙනවා කියල මට massage කරපු සෑහෙන්න පිරිසක් ඉන්නවා.
ඉතින් ඒ නිසා මේ confusion අනිවාර්යෙන් Interview එකට කලින් හොයල බලල විසඳගන්න. නැත්නම් Reject වෙන්නේ ඔයාගේ Visa එක බව මතක තියාගන්න. විශේෂයෙන්ම COR code එකට අදාල රැකියාව, Job role එක වගේම මෙහෙ කරන්න එන රැකියාවට ආසන්න රැකියාවක් ලංකාවේදී කරලා තියෙනවා කියන එක Visa එක grant වෙන්න ලොකු බලපෑමක් කරනවා.
මේ ගැන වැඩි විස්තර මේ වීඩියෝ එකෙනුත් දැනගන්න පුළුවන් : https://tinyurl.com/4rws5p86
💚 වෙනත් ෂෙන්ගන් රටකට යාම ගැන කතා කරන්න එපා - ඔයාට රැකියා වීසා එකක් ලබාදෙන්නේ රොමේනියාවේ වැඩ කරන්න බව පැහැදිලිව ඔයා දන්නවා. ඒ නිසා D/AM කියන මේ long stay වීසා එකෙන්, මෙහෙදී TRC අරගෙන රැකියාවට පමණක් අවධානය දෙන බව Interview එකේදී හඟවන්න. වෙනත් ෂෙන්ගන් රටවල් දැනගෙන හිටියත් ඒවාට යනවා කියන එක කියන්න එපා.
(එහෙම යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳද? ඒත් ඒවා කියන්න යන්න එපා, මොකද consul කරන්නෙත් ජොබ් එකක්, ඒ නිසා එයාට එයාගේ රැකියාව කරන්නත් පහසු කරන්න.)
💚 ඕනෑවට වඩා විශ්වාසයෙන් හෝ නොසන්සුන්ව ක්‍රියා කරන්න එපා - මේකට කියනවා ඉංග්‍රීසියෙන් Overconfident කියල, මේ විදියට හැසිරෙන්න ගියොත් consul කෙනෙක්ට සැක හිතෙනවා, ඔයා යම් දෙයක් වසන් කරනවා කියල.
හේතුව හොඳ experience consul කෙනෙක් Data check කරන්න වගේම ඔයාගේ body language එක සහ හැසිරීමත් කියවන්න පුහුණු වෙලා ඉන්න නිසා.
ඒ නිසා හැකි තරම් සන්සුන්ව, ආචාරශීලීව සහ ඉන්න තැනට ගෞරවයක් දැනෙන ආකාරයෙන් ඉන්න එක ඇඟට ගුණයි.
💚 නිලධාරියා සමඟ වාද කරන්න එපා - මේක නම් ලංකාවේ වෙන තත්වයක් නෙවෙයි, නමුත් ඉන්දියාවේ මේ වගේ සිදුවීමක් දෙකක් වෙලා තිබුණ. සමහර වෙලාවට consul ඔයාගෙන් එකම ප්‍රශ්නය වෙනස් විදියටත්, නැවත නැවතත් අහන්න පුළුවන්. එහෙම උනත් හැමවෙලේම ඉවසිලිවන්තව උත්තර දෙන්න.
මේ වගේ ලිපි වගේම වටිනා වීඩියෝ, බලන්න Gayya in Europe චැනල් එකෙන් ඔයාලට අවස්ථාව තියෙනවා.
Interview වලට සහභාගී වෙන්න ඉන්න හැම දෙනාටම ජය!
Gayya in Europe
***කතෘ අයිතිය සුරකිමින් share කරන්න***